IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ආර්ථිකය ගොඩනැගීමට අලුත් ආකල්පයක් ඕනෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පමාවීම රටේ ආර්ථිකයට ඉදිරියේදී සිදුකරන බලපෑම් සම්බන්ධ බොහෝ පුරෝකථන සිදුවෙමින් පවතී. එක් අතකින් දේශපාලනඥයන් දක්වන අදහස් ද අනෙක් අතින් ආර්ථික විශ්ලේෂකයන් දක්වන අදහස් ද එම පුරෝකථනවල ගැබ් වී තිබේ. ආණ්ඩුව නම් දෙවැනි වාරිකය ඉදිරි කාලයේදී නිදහස් කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙන බව පෙනී යයි. එය එසේ වුවද මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී වාරිකය නිදහස් කිරීමක් පිළිබඳව නිශ්චිත කාලරාමුවක් ප්‍රකාශයට පත් නොකිරීම නිසැකවම ආණ්ඩුවේ කනස්සල්ලට හේතුවනු ඇත.

ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර දෙවැනි වාරිකය ලබාගැනීම සම්බනන්ධ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා නොබෝදා ප්‍රකාශ කළේය. එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව නිසි ඉලක්ක සපුරා නොතිබීම නිසාත් වත්මන් ආණ්ඩුවේ දූෂණ ප්‍රතිපත්තිය ගැන කනස්සල්ලෙන් පසුවීම නිසාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය නිදහස් කිරීම කල් දමා තිබෙන බවය. මේ අනුව කල්පනා කළොත් අරමුදලේ මීළඟ වාරිකය ප්‍රමාද වීම වළක්වාගත නොහැකි වී තත්ත්වයකට පත්ව ඇති බව පෙනී යයි.

එය එසේ නම් ආණ්ඩුව ආර්ථිකයට මේ හරහා සිදුවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් නිසි ඇගයීමක සිටිය යුතුවෙයි. රටේ පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වීමට ඉඩ නොදී එය වළක්වා ගැනීම අවශ්‍ය බැවිනි. ලෝක බැංකුවේ වාර්තාවකට අනුව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ 2023 වසර අවසන් වෙද්දී මෙරට මධ්‍යම පාන්තිකයන් තිස් එක් ලක්ෂ අසූ දෙදහසක් දුප්පතුන්ගේ ගොඩට වැටීමට නියමිතය. මේ සංඛ්‍යාව රටේ සමස්ත ජනගහණයෙන් අටෙන් එකකට ආසන්නය. එය ජනතාවගේ පැත්තෙන් බියකරු චිත්‍රයකි. මෙසේ අසාමාන්‍ය මට්ටමකින් දුප්පතුන් වැඩිවීම රටේ ආර්ථිකයේ ඍජු ප්‍රතිඵලයකි.

දුප්පතුන් වැඩිවීම එකවර නැවැත්වීමට කිසිදු ආණ්ඩුවකට නොහැකිය. එහෙත් මේ තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිමින් ඇතිවිය හැකි ව්‍යසනයට මුහුණ දීමට සුදුසු යාන්ත්‍රණයක් සකස්කර ගැනීම කල්දැමිය යුතු නැත. ජනතාවගේ හිස මතට තවත් බදු බර පැටවීමෙන් පමණක් මේ ගැටලුව විසඳිය නොහැක. ඒ බව නොසලකා මූල්‍ය අරමුදලේ යෝජනාවලට අනුව යමින් බදු වැඩි කිරීම බරපතළ සමාජ ව්‍යසනයකට පවා හේතුවිය හැකිය.

මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ ආර්ථික අර්බුදය ලිහා ගැනීමට අලුත් ඇසකින් බැලීමය. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් අප්‍රමාදව සකස් කළ යුතු බව අපගේ විශ්වාසයයි. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, වරායේ කන්ටේනර් ගොඩගැසීම් යුගය නිමා වී දැන් වසරක්ද ඉක්මවා ගොස් තිබේ. එහෙත් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පිටත වෙනත් කිසිම නිශ්චිත වැඩපිළිවෙළක් රජය සතුව තිබෙන බව තාම පෙනෙන්නට නැත. අධික බදු ගෙවන විශාල ජනතාවක් සිටියදී රජයේ ඉහළම අධිකාරියෙන් කැපවීම් කෙරෙන බවක් දැකගැනීම අමාරුය. නාස්තිකාර වියදම් නැවතී නැත.

මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේ හෝ රටේ ආර්ථිකය සංවර්ධනය කර ගැනීමට වෙනත් ප්‍රතිසංස්කරණය සිදු නොවූ බවද පෙනෙන්නට තිබේ. නිෂ්පාදනය ඉහළ නංවා අපනයනය වර්ධනය කිරීමෙන් සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන් තොරව ආර්ථික වර්ධනයට වෙනත් විසඳුමක් නැත. රට ඇතුළේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය යළි ගොඩනැංවීමට රුකුල් දීමක් තිබෙන බවක්ද නොපෙනේ. එහෙත් මුළු රාජ්‍යතන්ත්‍රය පුරාම දූෂණය සහ වංචාව ඉතිරී පැතිරී තිබෙන බවට නම් චෝදනා බොහෝමයකි. පසුගිය කාලසීමාව තුළ සිදුවූ සුප්‍රකට බරපතළ වංචා සහ දූෂණවලට සම්බන්ධ ඉහළ කිසිදු බලධාරියකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව රහසක් නොවේ. සුපුරුදු ක්‍රියාවලින් බැහැර වී අලුත් ඇසකින් රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමකින් තොරව රටට ගොඩ යාම අසීරු බව පෙන්වා දිය යුතුයි. 

(***)



අදහස් (0)

ආර්ථිකය ගොඩනැගීමට අලුත් ආකල්පයක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අනුරගේ ගමන්මග
2024 සැප්තැම්බර් මස 23 424 0

දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ


ජනපතිවරණ ජනමත කැඩපත
2024 සැප්තැම්බර් මස 23 109 0

2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශ


ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 702 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1217 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 1136 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 228 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22069 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21908 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site