රැකියාව හා පෞද්ගලික ජීවිතය සමබර කරන පිළිවෙළ ගැන විවාදයක් කාලයක සිට පවතී. කොරෝනා වසංගත තත්ත්වය සමග එය තවත් අලුත් පැතිවලට යොමු වී තිබේ. ලෝකයේ ඕනෑම තැනක සිට සේවය කළ හැක. තාක්ෂණය එයට පසුබිම සකසයි. එක තැනක ස්ථිරව රාජකාරි කරන පිළිවෙළ ද අවලංගු වෙමින් තිබේ. නිදහස් වෘත්තිකයන් වශයෙන් නොයෙක් ආයතනවලට, සේවා සපයන අවස්ථා නිර්මාණය වී තිබේ.
ජගත් ආර්ථික සංසදය පසුගිය කාලයේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකට අනුව වැඩ කරන ජනතාවගෙන් තුනෙන් දෙකක් නිවෙසේ සිට රාජකාරි කරන්නට කැමැත්ත පළ කර තිබේ. රටවල් විසි නවයක තෝරාගත් පිරිසකගෙන් අදහස් විමසන ලද බව දැක්වෙයි. ලෝක ජනගහනයෙන් හරි අඩක් පමණ කොරෝනා ලොක්ඩවුන් කිරීමට යටත් වී ඇත. එය දීර්ඝ කාලයක් රාජකාරිවලින් බැහැරව සිටීමට
හේතුවකි.
නරක ප්‍රතිඵල ඇති කරන බව දැක්වේ. ආදායම පහත වැටෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සංකෝචනයක් සිදුවෙයි. එක දිගට සේවයට සුපුරුදු පරිදි වාර්තා කරන්නට නොහැකි වන ජන කොටස් මුහුණ දෙන මානසික ව්‍යාධි ගැන ද සමාජ විද්‍යාඥයන් සහ කළමනාකරණ විශේෂඥයන් අවධානය යොමු කර ඇත.
දැනට පවතින තාක්ෂණය අනුව නිවෙසේ කොටසක් කාර්යාලයක් බවට හරවා එහි සේවය කරන ආකාරය දුරස්ථව අධීක්ෂණය කිරීමට හැකියාවක් තිබේ. ඇතැම් ආයතන ප්‍රධානීහු දක්වන පරිදි නිවෙසේ පරිසරය සමග එකට රාජකාරි කටයුතු කිරීම කාර්ය මණ්ඩලයේ ආතතිය දුරු කරන පිළිවෙළකි. එහෙත් කාර්යාල විධිවිධාන සහ සාමූහිකව වැඩ කිරීම යනාදිය අභියෝගයට ලක්වෙයි. ආර්ථික සංසදය කරන ලද සමීක්ෂණයෙන් අනාවරණය වන වැදගත් කරුණක් තිබේ. පසු කාලයක කාර්යාලයට කැඳවුවහොත් එයට එකඟ නැති බව පිරිසක් ස්ථිර වශයෙන්ම දක්වා තිබේ. නිවෙසේ සිට සේවයට හුරු වූ තුනෙන් එකක පිරිසක් එයට අයත්ය. රැකියාවේ ස්වභාවය නම්‍යශීලී වීම ගැන ඔවුහු තෘප්තිමත්ව සිටිති.
නිවෙසේ සිට සේවය කිරීමෙන් ඉහළ ඵලදායීතාවක් අත්පත් කරගත හැකි වූ බව සමීක්ෂණයට භාජනවූවෝ කියති. හරි අඩක් දෙනා සිය කාර්යාල සගයන්ගෙන් දුරස්ථ වීම ගැන කනස්සල්ලකින් පසුවන නමුත් එදිනෙදා රාජකාරි අන්තර්ජාලය භාවිත කර නොපිරිහෙලා ඉටු කළ හැකි බව දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීහු පවතින ව්‍යුහයට එපිටින් ඇති අවස්ථා ගැන අවධානය යොමු කළ යුතුය. නිරෝධායන ඇඳිරිනීතිය පනවන වකවානු තුළ ද නිසි පරිදි කාර්යාල කටයුතු කළ හැකිය. කාර්යාලයේ ලිපිගොනුවලට ලෝකයේ ඕනෑම තැනක සිට ප්‍රවේශ වන පද්ධති තිබේ. සාකච්ඡා කර තීරණ ගැනීමට අතිශය දියුණු සන්නිවේදන ක්‍රම භාවිත කළ හැක. වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමෙන් පසු පවා හයිබ්‍රිඩ් එනම් සතියේ එක කාලසීමාවක් නිවෙසේ සිටින අතර තවත් කාලසීමාවක් කාර්යාලයට එන පරිදි රාජකාරි කටයුතු කරගෙන යන සැලසුම් වැදගත් බව අනාවරණය වී තිබේ.
පැය අටක රාජකාරි සඳහා කාර්යාලයට එන්නට සහ ආපසු නිවෙස බලා යන්නට සෑහෙන කාලයක් ගතවෙයි. එයට වැය කරන ධනය සුළුපටු නොවේ. කාර්යාලවලින් ප්‍රවාහන පහසුකම් සපයන ආයතනවලට එය මහත් පිරිවැයකි. පොදු ප්‍රවාහන සේවාවල පවතින තදබදය දකිනවිට නිවෙසේ සිට රාජකාරි කරන ක්‍රමයකට පරිවර්තනය වුවහොත් විශාල වාසියකි.
මහාමාර්ගවල තදබදය අවම කරන අතර කාර්යාල ඉඩකඩ සඳහා අලුතින් ඉදිකරන ගොඩනැගිලි වෙනුවෙන් සෑහෙන ආයෝජනයක් කරන්නට සිදුවෙයි. මෙම මුදල් තාක්ෂණය දියුණු කරන අලුත් සැලසුම්වලට යෙදවුවහොත් ක්‍රමය වෙනස් කරගත හැකිය. අධික තදබදයක, බලවත් මානසික පීඩනයක් සහිතව සේවය කිරීමට වඩා නිදහසේ වැඩ කරන සමාජයක් ගොඩනගාගතහොත් සෞඛ්‍ය පැත්තෙන් ද වාසිදායකය. වාර්තා පෙන්වන පරිදි ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකාය වයස්ගත වෙමින් සිටී.
දියුණුව සඳහා ශ්‍රම බළකාය වැදගත් සාධකයකි. තරුණ ශ්‍රමය වෙනුවට තාක්ෂණයෙන් පොහොසත් සමාජයක් වැඩදායක වනු ඇත. වසංගත තත්ත්වයෙහි අවසානය කොතැන කෙලෙසෙක සිදුවනු ඇත් ද යන විශ්වාසයක් නැත. ඇතැම් අංශවල දී ශ්‍රමය ඉතාම කාර්යක්ෂමව උපයෝගි කරගත හැකි පරිදි තාක්ෂණික වටපිටාවක් නිර්මාණය වෙමින් තිබේ. මෙහි අවස්ථා හා අභියෝග ගැන වෙනම සාකච්ඡා කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයෝ අවධානය යොමු කළ යුතුය.
(***)
- මිලින්ද මොරගොඩ
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආරක්ෂාවත්-පිරිමැස්මත් එකට: ගෙදර සිට රාජකාරිය
kasun Friday, 27 August 2021 11:17 AM
ඔබතුමා ඇත්තටම ගොඩක් වටින අදහසක් ඉදිරිපත් කරන්නේ. නමුත් ඕක හැමෝටම කරන්න බැහැ නේද? ත්‍රි රෝද රථ එළවන අය රටේ ආර්ථිකයට 2.7% ක් වගේ දායකත්වයක් දෙනවා. ප්‍රවාහන සේවා වලින් 11%. තව කර්මාන්ත ශාලාවලින්... අනික රජයේ සේවකයන් ගත්තත් හැමෝටම ඕක කරන්න බැහැනේ...