IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඇමැති රන්ජන්ට එරෙහිව නිලධාරින් වැඩවැරූ පස් කන්දේ කතාව

  05_SLMA_P6_BACK

 

සීමා නිර්ණය පිළිබඳ අභියාචනා කමිටුවේ හිටපු සභාපති හා හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා පසුගිය 22 වැනි දින කොළඹදී පැවැති උත්සවයකදී කියා සිටියේ එවකට සිටි අමාත්‍යවරයකු අමාත්‍යාංශ නිලධාරීන්ට කතා කළේ -බූරුවා” යනුවෙන් බවය. එම අමාත්‍යවරයා නිලධාරිනියන්ට -වැඳිරි” යනුවෙන් ආමන්ත්‍රණය කළ බවද පීරිස් මහතා අනාවරණය කළේය.


එම කථාව කියා දින හතරක් ගත වෙද්දීම යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් එච්. එම්. එල්. එස්. හේරත් මහත්මියට නුසුදුසු වචන මාලාවකින් ආමන්ත්‍රණය කළේය. -“උඹලට හෙණ ගහනවා.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා එම සංවාදය අවසන් කළේය.


 දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරීන්ට කතා කිරීම හෝ සැලකීම එදා මෙන්ම අදත් යහපත් මට්ටමක නොපවතින බව මෙම සිදුවීම්වලින් පෙනී යයි. දේශපාලකයන්ට ආචාරධර්ම පද්ධතියක් සකස් කරන බවට යහපාලන රජය බලයට පත්වීමට පෙර දෙන ලද පොරොන්දුව අපට යළි යළිත් සිහිපත් වන්නේ මෙහිදීය. 

2
සිද්ධිය කුමක් වුවද රාජ්‍ය නිලධාරියකුට විශේෂයෙන්ම පරිපාලන නිලධාරිනියකට ශිෂ්ට සම්පන්න ලෙස කතා කිරීමේ යුතුකම දේශපාලකයාට තිබිය යුතුය. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ මෙම ප්‍රකාශයට එරෙහිව ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවක සේවිකාවෝ පසුගිය සඳුදා (30) තම සේවා කටයුතුවලින් ඉවත්වී සිය විරෝධය පළ කළහ. මේ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටියේය.


 ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවන මහා පරිමාණ පස් ජාවාරම නීති විරෝධී එකක් බව පැහැදිලිය. නමුත් එය ආරම්භ වූයෙත්, ක්‍රියාත්මක වන්නේත් දේශපාලනඥයින්ගේ ආශිර්වාදය මතය. එදා සේම අදත් පස් ජාවාරම පිටුපස සිටින්නේ දේශපාලකයන්ය. මෙරට දැඩිම පරිසර විනාශය පස් කඳු කැපීම නිසා සිදුවන අතර එහි කේන්ද්‍රස්ථානය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. අද එය ක්‍රියාත්මක වන ප්‍රදේශය වන්නේ දිවුලපිටියයි. රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය අතර ඇතිවන මෙම මත ගැටුමට හේතුවන පස් කැපීමේ ස්ථානය වන්නේ දිවුලපිටිය - අකරගම පිහිටි අක්කර 10-15 ක් පමණ විශාල පෞද්ගලික ඉඩමකි.


භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් මෙම ඉඩමට අදාළව පස් කැපීමේ බලපත්‍ර දෙකක් නිකුත් කර ඇති අතර ඉන් එකක් අංක ෂඵඛරැඊරැ්‍යධරැ10124 යටතේ දන්ගල්ලගේ වසන්ත ලක්ෂ්මන් අප්පුහාමි යන අයට නිකුත් කර ඇති අතර අනෙක අංක ෂඵඛරැඊරැ්‍යධරැ9454 යටතේ හේරත් හිටිහාමි අප්පුහාමිලාගේ දොන් තුසිත නයනපිටිය යන අයට නිකුත්කර තිබේ.


2016. 11. 28 දින සිට 2017.02.27 දින දක්වා වලංගු මාස තුනෙන් තුනට අලුත් කරගත යුතු මෙම පස් කැණීමේ බලපත්‍රය මගින් භූවිද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය මගින් පස් කැපුම්කරුට කොන්දේසි 30 ක් පනවා තිබේ. එම කොන්දේසි අතර සඳහන් වන එක් කොන්දේසියක් වන්නේ කැණීම් කළහැකි උපරිම ගැඹුර අඩි 02 ක් විය යුතු වන අතර කැණීම් කළ හැක්කේ අක්කරයක භූමියක් බවයි. මාසික නිෂ්පාදන පරිමාව කියුබ් 525 නොඉක්මවිය යුතු බවද එහි සඳහන්ය.


භූවිද්‍යා කාර්යංශය මගින් එසේ නීති පනවා තිබුණද මෙම ස්ථානයේ පමණක් අක්කර දහයකට (10) අධික ප්‍රදේශයක පස් කපා තිබිණි. එහි ගැඹුර අඩි 20 ඉක්මවන ස්ථානද අපට නිරික්ෂණය විය.


මසකට නිෂ්පාදන ධාරිතාව කියුබ් 525 කට සීමාකර තිබුණද එම ප්‍රමාණය දිනකින් සපුරා ගන්නා බවද පෙනී යයි. එහෙයින් භූවිද්‍යා සමික්ෂණ කාර්යංශය මගින් නිකුත් කරන මෙම බලපත්‍රය කිසිදු නීතිමය පදනමක් නොමැති ලියවිල්ලක් පමණක් බව පැහැදිලිය.

1


යහපාලන රජය බලයට පත්වූයේ පැවැති රජයේ  පරිසර ප්‍රතිපත්තියද විවේචනය කරමිනි. විල්පත්තු වන විනාශය මෙන්ම පස්කැපීම, බොරළු කැපීම මෙන්ම වැලි හෑරීමටද, නැවතීමේ තිත තබන බවට යහපාලන රජය සපථ කළේය. එහෙත් අද වන විටත් පස්කැපීම මෙන්ම බොරළු කැපීමද යහමින් සිදුවෙයි.

අනුරාධපුරය, වාහල්කඩ ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ වැලි ජාවාරම සිදුකරනු ලබන්නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.


තම හිතවතුන්ගේ නමින් ඔවුහු එම ජාවාරම අඛණ්ඩව සිදුකරති. භූවිද්‍යා සමික්ෂණ හා පතල් කාර්යංශය මගින් එම වැලි කැණීම් කටයුතු නවතන ලෙස පසුගිය 31 දින නියෝග නිකුත්කර තිබුණද එය බාධාවකින් තොරව තවමත් ක්‍රියාත්මකය. මේ සඳහා ඉහළම දේශපාලන අධිකාරියේ ආශිර්වාදය ඇති බව පෙනී යයි.


 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම ධුර කාලය තුළ වඩාත්ම උනන්දු වූයේ පරිසර විනාශය වැළැක්වීමට බව පැහැදිලිය. ගම්පහ පස් ජාවාරම ද ඔහු තහනම් කළේය. එහෙත් එම තහනම ක්‍රියාත්මක කළ යුතු රාජ්‍ය නිලධාරීන් නිහඬය. පස් කැපීම ඇතුළු පරිසර හානිවලට ඇතැම් රාජ්‍ය නිලධාරීන් වගකිව යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් සියලුම රාජ්‍ය නිලධාරීන් එසේ සලකා ඔවුන්ට පදනමකින් තොරව දේශපාලනඥයන් බැණ වැදීම හෝ තර්ජනය කිරීම හෝ අනුමත කළ නොහැකිය.


 පසුගිය 26 දින දිවුලපිටිය- අකරගම ප්‍රදේශයේ සිදුවූ සිද්ධියේදීත් පස් ජාවාරමට එරෙහිව අකරගම ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කරන ලද්දේ කිසිදු මාධ්‍ය ආවරණයක් නොමැතිවය. එම විරෝධතාව සංවිධානය කරන ලද්දේ ප්‍රදේශයේ දිරිය පුරවැසි සංවිධානය මගිනි. එහි කැඳවුම්කරු ඩයස් සමරනායක මහතා එය සංවිධානය කළේය. පස් කැපීමේ ස්ථානයට සුළු මොහොතකින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණියේය.


මාධ්‍ය පිරිසක්ද ඒ සමග විය. අමාත්‍යවරයා, ප්‍රාදේශීය ලේකම්වරියට දුරකථනයෙන් කතා කළේ ඒ අවස්ථාවේදීය. ඩයස් සමරනායක මහතාට අනුව මෙම පස් ජාවාරම පිළිබඳව මීට පෙර  රන්ජන් රාමනායක මහතා මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරියද දැනුම්වත් කළ බවත් එහෙත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලද බවත් ඔහු කියයි. මෙවැනි පස් කැපීමේ මහා පරිමාණ ස්ථාන කිහිපයක් දිවුලපිටියේ පවතින බවත් සමරනායක මහතා කියයි.


 කෙසේ වෙතත් මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා හා ප්‍රාදේශීය ලේකම්වරිය අතර ඇතිවූ ගැටුම ජනතාවගේ පැත්තෙන් වෙස්වළාගෙන පැමිණි ආශිර්වාදයක් බව ජනතාවගේ අදහසයි. පස් ජාවාරම පිළිබඳව අවධානය යොමුවී එම ජාවාරමට නැවතීමේ තිත තැබිය යුතු යැයි ඔවුන්ගේ අදහසයි.


 එසේම රාජ්‍ය නිලධාරීන් ගස් බැඳීම, ගුරුවරුන් දණ ගැස්සවීම, ප්‍රාදේශීය ලේකම්වරුන්ට -“හෙණ ගහපන්” කීම වැනි අපේ රටේ දේශපාලන සංස්කෘතියට තිත තැබීමට යහපාලන රජයම යෝජනා කළ දේශපාලකයන්ට ආචාරධර්ම පද්ධතියක් සකස් කළ යුතු යැයිද ජනතාව අවධාරණය කරති.


ජනාධිපතිවරයා මෙම පස් කැපීමේ තහනම් නියෝගය නිකුත් කළා පමණක් නොව එය හරිහැටි ක්‍රියාත්මක වන්නේ දැයි සෙවීමට වරින්වර භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේත්, මධ්‍යම පරිසර අධිකාරියේත් නිලධාරින් හමුවී විමසා බැලීය. ජල පෝෂක කඳු කපා දමමින් අපේ රටට සිදුවන මේ බරපතළ පරිසර හානිය තවමත් වළක්වා ගැනීමට නොහැකිවී ඇත්තේ දිස්ත්‍රික්කයේ සිටින රාජ්‍ය නිලධාරින්ගේ හා පොලිසියේ උදාසීනත්වය නිසා බව පෙනීයයි. තත්ත්වය එසේ හෙයින් ගම්පහ දිස්ත්‍රික්කය පමණක් නොව මුළු රටේම වසංගතයක් සේ පැතිරී තිබෙන පස් ජාවාරමට තිත තැබීම ජනාධිපතිවරයාටම පමණක් කළ හැකි දෙයක් නොවන බව දැන් දැන් සනාථ වී තිබේ.


පසුගිය වසරේ අග භාගයේදි “ඉරිදා ලංකාදීප” පත්‍රයේ පළවූ “යහ පාලනයටත් නොපෙනෙන ගම්පහ පස් ජාවාරම” නමැති හෙළිදරව්වෙන් පසුව ජනාධිපතිවරයා ගම්පහ දිස්ත්‍රික්කය තුළ පස් කැපීම හා ප්‍රවාහනය මුළුමනින්ම තහනම් කළේය. අනතුරුව එම නියෝගය ක්‍රමයෙන් උල්ලංඝනය කළ පස් ජාවාරම්කරුවෝ රාත්‍රි කාලයේදී හොර රහසේ පස් කපා ප්‍රවාහනය කළහ. අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයේ රාත්‍රි පස් කැපීම වඩාත් ව්‍යාප්තවූ අතර ඒ සඳහා බලපත්‍ර ලබාදෙන ආයතන රාත්‍රි කාලය නිසාදෝ මර නින්දේ පසුවිය. 


දිස්ත්‍රික්කයේ සිදුවන රාත්‍රි කාලයේ පස් ජාවාරම පිළිබඳව බොහෝ දෙනා ඉහළම නිලධාරින් හා ප්‍රදේශයේ පොලිස් ස්ථානත් දැනුම්වත් කළද ඒ වෙනුවෙන් පියවරක් නොගැනුණි. පස් ව්‍යාපාරය යනු කළු සල්ලි යහමින් හුවමාරුවන ජාවාරමක් නිසාදෝ පස් ජාවාරම්කරුවන්ට එරෙහි වන්නට සමහර නිලධාරීහු මැළිවෙති.


ගම්පහ පස් කැපීම තහනම් වූ පසුව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්වූ කමිටුවකින් මින් පසුව පස් කැපිය යුතු පිළිවෙළ දැක්වෙන කොන්දේසි මාලාවක් පනවන ලද අතර එහි මූලිකම කොන්දේසිය වූයේ ව්‍යාපාරික නොවන පුද්ගලික අවශ්‍යතාවන්ට පමණක් සීමාසහිත පස් කියුබ් ප්‍රමාණයක් කපා ඉවත් කර ගැනීමට පමණක් අවසර ලැබෙන බවය. එහෙත් ඒ නීති රීති හරියාකාරව ක්‍රියාත්මක වූවාදැයි සොයා බැලීමට කිසිදු රාජ්‍ය ආයතනයක් ක්‍රියාත්මක වූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ නිවසක් තනාගැනීමට ගෙපලක් කැපීම හා ගෙපලක් පස්වලින් පුරවා ගන්නා ලෙස හඟවා බලපත්‍ර ලබාගෙන යළිත් පස් ජාවාරම ක්‍රියාත්මක වීමයි.


මිනුවන්ගොඩ, ගම්පහ, අත්තනගල්ල, මීරිගම, දොම්පේ, මහර, මැතිවරණ බලප්‍රදේශ තුළ මේ අයුරින් වර්ධනය වූ පස් ජාවාරම දැන් වඩාත්ම ක්‍රියාත්මක වන ප්‍රදේශයක් වන්නේ දිවුලපිටියයි. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරයකු වසර ගණනක් තිස්සේ ක්‍රියාත්මක කරන පස් ජාවාරම යහ පාලන රජය යටතේ අදටත් ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ ඉතා සාර්ථක අයුරිනි. 


මෙම දේශපාලනඥයා සතුව ටිපර් සිය ගණනක් තිබේ. කටාන ප්‍රදේශයේ පස් ජාවාරම පසුගිය රජය සමයේදී සාර්ථකව කළ ඔහු එම ජාවාරම දැන් දිවුලපිටියට ද රැගෙන විත් තිබේ.


දිවුලපිටිය, ගොඩිගමුව, බටකන්ද වැනි විශාල කඳුවල දේශපාලනඥයා තම ඥාතියකු යොදවා පස් හාරන අතර පස් කැපීමේ තහනමක් ක්‍රියාත්මක වෙද්දීත් දිවා කාලයේදී දිනකට පස් ටිපර් සිය ගණනක් බටකන්දෙන් කපා ප්‍රවාහනය කිරීමට දේශපාලනඥයා සමත්ව සිටියි. පුදුමයකට කරුණ වන්නේ ගිරිඋල්ල-මීගමුව ප්‍රධාන මාර්ගය ඔස්සේ දිවා කාලයේදී මෙම පස් ප්‍රවාහනය කරද්දී පෙරකී රාජ්‍ය ආයතන හා නිලධාරීන් මුනිවත රැකීමය.


බටකන්ද අක්කර 15ක පමණ විශාල කඳු පන්තියක් වන අතර ඉන් අක්කර 12ක පමණ පස් ඉවත්කර ඇත. මේ වනවිට බිම් මට්ටමටත් වඩා අඩි 20-30ක් පමණ ගැඹුරටද පස් කපා තිබේ. වසර තුන හතරක් තිස්සේ ක්‍රියාත්මක මෙම අනවසර පස් ජාවාරමට ඒ අසල පිහිටි බලවල හා හොරකඳවිල යන ගම්වල ජනතාව දැඩි විරෝධයක් පෑවත් පස් ව්‍යාපාරය සමග සම්බන්ධ පස් පාතාලය විසින් එම විරෝධතා සාර්ථකව මර්දනය කරනු ලැබිණ. කෙසේ වෙතත් ආරක්ෂා මුරකාවල් දමා පස් පාතාලය අවට ස්ථානගත කර සිටියද දේශපාලනඥයාගේ මෙම පස් ජාවාරමේ දිග පළල ඡායාරූප ගත කර ගැනීමට අපට හැකිවිය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ප්‍රකාශ කළ අන්දමට ගම්පහ දිස්ත්‍රික්කය කෙළවරක පිහිටි අඹේපුස්ස දැවැන්ත කඳු යායම ජාවාරම්කරුවන් බිමට සමතලා කරද්දි වගකිවයුතු අංශ තම වගකීම පැහැර හැරියේය. අඹේපුස්ස කඳුයාය මෙන් තවත් විශාල කඳු ගණනක් මේ වනවිටත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් නොව රටේ විවිධ ස්ථානවල කපා දැමෙමින් තිබෙන වග මතක් කළ යුතුය. දොම්පේ ඇතැම් ස්ථානවලත්, මිනුවන්ගොඩ ප්‍රදේශයේත්, මේ වනවිට විදුලි ආලෝකය මධ්‍යයේ පස් ජාවාරම ක්‍රියාත්මක වේ.


පුදුමයට කරුණ නම් රාත්‍රි කාලයේ පැවැත්වෙන ක්‍රිකට් තරගයක මෙන් විදුලි පහන් දැල්වෙන මෙම ස්ථාන පිළිබඳව පොලිසිය නොදැනුම්වත්ව සිටීමයි.
කොළඹ - නුවර අධිවේගී මාර්ගය දැන් දැන් ගම්පහ දිස්ත්‍රික්කය හරහා ඉදිවෙමින් පවතින නිසා ගම්පහ පස්වලට දැඩි ඉල්ලුමක් ඇති බවට සැකයක් නැත.

නමුත් අධිවේගී මාර්ගයට මුවාවී දිස්ත්‍රික්කයේ ජලපෝෂක කඳු පන්තීන් බිමට සමතලා කර දමන්නේ නම් එවැනි ක්‍රියාවක් ප්‍රතිඵල රහිත එකක් බවට පත්වන්නේ ඉදිකරන මෙම මාර්ගවල ගමන් කිරීමටත් රටේ ජනතාවක් ඉතිරිවිය යුතු බැවිනි. මේ තරමට රටේ ජලපෝෂක කඳු පන්තීන් විනාශකර දැඩි ලෙස පරිසරය විනාශ කර දමන්නේ නම් අපේ රටේ අනාගත පරම්පරාවේ පැවැත්ම පවා අවිනිශ්චිතය.

m



අදහස් (0)

ඇමැති රන්ජන්ට එරෙහිව නිලධාරින් වැඩවැරූ පස් කන්දේ කතාව

නුවන් Wednesday, 08 February 2017 11:05 AM

කඳු වර්ෂාවට බලපාන ප්‍රදාන සාදයකි.වැස්ස අඩුවෙනවා මේවා කැපුවම.දියුණු රටවල අධිවේගී මාර්ග පස් පුරවල ඒවා මත හදන්න යන්නෙම නැහැ.පොළොව උඩින් කොන්ක්‍රීට් මත තමා හදන්නේ.මහා ලොකුවට පරිසරය සුරකිමි කියල ඇමැතිල හිටියට සත පහක වැඩක් නැහැ! රට විනාශ වෙලා ඉවරයි (ම)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 08 February 2017 08:27 PM

අධිවේගී මාර්ග හදන්න සහ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ගැඹුරු මුහුදේ වැලි පොම්ප කර පිරිසිදු කර ජනතාවට ලබා දෙන්න පුළුවන්. කටුනායක කොළඹ මාර්ගය හැදුවේ එහෙම. දැන් පරිසරය සුරකින්න ඕනෑ නම් මෙවැනි ව්‍යාපෘති වලට යන්න ඕනෑ. ජනතාවගේ අවශ්‍යතා වලට විකල්ප හඳුන්වා නොදී බලපත්‍ර තහංචි විතරක් දැමීමෙන් දේශපාලන හෙන්චයියලා පොහොසත් වෙනවා මිසක් වෙන දෙයක් සිදුවෙන්නේ නැත (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 07 February 2017 07:42 PM

බලපත්‍ර රෙගුලාසි කඩකරමින් පස් හාරපු බලපත්‍රලාභීන්ට විරුධව මොකක්ද ගත්ත පියවර? අඩුමතරමේ ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටවත් කටයුතු කළාද? රාජ්‍ය සේවක සමිතිය දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 582 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 56 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 166 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 206 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 145 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 215 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site