සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි උත්පාදනය පසුගිය 18 වැනිදා නතර කරනු ලැබීමත් සමඟ රට ඉදිරියේ යළිත් විදුලිය කප්පාදුවක බරපතළ අනතුරක් මතුව තිබේ. විදුලිය කප්පාදුවක් සිදු නොවන බවට විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා ජනතාව ඉදිරියේ මාධ්‍ය හරහා ලබාදුන් සහතිකය මේ නිසා තුට්ටු දෙකට වැටී තිබේ. දැන් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ විදුලිබල මණ්ඩලයට විදුලිය උත්පාදන කටයුතු සඳහා අවශ්‍ය තරමට තෙල් තොග නොලැබුණොත් විදුලිය කැපීමට සිදුවන බවය. ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කාලසටහනක් සකස් කරනු ඇති බවය.
තෙල් අර්බුදය හේතුවෙන් විදුලිය කැපීමට සිදුවන බව මේ රටේ නියතයකි. ජල විදුලිය සහ ගල්අඟුරු බලාගාර හරහා නිෂ්පාදනය වන විදුලියට අමතරව ඩීසල් බලාගාරවලින් සැපයෙන විදුලිය මේ රටේ ජාතික විදුලිබල අවශ්‍යතාවේ වැඩි ප්‍රතිශතයකට වග කියයි. මෙතෙක් පැවැති තත්ත්වය වූයේ කොතරම් අපහසුතා උද්ගත වුවත් තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට ඩීසල් අඛණ්ඩව ලබා දීමය. මේ නිසා අධික නියං කාලයකදී හැර විදුලිය කප්පාදුවකට අවශ්‍යතාවක් නොතිබිණි. ඩීසල් බලාගාරවලින් නිෂ්පාදිත විදුලියේ පිරිවැය අධික වුවද ජල විදුලිය සහ ගල්අඟුරු බලාගාර විදුලිය මත පමණක් රැඳී සිටීමට අපේ රටට හැකියාවක් නැත. මේ නිසා තෙල් නැත්නම් විදුලියක් නැති තත්ත්වයට රට පත්වීම විස්මයට කරුණක් නොවේ.
විස්මයට හේතුවන කරුණ වන්නේ විදුලිය අර්බුදය සම්බන්ධයෙන් ඇමැතිවරුන් මාධ්‍ය හරහා ජනතාවට ප්‍රකාශ කරන කරුණුය. බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සැමවිටම ප්‍රකාශ කරන්නේ විදුලිබල මණ්ඩලයට තෙල් ලබා දෙන්නේ තමන්ට විදුලිබල අමාත්‍යාංශයෙන් ඩොලර් ලබා දුන්නොත් පමණක් යනුවෙනි. විදුලිබල මණ්ඩලය ඩොලර් උපයන ව්‍යාපෘතිවල නිරතව සිටින්නේදැයි අපි නොදනිමු. එය රටේ ජනතාවට ද අදාළ නැත. මෙතෙක් කාලයක් රුපියල්වලින් ගනුදෙනු කළ මේ රටේ අමාත්‍යාංශ ඩොලර්වලින් ගනුදෙනු කරන බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවක් වාර්තා වූයේ ද නැත. එසේ නම් අමාත්‍යවරුන් මාධ්‍ය ඉදිරියේ ඩොලර් ප්‍රශ්න ඇදගෙන රටේ විදුලිය කප්පාදු කිරීම පිළිබඳ එකිනෙකාට අභියෝග කර ගැනීම ජනතාව දකිනු ඇත්තේ විහිළුවක් හැටියටය.
ගැටලුව ඩොලර් නම් ඒ ගැටලුව විසඳාගත යුත්තේ ජනතාව ඉදිරියේ නොව කැබිනට් මණ්ඩලය තුළදී බව පුන පුනා පැවසිය යුතු නැත. එසේ සිදු නොකර ජනතාව ඉදිරියට පැමිණ තමන්ගේ ප්‍රශ්න කතා කරනවා නම් එවැනි ඇමැතිවරුන් ඇමැති පදවි දරන්නේ කුමකටද යන්න ජනතාව ප්‍රශ්න කරනු ඇත. ඇමැතිවරුන් දෙදෙනා තෙල් ගැටලුව ජනතාව ඉදිරියේ වෙන්දේසි කිරීම ප්‍රශ්නයෙන් පැන යාමක් හැටියට ද කෙනකුට දැකිය හැක. පසුගිය කාලය තුළදී රට තුළ උද්ගත වූ ප්‍රශ්න ගණනාවකදී සිදු වූයේ එයයි. ගෑස් පිපිරීම එයට එක් උදාහරණයක් පමණි.
මේ අතර මේ වසර පුරා තෙල් ආනයනය සඳහා ඩොලර් බිලියන 04ක් අවශ්‍ය බවට ගණන් බලා තිබේ. මේ බිලියන 04 සොයා ගැනීමට ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද සඳහන් විය. විදුලිබල සහ ප්‍රවාහන ක්ෂේත්‍රවලට අඛණ්ඩව තෙල් සැපයුම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙසට තෙල් සංස්ථාව මගින් මහ බැංකුවට ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් මේ සාකච්ඡාව කැඳවීමට හේතුව බවද ප්‍රකාශ වී තිබේ. එසේම තෙල් ආනයනය සඳහා ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් මිලියන 500ක ණය ආධාරය ඉහත කී ඩොලර් බිලියන 4ක මුදලට ඇතුළත් නොවන බවද සඳහන්ය.
තත්ත්වය මෙසේ නම් රටේ විදුලිය සැපයුම අන් සියල්ලටමත් වඩා ඩොලර් සැපයුම මත රැඳී ඇති බව තහවුරු වෙයි. කෙසේ වුවද මේ දිනවලදී සිදුවිය හැකිව තිබූ විදුලිය කප්පාදුව වරායේ තිබූ තෙල් නැව් දෙකක් නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව මගින් ඩොලර් මුදාහැරීම නිසා දින කිහිපයකට අවශ්‍ය තෙල් තොග රටට ලැබීම හේතුවෙන් වැළකී ගිය බවද වාර්තා විය.
එහෙත් මෙය තාවකාලික ප්‍රතිකර්මයක් පමණි. රටට තෙල් ගොඩබාන තුරු විදුලිය කැපීමක් සිදුවේද නැද්ද යන්න අවිනිශ්චිත නම් රටේ සෙසු කටයුතු ද අවිනිශ්චිත තත්ත්වයකට වැටීම වළක්වාගත නොහැක. රටේ කර්මාන්ත, සංචාරක හෝටල්, කාර්යාල, මේ සියල්ලම ඊළඟ තෙල් නැව බානතුරු බකංනිලාගෙන සිටින තත්ත්වයකට පත්වීමට හේතු සාධක කවරේදැයි වහාම සොයා බැලිය යුතුය. ඒ වෙනුවට අමාත්‍යවරුන් අතර සිදුවන වාද විවාද ජනතාවට ඇසෙන්නට දකින්නට සැලැස්වීමෙන් පලක් නැත. ඒවා ජනතාව අතරට යාමෙන් සිදුවනු ඇත්තේ ඔවුන්ගේ කෝපය, කලකිරීම සහ අසහනය තවත් වැඩිවීම පමණි.
රටේ විදුලිය උත්පාදනය තවදුරටත් ඊළඟ තෙල් නැව එනතුරු බලා සිටීමේ ප්‍රතිපත්තියෙන් වහාම බැහැර විය යුතුය. ඒ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා කැබිනට් මණ්ඩලය තුළ විධිමත් සාකච්ඡාවක් සිදුවිය යුතුය. ජනතාව දැනගත යුත්තේ ඒ ගැටලුව විසඳීමට ගනු ලබන සැබෑ ක්‍රියාමාර්ගය කුමක්ද යන්න මිස අමාත්‍යවරුන්ගේ වාද විවාද පිළිබඳ තොරතුරු නොවන බව කිව යුතුය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇමැතිවරුන්ගේ කාරිය ජනතා ප්‍රශ්න විසඳීම මිස දුක කීම නොවේ