IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


අයවැයෙන් රවී-මංගල පාරවල් දෙකක

යහපාලන ආණ්ඩුවේ තුන්වැනි අය-වැය ලේඛනය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙවර අය වැය ලේඛනයේ පැහැදිලිවම කැපී පෙනෙන කරුණු දෙකක් අඩංගු වේ. ඒ යහපාලන ආණ්ඩුවේ මෙතෙක් ඉදිරිපත් වූ අය-වැය ලේඛන දෙකටම වඩා මෙවර අය-වැය ලේඛණයේ බැලූ බැල්මට වෙනස්කමක් පෙනීමය.

ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ එකම ආණ්ඩුවේ වුවද රවි කරුණානායක මුදල් ඇමැතිවරයාගේ අය-වැය යෝජනා හා මංගල සමරවීරගේ මංගල අය-වැය යෝජනා අතර ප‍්‍රතිපත්තිමය ලෙස පරස්පරතාවක් පවතින බවය.එදා රවි කරුණානායකගේ ප‍්‍රතිපත්තිය වූයේ කොළඹ ඇතුළු තදාසන්න නගරවල පවතින දැඩි වාහන තදබදය අඩුකළ යුතු බවයි.

ඒ නිසා ඔහු සැහැල්ලූ මෝටර් රථ ඇතුළු අනෙකුත් මෝටර් රථවල මිල ඉහළ නැංවූයේය. එහෙත් මංගලගේ අය-වැය ලේඛනයෙන් එම ප‍්‍රතිපත්තිය යම් වෙනසකට පත්ව තිබේ. අනෙක් ප‍්‍රධාන කාරණය වනුයේ ආණ්ඩුව සැලසුම් සහගත තුන්වැනි පරම්පරාව ඉලක්ක කරගෙන තිබීමය. ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා තරුණ ඡුන්දදායකයන් විශාල පිටිවහලක් වූ බවය. ඒ නිසා ඔවුන් තවදුරටත් ආණ්ඩුව කෙරෙහි හිතවත්ව තබා ගැනීමේ උපක‍්‍රමයක් අනුගමනය කර තිබෙන බවය. ඒ කෙසේ වෙතත් තරුණ ප‍්‍රජාව ඉලක්ක කරගත් අයxවැය ලේඛණයක් ඉදිරිපත් කිරීම අලූත් ප‍්‍රවේශයක් බවද ඇතැම්හු පෙන්වා දෙති. අයxවැය ලේඛණයට ඇතුළත් විය යුතු යෝජනා අයxවැයට පෙර ක‍්‍රියාත්මක කිරීමටද මංගල සමරවීර ඇමැතිවරයා පියවර ගෙන තිබිණ. විදේශ රටවලින් ආනයනය කර හඬ කැවූ විකාශනය කරන ටෙලිනාට්‍ය සඳහා වන ගාස්තුව විශාල වශයෙන් ඉහළ නැංවීමේ පියවර ගත්තේ ඉකුත් අඟහරුවාදාය. ඊට පසු දින එනම් බදාදා ආණ්ඩුව සහන පැකේජයක් එළියට දැම්මේය. අය-වැයෙන් කළ යුතුදේ අයxවැයට පෙර ඉදිරියට දැම්මේ මන්දැයි මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් ඇමැති රාජිත මුණගැසුණු අවස්ථාවේදී විමසූහ.

”මේක හොඳ ක‍්‍රමයක්. පරිප්පු හාල්මැස්සන් අඩු කළාම හැමෝම ඒවට අත්පුඩි ගහනවා. ඒකෙන් වෙන්නේ ඇත්තටම හොඳ අය-වැය යෝජනාවලට තැනක් ප‍්‍රසිද්ධියක් නොලැබෙන එක. අපි දේශපාලනය, ඡුන්දය ඉලක්ක කරගත් අය-වැයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණෙත් නැතැයි” රාජිත කරුණු පැහැදිලි කළේය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉකුත්දා රාත‍්‍රී ආහාරය සඳහා කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයකට ගියේය. හිටපු ජනාධිපතිවරයා සමඟ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, නාමල් රාජපක්ෂ යන මන්ත‍්‍රීවරුද යෝෂිත රාජපක්ෂ ද එක්ව සිටියහ.

රාත‍්‍රී ආහාර ගන්නා අතරේ යම් යම් දේශපාලන කරුණු ද පිරිස අතරේ හුවමාරු වන්නට විය. උදිත ලොකුබණ්ඩාර කී කතාවට මහින්ද රාජපක්ෂ කරුණු කියන්නට පටන් ගත්තේය. ඊට පිළිතුරු බඳිමින් නාමල් අදහසක් පළකළේය.

”තාත්තා ස්වාධීනව තීන්දු තීරණ ගන්න. අපි ගැන හිතන්න එපා. අපට ඔය හිරේ යන්නත් පුළුවන්” නාමල් කී කතාවට යෝෂිත ද ඔළුව වැනුවේය. පුතුන්ගේ කතාවලට හිටපු ජනාධිපතිවරයා සංවේදී වූයේය. මේ අතර ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සම්පන්දන් සහ සුමන්තිරන් කතාබහක නිරතව සිටියෝය. ඒ දෙදෙනා කතා කරමින් සිටින විට ඒ අසලට ඇමැති චන්දිම වීරක්කොඩි පැමිණියේය. චන්දිම දුටු විට සුමන්තිරන් විහිළුවක් කළේය.

”මොකද මේ පෙට්රල් ප‍්‍රශ්නය  ඕකට හිටපු තෙල් ඇමැතිත් වග කියන්න  ඕනේ.” යැයි කීවේය. හිටපු තෙල් ඇමැතිවරයා චන්දිමය. ඔහුද සුමන්තිරන්ට විහිළුවෙන්ම පිළිතුරු බැන්දේය. ”මම යන්තම් බේරුණා. මම හිටපු ඇමැතිනේ.” ඉකුත් දින කිහිපයේම තෙල් අර්බුදයෙන් ඇවිළී ගොස් තිබිණ. තෙල් ප‍්‍රශ්නය දුරදිග යන විට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කලබලයට පත් වූහ. ඔවුහු කොළඹ ඉන්දියානු මහ කොමසාරිස්වරයාට කතා කළේය. ඉතාම ඉක්මනින් ඉන්දියාවෙන්තෙල් නැවක් ගෙන්වීමට අවශ්‍ය කටයුතු කළේය. මේ අතර ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ද ඇමැතිවරු තෙල් ප‍්‍රශ්නය පිළිබඳව බොහොම තදින් අදහස් දක්වන්නට වූහ.

ඇමැති දයාසිරි ජයසේකර තෙල් ඇමැති අර්ජුන රණතුංග තදින් විවේචනය කළේය. දයාසිරි ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න මතු කරද්දී අර්ජුන ද ඒවට පිළිතුරු බැන්දේය. ඇතැම් ඇමැතිවරු විහිළුවට මෙන් කීවේ ”මේ දෙන්න අතරේ ප‍්‍රශ්නයක් තියෙනවානේ. ඔය ඇරියස් කවර් කරගන්නවා” කියාය. ක‍්‍රිකට් සම්බන්ධයෙන් අර්ජුන සහ දයාසිරි අතර යම් අමනාපයක් පවතියි. ඇමැති අර්ජුනගේ අදහස වී ඇත්තේ තිලංග සුමතිපාලට දයාසිරි ජයසේකර විශේෂ සැලකිල්ලක් දක්වන බවය. මේ අතර තෙල් ප‍්‍රශ්නයේදී ඇතැම් ඇමැතිවරු ප‍්‍රසිද්ධියේත් අප‍්‍රසිද්ධවත් ඇමැති අර්ජුනට දෙහි කැපූහ.

”එයා ඕනෑම දෙයකට මහා දාර්ශනික අදහස් දක්වනවා. වෙනත් අමාත්‍යාංශයක නැත්නම් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ වැඩවලට විවේචන අදහස් යෝජනා දෙනවා. හැබැයි තමන්ට පවරා දී තිබෙන විෂය හරියට මැනේජ් කරගන්න බැහැ.” ආදී වශයෙන් එම ඇමැතිවරු අර්ජුන විවේචන කළහ. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණසමරුව ඉකුත් බදාදාට යෙදී තිබිණ. යහපාලනයක් ස්ථාපිත කිරීමට සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් ක‍්‍රියාකාරිවූ සෝභිත හිමියෝ වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා විශාල මෙහෙයක් කළහ. මාදුළුවාවේ හිමියන් වෙනුවෙන් ගුණසමරු උත්සව දෙකක් පැවැත්විණ. එක් උත්සවයක් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අතර අනෙක් උත්සවයේ ප‍්‍රධාන

ආරාධිතයා වූයේ හිටපු ජනාධිපතිවරයාය. කෝට්ටේ නාග විහාරයේ පැවැති ගුණසමරු උත්සවයට විජයදාස රාජපක්ෂ,දිනේෂ් ගුණවර්ධන, ඒ.එච්.එම්. ෆවුසි හා උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් ද එක්වූහ. නාග විහාරයේ පැවැති දානමය පින්කමට සහභාගි වූ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස දානෙන් පසුව නාගවිහාරයේ කාමරයකට ගොස් සුහද කතාබහක නිරතව වූහ. නාගවිහාරයේ නාරද හිමියෝ එහිදී කීවේ.

”අපේ නායක හාමුදුරුවෝ සාධාරණ සමාජයක් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. හැබැයි යහපාලන ආණ්ඩුව වෙනුවෙන් අද මේ පින්කමට ඇවිත් ඉන්නේ විජයදාස මහත්තයා විතරයි.” යනුවෙනි. විජයදාස රාජපක්ෂ ඊට පිළිතුරු බැන්දේය. ” ඕවා ඔහොම තමයි හැමෝටම මුල අමතක වෙනවා.  හැබැයි මහින්ද මහත්තයාට එහෙම එකක් නැහැ.” කියාය. ”විජේ ඔයාගේ රූපවාහිනී සාකච්ඡාව මම බැලූවා. ඔයා හොඳට කරුණු පැහැදිලි කළා. හැබැයි ඉතින් මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ අයට වැඩක් වෙන්නේ නැහැනේ.” යැයි මහින්ද රාජපක්ෂ කීවේය.

 හිටපු ජනාධිපතිවරයාගේ කතාවට විජයදාස තවත් යමක් එකතු කළේය. ”මේ ආණ්ඩුවේ විකාර වැඩවලට මට එකඟ වෙන්න බැහැ. මම හැකි විදියට වැරදි පෙන්වලා දෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න දිව්රුම් දීලා ඒක කඩලා බිඳලා දානවා. මේ ආණ්ඩුව කරන්නේ හොඳ දේවල් නොවේ.”  විජයදාසගේ කතාවෙන් පසුව කුමාරසිරි හෙට්ටිගේ කීවේ ”මේ ආණ්ඩුව හැම කුණු ගොඩක්ම සර්ගේ පිටින් දාන්නයි හදන්නේ. ඔන්න තෙල් ප‍්‍රශ්නයටත් සර්ව අල්ලගෙන” කියාය. කුමාරසිරි හෙට්ටිගේ කී විට මහින්ද රාජපක්ෂ කීවේ ”මේ ෆවුසි ඇමැතිතුමා දන්නවානේ අපි කොහොමද වැඩ කළේ කියලා. අපේ කාලයේ ඔය තෙල් ප‍්‍රශ්නයක් තිබ්බේ නැහැ. කොච්චර මට චෝදනා කළත් රටේ මිනිස්සු ඇත්ත දන්නවා.”

මහින්ද කී විට උදය ගම්මන්පිල තවත් කරුණක් මතක් කළේය. ”මේ තෙල් ප‍්‍රශ්නයේ මුල එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉන්දියාවට ලියලා දුන්නා. දැන් තමයි ඒවායේ ප‍්‍රතිඵල දකින්න පුළුවන් වෙන්නේ. රටේ ජනතාව දුක් විඳිනවා.” කියාය. ළඟ එන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරයට රෝසි සේනානායක තරග වදිනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සඳහන්කරයි. මේ වනවිටත් නොනිල මට්ටමින් රෝසි සේනානායක වැඩ ආරම්භ කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක වන රෝසි සේනානායක ඉකුත් මහ මැතිවරණයේදී එජාප ලැයිස්තුවෙන් තරගවැද පරාජයට පත් වූවාය.

රෝසි සේනානායක එදා චෝදනා කළේ කිසියම් කුමන්ත‍්‍රණකාරී වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වී තමා පරාජයට පත් කළ බවටය. රෝසි සේනානායක එතනින් නොනැවතී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාමට ද කිසියම් උත්සාහයක නිරත වූවාය. පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පත් නොකරණ බව. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ තීන්දුවක සිටියේය. රෝසි සේනානායක තමාගේ පරාජය පිළිබඳව එවකට මැතිවරණ කොමසාරිස් කාර්යාලයටද ඇඟිල්ල දිගු කළාය. කෙසේ වෙතත් එජාප නායකයා රෝසිට අලූත් තනතුරක් ලබාදුන්නේය. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී ලෙස පත්වීම ලැබුවේ ඒ අනුවය. කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග සඳහන් කරනුයේ නොනිල නගරාධිපතිනිය ලෙස රෝසි එහි කටයුතු සොයා බලමින් කටයුතු කරන බවය.

සෑම බදාදා දිනකම පැවැත්වෙන මහජන හමු සඳහා ද ඇය සහභාගී වන අතර ජනතාවගේ ගැටලූ විසඳා දීම සඳහාද යම් මැදිහත්වීමක් සිදුකරන්නීය. මීට අමතරව සතියකට වරක් නිලධාරීන් හමුවී නගරයේ පරිපාලන ගැටලූ හා අඩුපාඩු සාකච්ඡා කර ඒවාට විසඳුම් ලබාදීමටද ඇය මැදිහත් වී සිටින්නීය. මේ අතර කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මේ වන විට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයේ කටයුතු කරයි. ඔහු නැවත නගර සභාවට තරග නොකිරීමේ තීන්දුවකට එළැඹ ඇතැයි වාර්තා වේ.

පවතින නීති සංශෝධනය කර ශ්‍රී ලංකාව තුළ අල්ලස් සහ දුෂණය තුරන්කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට රජය තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පවතින නීතිය කඩිනමින් සංශෝධනය කිරීමට නියමිතය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ ඊට ආනුශාංගික පනත් සංශෝධනය කිරීමට තීන්දුව ගෙන ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාය.

විදෙස් රටවල් සමඟ සිරකරුවන් හුවමාරු කර ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව විදෙස් රටවල් කිහිපයක්ම සමඟ රජය මේ වන විට අදාළ ගිවිසුම්වලට අත්සන් තබා තිබේ. ඉකුත්දා ආණ්ඩුව තීන්දු කළේ තායිලන්තය සමඟ ගිවිසුමකට එළැඹීමටය. ඒ අනුව ශ්‍රී ලංකාවේ අධිකරණයකින් වරදකරුවකු කොට බන්ධනාගාරගත කරන තායිලන්ත පුරවැසියෙකු මෙරට බන්ධනාගාරවල රඳවා නොගෙන එරට බන්ධනාගාරයකට යොමු කිරීමටත් එරට බන්ධනාගාරයක සිටින සිරකරුවෙකු මෙරට බන්ධනාගාරයකට මාරුකර ගැනීමටත් අදාළ ගිවිසුමෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන සැලසෙනු ඇත.

ඇතැම් සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ රජය දැඩි විවේචනයකට ලක් කිරීම පිළිබඳවත් එවැනි තත්ත්වයන් පාලනය කිරීමටත් රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. මුහුණු පොත වැනි සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ රටේ නායකයන්ට අසභ්‍ය ලෙස බැන වැදීම හා විවේචනය කිරීම ඇතැම් අසභ්‍ය දේ ඒවායින් ප‍්‍රචාරය කිරීම නතර කළ හැකිදැයි සොයා බැලීමට රජය තීන්දු කරතිබේ. ඉකුත් බදාදා වාර්තා වූයේ ලංකා ඊ. නිව්ස් වෙබ් අඩවියට තහංචි පැනවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීන්දු කර තිබෙන බවය. තවත් ආරංචියක් පැතිර ගියේ එදින එම වෙබ් අඩවිය අවහිර කර තිබූ බවය. එහෙත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් අදාළ චෝදනාව ප‍්‍රතික්‍ෂේප කළේය. පසුව එම වෙබ් අඩවියට සිදුකර තිබූ අවහිර කිරීම නතර කළ බවද දැනගන්නට තිබිණි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කළ යුතු බවට ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරුන් තුළ අදහසක් තිබිණි. එහෙත් එම උත්සාහය ලත් තැනම ලොප් වී ගියේ මහින්ද රාජපක්‍ෂ පිල ඊට එකඟ   නොවීම නිසාය. ශ්‍රීලනිපයේ මෛත‍්‍රී හා මහින්ද පාර්ශ්වය එක් කිරීමේ යෝජනාවට ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග දැඩි විරෝධයක් දක්වයි. ඔහු සඳහන් කරනුයේ ‘‘එක්සත් ජාතික පක්‍ෂය සමඟ ඞීල්දාපු කොටසක් එක්ක අපි එකතු වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්‍ෂයත් සමග හවුලේ දීග කන්න අපි සූදානම් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කරන්න නම් මුලින්ම කරන්න  ඕනෙ අපේ කට්ටිය එජාපයේ ඉඳුල් කන එක නතර කිරීමයි. කොහොම වුණත් එජාපයේ වලිගෙ එල්ලිලා ඉන්න අය ගැන පාක්‍ෂිකයෝ තීන්දුවක් ගනීවි’’ යැයි ප‍්‍රසන්න රණතුංග කියයි.

ඉකුත් මහ මැතිවරණයට තරගවැදීම සඳහා මර්වින් සිල්වාට නාමයෝජනා ලැබුණේ නැත. ඔහු මේ වන විට වසර දෙකහමාරක් තිස්සේ ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටියි. මෑතකදී මර්වින් සිල්වා නව දේශපාලන පක්‍ෂයක් ස්ථාපිත කළේය. ‘‘ජනතා පක්‍ෂය’’ නමින් නම්කර තිබූ නව පක්‍ෂයේ සභාපතිවරයා මර්වින් සිල්වාය. ඔහු සිය පක්‍ෂයෙන් රටේ සිදුවී ඇති දුෂණ හා වංචා හෙළි කිරීමටත් ඒ පිළිබඳව නීති කටයුතු කිරීමටත් පියවර ගනිමින් සිටියි. යුද්ධය පැවැති සමයේ පොලිස් නිලධාරීන්හයසියයක් සමූල ඝාතනය කිරීම පිළිබඳව සොයා බලන ලෙසත් ඉල්ලමින් ඔහු ඉකුත්දා පොලිසියට පැමිණිල්ලක් කළේය.

1990 වසරේ ජූනි මස 11 වැනිදින කොටි ත‍්‍රස්තවාදීන් විසින් නැගෙනහිර පළාතේ පොලිස් ස්ථාන වන කල්මුණේ, අක්කරපත්තුව, කලවංචිකුඩි, සමන්තුරේ සහ පොතුවිල් යන පොලිස් ස්ථානවල රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් හයසියයක් පමණ අත්අඩංගුවට ගෙන තිරික්කෝවිල් කැලෑවේදී වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කර තිබිණි. මර්වින් සිල්වා පොලිස් මූලස්ථානයෙන් ඉල්ලා ඇත්තේ අදාළ සිද්ධිය පිළිබඳව සොයා බලා නැවත නීති කටයුතු කරන ලෙසය.මාලබේ සයිටම් ගැටලූවට තවමත් නිශ්චිත විසඳුමක් නැත. ජනාධිපතිවරයා විටින් විට විවිධ ක‍්‍රියාමාර්ග ගනිමින් ඊට විසඳුම් ලබාදීමට උත්සාහයක නිරතව සිටියි. සයිටම් සිසුන්ගේ සහ රජයේ වෛද්‍ය සිසුන්ගේ මවුපියන් පිරිසක් ඉකුත්දා ජනාධිපති කාර්යාලයට කැඳවා සාකච්ඡාවක් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

එහිදී රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපියන්ගේ සංගමයේ නියෝජිතයකු දිගින් දිගටම ඉල්ලා සිටියේ සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත්කරන ලෙසයි. මෙම ඉල්ලීම ඉතා තදින් සිදුවෙද්දී කළයුතු ක‍්‍රමවේදය ගැන ජනාධිපතිවරයා මවුපියන්ට කරුණු පැහැදිලි කළේය. එහෙත් එක්තරා මහාචාර්යවරයෙක් ඊට එකඟ වූයේ නැත ‘‘තමුන් මහාචාර්යවරයෙකු නේද කියන දේ තෙරෙන්නේ නැත්තේ ඇයි. සයිටම් නිත්‍යානුකූලව පිහිටවූ ආයතනයක්. එකපාරට ඒක අහෝසි කරන්න බැහැ. නීති ක‍්‍රමවේදයක් තිබෙනවා. එහෙම අහෝසි කළොත් නීතිය ඉදිරියේ ආණ්ඩුවට වග කියන්න වේවි.

විශාල වන්දි මුදලක් ගෙවන්නත් වේවි. අනෙක අපේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පෞද්ගලික අධ්‍යාපනයපිළිගන්න එක. ඒක නීති ක්‍ෂේත‍්‍රයද වෛද්‍ය ක්‍ෂේත‍්‍රය ද එහෙමත් නැත්නම් වෙනත් ක්‍ෂේත‍්‍රයක්ද යන්න වැදගත් නැහැ. රටේ  ඕනෑම වයසක  ඕනෑම පුද්ගලයකුට පෞද්ගලිකව අධ්‍යාපනයක් ලබන්න හිමිකමක් තිබෙනවා’’ යැයි ජනාධිපතිවරයා තදින්පිළිතුරු දුන්නේය.

කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක චන්දන කත‍්‍රිආරච්චි ආසනය පුරා ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර තිබේ. ඔහු සඳහන් කරනුයේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ආසනය ජයග‍්‍රහණය කරවීම සඳහා තමන් උපරිම සහාය පළකරන බවය. ඒ අනුව ඉකුත්දා ඔහු පාක්‍ෂිකයන් හා කි‍්‍රයාකාරීන් පිරිසක් කැඳවා සාකච්ඡා කළ බවද ඒ සඳහා විශේෂ වැඩ පිළිවෙළක් සකස් කළ බවද චන්දන කත‍්‍රිආරච්චි සඳහන් කරයි.

තෙල් අර්බුදය අද පස්වරුව වන විට සම්පූර්ණයෙන්ම පාහේ නිමවනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථාව විශ්වාස පළකර තිබිණ. එහෙත් ගැටලූව එතැනින් නිම නොවී තවදුරටත් ඉදිරියට යනු ඇතැයි පැවසෙන්නේ ජනාධිපතිවරයා තද තීන්දුවක් ගෙන තිබෙන බවය. තෙල් අර්බුදයට ඉන්දියානු තෙල් සමාගම වගකිව යුතුයැයි පාර්ශ්වයක් ප‍්‍රකාශ කළේය. තවත් පාර්ශවයක් ඇඟිල්ල දිගු කර ඇත්තේ තෙල් සංස්ථාව වෙතය. කෙසේ වෙතත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ වගකිව යුත්තන් සොයාබලා තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමට ජනාධිපතිවරයා ස්ථිර තීන්දුවක් ගෙන තිබෙන බවයි.

 

(කස්තුරි)



අදහස් (2)

අයවැයෙන් රවී-මංගල පාරවල් දෙකක

anura Friday, 10 November 2017 01:06 PM

තරාතිරම නොබලා තමයි දඬුවම් දිය යුත්තේ, නමුත් එය කවදාවත් වෙලා නැහැ. කථාවට විතරයි !!!

:       1       8

sarath Friday, 10 November 2017 01:20 PM

ඇක්සියෝ එකක් ගන්න හිටියේ දැන් ගන්න වෙන්නේ වැස්සියෙක්... මංගලට පිං තමයි.

:       21       68

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 205 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 261 0

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 147 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 7633 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 182 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1292 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 799 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 529 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site