IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අයවැයට ආණ්ඩුව හෙනට වැඩ

lankadeepa-20151016-03

දින 100 ආණ්ඩුවේ අය වැය ජනවාරියේ මුදල් ඇමති රවි කරුණානායක ඉදිරිපත් කළ අතර ඒ හරහා පඩිවැඩිවීම ඉන්ධන මිල අඩු කිරීම ඇතුලූ සහන රැුසක් ලබාදුන් අතර ඇතැම් යෝජනා ක‍්‍රියාත්මක නොවූ බවට ද විපක්ෂය චෝදනා කළේය. ඒ ගැන ඇමති රවි කියන්නේ මෙවැන්නකි. යෝජනා සියල්ල ක‍්‍රියාත්මක කළා. මහ ඡුන්දය පැමිණීමත් ඇතැම් යෝජනා වලට එවකට විපක්ෂය කඹ ඇදීමත් නිසා ජනතාවට දෙන්න තිබූ ඇතැම් සහන යට ගියා. ඒත් ඊළඟ අයවැයෙන් ජනතාවට සහන රටට සීග‍්‍ර සංවර්ධනය ගේනවා. මන්ත‍්‍රී විමධ්‍යගත මුදල් ලක්ෂ 50 සිට 100 දක්වා වැඩි කරනවා. ඇමෙරිකාව යුරෝපා හවුල ජපානය ඉන්දියාව සිංගප්පූරුව ඇතුලූ ලෝකයම අපට ඒ සඳහා සහාය දෙනවා. ධනපතීන්ට බර පටවනවා මිසක් සාමාන්‍ය ජනතාවට කිසිම බරක් පටවන්න එපා කියලා ජනපති හා අගමැති මට උපදෙස් දුන්නා. ඊළඟ වසරේ වියදම බිලියන 3100 යි. රජයේ ආදායම බිලියන 1700 යි. විදෙස් සහායත් දශම ගණන් පොලී ණය වගේම ඇති හැකි අයගෙන් ලබාගන්න බදු වලින් හිඟය පියවනවා, ඇමති රවි කීය.

lankadeepa-20151016-04
රටේ ඉදිරි ගමන ඇරඹෙන්නේත් සංවර්ධනය හා ජනතාවට ප‍්‍රතිලාභ ලැබීම ඇරඹෙන්නේත් අපේ ඊළඟ අය වැයෙනුයි අගමැති රනිල් කියනුයේ එවැන්නකි.


ජිනීවා යෝජනාවලට එරෙහිව රටපුරා ජනතාව දැනුම්වත් කිරීමේ හා විරෝධතා දැක්වීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂය ලහි ලහියේ සූදානම් වෙමින් සිටී. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සඳහන් කරනුයේ ඒ සම්බන්ධයෙන් වන පළමු වෙඩිමුරය ලබන සඳුදා කොළඹදී නංවන බවය. කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයට රටපුරා නන්දෙසින් ජනතාව රැුස්කරවා ජාතික සමුළුවක ආකාරයෙන් එය පවත්වන බවද ඔවුහු සඳහන් කරති.


ඒකාබද්ධ විපක්ෂයේ අදහස වී ඇත්තේ කොළඹින් ආරම්භ කරන වැඩපිළිවෙළ ඉදිරි සති කිහිපය තුළ රටේ අනෙකුත් ප‍්‍රධාන නගරවලට ද ගෙන යාමටය. ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් තමන් සතුවන බව ද එම නායකයෝ සඳහන් කරති. ඒකාබද්ධ විපක්ෂය ගොඩනගාගෙන ඇත්තේ ජිනීවා යෝජනා ඇතුළු ආණ්ඩුවේ අනෙකුත් වැඩපිළිවෙලවල් සඳහා විරෝධය දැක්වීමේ අදහසිනි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වූ සන්ධානයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් එකතුවී ඉකුත්දා ඒකාබද්ධ විපක්ෂය ගොඩනගා ගත්තේය. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, විමල් වීරවංශ, ඩිව් ගුණසේකර, උයද ගම්මන්පිල සහ ඩලස් අලහප්පෙරුම යන නායකයින් අයත් වන දේශපාලන පක්ෂ හතේ එකතුවෙන් ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගි ඇත. ඉකුත්දා රාජගිරිය ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයට රැුස්වූ එම නායකයෝ ජිනීවා යෝජනා මාලාව ගැන දීර්ඝ ලෙස සාකච්ඡුා කොට ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ගවලට  ද අවතීර්ණ වූහ. විශේෂයෙන් ඇමරිකානු යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග‍්‍රහය දැක්වීමට ගත් ක‍්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කරමින් ඉන් රටේ ස්වෛරීභාවයට විශාල හානියක් සිදුවිය හැකි බව ජනතාවට ඒත්තු ගැන්වීමට ද එහිදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ තීන්දු ගත්හ.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීම, ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීම දිනෙන් දින කල්යමින් තිබෙන බවට රටේ විවිධ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන දිගින් දිගටම කනස්සල්ල පළ කළේය. කෙසේ වෙතත් නව ආණ්ඩුව බලයට පත්වී මාස දෙකක පමණ කාලයක් ගතවී ඇති අතර මේ වන විට ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා හතරකට අයත් සාමාජිකයින් විසිහතර දෙනකු නම්කර තිබේ. ඉකුත් සතියේ අදාළ නම් නිර්දේශය සඳහා ජනාධිපතිවරයා වෙත යවා ඇතත් මේ ලිපිය ලියන මොහොත වනවිටත් ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය පළවී තිබුණේ නැත. ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ජාතික පොලිස් කොමිසමට නම්කර තිබෙන සාමාජිකයින් කිහිපදෙනෙකු පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් එල්ලවන විරෝධතා හේතුවෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය පමාවෙමින් තිබෙන බවය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් නම් කිරීමේ සහ පත්කිරීමේ සම්පූර්ණ බලය හිමිවී ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවටය. එම සභාව නම් කරන සාමාජිකයින්ගේ නාම ලැයිස්තු නිර්දේශය සඳහා ජනාධිපතිවරයා වෙත යවන නමුත් ජනාධිපතිවරයා ඊට අනුමැතිය පළ කිරීම අනිවාර්ය නැත. දින දහ හතරක කාලයක් ඉක්ම ගිය පසු ජනාධිපතිවරයාගේ අනුමැතිය නොලැබුණද ව්‍යවස්ථා සභාව නම්කළ සාමාජිකයින්ගේ පත්වීම වලංගු වන්නේය. දේශපාලන විචාරකයින් සඳහන් කරනුයේ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයින් පත් කිරීමේදී ජනාධිපතිවරයා සතුව තිබූ බලතල දහනව වැනි සංශෝධනයෙන් සම්පූර්ණයෙන්ම කපාහැර තිබෙන බවය. කෙසේ වෙතත් ජාතික පොලිස් කොමිසමේ සාමාජික ගැටලූව සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා අතර පවතින ගැටලූව කුමනාකාරයෙන් විසඳෙනු ඇත්දැයි තවමත් ප‍්‍රකාශ කළ නොහැකි බව දේශපාලන මතධාරීන්ගේ අදහසය. එය ඉදිරියේදී කුමනාකාරයෙන් හෝ විසඳෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ලැබෙන කාලය ලබන බ‍්‍රහස්පතින්දායින් අවසන් වන අතර ඉන්පසුව හෝ ඊට පෙරාතුව ඊට විසඳුමක් හිමිවනු ඇතැයි සිතිය හැකිය.


මේ අතර අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීම නොවැම්බර් මස 4 වැනිදා සිදුවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.


රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ඉකුත්දා ජපානයේ සිදුකළ සංචාරයේදී විශේෂ ප‍්‍රකාශයක් කළේය. ජපානයට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය හිමිකරදීම සඳහා ශ්‍රී ලංකාව පූර්ණ සහය පළකරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ තෝකියෝ නුවරදී ප‍්‍රකාශ කළේය. ශ්‍රී ලංකා අගමැතිවරයාගේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් චීන රජය එතරම් සතුටක් දක්වා නැතැයි විදෙස් පුවත්පත් ආරංචි මාර්ග ඉකුත්දා සඳහන් කර තිබිණි. චීනයේ අදහස වී ඇත්තේ කලාපයේ අනෙකුත් ප‍්‍රබල රටවල් අභිබවා ශ්‍රී ලංකාවට වඩාත් ළංවීම වන අතර ඒ සඳහා සියලූ ක‍්‍රියාමාර්ග ගැනීමට චීනය පියවර ගනිමින් සිටියි. මේ අතර කොළඹ වරාය නගරයේ ඉතිරි කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව චීන බලධාරීන් සඳහන් කර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවේ සහාය පළවනු ඇතැයිද චීන බලධාරීන් විශ්වාසය පළකර තිබිණ. කෙසේ වෙතත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ මේ වසර අවසන් වන විට යළිත් කොළඹ වරාය නගරයේ වැඩ ආරම්භ වනු ඇති බවය.


ශ්‍රී ලංකාවේ සාම ක‍්‍රියාවලිය ස්ථාපිත කරවීම සඳහා වසර ගණනාවක් මුළුල්ලේ නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවට සහය පළ කළේය. ඉකුත් 2002 වසරේ බලයට පත්වූ එජාප රජය යටතේ සාම ගිවිසුම ක‍්‍රියාත්මක වීමත් සමග නෝර්වේ කාර්යභාරය ආරම්භවූ අතර විශේෂ සාම නියෝජිතයා ලෙස කටයුතු කරනු ලැබූයේ නෝර්වේ හිටපු අමාත්‍ය එරික් සෝල්හයිම්ය. සාම ක‍්‍රියාවලිය නතරවී සහ ශ්‍රී ලංකාවේ යුද්ධය සම්පූර්ණයෙන්ම නිමවී තිබෙන පසුබිමක නෝර්වේජියානුවෙකු අලූත් වැඩකට අතගසා තිබේ. මාර්ක් සැල්ටර් නමැති නෝර්වේජියානු ජාතිකයා ශ්‍රී ලංකාවේ සාමක‍්‍රියාවලිය සිදුවූ ආකාරය හා එහිදී වූ විශේෂ සිදුවීම් ඇතුළත් ග‍්‍රන්ථයක් සම්පාදනය කර තිබෙන අතර එම ග‍්‍රන්ථය මේ මස 28 වැනි දින ලන්ඩන් නුවරදී එළිදැක්වීමට නියමිතය. ලන්ඩන් නුවර පැවැත්වෙන දොරටවැඩුමේ උළෙලේදී එරික් සෝල්හයිම් සහ ලන්ඩන් නුවර වැඩබලන ශ්‍රී ලංකා තානාපති ශානක තල්පහේවා යන මහත්වරු විශේෂ දෙසුම් පවත්වති. කතුවරයා සඳහන් කර ඇත්තේ එම ග‍්‍රන්ථයේ මීළඟ දොරට වැඞීමේ උත්සවය ජර්මන් නුවර පැවැත්වීමට කටයුතු කරන බවය.

lankadeepa-20151016-05


නාරාහේන්පිට අභයාරාමයට ඉකුත්දා රැුස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රබලයින් මව්බිම සුරැුකීමේ ජාතික ව්‍යාපාරය නමින් තවත් සංවිධානයක් බිහිකර ගත්තේය. ඒකාබද්ධ විපක්ෂය නමින් පවතින සංවිධානයට අමතරව තවත් සංවිධානයක් බිහිකර ගැනීමේ අදහස වී ඇත්තේ ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට යැයි දේශපාලන මතධාරීන්ගේ අදහසය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉකුත්දා දිගින් දිගටම අවධාරණය කර තිබුණේ ශ්‍රීලනිප ඡුන්ද ප‍්‍රයෝජනයට ගෙන වෙනත් කුඩා පක්ෂ ඉදිරියට පැමිණෙන බවය. ඉන් කියවී තිබුණේ ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් මැතිවරණවලට ඉදිරිපත්වීමේ අවශ්‍යතාවයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැති බවකි. ඒ බව දැනගත් සන්ධානයේ හවුල්කාර පක්ෂ නායකයෝ ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා මව්බිම සුරැුකීමේ ජාතික ව්‍යාපාරය බිහිකරගත්තේය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනුයේ ඉදිරි පළාත්පාලන මැතිවරණයට මව්බිම සුරැුකීමේ ජාතික ව්‍යාපාරය ඉදිරිපත්වනු ඇති බවය. ඒ අනුව ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන පුංචි ඡුන්දයට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හරිහරියට තරග කිරීමට මව්බිම සුරැුකීමේ පක්ෂය ද ඉදිරිපත්වනු ඇතැයි දේශපාලන විචාරක මතය. එම පක්ෂයට ශ්‍රී ලංකා නිදහස්් පක්ෂයේ මෛත‍්‍රී විරෝධී නායකයින්ද එක්වී සිටින හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභිබවා මැතිවරණ ජයග‍්‍රහණයක් හිමිකර ගැනීම අපේක්ෂාව බවද සඳහන්වේ. මව්බිම සුරැුකීමේ පක්ෂයේ සභාපතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, ලේකම්වරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ජාතික සංවිධායකවරයා ලෙස විමල් වීරවංශ කටයුතු කරති. ඩිව්, තිස්ස හෝ වාසු නව සංවිධානයට සම්බන්ධ නොවනු ඇතැයි ද කියති.


බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති ප‍්‍රසන්න රණතුංග ඉකුත්දා විශේෂ හෙළිදරව්වක් කළේය. ඔහු සඳහන් කර ඇත්තේ ආණ්ඩුව උපක‍්‍රමශීලීව කටයුතු කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ වැඩපිළිවෙලක් කරා යමින් සිටින බවය. ඒ පිළිබඳව කල්තියාම හෙළිදරව් කිරීමට තමන් පියවර ගන්නා අතරම ඊට ඉඩක් නොතබන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග සඳහන් කරන්නේය. කෙසේ වෙතත් ප‍්‍රසන්න රණතුංගගේ හෙළිදරව්ව සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයකු කිසිදු ප‍්‍රචාරයක් දක්වා තිබුණේ නැත.

 

lankadeepa-20151016-06


ජිනීවාහි මානවහිමිකම් කොමිසම හමුවේ අදහස් පළකිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ ක‍්‍රියාකාරීහු ඉකුත්දා නැවත ශ්‍රී ලංකාවට පැමිණියෝය. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු මෙන්ම උතුරේ පළාත් සභා මන්ත‍්‍රීවරයකුද වන එම්.කේ. සිවාජිලිංගම් සඳහන් කර ඇත්තේ ආණ්ඩුව කුමනාකාර ප‍්‍රචාරයක් ගෙනගියද දේශීය යාන්ත‍්‍රණයක් හරහා ශ්‍රී ලංකාවේ මානවහිමිකම් පරීක්ෂණයක් සිදුකිරීමට සංවිධාන බහුතරයක් විරෝධය දක්වන බවය. දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ගෝලීය දෙමළ සංසදය හා කැනේඩියානු දෙමළ කොංග‍්‍රසය යන සංවිධාන දෙක පමණක් දේශීය යාන්ත‍්‍රණයකට කැමැත්ත පළකර ඇති නමුත් අනෙකුත් සංවිධාන ඊට විරෝධය පළකරන බවද දැඩි මතධාරියකු හා එල්ටීටීඊ හිතවාදියකු ද වන සිවාජිලිංගම්ගේ අදහස වී ඇත. මේ අතර උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන ඇමති සී.ටී. විග්නේෂ්වරන් සහ ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂය අතර පවතින මත ගැටුම් මේ වනවිට තව තවත් දැඩිවී තිබේ. උතුරේ මහඇමතිවරයා සිය පක්ෂයේ සාමූහික තීන්දු තීරණ අභිබවා කටයුතු කරමින් සිටින අතර ඔහුගේ ඇතැම් ක‍්‍රියාපටිපාටීන් දෙමළ ජනතාවගේ පැවැත්මට හිතකර නොවන බවද ඉලංකෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ ප‍්‍රබලයින් වන මාවෛ සේනාධිරාජා සහ ආර්. සම්පන්දන් ඇතුළු පිරිසෙහි අදහස වී තිබේ. උතුරේ ආරංචි මාර්ග සඳහන් කළේ ප‍්‍රශ්නය කොතරම් දුරදිග ගොස් ඇත්දැයි කිවහොත් විග්නේෂ්වරන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ දැඩි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පවා ඉලංකෙයි තමිල්අරුසුකච්චි නායකයින් පසුබට නොවනු ඇති බවය.


පළාත්පාලන ආයතන 23 ක නිලකාලය ලබන දෙසැම්බර් මස තිස් එක දක්වා දීර්ඝ කිරීමට පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා ඊයේ පියවර ගත්තේය. කොළඹ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු පළාත්පාලන ආයතනවලට ඒ අනුව තවත් මාස දෙකක කාලයක් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනු ඇත. දිවයිනේ පළාත් පාලන ආයතන තුන්සිය තිස් පහක් තිබෙන අතර ඉන් බහුතරයක් මේ වන විට විසුරුවා හැර ඒවායේ පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත්කර තිබේ. පළාත් පාලන ආයතන නියෝජිතයින් බහුතරයක් ඉකුත් ජනාධිපතිවරණයේදී සහ ඉන්පසුවත් මහින්ද රාජපක්ෂ හිතවාදී දැඩි ක‍්‍රියාමාර්ගයක නිරතවූ අතර ඒ හේතුව නිසාම නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ කැමැත්ත පළවී තිබුණේ නැත. එම නිසා එම ආයතනවල පරිපාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත්වූ අතර පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙනු ඇතැයි ආණ්ඩුව කල්තියාම ප‍්‍රකාශ කර තිබිණි.


ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද ඉකුත්දා ජිනීවාහි පැවැති මානුෂීය ක‍්‍රියාකාරකම් පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී විය. නියෝජ්‍ය ඇමතිවරයා එම සමුළුවට සහභාගිවී සිටි අතරතුර සිය හිතවතකුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය.
ඇමතිතුමා, රත්නපුර ධර්මපාල මාවතේ නායයාමක් අනතුරක් තියෙනවා. ඉකුත්දා රත්නපුරයට ඇදහැලී තිබුණු ධාරානිපාත වර්ෂාව නිසා එම අනතුර ඇතිවී තිබිණි. දුරකතන ඇමතුමෙන් කියවී තිබුණේ යම්හෙයකින් නායයාමක් සිදුවුවහොත් නිවාස එකොළහක වෙසෙන ජනතාවගේ ජීවිතවලට අනතුරක් විය හැකි බවකි. වහා ක‍්‍රියාත්මක වූ ගන්කන්ද අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ට දුරකතනයෙන් කතාකොට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා උපදෙස් දුන්නේය.


ඒ අනුව පසුදිනම අමාත්‍යංශයේ නිලධාරීහු එහි පැමිණ රසායනික ද්‍රව්‍ය යොදා හානිය අවම වන අයුරින් එම ගල් පුපුරුවා හැරීමට කටයුතු කළහ. දුනේෂ් ගන්කන්ද ජිනීවා සිට රත්නපුරයේ ගල් පුපුරුවා හැරීම පිළිබඳව ප‍්‍රදේශයේ ජනතාව ප‍්‍රසාදයකින් කතා කළහ.

 

lankadeepa-20151016-07



අදහස් (0)

අයවැයට ආණ්ඩුව හෙනට වැඩ

රෝහණ Monday, 19 October 2015 11:27 AM

ඒකාබද්ධ විපක්ෂය කියන්නේ විමල් වාසු දිනේෂ් ගම්මන්පිල යන හතර දෙනා නේද? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 381 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 49 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 73 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 289 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 191 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 94 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 640 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 324 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site