සංවාද සටහන බිඟුන් මේනක ගමගේ
(විධායක ජනාධිපති සහාය අහිමිවීම, පාර්ලිමේන්තුවේ බහුතරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය, අධිකරණයේ ස්වාධීනත්වය, විශේෂ මහාධිකරණ, ජනමාධ්‍ය ගැන පක්ෂ මතය, දූෂණ වංචා පරීක්ෂණ හා ජනපති අපේක්ෂකයා ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මියයි.)
ප්‍රශ්නය - විධායක ජනාධිපති සහිත සමගි සන්ධාන ආණ්ඩුවක සිට විධායක ජනාධිපති බලතල රහිත ආණ්ඩුවක් දක්වා පහළට බැසීමට එ.ජා.ප.යට සිදුව තිබෙනවා. වෙනස දැනෙන්නේ කොහොම ද?
පිළිතුර - දැන් ඉතින් ආයතන ගැසට් කරලා ඉවරයි. ඇමැතිවරු කවුරුත් තම තමන්ගේ වැඩ ටික කරගෙන යනවා. ඒකෙ එච්චර ලොකු ගැටලුවක් නෑ. හැබැයි මෙහෙමයි. විධායක ජනාධිපතිවරයකු හිටියත් නැතත් අමාත්‍යාංශයක වගකීම තිබෙන්නේ ඇමැතිවරයාට සහ ඒ වැඩකටයුතු කරගෙන යන ආණ්ඩුවටයි. විධායක ජනාධිපතිවරයාගේ සහයෝගය නොලැබුණොතින් සමහර දේවල් කරන්න අමාරුයි. සමහර දේ සම්බන්ධයෙන් ප්‍රමාද ඇතිවෙන්න පුළුවන්. අපි වැඩ කරන්න ඕනෑ ඒක දැනගෙනයි. විශේෂයෙන්ම ඔක්තෝබර් 26 සිද්ධිය එක්ක අපි වැඩ කරන්නෙ මොන තත්ත්වයේ සිට ද කියලා අවබෝධයෙන් අපට වැඩ කරන්න වෙනවා.
ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ සරල බහුතරේ තියා පක්ෂෙ මන්ත්‍රීවරැන් ටිකවත් නැති තත්ත්වයක් තුළ ඉදිරි කාලයේ වැඩ කරන්නෙ කොහොම ද කියලා විපක්ෂය අහනවා. ප්‍රශ්නය නිවැරැදියි නේද?
පිළිතුර - විපක්ෂයට ගියාම ඕනෑ තරම් දේවල් කියනවා. දැන් විපක්ෂයෙ ලොකුම මාතෘකාව වෙලා තිබෙන්නේ රට බෙදන ව්‍යවස්ථාවනෙ. අද විපක්ෂෙ ඉන්න උදවිය ආණ්ඩු බලයේ සිටිද්දිත් බොරු කිව්වා. මිනිසුන් නොමග යවන වැඩකටයුතු කළා. බොරු බිල්ලන් මවනවා. හැබැයි දැන් ආණ්ඩුවේ සිටින්නේ බලය ලබාගැනීමේ අරමුණෙන් බොරු කියන පක්ෂ නෙවෙයි. අපි සියලු දෙනාම දේශපාලනය කරන්නේ ප්‍රතිපත්ති මතයි. පන්සල් ගිහින් වොයිස් කට් දෙන දේශපාලනයක් කරන්න අපි සූදානම් නෑ. බහුතරේ අවශ්‍ය වෙලාවට අපි පෙන්වන්නම්. දින පනහෙදි වූ කඩාවැටීම අපි කිසි කෙනකුට මේ කාලයේදී යළි නිවැරැදි කිරීම අපහසුයි. නිලධාරීන්ගේ මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගේ පවා මානසික මට්ටම යථාවත් කිරීමට අපට විශාල වෙහෙසක් ගැනීමට සිදුවෙනවා. ඒකට රටේ ආණ්ඩුව කෙරෙහි වගේම ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසයක් තිබිය යුතුයි. මේ රට මෙච්චර පස්සට ගියේ ඇයි කියලා ඔවුන් කල්පනා කළ යුතුයි. 1977 සිට 1994 දක්වා ඉදිරියට ගෙනා රට 1994 සිට 2004 දක්වා විනාශ කළා. අඩුම තරමින් ප්‍රේමදාස මහත්තයා හදපු ඇඟලුම් කම්හල් ටිකවත් ඉදිරියට පවත්වාගෙන යන්න රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන් වුණේ නෑ. අපට බලයේ ඉඳලා වගේම බලය නැතිවත් ඉඳලා පුරුදුයි. බලය තිබුණත් නැතත් අපට ජීවත් වන ක්‍රමයක් තිබෙනවා. බහුතරයක එල්ලිලා ඉන්නේ බලය නැතිව බැරි අයයි. බොහොම ළදරු විදියට දේශපාලනය කරන පිරිසක් ඉන්නවා.
ප්‍රශ්නය - නව ආණ්ඩුක්‍රමයක අවශ්‍යතාව අවධාරණය කළ ජනතා විමුක්ති පෙරමුණ පවා දැන් කියන්නේ ව්‍යවස්ථා කෙටුම්පත හදාගන්න වසර තුනකදී බැරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයකින් වැඩක් නෑ කියලයි. ජ.වි.පෙ. චෝදනාවත් ඒ ගොඩටම දාන්න පුළුවන් ද?
පිළිතුර - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කමිටු පහත් සාමාන්‍ය පුරවැසියනුත් ඇතුළු හැම පාර්ශ්වයකින්ම ඉදිරිපත් කළ සියලුම කරුණු මත පදනම්වයි පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කළේ. විපක්ෂ නායකවරයා කිව්වෙ එක කෙටුම්පතක් ඉදිරිපත් කරන්න කියලයි. ඒත් එවැනි කෙටුම්පතක් ඉදිරිපත් කරන්න සියලු දෙනා සහාය දැක්විය යුතුයි. සියලු දෙනා සහභාගී විය යුතුයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවකුට අපි ඕකට නෑ කියලා කටයුතු කරන්න බෑ. අපි මේ කටයුත්ත කරන්නේ සෑම අදහසකටම ඉඩ දෙන විවෘත ආණ්ඩුවක් හැටියටයි. තමන්ගෙ කැමැත්ත අකමැත්ත ළිඳ ළඟ නොකියා පාර්ලිමේන්තුවේදී රටටම ඉදිරිපත් කරන්න. බෞද්ධ ප්‍රතිපදාවෙ ඉන්න තමන් කියලා පෙන්වන්න පන්සල්වලට ගිහින් වොයිස් කට් දීමෙන් මේක කරන්න බෑ. මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕනෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බිල්ලෙක් මැවීම අනුමත කරන්න බෑ.
ප්‍රශ්නය - අධිකරණය ස්වාධීන නැතැයි කියමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී බරපතළ විවේචනයක් කළා. අධිකරණ ඇමැතිවරිය මේ විවේචනය ගැන සාවධාන ද?
පිළිතුර - ඔහු එදා කෑ ගැහුවෙ අධිකරණ අමාත්‍යාංශය පනතක් ඉදිරිපත් කරන වෙලාවකයි. අධිකරණයට අපහාස නොකරන්නැයි මම දිගින් දිගටම ඔහුට කිව්වා. මොකද 2015 ජනවාරි 8ට පෙර අධිකරණය මෙහෙයවපු ආකාරය, එවක නීතිපතිවරු, අගවිනිසුරුවරු කරපු දේවල් නිසා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කිරීමට අපට සිදුවුණා. වත්මන් අධිකරණ නිලධාරීන් උගත් බුද්ධිමත් පිරිසක්. ඔවුන් ඒ තනතුරුවලට ඉබේ පහත් වූ අය නෙවෙයි. ස්වාධීනව යුක්තිගරුකව වැඩ කළ පිරිසක්. දින පනහේදී සිදු වූ විනාශයෙන් දැන් නැවතත් 2015 ජනවාරි 8ට පෙර තිබූ තැනට රට පත්කර තිබෙනවා. 19 වැනි සංශෝධනයෙන් බිහි වූ පොලිස්, රාජ්‍ය සේවා කොමිසම් සභා ගැන තාම අපට පූර්ණ වශයෙන් සෑහීමකට පත්වීමට අපහසු වුණත් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර තිබෙනවා. අපේ අගමැතිතුමාවත් අධිකරණ ඇමැති හැටියට මමවත් කිසිදු දිනෙක විනිශ්චයකාරතුමන්ලාට බලපෑම් කිරීමට අධිකරණයට ඇඟිලි ගැසීමට කටයුතු කර නැති බව බය නැතිව කියන්න පුළුවන්. ඔය විදියට කෑ ගහන්නේ අධිකරණයට බලපෑම් කළ හා කරන්න උත්සාහ කරන අය තමයි. විමල් වීරවංශ මහත්තයට නඩුවක් තිබිලා දඩ ගහලා තියෙනවා යැයි රූපවාහිනියෙන් විකාශය වනතුරු මම ඒක දැනගෙන හිටියෙත් නෑ. ඒකට බලපෑමක් කරන්න කලින් දවසෙ පාර්ලිමේන්තුවේදී එවැනි ප්‍රකාශයක් කළා ද දන්නෙත් නෑ. අධිකරණ ඇමැති කියන්නෙ මිනිස්සු හිරේ දාන කෙනෙක් නෙවෙයි. අධිකරණයක් මේ රටේ තිබෙන්නේ ඒකටයි. අධිකරණ ඇමැති එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ අල්ලලා හිරේ දාවිය කියලා විපක්ෂය නියෝජනය කරන කීපදෙනකුම මට කියලා තියෙනවා. ඒක තමයි ඔළුවෙ තියෙන්නේ. එයින් පෙන්නුම් කරන්නේ ඒ අයගෙ කාලයේදි වැඩ කළ විදියයි.
ප්‍රශ්නය - ලංකාවෙ අපරාධ නඩුවලදි 96% ක් සැකකරුවන් නිදහස් වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි හිටපු අගවිනිසුරැවරයකුම පවසා තිබුණා. අධිකරණ ක්‍ෂේත්‍රයේ මූලික ගැටලු ගැන යම් හඳුනා ගැනීමක් කර තිබෙනවා ද?
පිළිතුර - මම කියන්නෙ අපරාධ වළක්වා ගැනීමට නම් නීතිය පිළිබඳ දැනුමක් පුරවැසියාට තිබිය යුතුයි. අපරාධයක් යනු කුමක් ද යන්න වගේම රටේ නීතිය කුමක් ද යන්නත් ජනතාවගෙන් සියයට අසූවක් පමණ දන්නේ නෑ. දරුවන්ගේ අධ්‍යාපනයට නීතිය ඇතුළත් කළ යුතු බවට මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ඒ නිසයි. 6,7,8 වසරවල දරුවන්ට නීතිය කියන්නෙ මොකක් ද නීතියේ ආරම්භය හා විකාශය, නීති වර්ග මොනවා ද යන කරුණුත් 9,10,11 දරුවන්ට මේ රටට බලපාන නීතිය, මේ රටේ තිබෙන අපරාධ ගැනත් උගැන්වීමට අදහස් කරනවා. අපරාධයක් පිළිබඳ දැනුම්වත් වීම කුඩා දරුවන්ගෙන් ආරම්භ විය යුතුයි. ඉදිරියේදී හෝ නීතිගරුක විනයගරුක සමාජයක් ගැන බලාපොරොත්තුවක් ඇතිකරගත හැක්කේ එමගිනුයි. පරිගණක නීති හැදුණේ පරිගණක අපරාධ නිසයි. මේ යාවත්කාලීන කිරීම් ගැන පුරවැසියන් සවිඥ්ඥානක විය යුතුයි. 2002 අපරාධ සම්බන්ධයෙන් අන්‍යොන්‍ය සහයෝගය දක්වන පනතට සංශෝධන ගෙන එන්නට අපට සිදුවුණා. ඊට හේතුව වෙනත් රටවල හඳුනාගත් අපරාධ සම්බන්ධයෙන් වූ නීති අපේ නීති පද්ධතියට ඇතුළත් කිරීමට සිදුවීමයි.
ප්‍රශ්නය - මහාපරිමාණ වංචා දූෂණ මෙන්ම ලසන්ත, එක්නැලිගොඩ, තාජුඩීන් වැනි බරපතළ අපරාධවලට අදාළව රාජ්‍ය මැදිහත්වීම කඩිනම් කිරීමට දුන් පොරොන්දුව ඩීල්වලට යට කළ බවට සිවිල් සමාජයෙන් ප්‍රබල චෝදනාවක් එ.ජා.ප.යට එල්ල වුණා. චෝදනාව අසාධාරණ ද?
පිළිතුර - යහපාලනය ගෙන එන්න ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවන්න යද්දී ප්‍රධාන සටන් පාඨයක් වුණේ දූෂණ වංචා සහ මෙවැනි මනුෂ්‍ය ඝාතන බව මම පිළිගන්නවා. නමුත් ඉතින් අවුරුදු දෙකහමාරක් වැනි කාලයක් ගිහිල්ලත් ඇතැම් පරීක්ෂණ කටයුතු අවසන් කර තිබුණේ නැති බව මම කනගාටුවෙන් කියන්න ඕනෑ. ඒක අධිකරණ අමාත්‍යාංශයට සම්බන්ධ දෙයක් නෙවෙයි. පොලිසියට අයිති දෙයක්. සමහර වෙලාවලදි අවශ්‍ය සහයෝගය අධිකරණ අමාත්‍යාංශය දිය යුතුයි. අපරාධ සම්බන්ධයෙන් විදේශ රාජ්‍ය සමග කරන ගනුදෙනුවලට මැදිහත් විය යුත්තේ මධ්‍යම බලධාරියා වූ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයායි. ඒ දේවල් හරියට කෙරිලා තිබුණෙත් නෑ. ඒ වගේම පරීක්ෂණ අවසන් කර තිබූ සිදුවීම්වලට අදාළව නඩු පැවැරීමට අවශ්‍ය අධිකරණය පිහිටුවලා තිබුණෙත් නෑ. 2017 අගෝස්තු මාසයේදි ඒ වගකීම මට බාරදුන්නෙ ඒ නිසා තමයි.
ප්‍රශ්නය - එහෙත් ආණ්ඩුවට තිබෙන්නේ කෙටි කාලයක්. මේ නඩු කටයුතු තීරණාත්මක අවසානයකට ළඟාවීමට ඒ කෙටි කාලය ප්‍රමාණවත් ද?
පිළිතුර - ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන් ඝාතනය වගේම එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරිය හැටියට මට විශාල බලපෑමක් තිබෙනවා. නමුත් එම පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්වරුන්ට ඒ පරීක්ෂණ අවසන් කිරීමට අදාළ පාර්ශ්වයන්ගෙන් අවශ්‍ය සහාය ලැබෙනවා දැයි විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ජනාධිපතිතුමා යටතේ පවතින පොලිස් අමාත්‍යාංශයෙන් එය සිදුකළ යුතුයි. ඒවා අවසන් කිරීමට ජනාධිපතිතුමා නායකත්වය දිය යුතුයි. සිවිල් සමාජයේ තෙරපීම පමණක් නෙවෙයි, ලසන්ත කියන්නෙ මගේ හොඳ යාළුවෙක්. මෙවැනි ඉරණමක් අත්වෙන්න පුළුවන් කියල ඒ කාලෙදිත් අපි ලසන්තට පරෙස්සම් වෙන්නැයි කිව්වා. එ් නිසා ලසන්තට වෙච්ච දේ කියලා මගේ හිතේ ඒක තියෙනවා. ලසන්තගෙ ජීවිතේට වගේම තාජුඩීන්ගෙ එක්නැලිගොඩගේ හා සුදු වෑන්වලින් උස්සන් ගිය දරුවන්ගේ ජීවිතවලටත් අගයක් ලැබෙන්නේ මේ පරීක්ෂණ අවසානයකට ගෙන ගියොත් පමණයි. එ් නිසා සිවිල් සමාජය විතරක් නෙවෙයි, අපිත් මේවා ගැන අවදියෙන් සිටින බව කිව යුතුයි.
ප්‍රශ්නය - නඩු කඩිනම් කිරීමේ විශේෂ අධිකරණවලට මොකද වුණේ?
පිළිතුර - මාස හයක් ඇතුළත අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරලා පළමුවැනි අධිකරණය පිහිටුවන්නට මට පුළුවන් වුණා. මේවාට අවශ්‍ය නඩු නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම දිය යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව නම් පළමුවැනි මහාධිකරණයේ නඩු කීපයක් තෝරාගෙන පවරා තිබෙනවා. දෙවැනි අධිකරණය පිහිටුවන ස්ථානය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණ නෑ. ගැසට් නිවේදනයේ තිබෙන්නේ කොළඹ අධිකරණ බලප්‍රදේශයේ විය යුතු බවයි. මේ මාසය අවසන් වීමට පෙර දෙවැනි අධිකරණයත් පිහිටුවනවා.
ප්‍රශ්නය - සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ජනමාධ්‍ය ආයතන ඉදිරිපිට කළ විරෝධතාව සම්බන්ධයෙන් ඔබේ පක්ෂය නිකුත් කළ නිල නිවේදනය හා පක්ෂයේ නියෝජ්‍ය නායකයා ඇතුළු මන්ත්‍රීවරැ කිහිපදෙනකු දැක්වූ අදහස් එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. මේ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක් ද?
පිළිතුර - ඒ අය සමහර වෙලාවට මේ රටේ නැතිව තිබූ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ඇතිකිරීමටත් ශිෂ්ටසම්පන්න ජාතියක් හැටියට රට ඉදිරියට ගෙනියන්නටත් මැදිහත්වීම් කළ අයයි. සමහර මාධ්‍ය ආයතන ගෙනයන වැඩපිළිවෙළ අනුමත නොකරන නිසා යම්කිසි බලපෑමක් කරන්න එහෙම විරෝධය පළකරන්න ඇති. මම නම් කියන්නේ එහෙම හඬක් නැගුවේ ඇයිදැයි හැම කෙනකුම විමසිලිමත් වෙලා තේරුම් ගත යුතුයි කියලයි. මේ රටේ මාධ්‍ය නිදහස ප්‍රතිස්ථාපනය වුණේ 2015 ජනවාරි 8න් පසුවයි. අපේ අගමැතිවරයාට උපරිම අපහාස උපහාස කරලත් මේ ආණ්ඩුව මොනම මාධ්‍යවේදියකුටවත් පහර දීලා අතපය කැඩුවේ නෑ. අතුරුදන් කළෙත් නෑ. ආයතන ගිනි තිබ්බෙත් නෑ. ඒ මාධ්‍ය මර්දනයට ලක් වූ මාධ්‍යවේදීනුත් මාධ්‍ය ආයතනත් තමන් අද කියන දේවල් හරිදැයි තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව කල්පනා කරන්න ඕනෑ.
ප්‍රශ්නය - උද්ගත වූ දේශපාලන වියවුල සමග කිසිදු පාර්ශ්වයකට 2019 අයවැයක් ඉදිරිපත් කළ නොහැකි වුණා. ආණ්ඩුව අයවැයෙන් ජනතාවට දෙන සහන මොනවා ද?
පිළිතුර - ජනතාවට හිතවාදී අයවැයක් තමයි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. පහුගිය කාලේ අපිත් එකපාරටම යහපාලනය වෙනුවෙන් කැපවුණා වැඩීදෝ කියලා හිතෙන තරමටම අපි අතින් අඩුපාඩුකම් සිද්ධ වුණා. හැමදේම හරියටම කරන්න ගිහින් ප්‍රශ්න ආපු තැනුත් තිබුණා. ජනතාවට සහන ගෙනෙන අයවැයක් තමයි මෙවර ඉදිරිපත් කරන්නේ කියලා අගමැතිතුමා කිව්වා.
ප්‍රශ්නය - හිතුවක්කාර ඇමැතිවරැන්ගේ වැය ශීර්ෂ පරාජය කරන බවටත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවටත් එ.ජා.ප. පසුපෙළින් විවෘතවම කියනවා. අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා එළිපිටම පුපුරනවා නේද?
පිළිතුර - අද මොන විදියෙ මත ප්‍රකාශ කළත් අපි කණ්ඩායමක් හැටියට කටයුතු කරලා පෙන්නුවා. ඉතාම තීරණාත්මක මොහොතකදී එක පෙරමුණක් හැටියට සටන් කළ අපට මෙවැනි ප්‍රශ්න ඉතා පහසුවෙන් විසඳාගත හැකියි. ඒ ගැන සැකයක් තියාගන්න එපා.
ප්‍රශ්නය - එ.ජ.නි.ස. නම් සිය ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කළා. එ.ජා.ප.යට තවමත් තමන්ගෙ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරගැනීමට හැකියාවක් නැත්තේ ඇයි?
පිළිතුර - ඔබ ඔහොම කිව්වට ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන්නේ බරපතළ ප්‍රශ්නයක්. ප්‍රසිද්ධියේ අදහස් නොදක්වන ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් අසවලා ආවොත් අපි මෙවැනි තීන්දුවක් ගන්නවා යැයි අප සමඟ පෞද්ගලිකවම කියනවා. අපව විශ්වාස කරලා ඔවුන් කියන දේ රටට කියලා දේශපාලන වාසි ගන්න අපි උත්සාහ කරන්නේ නෑ. විපක්ෂෙ වාඩිවෙලා තිබෙන්නේ ශ්‍රී.ල.නි.ප.යම විතරක් නෙවෙයිනෙ. පොහොට්ටුවත් ඉන්නවනෙ. ඒ අයගෙ මතයත් වෙනස්. අපට එහෙම හදිසියක් නෑ. අපි තීන්දු තීරණ ගන්නේ වෙලාවටයි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අය-වැය සහන පොදියක්