IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


ආරුගම්බෙන් වාර්තා වූ නිහීන සිද්ධියක්

මුළු ලෝකයේම අවධානය ඊශ්‍රායලය දෙසට යොමුවී තිබේ. එහෙත් අපගේ අවධානය යොමුවන්නේ අප රටෙහි සුන්දර සංචාරක කලාපයක් වන ආරුගම්බේ දෙසට ය. එහෙත් අපට ලිවීමට තිබෙන්නේ සුන්දර කතාවක් නොවේ. අසුන්දර කතාවකි. මනුෂ්‍යත්වයට නිගාදෙන ම්ලේච්ඡ සිදුවීමක් ගැන ය. අප පුවත්පත විශේෂ අවධානයක් සහිතව එම ම්ලේච්ඡ සිදුවීම නොබෝ දා වාර්තා කළේ ය.

අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ පොතුවිල්  ආරුගම්බේ සංචාරක කලාපයේ සිටි ඊශ්‍රායල් ජාතික කාන්තාවන් දෙදෙනකුට වහාම රටින් පිටව යන ලෙස තර්ජනය කර පහරදීමට තැත් කළ විශ්‍රාමික අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුගේ නොහොබිනා ක්‍රියාවක් පිළිබඳව ය. “තොපි දෙන්නා වහාම රටින් පිටවෙලා පලයල්ලා” කියා තර්ජනය කරමින් එම කාන්තාවන් දෙදෙනාට පහරදීමට තැත් කර ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. සැකකරු පොතුවිල් රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර ඔහු බීමතින් සිටි බව කියවෙන වෛද්‍ය වාර්තාවක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.

පළමුව අවධාරණය කළ යුතු කාරණයක් තිබේ. මෙරටට පැමිණ සිටින සංචාරකයන්ට ‘‘වහාම රටින් පිටවෙයල්ලා’’ කියමින් තර්ජනය කිරීමට කිසිදු පුරවැසියකුට අයිතියක් නැත. විශ්‍රාමික අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු බව කියන තක්කඩියාට ද ඒ අවසරය නැත. එහෙත් කට ගොන්නක් බීගත් කල තමන්ට වඩා චණ්ඩියකු නැතැයි ඇතැමෙක් සිතති. විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අයත් වන්නේ ද ඒ කුලකයටම ය. එහෙත් එම චණ්ඩිපාට් තක්කඩියාගේ ගෙවත්තේ හතර මායිමට සීමා වන්නේ නැත. එය රටේ ආර්ථිකයටත්  සංසුන් සංහිඳියාවටත් බරපතළ ලෙස බලපෑමක්වීම  වැළැක්විය නොහැක. මෙබඳු සිදුවීම් රාජ්‍යතාන්ත්‍රික ගැටලු දක්වාම වර්ධනයවීමේ අනතුර  තිබේ. එහෙයින්ම මෙබඳු සිදුවීම් සරළව ගෙන පහසුවෙන් බැහැර කළ නොහැකි ය.

දෙවැනුව අවධාරණය කළ යුතු කාරණාවක් තිබේ. එනම් ඇතැම් කියමන් ක්‍රියා මගින් සනාථ වන බවය. “කඩදාසි සහතික මගින් පුද්ගලයකුගේ තත්ත්වය මැනිය නොහැකි” බවට කියැවෙන සමාජ අදහස විශ්‍රාමික අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාවෙන් සනාථ වන්නේද එම සත්‍යයයි. අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයට අදාළව “අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ’’ යනු බලගතු තනතුරකි. එබඳු තනතුරකට පත්විය යුත්තේ ඒ සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපිරූ අයයි. එම සුදුසුකම් අතර විභාග සහතික මෙන්ම මනා චරිතවත් බවකින් යුතු වීම ද ප්‍රධාන ය. එහෙත් ආරුගම්බෙන් හමුවන්නේ ගෝත්‍රිකවාදී හා ම්ලේච්ඡ ආකල්පවලින් පිරුණ අරුම පුදුම අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි. මෙබඳු අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුගෙන් ගුරු හරුකම් ලද  ගුරු - ශිෂ්‍ය දෙපාර්ශ්වයටම දෙවි පිහිට ය.

ආරුගම්බේ යනු සංචාරක කලාපයකි. මෙරට ආර්ථිකය පොහොසත් කිරීමට උපරිමයෙන් දායක විය හැකි කලාපයකි. එමෙන්ම ආරුගම්බේ, පොතුවිල්, පානම ඇතුළු විශාල ප්‍රදේශයක ජීවත්වන දහස් සංඛ්‍යාත ජනී ජනයාගේ බඩගින්දර නිවා දැමීමට සමත් ප්‍රදේශයකි.  ඒ සියල්ල සිදුවන්නේ සංචාරකයන්ගේ පැමිණීමෙනි. එහෙයින් සංචාරකයා යනු පොදුවේ රටටත් එම කලාපයටත් මහරු  සම්පතකි. එහෙත් මෙබදු තක්කඩියන් සිටින තුරු සංචාරකයන් මෙරටට පැමිණේවි ද යන ප්‍රශ්නය  බැහැර කළ හැකි නොවේ.

‘‘ඊශ්‍රායලයේ ඇවිළී යන යුද ගැටුම ඉක්මනින්ම නිවී ඒ ජනයාට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය  වේවා යන්න සෑම ශ්‍රී ලාංකිකයකුගේම ප්‍රාර්ථනය විය යුතුය. මන්ද අප රට ද තිස් වසරක් පුරා යුද අග්නියේ දැවුණු තැවුණු රටක් වන හෙයිනි.  එම අතීත මතක ඇති කිසිදු ශ්‍රී ලාංකිකයකු ලොව කවර හෝ තැනක ඇවිළෙන යුද්ධයකට ආශිර්වාද නොකරනු ඇත. ආරුගම්බේ බේබදු තක්කඩි අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාව මහත් පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුත්තේ එහෙයිනි.

(***)



අදහස් (10)

ආරුගම්බෙන් වාර්තා වූ නිහීන සිද්ධියක්

Udaya Ranjith Abeyrathne Friday, 13 October 2023 04:59 PM

නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න තියාගන්න එපා. මොකද දැන් පොරවක් ගන්නවාත් සල්ලි නැ. 2 නියම විදියට නම් බීමතින් හිටියත් නොහිටිය විදියට සලකලා කටයුතු කරන්න තිබුණා. මොකද ඔය වෙරියට මතුවෙන්නේ යටිහිත. ඔය වගේ ගොන්පාට් දාන අයට චාන්ස් නොදිය යුතුයි...

:       1       121

Deepal Nirosh Friday, 13 October 2023 05:27 PM

මේක ඉතින් ආරම්භයක් පමණයි, මේ කතාවට පුද්ගලයාගේ බීමත්කමවත්, විශ්‍රාමිකත්වයවත්, වෘත්තියවත් අදාළ නැහැ. සැබෑ ප්‍රශ්නය තේරුම්ගෙන ප්‍රතිකාර නොකළොත් ඉදිරියේ දී ඊශ්‍රායල් ජාතිකයින්ට විතරක් මේ ප්‍රශ්නය සීමාවෙන එකක් නැහැ...!

:       1       97

Shanmax Friday, 13 October 2023 09:22 PM

ශුවර් එකට හම්බයෙක්... පොලිසියට අරන් ගිහිල්ලා කන පැලුවා නම් හරි...

:       2       57

Ramani Saturday, 14 October 2023 12:52 AM

මෙවැනි නිහීන ගති ඇති එම පුද්ගලයාගේ, තනතුරුවලට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මෙවන් පහත් අයගේ තනතුරු අහෝසි කළ යුතුමයි...! 

:       1       42

පියතිස්ස වණිගසේකර Saturday, 14 October 2023 04:05 AM

හිතුමතේ ක්‍රියා කරන පාලකයෝ සමූහයකින් සමන්විත පාර්ලිමේන්තු කාරයින්ට කසපහරවල් කිහිපයක් ලබාදී, කෙරිය යුතු ඉතිරිය කීම අර්ථවත් වනු ඇත...

:       3       45

G. K. Ekanayake Saturday, 14 October 2023 11:37 AM

මෙතන තියෙන්නේ තනිකර ජාතිවාදය. ශ්‍රී ලාංකිකයින් පැත්තක් ගතයුතු නෑ. හම්බයාගේ හැදියාව හම්බයාටම අදින එක...! 

:       1       61

ගැමුණු Saturday, 14 October 2023 01:49 PM

මේ මරිමෝඩ දේශද්‍රෝහීන් මුහුදේ පාකර පිටුවහල් කළයුතුයි.

:       1       31

Sunanda yapa Sunday, 15 October 2023 12:52 AM

යුක්තිය, සාධාරණය පැත්තේ හිටගන්න ඕනේ... යුදෙව්වන්ට ජයවේවා...!

:       0       47

Adrian Ferth Sunday, 15 October 2023 11:59 AM

අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂක කිව්වාට නියතවම දේශපාලකයින්ට පෝස්ටර් අලවලා ඔය තනතුරට ආව (අධි සේවක පදනමින්- ඔවුන්ට සැබෑ තනතුරක් හිමි නෑ) "ප"ළිගැනීම් "කො"මිටි " "නි"ර්දේශයෙන්"ස්"ථාපිත (PVC) හාල් කෑල්ලක් වෙන්න ඇති. අපසේ බඳවාගැනීම් තරඟ විභාග සමත් වී විධිමත් පත්වීමක් ලැබූ කෙනෙක් ඔහොම බලු වෙන්නේ නෑ...!

:       1       37

sunil Friday, 20 October 2023 04:43 PM

ඊශ්‍රායලය යනු එංගලන්තයත් අමෙරිකාවත් එකතුවෙලා , තැන තැන ඉබාගාතේ ඇවිදපු අහිකුන්ඨක එඩෙරුන්ට නවතින්නට ලබාදීපු පලස්තීනයේ කොටසකි. අන්තිමට ඒ අහිකුන්කඨයින් අවට ඉඩම් බලෙන් අල්ලාගෙන ශක්තිමත් වුනා.දෙවියන්ගෙන් ශාපය ලැබූ ඊශ්‍රායල්වරුන් දවසක විනාශවෙනවා සදහටම...

:       65       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ට්‍රම්ප් ඝාතන තැතේ සුලමුල
2024 නොවැම්බර් මස 11 396 0

රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප්, යළිත් වරක් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් විය. එය සැබැවින්ම සුවිශේෂී ජයග්‍රහණයකි. ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ධුර කා


සහල් මිල ප්‍රශ්නයට විසඳුමක්
2024 නොවැම්බර් මස 11 158 0

ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව


වෙනසක් වෙනුවෙන් ඉවසීම
2024 නොවැම්බර් මස 09 554 3

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවට මේ දිනවල සිදුවී ඇත්තේ රට මුහුණ දී ඇති ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවක් නැතිව ඇමැතිවරුන් තුන් දෙනකුගේ කැබිනට්


සාධාරණ සමාජයක් පැතූ මාදුළුවාවේ සෝභිත නාහිමි
2024 නොවැම්බර් මස 08 297 1

මාදුළුවාවේ සෝභිත මහනාහිමිපාණන් වහන්සේගේ දුරදර්ශීත්වය නොවුවේ නම්, උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය නොපැවතියේ නම් උන්වහන්සේගේ අති දැවැන්ත නායකත්වය මේ සම


අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග
2024 නොවැම්බර් මස 08 247 0

පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු


ගෝන දඩයමේ ගිය සැරයන්ට දුන් දඬුවමට දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් වනජීවියට පාඩමක්
2024 නොවැම්බර් මස 07 8182 11

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිටින වල් ඌරන්, මුවන් සහ ගෝනුන් මරා මස් කර විකුණන ජාවාරමක සුලමුල මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනාවරණය කරගෙන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 147 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 499 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1549 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site