IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ඇඳුම් ගලව ගලවා නටන අනුන්ගේ ඇඳුම් කරේ දාගන්න ගායක ගායිකාවෝ

   justin-bieber-april5jpg-9c9791c900d0e57f     

 

ලොව වඩාත් ජනප්‍රියත්වයට පත් තරු වන්නේ බටහිර පොප් හෙවත් ජනප්‍රිය ගායක-ගායිකාවන් යැයි පැවසිය හැකිය. ඔවුන් කොතරම් නම් ජනප්‍රියත්වයට පත්වී ඇතිද යත්, සාමාන්‍ය ජීවිතය නිදහසේ ගත කිරීමට පවා අවකාශය නැති තරම්ය. එය එකතකට ප්‍රේක්‍ෂක උන්මාදයක් ලෙස හැඳින්වීම වඩා උචිතය. මෙම ජනප්‍රියත්වයේ උන්මාදයෙන් පසුවන්නේ ඔවුනට ආදරය කරන ප්‍රේක්‍ෂකයන් පමණක් නොවේ. ජනප්‍රියත්වයේ ප්‍රතිචාර වාවා ගත නොහැකි වූ නිසා මානසික විෂාදයෙන් මෙන්ම අධි පීඩනයෙන්ද මේ සුපිරි තරු පෙළුණු අවස්ථා බොහෝය. 

 

9_RASA_P4

 


ලොව වඩා සරාගී පොප් ගායිකාවක වන බි්‍රට්නි ස්පියර්ස් හට එලෙසින් මානසික විෂාදයට නතුව සිට එයින් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමට සෑහෙන කාලයක් ගත විය. කෙසේ වෙතත් අප මේ කතා කිරීමට සූදානම් වන්නේ, ලෝ ප්‍රකට පොප් ගායන තරු, ප්‍රේක්‍ෂකයන්ගේ ප්‍රතිචාර වෙතින් අපහසුතාවට පත්වූ අවස්ථා ගැනය. ලොව පුරා සංචාරය කරමින් ප්‍රසංග සඳහා සහභාගී වෙමින් සිටි අවස්ථාවලදී ඔවුන් මුහුණ දුන් සිදුවීම් කීපයක් මේ.brunomars1
මේ සුපිරි පොප් තරු මුහුණදුන් සිදුවීම් ගැන දැන ගැනීමට පෙර, ලොව වඩාත් සරාගී-අනුරාගී පෙනුමැති පොප් ගායිකාවන් කවුරුදැයි යන්න දැන ගනිමු. මක් නිසාද යත් ඔවුන් අතිශ්‍ය ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ගායන ශෛලිය නිසාම නොවන හෙයිනි. ඔවුන් ප්‍රසංග වේදිකාවේදී අඳින පලඳින දේ මෙන්ම හැසිරීම් රටා සහ ඔවුනගේ රූ සපුවද ඊට ප්‍රධාන වූ සාධක වන බැවිනි.


2015 වසරේ ලොව වඩාත් ජනප්‍රිය පොප් ගායිකාවන් ලෙස සඳහන් වන්නේ, රීහානා (රීආනා) ඇඬේලි, ටේලර් ස්විෆ්ට්, ලේඩිගාගා, ශකීරා, කේට් පෙරී, බියොන්සේ, මයිලි සයිරස්, ජෙනිෆර් ලෝපෙස්, ෂෙරිල් කෝල් යන සුපිරි තරුය. එමෙන්ම ලොව වඩාත්ම සරාගී පොප් ගායිකාවන් ලෙස රීහානා අංක එකට සඳහන් වන අතර, තවත් සමහරු කියන්නේ නිකී මිනාජ් කියාය. කෙසේ වෙතත්, ඒ දෙදෙනාට අමතරව නිකෝල් ෂේසිගර්, ලානා ඩෙල්රේ, එලී ගෝල්ඩින්, රීටානව්, ශකීරා, වෙනෙස්සා හැජන්ස්, කේෂා, සියාරා ක්‍රිස්ටිනා ඇගි්‍යුලේරා, හෙලි විලියම්ස් යන තාරකාවන් නම් කළ හැකිය. 


මේ පොප් ගායිකාවන් එලෙසින් බොහෝ විට ජනප්‍රිය වීමට හේතුව ඔවුන් වේදිකාවේදී පෙනී සිටින අඩනිරුවත් හෝ යාන්තමට සිරුර වසාගත් විලාසිතා නිසාමය. පොප් ගීත කලාවේ රැජිණිය ලෙස විරුදාවලි ලද ඇමරිකානු ගායිකා මැඩෝනා, පනස් හය හැවිරිදි වියේ වුවද ප්‍රසංග වේදිකාවේදී ඇය පෙන්නුම් කරන්නේ යොවුන් විසේකාර කෙල්ලකගේ විසේකාර රංගනයන්ය. ඒ මදිවාට ඇය ඇයගේ යටි ඇඳුම නිරාවරණය වන පරිදි බොහෝ විට පෙනී සිටින්නීය. එවැනි අවස්ථාවලදී තරුණ ප්‍රේක්‍ෂකයන් නිම්හිම් නොමැතිව බලා සිටින්නේ, ඇය ඔවුනට කොයි මොහොතේදී හෝ ඇඳ සිටින විලාසිතා කොටසත් උනා දමා විසී කරාවි යන අපේක්‍ෂාවෙනි. ඇය බෙහෝ විට එලෙස කරන්නීය. නමුත් පසුගියදා හරි අපූරු වැඩක් වුණි. මැඩෝනා ගී ගයමින් සිටියදී රැප් ගායකයකු, නළුවකු මෙන්ම ගීත රචකයකු සහ නිෂ්පාදකයකු වන 29 හැවිරිදි ඩ්‍රේක්, සහය ගායනයෙන් දායක වී සිටියේය. එක් නිමේෂයකදී, මැඩෝනා ඔහුගේ මුවට මුව තබා සිපගත්තාය. එය සඳහන් වූයේ ප්‍රංශ හාදුව නමිනි. ප්‍රේක්‍ෂකයන් මොහොතකට ගල්ගැසුනා යැයි සඳහන් කළ හැකි මොහොතකි. මෙම ප්‍රංශ හාදුව නිසා ඩ්‍රේක් මහත් වේදනාවෙන් පසුවිය. මක්නිසාද යත්, එය හාද්දකට එහා ගිය මුව සපා කෑමක් වැනි දෙයක් වූ බැවිනි. ඒ සිදුවීමෙන් පසුව ඩ්‍රේක් හැසිරී ඇත්තේ හරියට පොඩිදරුවකු මෙන් හඬමිනි. 

 

2013 MTV Video Music Awards - Show
රීහානාට අලබැදුම් පාර්සලයකින් ප්‍රහාරයක්


වඩාත් අනුරාගී පොප් ගී තාරකාව ලෙස වත්මනෙහි හැඳින්වෙන රීහානා වෙත පසුගියදා මැන්චෙස්ටර්හිදී පැවැති ප්‍රසංගයකදී ප්‍රේක්‍ෂකයෙක් අල බැදුම් (චිප්ස්) පාර්සලයකින් සංග්‍රහ කළේය. එනම් එය ඇය වෙත වීසී කළේය. ඒ 2010 ඇය ගායනා කළ අතිශය ජනප්‍රිය වූ “රූඞ් බෝයි” ගීතය ගයමින් සිටියදීය. විසිපස් හැවිරිදි සරාගී පෙනුමැති මේ ගී තරුව එදානම් තදින්ම කෝප වූවාය. ඇය කෝපය වාවා ගත නොහැකිව ඔහුට බැණ වැදීමද කළාය. එය හරියට අවවාදාත්මක දේශනාවක් මෙන් විය. මේ වගේ ජනතාව පිනවන අවස්ථාවකදී එලෙසින් වූ කඩාකප්පල් කිරීම් නොකරන්නැයිද ඇය ඉල්ලා සිටියාය.

 


ජස්ටින් බීබර් වෙත කඩා පැන්න ප්‍රේක්‍ෂකයා

ප්‍රකට ඇමරිකානු පොප් තරුවක වන, වෙසෙසින්ම ලොවපුරා බොහෝ තරුණියන් අතර සිහින කුමරකු බවට පත්ව සිටින ජස්ටින් බීබර් 2013දී ඩුබායිහි ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටියදී, ගයමින් පියානෝව වයමින් සිටි අවස්ථාවේදී පුද්ගලයකු වේදිකාව ආක්‍රමණය කළේය. මේ නිසා බීබර් වඩාත් තැති ගැන්වුණි. එම පුද්ගලයා බීබර්ගෙ පියානෝව මත පාදය තබා ඔහු දෙස බලා සිටියේය. ආරක්‍ෂක නිලධාරීන්ගේ මැදිහත්වීම මත, එය එතැනින් හමාර වුණි. එනිසා එම පුද්ගලයාට දඬුවම් පැනවූ බවද ප්‍රකාශ විණි. නමුත් ඩුබායි රේඩියෝව ඒ සිදුවීම ප්‍රකාශ කර තිබුණේ, ඔහුට ඕනෑ වී තිබුණේ බීබර්ව සිප ගැනීමට මිසෙක කිසිදු හිංසනයක් නොකිරීමට බවය.

 

dfh

 

 

මයිලි සයිරස්ට මෙක්සිකානු නීතිය හරස්වේ


සරාගී පොප් ගායිකා මයිලි සයිරස් යනු තම රූපයෙන් තරුණ ප්‍රේක්‍ෂකයන් උන්මාදයට පත් කරවන පොප් තරුවකි. ඇය පිරිමි හැඟීම් අවුස්සවන තැනැත්තියකැයි සමහරු කියති. මේ මයිලි 2014දී මෙක්සිකෝ නගරයේදී ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටියාය. මෙක්සිකෝවේ නිදහස් දින යෙදී තිබුණේද මෙම ප්‍රසංගයට පැවැති දිනවලදීය. ප්‍රසංගයේ එක්තරා අවස්ථාවකදී මයිලි සයිරස් ගීතයක් ගයමින් නාරිදේහය පද්දමින් ඉදිරියට ඇදී ආ අතර සමූහ නර්තන ශිල්පීහු පිරිසක් රැඟුමින් දායක වූහ. ඒ නිකම්ම නොවීය. මෙක්සිකානු ධජයද ප්‍රදර්ශනය කරමිනි. මයිලි තම උඩුකය ආවරණය කරගෙන තිබුණේද එම ධජයට අයත් වර්ණ සහිත විලාසිතාවකිනි. නමුත් ඇය මේ සියල්ල සිදුකර තිබුණේ එරට නීතිය ගැන දැන නොසිටි නිසා. එරට නීතිය එතරම්ම තදය. රටේ ජාතිකත්වයට එරෙහිවන අවස්ථා සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක වේ. මෙලෙසින් වූ නීති උල්ලංඝනය කිරීමක් වෙනුවෙන් දින තුනක සිරගත වීමක් සහ ඩොලර් 1200ක දඩයකට යටත් යැයි එරට නීති කොමිසම කියා සිටියේය. ඒ සිදුවීම හමාර වූයේ එලෙසින් උසාවි තීන්දුවක් දක්වා ගිය මොහොතක් ලෙසිනි. මේ මයිලි සයිරස් තමාගේ සිරුරේ අඩක් නිරාවරණය වන පරිදි ලියෝටාඞ් විලාසිතාවකින් හැඩවී, මරිපුවානා කොළ පැහැයේ විලාසිතාවකින් උඩුකය ආවරණය කරගෙන සිටියාය. ඒ වෙනුවෙන්ද විවේචන සහ විචාරක පතුරු ගැසීම්වලට ඇය ලක්වුණි. වැලැන්ටයින් දින ප්‍රසංගයකදී ප්‍රේක්‍ෂකයකු ඇය වෙත යට ඇඳුමක් විසිකළ අතර, ඇය එය මුව මත තබාගෙන වේදිකාවේ එහෙට-මෙහෙට දිව ගියාය.

 

55

 


බටහිර පොප් ගායක ඩැනී බ්‍රවුන්ට කාන්තා යට ඇඳුමක්


2013දී පැවැති ප්‍රසංගයක් අතරතුර, කාන්තාවක වේදිකාව මතට ආ අතර, ඇයගේ යට ඇඳුමදී, ඩැනීගෙ කලිසම ගලවා අශෝබන ලෙස හැසිරෙන්නට පටන් ගත්තාය. එය බොහෝ දෙනා පිළිකුල් සහගතව කතාබහට ලක්කළ අවස්ථාවක් විය.

 


රීහානාගෙන් ප්‍රේක්‍ෂකයකුගේ මුහුණට ප්‍රහාරයක්


ප්‍රේක්‍ෂකයන් වෙතින් පොප් තරුවලට එල්ල වෙන හිරිහැර ගැන අසන්නට ලැබුණත්, පොප් තරු වෙතින් ප්‍රේක්‍ෂකයන්ට හිරිහැර සිදුවන්නේ නැත. නමුත් බර්මින්හැම්හි පැවැති ප්‍රසංගයකදී ගී ගයමින් ඇය ප්‍රේක්‍ෂකාගාරය වෙත යමින් සිටියාය. ඇයගේ සරාගී පෙනුමට වශී වූ තැනැත්තෙකු හා හා ඌප්ස් යැයි කී විට ඇයට කේන්ති ගිය අතර, මයික් එකින් ප්‍රහාරයක් එල්ල කළාය. “මට ඒ බැල්ලි යන්න දුන්නේ නැහැ” යැයි රීහානා කියා සිටි අතර, පහර කෑ තැනැත්තිය කියා සිටියේ ඔබව දැක ගැනීම ප්‍රේක්‍ෂක නොනිත් ආශාවයි, එහෙම නම් එයාලගෙ පිළිගැනීම් ඔබට අනවශ්‍ය නම් ඔවුන් අතරට නොයන්න” කියාය. තවත් අවස්ථාවකදී ප්‍රේක්‍ෂකයකු ඇයගේ තට්ටම ස්පර්ශ කිරීම නිසා උරණ වූ ඇය පෙරසේම ප්‍රහාරයක් එල්ල කළේය. රීහානා බොහෝ දෙනා හඳුන්වන්නේ ජනප්‍රියත්වය පාලනය කරගත නොහැකිවූ කේන්තිකාරියක ලෙසය.

 


MIA (ශ්‍රී ලාංකීය සම්භාවයක් ඇති පොප් ගායිකා)


මතන්ගී අරුල් ප්‍රගාසම් හෙවත් ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති හතළිස් හැවිරිදි ‘මියා’ නොහොත් මායා වඩා ප්‍රකටව සිටින්නේ පටිගත කිරීම් ශිල්පිණියක ලෙසය. ඇය විසින් ගයනු ලැබූ බෝන්ප්‍රී (Born free) සහ Paper Planes විටෙක තහනමට ලක්වුණි. මේ නිසා ඇමරිකාවේ උපන් තැනැත්තියක වුවද ඇයට වීසා ලබා ගැනීමේ අසීරුතාවකටද මුහුණ පෑමට සිදුවිණි.

 

maxresdefault

 


නිකී මිනාජ්


ලොව සරාගීම පොප් ගී තාරකාවිය රීහානාද?, ශකිරාද? නැතහොත් නිකී මිනාජ්ද යන්න හෝ බි්‍රට්නිද? ජෙනිෆර් ලෝපෙස්ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයකි. නමුත් මේ කියන සරාගී නිකී මිනාජ් පසුගිය ජූලියේදී මියාමිහිදී ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටියදී ආරක්‍ෂක වළල්ල බිඳගෙන ප්‍රේක්‍ෂකයකු පැමිණි අතර ඔහු ඇයගේ බඳවටා දෑත් යොමා ඇයව තරයේ බදා ගත්තේය. ඇයගේ ආරක්‍ෂකයකු විසින් ප්‍රේක්‍ෂකයන් කීප දෙනෙකුට හොඳ හැටි සංග්‍රහ කෙරුණු බැව්ද සඳහන් වේ.


මෙලෙසින් බටහිර පොප් ගී ලෝකයේ මේ දක්වා සිදු වූ අවස්ථා තවත් බොහෝ තිබේ. නමුත් සමහර සිදුවීම් ගැන සඳහන් කළ හැකි නොවන්නේ, ඒවා අසැබි හෝ ඊට එහා ගිය හෝ සදාචාර සම්පන්න නොවන සිදුවීම් වන බැවිනි. දැන් දැන් මේ ප්‍රේක්‍ෂක උන්මාදය ආසියාකරයට පැමිණ ඇති වගද සඳහන් කළ හැකි වුවද, දකුණු ආසියාකරයට එය බෝවී නැත්තේ ඒ රටවල පවතින සංස්කෘතීන් නිසාමය. කෙසේ වෙතත් බටහිර ලෝකයේ සිදුවන සහ සිදුවෙමින් පවතින මෙම අනුරාගී රැල්ලේ හැසිරීම් ගැන එම රටවල රාජ්‍ය තන්ත්‍රයේ පවා විවේචනයට මෙන්ම උදහසට පත්ව ඇති දෙයක් බැව් සඳහන් කළ යුතුමය.

 

Untitled-2



අදහස් (0)

ඇඳුම් ගලව ගලවා නටන අනුන්ගේ ඇඳුම් කරේ දාගන්න ගායක ගායිකාවෝ

ගාමිණී Saturday, 16 January 2016 01:45 AM

මඩු වලිග අරගෙන තල තලා ඉන්නවා ඇර වෙන වැඩක් කරන්න වෙලාවක් නැතුව යයි. (නි)

:       0       0

රමණි Wednesday, 20 January 2016 02:18 AM

බර්ලින් ඉඳලා ලියන ද සිල්වා කියනවා මේ අය ලංකාවට ආවොත් ඇඳුම් ගලවන්නේ නැතුව නටන්න කියමු කියලා. ඒ වුණාට දැන් ලංකාවේ අයනේ ඇඳුම් ගලවන්නේ. අර මේ ළඟදි එන්රික් ඇවිදින් වුණ දේ මතකනේ. ඒ මදිවට දැන් අපේ ඇමතිලාත් මන්ත්‍රිවරියන්ට අනවශ්‍ය දේ කරනවාලු. ඉතින් ඒ ඇමතිතුමාලාත් ඔය සංගීත බලන්න ගියොත් ඔය එන ගායක ගායිකාවන්ට සියලු දෙවියන්ගේ පිහිටයි තමයි කියන්න වෙන්නේ. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 16 January 2016 06:40 AM

මේවා එච්චර ගණන ගතයුතු දේවල් නොවේ. කොහොමත් මේ ගොල්ලෝ ලංකාවේ සංගීත ප්‍රසංග වලට එන්නේ නැහැනේ. ආවොත් අපි කියමු ලංකාවේ සංගීත ප්‍රසංග පවත්වනකොට අපේ සංස්කෘතියට ගැළපෙන ලෙස ඇඳුම් ඇඳ සංවරව ප්‍රසංගය පවත්වන්න කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

අබය Thursday, 14 January 2016 07:56 PM

මේ උදවිය ලංකාවට ආවොත් මඩු වලිග ලොරියක් ඕනෑවෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 579 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 79 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 97 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 324 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 218 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 110 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site