IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ආර්ථික ගිනිකන්ද පිපිරේද?

ආර්ථිකය යළිත් යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න අද බොහෝ දෙනා උණුසුම් අයුරින් සාකච්ඡාවට ගන්නා මාතෘකාව බවට පත්ව තිබේ. අප මෙම විෂය පිළිබඳව සාකච්ඡාවට ගැනීමට පෙර 2021 ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුව පළ කළ යාවත්කාලීන දළ විමර්ශන වාර්තාව දෙස බැලීම විචක්ෂණශීලී ක්‍රියාවක් වනු ඇත. එයින් උපුටාගත් කොටසක් පහත දැක්වේ. 

‘2021 දී සියයට 3.3ක වර්ධනයක් ලබාගෙන යථා තත්ත්වයට පත් වීමට බලාපොරොත්තු වුවද, මධ්‍ය කාලයේදී බලාපොරොත්තු වූ ප්‍රගතිය ඉන් පෙර කාලයේ පටන්පැවැති සාර්ව ආර්ථික දුර්වලතා සහ කෝවිඩ් වසංගතය හේතුවෙන් හටගත් ආර්ථික හානි නිසා වැළකී ගොස් තිබිණි.

වෙළෙඳපොළ වෙත ඇති පිවිසුම් සීමාවීම මධ්‍යයේ කෙටි කාලීන වගකීම්වලට සාපේක්ෂව නිල සංචිත අඩු මට්ටමක පැවතිනි. දැඩි විදේශ විනිමය හිඟය, විනිමය අනුපාතයට පීඩනයක් එල්ල කර තිබේ. ණය දරා ගැනීමේ හැකියාව සහ බාහිර අස්ථාවර භාවය පිළිබඳ අවදානමට පිළියමක් ලෙස ඉක්මන් ප්‍රතිපත්තිමය පියවර ගැනීම අවශ්‍යවේ.

ඉතා මෑත කාලයේදී අතිශය නරක දොම්නස් සහගත තත්ත්වයක් කරා සියල්ල වර්ධනය වූයේය. නොවැම්බර්/දෙසැම්බර් මාසවල කොළඹ පාරිභෝගික මිල දර්ශකය සියයට 9.0කට වඩා ඉහළ ගොස් ආහාර සම්බන්ධ උද්ධමනය සියයට 17.5ට ළං වූයේය.

ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් දැඩි අස්ථාවර භාවයක් හටගත් අතර නිවැසියෝ ආහාර අහවරවීම ගැන කනස්සල්ල පළ කළහ. අවුරුදු දෙකකට ආසන්න කාලයකින් පසු ඉන්ධන මිල ඉහළ ගිය අතර ජීවන තත්ත්වයත් එදිනෙදා ජීවිතයත් එයින් තවත් අසීරු තත්ත්වයකට පත්වූයේය. මහ බැංකුව, තැන්පතු පහසුකම් සහ ණය පහසුකම් උදෙසා වූ පොලී අනුපාත ඉහළ යන පරිද්දෙන් පොලී අනුපාත ඉහළ දැමුවේය.

උද්ධමන පීඩනය අඩු කරන අරමුණෙන් එසේ කරනු ලැබුවේ තැන්පතු උදෙසා සියයට 5ත් ණය පහසුකම් උදෙසා සියයට 6.0ත් නියම කරමිනි. විදේශ සම්පත්, පවතින සීමාව තුළ ණය ගෙවා දැමීම සඳහා භාවිත වූ බැවින් ඒවා සැනෙකින් වාෂ්පවී යන්නාසේ ක්ෂය වී ගිය තත්ත්වයක් උදාවිය. ඒ අතර විදේශගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ මුදල් ලැබෙන වේගය පහත වැටී සංචාරක අංශයෙන් ලැබෙන ආදායම් හිඟවී විදේශ සංචිත බොහෝ සෙයින් අඩුව ගියේය. පහත වැටුණු විදේශ සංචිත හේතුවෙන් ඇතිවූ දුෂ්කරතා එතෙකින් නොනැවතී දැඩි ආනයන සීමා පැනවීමටද එම තත්ත්වය හේතුවූයේය. එම තත්ත්වය ඔස්සේ වර්ධනය වෙමින් පැවැති අවිනිශ්චිතතාවට පිළියම් යෙදීම උදෙසා කඩිනම් ප්‍රතිපත්තිමය පියවර ගත යුතු වූයේය. මූලික අවශ්‍යතා සලකා බලා පිළියම් යෙදීම උදෙසා විවිධ අන්තර්ජාතික ආයතනවල සහාය ලබා ගැනීම පිළිබඳ සලකාබැලිය යුතු බවට විවිධ යෝජනා ඉදිරිපත් වූයේය. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු කටු ඔටුන්නක්ද?

දැනට පවතින වාද විවාද මූලික කාරණා 2ක් කේන්ද්‍ර කරගෙන පවතී. එක් චින්තන ගුරු කුලයක් කියා සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහාය පිරිනමන්නේ ණය ගන්නා රටවලට දැඩි කොන්දේසි පනවමින් බවයි. ඇතැමුන් අවබෝධ කරගෙන සිටින ආකාරයට එම කොන්දේසිවලින් කොටසක් හානිකර වන අතර ඒවායින් රටේ ජනයා දැඩි අසීරුතාවට පත්වේ. අනෙක් මතය වන්නේ ජනතාවට බර නොපටවමින් අපගේ අසීරුතා තුරන් කර ගැනීමට වෙනත් ක්‍රම තිබියදී අප බාහිර කොන්දේසිවලට යටත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. මෙම මත දෙකෙහිම ඇති කරුණු කාරණා පිළිබඳව තුළිත ලෙස අවධානය යොමුකළ යුතුය.

වර්තමාන තත්ත්වය:-

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය බලාපොරොත්තු විය යුතුද යන උභතෝකෝටිකය කෙරේ අවධානය කේන්ද්‍රගතව ඇති සෙයක් පෙනේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නේද යන්න සම්බන්ධයෙන් තීරණ ගන්නවුන් පවා, තීරණාත්මක ස්ථානයකට එළඹී, බියත්, බලාපොරොත්තුවත් අතර දෝලනය වන සෙයක් පෙනී යයි. මේ සම්බන්ධයෙන් අවසන වශයෙන් ප්‍රසිද්ධියේ පළ කළ අදහසක් මතු වූයේ මුදල් අමාත්‍යවරයා ගෙනි. ඔහු කීවේ උණු හින්දා බොන්ටත් බැරිය. කිරි හින්දා අහක දමන්නටත් බැරිය යන ආප්තෝපදේශයයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යකරුවකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙන විට ඔහුගේ ස්ථාවරයේ වෙනස් වන සුළු බව දැක්වූ ප්‍රතිචාරයෙන් පෙනුණි. ‘නෑ අපි තවම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යනවද කියන එක තීරණය කරලා නෑ. ඒත් අපි ඒ අය සමග සාකච්ඡා ආරම්භ කරල තියෙනවා’ යන්න ඔහු දුන් පිළිතුරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්නද නොයන්නද යන්න සලකා බලමින් පසුවන බව එම පිළිතුරෙන් පෙනේ. එය එසේ වුවද එයින් පෙනී යන්නේ තීරණ ගන්නා අය මේ වනවිට රටේ ක්‍රියාත්මක කර ඇති සමාජ සුබ සාධන පියවරවලට එයින් හානි වුවහොත් මතුවිය හැකි දැඩි විරෝධතාවලට බියෙන් දෙපසට වැනෙමින් තීරණ ගන්නට කල් මරන බවකි. කෙසේ වුවද කල් මරමින් දෙගිඩියාවෙන් පසුවෙනවාට වඩා නිශ්චිත තීරණ ගැනීම් ජනයා අගය කරති.

ඓතිහාසික පසුබිම

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවතින ශ්‍රී ලංකාවේ සම්බන්ධතාව අලුත් බැඳීමක් නොවේ. 1950 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජික රටක් ලෙස බැඳුණු අවස්ථාවේ පටන් 16 වතාවක් අප එයින් මුල්‍ය පහසුකම් ලබා තිබේ. අවසන් වරට අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගත්තේ 2016 වසරේය. ජාත්‍යනත්ර මුල්‍ය අරමුදල SDR බිලියන 1.1ක් වටිනා ණය අප හට විස්තෘත ණය පහසුකම් යටතේ අනුමත කළ අතර එය ඇ. ඩො. බිලියන 1.5ක් හා සමාන වේ. 2020 දී එම ණය නැවත ගෙවීම අරඹා 2028 දී සම්පූර්ණ කළ යුතු විය. ණය ලබාදීම මාස 36ක කාල පරිච්ඡේදය පුරා සිදුවූ අතර නැවනත ගෙවීම ණය වාරික හයකින් කළ යුතුවිය. 2009 දී ශ්‍රී ලංකාව ඉහළම ණය ප්‍රමාණය ලබාගත් අතර ඩොලර් බිලියන 2.5 ඉක්මවා ගිය පොරොත්තු විධි විධාන අනුව ලබා ගත් ණයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අපගේ ගනුදෙනු වාර්තා නිරවුල් වන අතර කිසිම අවස්ථාවක එම ණය ගෙවීම් පැහැර හැරීමක් අප අතින් සිදුවී නැත. SDR මිලියන 80ක කෝටාවක් (එය ඩොලර් මිලියන 800කට සමාන වේ) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජික රටක් ලෙස අප සතුවේ. එයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පාලන මණ්ඩලයේ 0.14ක ඡන්ද අයිතියක් අපට හිමිවේ. දුෂ්කර අවස්ථා කිහිපයක් අපි අත්විඳ ඇත්තෙමු. 2004 සිදුවූ සුනාමිය හේතුකොටගෙන 2005 අප්‍රේල් මාසයේ විවෘත ණය පහසුකම් උදෙසා එක්වූ අවස්ථාව ඉන් එකකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යෑමේදී ඇතිවන වඩාත් පිළිකුල දනවන ගැටලුව වන්නේ කොන්දේසි සහිතව ණය ලබාදීමයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රබල සාමාජිකයන් වන ධනවත් රටවලට අවසන තීරණ ගැනීමේ හැකියාව ඇතැයිද අපගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මූලික අවශ්‍යතාවක් වූ සුබ සාධනමය ස්වභාවය ණය පහසුකම් පිරි නැමීමේදී ගණනකට නොගෙන රටවල් අසාධාරණ ලෙස කටයුතු කෙරේය යන මතය ද බිය දනවන්නකි. 

ඔවුන් විසින් පනවනු ලබන කොන්දේසි අපගේ පාලන ව්‍යුහයට කුරිරු ලෙස බලපාන්නට ඉඩ ඇත්තේය යන මතය අප මුළුමනින්ම ප්‍රතික්ෂේප නොකරන අතර ගෝලීය ආර්ථික ප්‍රවණතා ඇසුරින් ඒවායේ යෝග්‍යතාව කිරා මැන බලා පාර්ශ්ව සියල්ලම තෘප්තිමත් වනආකාරයේ තීරණයකට අප එළඹිය යුතුවේ. ශීඝ්‍රයෙන් වෙනස්වන නූතන ලෝකයේ මතුවන ආර්ථික කාරණාද වෙනස්වීමට ලක්වේ. විකල්පයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තෝරා ගැනීමේදී ඉතා දරුණු කොන්දේසි යයි ඇතැම් අය හඳුන්වන කොන්දේසි මොනවාදැයි අප දැන් මඳක් විපරම් කර බලමු.

සාමාන්‍යයෙන් මෙම කොන්දේසි මුදල් ණයට ගන්නා රටවල තත්ත්වය මත එකිනෙකින් වෙනස් වේ. එහෙත් අවසාන වශයෙන් ණය ගත් වැඩ පිළිවෙළේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැනවූ කොන්දේසි දෙස බැලීමෙන් ඒවායේ ස්වභාවය පිළිබඳ පැහැදිලි දැක්මක් අපට ලබාගත හැකිය. ඔවුන් උනන්දුවන කාරණා පිළිබඳ තොරතුරුද ඒවායින් අපට දැනගත හැකිවේ.

(1) අයවැය හිඟය අඩු කිරීම, (2) මුල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය, (3) රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම, (4) රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, (5) රාජ්‍ය මුල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, (6) වෙළෙඳ හා ආයෝජන කටයුතු උදෙසා ඇති සහයෝගය ඉහළ නැංවීම 

2016 ජුනි මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විස්තෘත ණය අනුමත කරන විට පැනවූයේ ඉහත කොන්දේසිය. මෙම ණය පහසුකම් ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටියේ කිනම් තත්ත්වයක් මතද යන්න සඳහන් කිරීමද වැදගත්වේ. ඒ සඳහා ප්‍රධාන හේතු වූයේ ගෙවුම් ශේෂ බලපෑම කඩිනමින් විසඳා ගැනීම, ඍජු විදේශ ආයෝජන රට තුළට ගලා ඒම දුර්වලවීම සහ රජයේ බැඳුම්කර වෙළෙඳ පොළෙන් පිටතට ගලායන ප්‍රාග්ධන ප්‍රවාහයන් නිසා විදේශ විනිමය සංචිතවල දරුණු පහත වැටීමත්ය. මේ හේතු නිසා මතු වූයේ දැඩි අස්ථාවර බවකි. 

අනෙකුත් මුල්‍ය සැකසුම් සහ පහසුකම්වලට ඇති අවහිරතා ඉවත් කිරීම. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන සහයෝගයෙන් ඉදිරියේදී බහු පාර්ශ්වික හා ද්වී පාර්ශ්වික ගිවිසුම් ඔස්සේ සංචිත වැඩිකර ගැනීම සඳහා රජය ණය ගැනීමට එළඹෙන අවස්ථාවලදී රජයේ විශ්වාසවන්ත භාවය ශක්තිමත් වෙතැයි විශ්වාස කෙරිණි.

පෞද්ගලික ආයෝජන ලැබෙන බව නැවත තහවුරු කර ගැනීම

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත පිය මැනීම නිසා එම අවස්ථාවේ පැවැති පෞද්ගලික අංශයේ ණය පැහැර හැරීමට ඉඩ තිබේය යන සැකය දුරු කිරීමට අවශ්‍ය විය. එම අවස්ථාවේ පැවැති තත්ත්වය අද අප දකින තත්ත්වයට වඩා බොහෝ සෙයින් වෙනස් වූවක් නොවේ. ඇත්ත වශයෙන්ම අප අද අත් විඳින්නේ ඊට වඩා බැරූරුම් තත්ත්වයකි. එහෙත් එකල වසංගත බියක් නොතිබිණි. තිබුණ එකම ගැටලුව නම් දේශපාලන වශයෙන් වාසිදායක වෙනස්කම් කිරීමට රජයට අවශ්‍යවීමය. සිය දේශපාලන ස්ථාවර භාවය ශක්තිමත් කිරීමට රජයට එසේ කිරීම අවශ්‍ය වූයේය. ඒ සඳහා ඔවුන් බදු විරාම, වැටුප් වැඩි කිරීම්, සුබ සාධක පියවර ගැනීමට පෙළඹී තිබිණි. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඒ අවස්ථාවේ එවකට පැවැති තත්ත්වය අනුව ඉල්ලීම සපුරාලන්නට සූදානම් වූ බැවින් අද පවතින තත්ත්වයෙන් ගොඩ එන්නට පහසුකම් අනුමත කිරීම ඔවුන් නොකර ඉන්නට හේතුවක් නැත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වීමෙන් අපට ලැබෙන තවත් වාසියක් වනුයේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ඔවුන්ගේ වැඩ සටහන සමඟ ක්‍රියාත්මක වන අධීක්ෂණයටත් ආවේක්ෂණයත් ධාරිතා වර්ධනයත් ඇතුළත්වීමයි. ඒ ඔවුන් ලබාදෙන ණය පහසුකම්වලට අමතරවය. අන්තර්ජාතික ගෙවීම් උදෙසා ප්‍රමාණවත් විදේශ සංචිත නොමැති අවස්ථාවල මුල්‍ය සහාය ඉල්ලීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජික රටවලට හිමිකමක් ඇති බව අප මතක තබා ගත යුතුය.

මෙම වාතාවරණය යටතේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රබල වැඩ සටහනනක් සාර්ථකත්වයට පත්වනුයේ මුල්‍ය ශක්තිය වර්ධනය කිරීමට අමතරව දක්වන බාහිර සහයෝගයත් සමගයි. එහිදී විශ්වාසය ගොඩනැගීම සහ උත්ප්‍රේරණය කිරීමේ බලපෑමද ඒ සමඟ මුල්‍ය වැඩසටහනට එක්වේ. ද්වී පාර්ශ්වික ගිවිසුමක් ඔස්සේ ලබන ණය පහසුකමකින් හෝ SWAP ගනු දෙනුවක් ඔස්සේ ලබන විනිමයකින් අත්වෙන වාසියක් නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි අන්තර්ජාතික සංවිධානයකින් මෙම ගැටලුවට ප්‍රබල විසඳුමක් ලබාගත හැකිය.

ඔවුන්ගේ සහාය ලබා ගැනීමේදී නිරවද්‍යකරණ හා ප්‍රතිපත්ති සැළසුම්කරණය ඇතුළු නියමයන් කිහිපයක් පනවනවා විය හැකිය. අවදානම, කාර්ය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ආදිය හඳුනාගෙන ඒවා නිවැරැදි කිරීමට අදාළ නිසි පියවර ගැනීම් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නාවූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආවේක්ෂණ කාර්ය භාරය සිදුකළ විට පවතින භයානක තත්ත්වය නිසැක වශයෙන්ම හෙළිදරව් වනු ඇත. වංචා, දූෂණ හා නාස්තිවීම් රාජ්‍ය හිමිකම ඇති ව්‍යවසායවල එමට සිදුවේ. කිසිදු අභියෝගයකින් තොරව ඒවායේ පැවැත්මටද ඉඩ දී තිබේ.

සුදු අලින්සේ දැනට පවතින රාජ්‍ය හිමිකම් ඇති ව්‍යවසාය ලබා ඇති එකම ප්‍රගතිය නම් ඔවුන්ගේ ණය භරිත බව තවත් වැඩිකර ගැනීමයි. ඒවායේ පැවැත්ම උදෙසා තව තවත් මහජන මුදල් යොදවමින් ඒවා නඩත්තු කිරීමෙන් සිදුවන්නේ අපගේ ජීවන වියදම තවත් වැඩිවීම පමණකි.

ඒවා නිරවද්‍යකරණයට භාජන කරන ප්‍රබල පියවර අපගේ ආණ්ඩුවලට හඳුන්වා දීමට නොහැකි නම් අපට ඉතිරිවන එකම විකල්පය අපට ණය දෙන ආයතන පනවන දැඩි සීමා කරණයට යටත්වී එම වැඩසටහන් යටතේ ආවේක්ෂණයට ලක්වෙමින් ධාරිතා වර්ධනය කර ගැනීමයි. 1990 දී ලෝක බැංකු වැඩසටහනක් යටතේ ආරම්භ කළ අන්තර් ජාතික විගණනයකට අපේ රාජ්‍ය බැංකු දෙක යටත්වීමෙන් අනතුරුව ඒවා එක රැයින් බංකොළොත් භාවයට පත්වූ ආකාරය අපට තවමත් මතකය. එම බැංකු දෙක ඔවුන්ගේ මෙහෙයුම් යටතේ රජයට ලාභ පෙන්වමින් බදු ගෙවමින් කල් ගෙවූයේ එවකට ඔවුන් අනුගමනය කළ සදාචාරාත්මක නොවූ ගිණුම් ක්‍රමයකට මුවා වෙමිනි.

එම බැංකු දෙකෙහි සිදුවූ දේ සම්බන්ධව භාණ්ඩාගාරය අන්ධව සිටි අතර දේශීය විගණකයෝ ඔවුන්ගේ ගිණුම්කරණය සම්බන්ධව හෝ මෙහෙයුම් සම්බන්ධව හෝ කිසිදු දෝෂයක් වැරැදි ක්‍රියාවක් නොදුටුවෝය. ආතර් ඩී ලිට්ල් සහ බූස්-ඇලන් හැමිල්ටන් (Arthur de Little and Booze-Allen Hamilton) ට පින් සිදුවන්නට ඔවුන්ගේ සංඛ්‍යාලේඛන සෙප්පඩවිජ්ජා හෙළිදරව් වූයේය. ඔවුන්ගේ විනාශය කරා ගිය ඊනියා ප්‍රගතිය දිගින් දිගටම පිළිගෙන තිබූ භාණ්ඩාගාරයේත් මහ බැංකුවේත් නෙත් විවර කර බලන්නට සිදුවූයේ එවිටය. අඩුපාඩු සහ හානි කිරීමේ චේතනාවෙන් සිදුකළ මෙහෙයුම් හුවා දක්වමින් ඒවා සාරාංශ ගත කර තිබුණේ පහත සිරස්තල යටතේය.

බාසෙල් (Basle) ප්‍රමිතියට සමීප වනු පිණිස අවශ්‍ය ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවීම, නැවත ගෙවීම ප්‍රමාද වන ණය හෝ නැවත ගෙවන සෙයක් නොපෙනෙන ණය, රාජ්‍ය ආයතනවලට නිකුත් කළ ගෙවීම් පැහැර හරිනු ලබන ණය, සේවකයන්ගේ විශ්‍රාමික අරමුදල් සඳහා වූ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම, ඒවායේ මෙහෙයුම් ක්‍රම විනිවිද භාවයෙන් තොරවීම.

මෙම රාජ්‍ය බැංකු දෙක පෞද්ගලිකකරණය කරනු වෙනුවට ඒවා බංකොළොත් භාවයෙන් මුදාගෙන ආරක්ෂා කරගනු වස් රුපියල් බිලියන 24ක රාජ්‍ය බැඳුම්කර ප්‍රතිපාදන එම බැංකු දෙක වෙත ලබාදී ඒවා එවකට ගිය මාර්ගය නිවැරැදි කරනු ලැබුවේය. අප දැන් සිටින්නේ ගිනි කන්දක් මතය. කොයි මොහොතේ හෝ එය පුපුරා විදාරණය වනු ඇත. අපව පාලනය කරනු ලැබූ සෑම ආණ්ඩුවක්ම මෙම තත්ත්වයෙන් රාජ්‍ය කටයුතු දිගින් දිගටම පැවැතීමට ඉඩ හැරියේය. අපි දිය සැලිය හොඳින් රත්වන තුරු එහි නටන කකුළුවෝ වන්නෙමු.


2022/1/11 Daily FT පුවත්පතේ පළවූ Economic recovery; the IMF, SOE reforms and Sri Lanka's options ලිපියේ පර්වර්තනය සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

ආර්ථික ගිනිකන්ද පිපිරේද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3118 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12257 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 567 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 941 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1018 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site