අපේ රටේ ආර්ථිකයේ හැසිරීම් රටාව තේරුම් ගැනීම පවා ඇතැම් විට අපහසුය. ආර්ථිකය බරපතළ ගැටලු රැසකින් පීඩා විඳිමින් සිටින බවත් ඒ ඇතැම් අසීරුතා මගහරවා ගැනීමට රජය සම්බන්ධව සිටින බවත් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ ප්‍රකාශවලින් හෙළි වෙයි. එය කෙසේ වුවද අඩුම තරමින් අයවැයෙන් වෙන් කෙරෙන සමස්ත මුදලින් සියයට 89ක ප්‍රගතිය පිළිබඳ තොරතුරු ලබාදීමට රජය අපොහොසත්ව සිටින බවද වාර්තා වී තිබේ. රටේ ආර්ථිකය හසුරුවන ආකාරය තේරුම් ගැනීම පවා ඇතැම් විට අපහසු බව අප සඳහන් කළේ මෙවැනි හේතු පදනම් කර ගනිමිනි.
රටේ ආර්ථිකය හැසිරවීම පිළිබඳ පිළිගත් විමර්ශන ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය මගින් කරනු ලැබූ සමීක්ෂණයකින් මේ තොරතුරු හෙළිවී තිබේ. එම ආයතන මගින් පසුගියදා පැවැත්වූ එම සමීක්ෂණය පිළිබඳ කරුණු හෙළිදරව් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර තිබුණේ එහි ජ්‍යෙෂ්ඨ පර් යේෂක විශ්ලේෂකයකු වන සුරේනි වීරතුංග මහත්මිය විසිනි. එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ අයවැය වර්ෂයේ අවසානය වනවිට සම්පූර්ණයෙන් ඉටුකර ඇත්තේ පොරොන්දුවලින් පහෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බව ය.
මෙවන් අතපසුවීම් සිදුවන රටක් ආර්ථික වශයෙන් බංකොලොත්වීම පිළිබඳව පුදුම විය යුතුද? අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදිහත්වීම හෝ ක්‍රියාමාර්ග ගැනීමට හෝ රජය කටයුතු නොකිරීමෙන් අයවැය පොරොන්දු හුදෙක් සුරංගනා කතා බවට පමණක් සීමා වී තිබෙන බවද වීරතුංග මහත්මිය සඳහන් කළාය. එම කතාව කාලයක් මුළුල්ලේ මෙරට සිටින සුප්‍රකට ආර්ථික විශ්ලේෂකයන් කිහිප දෙනකු සහ විශ්වවිද්‍යාල ප්‍රජාවේ ආර්ථික විශ්ලේෂකයන් පිරිසක්ද මීට පෙර වරින් වර ප්‍රකාශ කර තිබිණි. එහෙත් එය සත්‍යයක් වශයෙන් පිළිගැනීමට මැලිවන ආර්ථිකය හසුරුවන දේශපාලනඥයන් බොහෝ දුරට කළේ එම තොරතුරු නොසලකා ක්‍රියා කිරීමය. එහි ප්‍රතිඵල ‘‘පොලියත්’’ සමග අරගලයක ආකාරයෙන් පුපුරා යන විට රට දැඩි ආර්ථික සහ සමාජ අර්බුදයක ගිලීගොස් තිබිණි. තවමත් ඇතැම් දේශපාලනඥයන් සිදු කරන්නේ එකී ආර්ථික සහ සමාජ අර්බුදය නිර්මාණයවීමට සැබෑ හේතුව වන ‘‘සුරංගනා කතා දේශපාලනය’’නිවැරදි කර ගැනීමට කටයුතු කිරීම නොව එම පුපුරා යාම දෙකේ කොළේට දමා තමන්ගේ වැරදි වසා ගැනීමට ක්‍රියා කිරීමයි.
ආර්ථිකයේ හැසිරීම සැබෑ ලෙසම නිවැරදි කර ගැනීමට කටයුතු කර තිබුණේ නම් මෙවර අයවැය යෝජනාවලින් පහෙන් එකක්වත් ඉටුකර ගැනීමට නොහැකිවීම සහ අයවැයට වෙන්කළ සමස්ත මුදලින් සියයට 89 ක ප්‍රගතිය පිළිබඳ තොරතුරු ලබාදීමට අපොහොසත්වීම වැනි තත්වය උද්ගතවිය නොහැක. මෙවැනි සැබෑ තොරතුරු අනාවරණය වනු දැකීමට බොහොමයක් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන් අකැමැති වන්නේ එය තමන්ගේ නොහැකියාව පෙන්නුම් කරන සාධකයක් බැවිනි. ඔවුන් බොහෝ විට සිදු කරන්නේ මේ තොරතුරු හෙළි කරන ආර්ථික විශ්ලේෂකයන්ට සහ ආයතනවලට ගැරහීමයි. එය ගැටලුව විසඳීමට නොව එය තවත් සංකීර්ණ කිරීමට හේතුවන බව ඔවුන් නොදන්නවා විය නොහැක.
මෙරට මුදල් හසුරුවීමේ වගකීම බාර මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් මේ සම්බන්ධයෙන් පවසන කරුණු දැනගැනීමට ද මෙරට ජනතාවට අයිතියක් තිබේ. එය කරුණු පැහැදිලි කිරීමට වඩා එහාට ගිය සිදුවී ඇති සැබෑ තත්වය විග්‍රහ කිරීමක් වීම ද අවශ්‍යය. මේ රටේ සාමාන්‍ය ජනතාවට තේරුම් ගත නොහැකි ආකාරයේ බර වචන යොදාගෙන කරන කරුණු පැහැදිලි කිරීම්වලින් වැඩක් නැත. අවශ්‍ය වන්නේ රටේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට වෙන්කළ මුදලට සිදුවූයේ කුමක්දැයි හෙළි කිරීමයි. තමන්ගේ බදු මුදල් මේ ආකාරයට වාෂ්පවීමට හේතු දැන ගැනීම රටේ බොහෝ බදු ගෙවන පොදු මහජනතාවගේ අයිතියක් බව ද ආණ්ඩුව දැන සිටිය යුතු ය.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයවැයෙන් වූ දේ දැනගැනීම ජනතාවගේ අයිතියක්