IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අල්ලන මත්කුඩුවලට මොකද වෙන්නේ?

DRUGS_P12

 

මේ වසරේ පසුගිය මාස දෙක තුනක කාලය තුළ අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 150කට ආසන්නය. මේ මත්කුඩුවලට සිදුවූයේ කුමක්ද? මත්කුඩු අත්අඩංගුවට ගන්නා ලද කාලය තුළ ඒ පිළිබඳව මහත් විශාල මතවාද ඇති වුවත් කාලයත් සමඟ ඒ මතකය ජනතා සිත් තුළින් ඉවත්ව යයි. සියල්ලක් පිළිබඳව තත්ත්වය එය වුවත් මෙසේ අල්ලා ගන්නා ලද මත්කුඩුවලට සිදුවන්නේ කුමක්ද?


උසාවිය තීන්දු කිරීමෙන් පසු මත්ද්‍රව්‍ය විනාශ කිරීම බොහෝ විට සිදුවේ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාව අතර මුලින්ම පැවැතියේ රා සහ අරක්කුය. අබිං හා ගංජා ද ඒ අතරට එක්විය. මධුවිත පාවිච්චිය පිළිබඳව රජ කාලයේ සිටම තොරතුරු වාර්තා වේ. පසු කාලීනව විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය පරිහරණය සිදුවිය. දැන් මෙරටට පැමිණෙන මත්ද්‍රව්‍ය වර්ග පිළිබඳව කිසිවකුට නිශ්චිත අදහසක් ඉදිරිපත් කළ නොහැකි තරම්ය.


 2014 වර්ෂයේදී මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳව අත්අඩංගුවට ගෙන සිටි සංඛ්‍යාව 67000 ක් බව වාර්තා වේ. සංචාරක ව්‍යාපාරය ද කිසියම් ප්‍රමාණයකට මත්ද්‍රව්‍ය සඳහා බලපෑම් සිදුකරන බව කියති. විදේශිකයන් 129 ක් ශ්‍රී ලංකාවේදී මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබිණි.


මේ වසර තුළ මත්කුඩු, මත්පෙති අතිවිශාල ප්‍රමාණයක් වගකිව යුත්තන් විසින් අවස්ථා ගණනාවකදී අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. බන්ධනාගාර නිල ඇඳුමේ, පාවහන් තුළ කේරළ ගංජා ග්‍රැම් 15 ක් හා මිලි ග්‍රැම් 700 ක ප්‍රමාණයක් සඟවා ගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබිණි. 


වැල්ලම්පිටිය හා ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශවල කරන ලද වැටලීම්වලදී කෝටි 1 1/2 ක් පමණ වටිනා කිලෝ 1 යි ග්‍රෑම් 50 ක් පමණ වූ හෙරොයින් මත්කුඩු අත්අඩංගුවට ගෙන තිබිණි.


 ඉන්පසුව කෝටි 6 ක පමණ වටිනාකම ඇති හෙරොයින් තොගයක් සහිතව මීගමුවේදී පාකිස්තානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත. කොකේන් ග්‍රෑම් 220 ක් හා මිලිග්‍රෑම් 700 ක් සමඟ රාගමදී නයිජීරියානු ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබිණි.


සුපිරි රියක තිබී කෝටි හතරක වටිනාකම ඇති කේරළ ගංජා තොගයක් නවගත්තේගමදී අත්අඩංගුවට ගෙන තිබිණි. ශ්‍රී ලංකා මුහුදු තීරයේදී පරීක්ෂාවට ලක් කළ ඉරාන නැවක තිබී පාර්සල් 100ක මත්ද්‍රව්‍ය කිලෝ 110 ක් සොයාගෙන ඇත.


 මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය තොග දෙකක් අල්ලා ගැනීම විශේෂ සිද්ධියකි. ඒ සීනි ගෙන්වන ලද කන්ටේනර්වල තිබී අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්ය. එකම සමාගමක් මඟින් ගෙන්වන ලද සීනි කන්ටේනර් තුළ මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් සිදු කළ පරීක්ෂණයකදී සීනි ඇතුළත් කන්ටේනරයක සඟවන ලද මලු තුනක කොකේන් කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් සඟවා තිබී සොයා ගන්නා ලදී.
 දෙවැනි කොකේන් තොගය කෝටි 500 ක වටිනාකමින් යුක්තය. අත්අඩංගුවට ගන්නා ලද කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 301 ග්‍රැම් 235 කි.
 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් කරන ලද මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.


 පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ප්‍රකාශ කරන ආකාරයට සීනි ගෙන්වන එක්තරා ආයතනයක් මඟින් දකුණු ඇමෙරිකාවෙන් ගෙන්වන ලද සීනි කන්ටේනර් තුළ මෙම මත්ද්‍රව්‍ය ගබඩා කර තිබී ඇත.


 පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සඳහන් කරනු ලබන ආකාරයට මෙම අත්අඩංගුවට ගන්නා ලද සියලු මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට බාර දෙනු ලබයි. එසේ බාර දීමෙන් පසු රස පරීක්ෂක වාර්තාව ලබාදෙන තුරු පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට නොහැකි වේ.


 මීට වසර ගණනාවකට පෙර පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරන ලද මත්කුඩු යැයි සඳහන් කරනු ලබන කුඩු වර්ගයක් තිරිඟු පිටි බවට නිර්දේශ වීමේ රාවයක් පැවැති අතර එවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් යම් පරීක්ෂණයක් පවත්වනු ලබන බව කියවේ. මත්කුඩු සාම්පලයක් කුඩා වීදුරු නළයකට දමා එයට යම් රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කිරීමේදී ඇතිවන පැහැයෙන් සැබෑ මත්කුඩුද නැද්ද යන්න අවබෝධ කරගැනීමට හැකියාව හිමි වේ. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවනු ලබන මත්කුඩුවල සැබැවින්ම අඩංගු මත්කුඩු ප්‍රමාණය පරීක්ෂා කිරීම එහිදී සිදුකෙරේ.


 උදාහරණයක් වශයෙන් ගතහොත් මිරිස් කුඩු අලෙවි කිරීමේදී වැඩි ලාභයක් ගැනීමට ඇතැම් ව්‍යාපාරිකයන් පාන් පිටි කවලම් කරන බවට ප්‍රචාරයක් ඇත. මිරිස් කුඩු නිසි ලෙස පරීක්ෂා කිරීමේදී එක පැකැට්ටුවක ඇති සැබෑ මිරිස්කුඩු ප්‍රමාණය සියයට 40 ක් හෝ 60 ක් විය හැකිය. ඒ ආකාරයට මත්කුඩු ග්‍රැම් 500 ක් තුළට විවිධ කුඩුවර්ග කවලම් කර වැඩි ලාභයක් ලබා ගැනීමට එම ව්‍යාපාරිකයන් හා ඊට සම්බන්ධ වූවන් ක්‍රියාකරන බව සඳහන් වේ. ඒ ආකාරයට අල්ලා ගනු ලබන මත්කුඩු තොගයම සියයට සීයක්ම මත්කුඩු අන්තර්ගත නොවන බව විශ්වාස කෙරේ.  බොහෝ විට මෙලෙස අල්ලා ගනු ලබන මත්කුඩුවල සැබෑ මත්කුඩු ඇත්තේ සියයට 40 ක් 50 ක් තරම් ප්‍රමාණයක් විය හැකිය.


 ව්‍යාපාරය වැඩිදියුණු කර ගැනීමටත්, ආදායම වැඩිකර ගැනීමටත් මත්කුඩුවලට විවිධ ද්‍රව්‍ය කවලම් කිරීම සිදුවන බව කියති.


 මත්කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවෝ මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවට බරපතළ චෝදනාවක් පවතී. ඒ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරනුයේ විමර්ශන කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බවයි.


 විමර්ශන කටයුතු විධිමත් කර ගැනීමටත්, සැකකරුවන් පිළිබඳව පැහැදිලි තීන්දුවක් ගැනීමටත් නොහැකි වී ඇති කරුණු ගණනාවක් පවතින බවද වාර්තා වේ.


 සීනි ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කළ අවස්ථාවේ සිට සීනි තොගය මෙරටට පැමිණීම දක්වා වූ කාලය තුළ බාහිර පුද්ගලයකුට මෙම මත්ද්‍රව්‍ය තොගය කන්ටේනරය ඇතුළට දැමීමට ඇති හැකියාව පිළිබඳව දැන් ප්‍රබල ලෙස අවධානයට ලක්වී ඇත.


සීනි මෙරටට ගෙන්වීම සඳහා බාර දෙනු ලබන්නේ නියෝජිතවරයකුටය. මෙරට ව්‍යාපාරිකයා ඒ සඳහා අදාළ ගනුදෙනු සියල්ල සිදුකරනු ලබන්නේ එම නියෝජිතයා මඟින්ය. කන්ටේනරයට සීනි පැටවීමේදී සිදුවන දේ පිළිබඳව වගකිව යුතු වන්නේ කවරෙක්ද යන ගැටලුව උද්ගත වී ඇති බව දැනගන්නට ඇත.


පළමු කන්ටේනරය තුළ සීනි ගබඩා කිරීමේදී කොකේන් තොගය ඉතා සුරක්ෂිත ලෙස තැන්පත් කර තිබූ බව කියති. එහෙත් දෙවැනි කොකේන් තොගය සීනි කන්ටේනරයේ බහා තිබුණේ අපිළිවෙළකට වීම පරීක්ෂණ කටයුතුවලදී අවධානයට ලක්වී ඇති බව කියති.


කොකේන් අඩංගු පාර්සල් කිසිවකු විසින් හදිසියේ සීනි කන්ටේනරයට ඔබනු ලැබ ඇති ආකාරය දිස්වීමෙන් පරීක්ෂණ කටයුතු වෙනස් මුහුණුවරක් ගෙන ඇති බවක් දැනගන්නට ඇත.


 මේ වන විට සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවේ සිටින පුද්ගලයන් තිදෙනෙක් පසුගිය 9 වැනිදා උසාවියට ඉදිරිපත් කරන ලද අතර ඔවුන්ට ඇප ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප කර තිබිණි. විමර්ශන කටයුතු අවසන් නොමැති නිසාත්, පවත්වාගෙන යන විමර්ශන කටයුතුවලට බාධා නොවීම සඳහාත් සැකකරුට ඇපදීම ගැන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අධිකරණය හමුවේ විරෝධය දක්වා තිබිණි.


 “ඉරිදා ලංකාදීප”යට දැන ගන්නට ඇති පරිදි සීනි තොගය ගෙන්වන ලද සමාගම සිය නියෝජිතයා සමඟ පමණක් දුරකථන සම්බන්ධතා පවත්වා ඇත. අඩු වශයෙන් සීනි තොගය කන්ටේනරයට පැටවීම සම්බන්ධ කිසිම ගනුදෙනුවකට මෙම සැකකරුවන් සම්බන්ධ බවට මෙතෙක් අදාළ අංශවලට තොරතුරු හෙළිවී නැති බවද දැනගන්නට ඇත.


 විමර්ශන විධිමත්ව සිදු නොවීමට තවත් හේතුවක් ලෙස දේශපාලන බලපෑමක් පිළිබඳවද දැනගන්නට ලැබී ඇත. 


මෙම කොකේන් මත්ද්‍රව්‍ය පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කිසිම නිලධාරියකු සිය නමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමද විශේෂිතය. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කිසිම නිලධාරියකු පිළිතුරු සැපයීමට ඉදිරිපත් නොවුණ බවද සඳහන් කළ යුතු වේ.


 

දෙවැනි කොකේන් සිද්ධියේ පරීක්ෂණ තවමත් අවසන් නෑ

 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ  කමල් සිල්වා

 

දෙවැනි වර කොකේන් විශාල තොගයක් ගෙන ඒමට අදාළ පරීක්ෂණ කටයුතු තවමත් අවසන් වී නොමැති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ කමල් සිල්වා මහතා කීය.


ප්‍රශ්නය:- තවම කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත්තේ?
පිළිතුර:-
එහෙම අත්අඩංගුවට ගන්න බැහැ. අපිට විධිමත් සාක්ෂි ලැබෙන්න අවශ්‍යයි. එහෙම නැතිව කිසිම කෙනෙක් අත්අඩංගුවට ගන්න මම සූදානම් නැහැ. හරියාකාර සාක්ෂි ලබාගන්න විමර්ශන කටයුතු සිදුවෙනවා.


ප්‍රශ්නය:- පරීක්ෂණ කටයුතුවලට බාධා කරන අයත් ඉන්නවද?
පිළිතුර:-
මේ වගේ සිදුවීම් පිළිබඳව වසර 3, 4 වගේ කාලයක් විමර්ශනය කිරීමට සිදුවන අවස්ථාවත් තියෙනවා. මේ තරම් විශාල ප්‍රමාණයක් ලේසි පහසු පුද්ගලයකුට ගෙන්වන්න බැහැනේ. ඒ නිසා සියුම්ව පරීක්ෂණ කරන්න ඕනෑ. අපිට කාගෙවත් බලපෑම් නැහැ. බලපෑමකට යට වෙන්නෙත් නැහැ.

m

 

 



අදහස් (0)

අල්ලන මත්කුඩුවලට මොකද වෙන්නේ?

රූපවතී Tuesday, 16 August 2016 08:47 PM

මම නම් එකහෙළාම ඇඟිල්ල දිගුකරන්නේ අර සියල්ලම මතක නැති, ප්‍රසිද්ධ, දියවන්නාවෙත් අයිතිය තියෙන අයට (නි)

:       0       0

කපිල Sunday, 21 August 2016 04:11 PM

කොහොමත් හාල්මැස්සෝ විතරනේ අහුවෙන්නේ.තෝරු මෝරු අල්ලන්න නීතියේ දැල් ශක්තිමත් නෑ.අනික පොලිසියේ දේශපාලනයේ නීතියේ සිටින තල්මසුන්ගේ රැකවරණය මේ තෝරු මෝරුන්ට නිසැකවම ලැබෙනවා.(රේ)

:       0       0

මාලක Monday, 15 August 2016 11:11 AM

හොඳම විදිහ තමයි, තමාගේ දරුවන් මෙවැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම ගැන තමාට දැන්නෙන්නේ කොහොමද කියා සිතා බැලීම. අපේ රටේ කිසිම දෙයක් නිසියාකාරව කල නොහැක්කේ සම්පත් අඩුපාඩුව වගේම දේශපාලනික ඇඟිලිගැසීම් නිසයි (හේ)

:       0       0

ප්‍රදීප් Thursday, 18 August 2016 07:50 AM

කාටවත් ඇඟිල්ල දික්කරන්න ඕනෑ නැහැ. රේගුව, පොලිසිය, සුරාබදු, මත්ද්‍රව්‍ය නිවාරණ සහ අනෙකුත් ඊට සම්බන්ධ අය අවංකවම රාජකාරිය කරනවා නම් උසාවියට වැරදි තීන්දු දෙන්න බැහැ අපරාධකාරයෝ එළියට දාන්න. අනිත් එක මේවට නව තාක්ෂණය භාවිතා කරන්න ඕනෑ සියලු දෙනාටම විනිවිදව දකින්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 27 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 14 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 842 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 106 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 149 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 388 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site