එළැඹෙන්නේ උත්සව සමයයි. පරිසරය වසන්ත සිරියෙන් ඇළලී තිබුණ ද මිනිස් ජීවිත ගිම්හානයට හසුවූ පරඬැල් බඳුය. ඒ ආර්ථික ප්‍රශ්න හේතුකොට ගෙනය. එහෙත් දරු පැටවුන්ට අලුත් ඇඳුමක් පැළඳුමක් රැගෙන දී රස මසවුලෙන් සිත කය සනසා අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේ නොතින් ආශාවෙන් ඒ සිත් සතන් පිරි ඉතිරී ගොස්ය. ඒ අපේක්ෂාවන් ජීවමාන යථාර්ථයක් බවට පත්කර ගැනීම ඒ ජනතාවට සිහිනයක් නොවිය යුතුය යන්න අපගේ අපේක්ෂාවය.
අවුරුදු සමය උත්සවශ්‍රීයෙන් ගෙවා දැමීමට නොපිරූ පෙරුම් පුරමින් සිටින ජනතා බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් පුවතක් වාර්තා කිරීමට ලැබීම අපට ද ප්‍රීතිමත් අවස්ථාවකි. අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ආනයනික සහල් සහ ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉකුත් 27 වැනිදා සිට පහළ දැමීමට රජය පියවර ගෙන ඇති බවය.
ඒ අනුව ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65ක විශේෂ වෙෙළඳ භාණ්ඩ බද්ද ඉකුත් 27 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා රුපියලක් දක්වා ද ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අප්‍රේල් 30 වැනිදා දක්වා රුපියල් 10ක් ද දක්වා අඩු කර ඇත.
මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට පහසු මිලට සහල් සහ ලූනු මිල දී ගැනීමේ අවස්ථාව දීම සහ එම භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳ පොළ තුළ පවත්වා ගැනීම මෙම බදු අඩු කිරීමෙන් බලාපොරොත්තු වන බවය.
රජයේ මෙම තීරණය ඉතා කාලෝචිත මෙන්ම පැසසුම් කටයුතුය. උහුලාගත නොහැකි බඩු මිලෙන් පීඩාවට පත්ව සිටින ජනයාට අස්වැසිල්ලකි. ගතවෙන තත්පරයක් තත්පරයක් පාසා ජනතාව අපේක්ෂා කරනුයේ සහනම වේ. ප්‍රශ්න එපමණටම බරපතළය. එම ජනයාට මෙම ප්‍රවෘත්තිය ශුභාරංචියක්ය.
ශ්‍රී ලංකාව යනු සෑම විකෘතියකම ආකෘතියක් බවට පත් වූ රටකි. ඒ බව ඔප්පු වූ වාර ගණන අනන්තය, අප්‍රමාණය. බදු පැනවීමේ මෙන්ම බදු අඩු කිරීම් හා බදු ඉවත් කිරීමේ බොහෝ අවස්ථා එයට නිදසුන්ය. සීනිබදු ඉවත් කිරීම, සුදු ලූනු බදු ඉවත් කිරීම අවසානයේ දී නාමකරණය වූයේ සීනි බදු වංචාව, සුදු ලූනු බදු වංචාව යනුවෙනි.
බදු ඉවත් කිරීමෙන් හා බදු අඩු කිරීමෙන් රජයක් බලාපොරොත්තු වන්නේ එමගින් ජනතාවට සහනයක් සැලසීමය. බදු එසේ අඩු කිරීමේ වාසිය ව්‍යාපාරික ප්‍රජාව විසින් ජනතාවට ලබාදෙනු ඇතැයි රජය සිතයි. එහෙත් සෑම විටෙකම එය එසේ නොවේ. ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළත් මහ බලගතු මාෆියාවක් ක්‍රියාත්මක වේ. ඔවුන්ට පළමුවැන්න පමණක් නොව දෙවැන්න හා තෙවැන්න ද ලාබයම වේ. ජනතාවගේ බොටුව මිරිකා, සිරකර හෝ තම මඩිය තරකර ගැනීමට ඔවුහු කටයුතු කරති.
රජය ජනතාවට දෙන යම් හෝ සහනයක් ජනතාව අතට නොයා තමන් සතු කර ගැනීමට මාෆියා කල්ලි සමත් වන්නේ එම ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි විමසා බැලෙන පසු විපරමක් නොමැති හෙයිනි. මෙම උත්සව සමයේදීවත් එම පසු විපරම සක්‍රීය තලයේ තබා ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය. අහිංසක ජනයා කෙරෙහි සානුකම්පිතව එම වගකීම ඉටු කළ යුතුය.
(***)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අවුරුදු උත්සව සමයේ ජනතා පැතුම් ඉටුකරමු