IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ආගමික සංහිඳියාව වනසන නරුමයෝ

කරන්න වැඩක් නැත්නම් මගෝඩි වැඩක් හෝ කර ලකුණු දමාගැනීමට පෙළඹෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ රටේ සිටිති. මීට පෙරද එවැනි මන්ත්‍රීවරු සිටියහ. කාලෙන් කාලයට මාධ්‍ය සංදර්ශන මවා තමන්ට ඡන්දය දෙන ජනතාව ඉදිරියේ වීරයකු මෙන් පෙනී සිටින මේ ඇතැම් මන්ත්‍රීවරු ඒ ඇසුරින් මුදල් හම්බ කිරීම්ද කරති. හැම එකකින්ම ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ දේශපාලන ගමනට ලකුණු එකතු කර ගන්නා අතරේම ගාණක්ද කපා ගැනීමය.

උතුරේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකු වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ද වැටෙන්නේ ඉහත කී ගණයට බව කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ. කාලයක සිට තමන් නායකත්වය දෙන උතුරේ දමිළ ජනතාවගේ අවශ්‍යතා ඉටුකර දීමට වඩා ජාතික, ආගමික සංහිඳියාවට හානිදායක වන අයුරින් කටයුතු කරමින් ලාබ ගණයේ දේශපාලන චරිතයකට පණපෙවීමට උත්සාහ දරමින් ඔහු මේ බව පෙන්නුම් කරමින් සිටී. එහි අලු‍ත්ම රංගනය පසුගියදා පලාලි හිදී රඟ දැක්විණි.

පලාලි කන්කසන්තුරේ කලෙයි මගල් පාරේ පිහිටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිට පසුගිය ඇසළ පොහොය දා ආගමික වතාවත්වලට බාධා කරමින් ගජේන්ද්‍ර කුමාර් මන්ත්‍රීවරයා කුඩා පිරිසක් ද පිරිවරාගෙන විරෝධතාවක් ආරම්භ කර තිබුණේ ඊට පෙර දිනය වූ 2 වැනිදා පටන්ය. තිස්ස රජමහා විහාරය ඉදිකර ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ ඉඩම් කොටස්ද අල්ලා ගනිමින් බවට චෝදනා කරමින් ඔහු මේ විරෝධතාව පැවැත්වීමේ අරමුණ වී තිබුණේ එම විහාරයේ සිදුකෙරෙන පොහෝ දින පින්කම්වලට සිතාමතා බාධා කිරීම බව පැහැදිලිව පෙනිණි. ඉඩකඩම් පිළිබඳ ගැටලු‍වක් පවතී නම් එය විසඳාගත යුත්තේ නීති මාර්ගයෙනි. එහෙත් ආගමික කටයුතුවලට බාධා කිරීමට පිරිසකුත් රැගෙන පැමිණීමෙන් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා උත්සාහ දරන්නේ උතුරේ දමිළ ජනතාව පළිහක් සේ යොදවමින් තමන්ගේ බාල ගණයේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට මිස වෙන කිසිවක් නොවේ. ඒ බව ඔහුගේ මෑත කාලීන උද්ඝෝෂණ ගණනාවකදීම පැහැදිලි විය.

පසුගිය පෙබරවාරි මාසයේදී අධිකරණ නියෝග කඩ කරමින් පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්විය. එසේම උතුරේත් නැගෙනහිරත් විහාරස්ථානවල ආගමික කටයුතුවලට බාධා වන සේ අවස්ථා ගණනාවකදීම ක්‍රියා කළ මේ මන්ත්‍රීවරයා වෙසක් - පොසොන් දිනවලදී සංවිධානය කෙරුණු ආගමික වැඩසටහන් ගණනාවකට බාධා කළේය. මැයි මාසයේ 15 වැනිදා

ත්‍රිකුණාමලේ මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට ඔහු තම ආධාරකරුවන් පිරිසක්ද සමඟ ඇති කළ විරෝධය හේතුවෙන් 270 වැනි උපසම්පදා විනය කර්මය සැමරීමේ උත්සවය අවලංගු කිරීමට සිදුවිය. එම උත්සවය සඳහා එතෙරින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක්ද මේ නිසා දැඩි ලෙස අපහසුතාවට පත්වූහ. එහිදී ඇති වූ ආගමික නොසන්සුන්කම මැඩපවත්වා ප්‍රදේශයේ සාමය ඇති කිරීමට පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කිරීම හේතුවෙන් සිදුවීමට ඉඩ තිබූ මහා ව්‍යසනයකට තිත තැබිණි.

උතුරේත් නැගෙනහිරත් පන්සල්, පල්ලි තිබෙනවා සේම රටේ සෙසු පළාත්වල හින්දු කෝවිල් ද පිහිටා තිබේ. එම කෝවිල්වල ආගමික කටයුතු ක්‍රියාවට නැංවෙද්දී කිසි කලෙකත් දකුණේ මන්ත්‍රීවරුන් හෝ ජනතාව හෝ ඒවාට විරෝධය දක්වන්නේ නැත. බොහෝ විට සිදුවන්නේ හින්දු කෝවිල්වල වාර්ෂික ආගමික උත්සව සඳහා සියලු‍ දෙනාගේ සහයෝගය ලැබීමය. එසේම යුරෝපයේත් බටහිර රටවලත් පන්සල්, පල්ලි පමණක් නොව හින්දු කෝවිල්ද පිහිටුවා තිබේ. ඒ සඳහා ඉඩකඩම් ලබා දී ඇත්තේ ඒ ඒ රටවල ආණ්ඩු මගිනි. එම විහාරස්ථාන, පල්ලි සහ හින්දු කෝවිල්වල ආගමික කටයුතු සිදුවන විට ගජේන්ද්‍ර කුමාර්ලා හෝ ඔවුන්ගේ හෙංචයියන් හෝ ඒවා ඉදිරිපිට විරෝධතා දක්වන්නේ නැත. එසේ නම් මේ රටේ පමණක් උතුරේත් නැගෙනහිරත් විහාරස්ථාන ඉදිරිපිට මේ ආකාරයට විරෝධතා දක්වන්නේ ඇයි? ඒ පසුපස ඇත්ගේ ගඳගසන ජරා ජීර්ණ පටු දේශපාලන අභිමතාර්ථ සපුරා ගැනීමේ පවිටු චේතනාවක් බව පැහැදිලිය. ආගමික සංහිඳියාවට බාධා කරන මෙවැනි ක්‍රියා මුළුමනින්ම හෙළා දැකිය යුතුය. මෙය දේශපාලනය කිරීමක් නොව ආගමික හැඟීම් අවුස්සා සිදු කරන ත්‍රස්තවාදයට අත වැනීමකි. මෙවැනි ක්‍රියා කළ හැක්කේ දේශපාලන නරුමයන්ට පමණි.

(***)



අදහස් (3)

ආගමික සංහිඳියාව වනසන නරුමයෝ

මැක්ස් Saturday, 08 July 2023 04:00 PM

මෙවැනි නරුමයින්ට පණ ආවේ කුප්‍රකට අරගලය හේතුවෙනි. සිංහල බොදුණු බලවේගය ඉවර යයි පාරම්බෑ අයද මීට වගකිව යුතුයි..!

:       11       12

RuvinWednesday, 12 July 2023 07:30 AM

විශේෂයෙන්ම අපේ සෝභිත තෙරුන් වහන්සේ මේ සම්බන්ධයෙන් කතාකළ යුතුයි.

:       0       1

mangala Monday, 10 July 2023 09:56 PM

ඔය නරුමයින්ට උඩගෙඩි දෙන නායකයෙක් මුල් පුටුවේ ඉන්නවනේ පරපුටුවෙක් වගේ. ඉතින් ඔහොම වෙන එක අහන්න දෙයක් නෙවෙයි. තමන්ගේ කෙනෙක් මහ පුටුවේ ඉන්නවා.. එයා ඉන්නකන් අපිලාට කවුරුත් ප්‍රශ්න දාන්නේ නෑ කියලා,... මොවුන් කරන්න පුළුවන් ඔක්කෝම නරුම වැඩ කරනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 398 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 52 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 129 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 303 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 235 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 942 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 297 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site