සියලු ලක්වාසීන් එක්ව සැමරූ සිංහල - දෙමළ අලුත් අවුරුද්ද නිමාවට පත්ව තිබේ. මෙතැන් සිට ඉඩ හසර වෙන්වන්නේ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැතූ ප්‍රාර්ථනා ජීවමාන යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා වන මහා ක්‍රියාන්විතය වෙනුවෙන්ය.
අප හැමදාමත් අවධාරණය කළ ප්‍රධාන කාරණයක් වූයේ පැතුම් ප්‍රාර්ථනාවලට පමණක් කිසිවක්ම කළ නොහැකි බවය. ඒ වෙනුවෙන් මනා සාමූහික විචාර බුද්ධියකින් යුතුව ක්‍රියාත්මක විය යුතු බවය. ඉතිහාසයේ ගෙවා ආ දවස්වලදී අප ඒ වෙනුවෙන් කැප වූයේ නම් 75 වසරක ශාපයක් සම්බන්ධ ආඩපාලි වෙනුවෙන් ඉඩක් වෙන් කිරීමට සිදු නොවනු ඇත. ‘‘ඉතිහාසය විසින් මග දමා ආ හැම දෙයක්ම වර්තමානයට බර වැඩි” යැයි කියැවෙන්නේ එහෙයිනි.
අලුත් අවුරුදු නිමාවෙන් පසුව ප්‍රවෘත්තිවලදී වැඩිම ඉඩක් වෙන් වී තිබෙන්නේ රිය අනතුරු සම්බන්ධයෙනි. මාර්ග විනය සම්බන්ධයෙන් මෙලෝ අවධානයක් හා අවබෝධයක් නොතිබීමේ තාර්කික ප්‍රතිඵලය වී තිබෙන්නේ මහ මග යකඩ තහඩු කඳන් අතරේ සිරවී ඇඹරී මියගිය පුරවැසියන් සම්බන්ධයෙන් සංවේගයට පත්වීමටය. සදාකාලික ආබාධිත භාවයට පත්වූවන් සම්බන්ධයෙන් දුක්වීමටය. මත්පැනින් ආතුරව ඇතිකර ගත් ගැටුම් පිළිබඳව කතා කිරීමටය. ගිනි කෙළි හරඹවලින් හදිසි අනතුරුවලට ලක්වූවන් ගැන කම්පාවීමටය.
බොහෝ ප්‍රීතිප්‍රමෝදයෙන් යුතුව සැමරිය යුතු මහා සංස්කෘතික මංගල්‍යයක් අවමංගල්‍යයක් බවට පත්කර ගැනීම තරමට අපි සංස්කෘතික දරිද්‍රතාවෙන් පෙළෙමු.
ගෙවුණු පැරණි වසරේ සැලකිය යුතු දින ප්‍රමාණයක් ‘‘ඉල්ලීම් දිනා ගනු පිණිස ’’ වෙන් විය. ඒ වෙනුවෙන් මහා උද්ඝෝෂණ සමස්ත මහා වැඩ වර්ජන ආදී විවිධ මාදිලියේ ක්‍රියා මාර්ග ගනු දැකිය හැකිය. මෙම මොහොතේද එම අනතුර පහව ගොස් නැත. වැඩ කරන දින වැඩිකර ගැනීමෙන් විනා වැඩ වර්ජන කිරීමෙන් රටට ජයග්‍රහණ ගෙන ආ නොහැකි බව ඒකාන්ත වශයෙන්ම ඔප්පු වී තිබියදීත් අප ගමන් කරමින් සිටියේ පරාජය හා විනාශයටය.
කිසිදු සමාජයක කිසිදු පුද්ගලයකුට තනි තනිව විමුක්තියක් නිර්මාණය කරගත නොහැකිය. අලුත් අවුරුද්දට අදාළව අප පැතූ කිසිදු පෞද්ගලික ප්‍රාර්ථනාවක් යථාර්ථයක් බවට පත්කර ගැනීමට ඉඩක් නැත. යස ඉසුරෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් සම්බන්ධ අපේක්ෂා ඉටු කරගත හැකි වන්නේ.‘‘යස ඉසුරෙන් පිරුණ ප්‍රීතිමත් රටක්’’ තුළ පමණි.
දරිද්‍රතාවේ පත්ලට වැටී අර්බුද සුළියක සිරවී ඇති රටක් තුළ පෞද්ගලික ජීවන අපේක්ෂාවන් හිස් සුසුමක් පමණි. එය වූ කලී කොහොඹ කොළයකින් පැණි රසයක් බලාපොරොත්තු වීමකට සමානය. ගස කොහොඹ බව සැබෑ නම් කොළය කොහොඹ බව සැබෑ නම් අපේක්ෂා කළ යුතු එකම රසය වන්නේ ‘තිත්ත’ රසයම පමණි.
බිඳවැටුණු රටක පෞද්ගලික අභිමතාර්ථ සඵල කරගත නොහැකි නම් විසඳුම වන්නේ පෞද්ගලික අභිමතාර්ථ සඵල කරගත හැකි හැකියාවක් සහිත රටක් නිර්මාණය කර ගැනීමය. එබඳු රටක් බලාපොරොත්තුවලින් පමණක්ම බිහි නොවේ. එමෙන්ම ඉල්ලීම් හෙවත් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කිරීමෙන් පමණක් එබඳු රටක් බිහි නොවේ. කළ යුතු වන්නේ අයිතිවාසිකම්වලට යොමු කරන අවධානයම යුතුකම් සඳහා ද යොමු කිරීමය. අප රට තුළ අයිතිවාසිකම් සම්බන්ධ අවධානය සමග සැසැඳීමේදී යුතුකම් තිබෙන්නේ ගව්ගණනක් පහළිනි.
අප සියල්ලන්ටම අවශ්‍යවන්නේ මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්විය හැකි රටකි. මේ රට යනු ඒ හැකියා සම්පත්තියෙන් ඉතා පොහොසත් රටකි. ප්‍රමාණයෙන් කුඩා වුවද ආධ්‍යාත්මයෙන් මහා විශාල රටකි. ඕනෑ අභියෝගයක් ජයගත හැකි ප්‍රඥාවෙන් පිරිපුන් මානව සම්පත්තියෙන් හෙබි රටකි.
‘‘අලියාගේ තරම අලියා නොදන්නාසේම අප රට සතු හැකියාව හා සම්පත් සම්බන්ධයෙන් අනවබෝධයෙන් පැමිණීමේ තාර්කික ඉම ‘සතුට අහිමි වූ රටක්’ බිහිවීමය. විනාශය විනෝදයක් කර නොගෙන යථාර්ථය තේරුම් ගනිමින් කටයුතු කරන්නේ නම් ලැබූවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබ හා ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් බවට පත්වීම ඒකාන්තය.
(***)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අවුරුදු කාලය නිමයි: කැපවී වැඩ කර ජය ගනිමු