IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇමරිකානු හමුදා හමුවේ දත කට පූට්ටුවීම

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු රජයට ඇමරිකාව සමඟ ආරක්ෂාව හෝ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වන කිසිදු ගිවිසීමකට එළැඹීම ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගිය සතියේ තහනම් කළේය. 

එවැනි ඕනෑම ගිවිසුමකට එළැඹීමට පෙර ඒ සදහා රටේ ආරක්ෂක අමාත්‍යවරයා වන තමාගේ අනුමැතිය  ලබාගත යුතුම වන බව ද ඔහු පවසා ඇත.

චීනයේ සංචාරයක නියැළී පසුගිය බ‍්‍රහස්පතින්දා යළි දිවයිනට පැමිණි වහාම ජනපතිවරයා දුන් මෙම උපදෙස් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාට දැනුම්දෙනු ලැබිණ. මාරපන මහතා ඒ වන විටත් සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර සිට ශී‍්‍ර ලංකාව සහ එරට අතර අත්සන් කිරීමට නියමිතව තිබෙන ආන්දෝලනාත්මක ගිවිසුමක් වන බලකායන්ගේ තත්ත්වය (ස්ටේටස් ඔෆ් ෆෝර්සස් - එස් ඕඑෆ්ඒ) ගිවිසුමෙහි වූ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමිනි.

ජනපතිවරයාගේ උපදෙස් සම්බන්ධයෙන් ඔහු ඇමරිකා බලධරයන් දැනුම්වත් කළේය. මෙම ගිවිසුමෙහි කෙටුම්පත සම්බන්ධයෙන් මීට පෙරත් කොළඹ දී සාකච්ඡ පැවැත්වුණද ඒ කිසිවක් ජනතාව හමුවේ ප‍්‍රසිද්ධ නොකෙරුනු අතර මෙරට ඇමරිකා තානාපති කාර්යාල නිලධරයින් දැඩි උත්සාහයක් දැරූයේ කඩිනමින්ම ගිවිසුමට එළැඹීමටය. සංශෝධනය කිහිපයක් යටතේ දෙපාර්ශවය අතර මෙම ගිවිසුම ඇතිකරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ද විරෝධතාවක් නොතිබිණ.

මෙම ගිවිසුම හරහා ඇමරිකානු යුදමය ව්‍යුහයට අසීමාන්තික ප‍්‍රවේශයක්,, පහසුකම් සහ සහන ලබාගැනීමට යත්න දැරින. මෙය, 2017 අගෝස්තු මස 4 වැනිදා දෙරට අතර අත්සන් තැබුණු පවරාගැනීමේ සහ දෙපාර්ශවය අතර සේවා සපයාගැනීමේ (ඇක්කිවිසිෂන් ඇන්ඞ් ක්‍රොස් සර්විසින්ග් අග‍්‍රීමන්ට් - ඒසීඑස්ඒ) ගිවිසුමට අමතරවය. මෙම ගිවිසුම හරහා මෙරටට පිවිසීමට නිල වශයෙන්ම අවසර ලැබී තිබෙන ඇමරිකා යුද හමුදා ව්‍යුහයන් පිළිබද සවිස්තර වාර්තාවක් පසුගිය සතියේ මෙම තීරුවේ පළවිය.

මැයි මස 15 වැනිදා සිට 17 වැනිදා දක්වා ඉහළ පෙලේ ඇමෙරිකානු නියෝජිතයන් හමුවීමේ සංචාරයක යෙදී සිටි විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්ප‍ෙඕ, ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් වැනි මුල් පෙලේ ඇමරිකා රාජ්‍ය නිලධරයින් හමුවිය. මෙම හමුවීම් වල ප‍්‍රධාන අරමුණ වූයේ එක්සත් ජනපදය සහ ශී‍්‍ර ලංකාව එකිනෙකා සමග අත්වැල් බැදගැනීම පිළිබඳ සංවාදයක නියැලීමය. 

මාරපන මහතා, මෙහි ශී‍්‍ර ලංකා දූත පිරිසට නායකත්වය දුන් අතර, එරට දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වන රාජ්‍ය ලේකම්වරයා යටතේ ඩේවිඩ් හේල් ඇමරිකානු දුත පිරිසට නායකත්වය දුන්නේය. දෙපාර්ශවය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක, එක්සත් ජනපදය සහ ශී‍්‍ර ලංකාව දෙරට අතර යුදමය සහයෝගීතාවය පුළුල් කිරීමට එකඟ වී  යැයි සදහන් විය.  නමුත් එක් එෆ් ඕ ඒ ගිවිසුම පිළිබදව කිසිදු සඳහනක් එහි නොතිබිණි.

බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඇමරිකාව ලබාදෙන සහාය, ඒකාබද්ධ යුද අභ්‍යාස, ශී‍්‍ර ලංකාවේ සාම සාධක මෙහෙයුම්, ශී‍්‍ර ලංකා නිලධරයින් වෙනුවෙන් පවත්වන මානව හිමිකම් සම්බන්ධයෙන් වන පුහුණු සැසි, එක්සත් ජනපද නෞකා සහ යුද නිලධරයන් ශී‍්‍ර ලංකාවට පැමිණීම, වැනි ආරක්ෂක ක්ෂේත‍්‍රයට අදාළව දැනටමත් ගොඩනැගී තිබෙන ද්විපාර්ශවික සහයෝගීතාව දෙරටේම ඇගයීමට ලක්විය. යැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්විණ.

සභානායක සහ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එස් එෆ් ඕ ඒ ගිවිසුම පිළිබදව යම් පැහැදිලි කිරීමක් පසුගිය බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී කළේය. ඔහු එම අදහස් දැක්වූයේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ කල්තැබීමේ යෝජනාවක විවාදයට එක්වෙමිනි. මෙම ගිවිසුමේ ඡේද 15 ක් තිබෙන බව කියා සිටි සභානායකවරයා, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා වොෂින්ටන් නුවර දී එම ඡේදවල වූ සදහන් දෙකක් වෙනස් කිරීමට සාකච්ඡා කළ බව පැවසුවේය. 

=====================================================================================

ශී‍්‍ර ලංකාවේ සිටින එක්සත් ජනපද හමුදාවන්ට රාජ්‍ය තාන්ති‍්‍රක ආවරණය සැපයීම සහ ඔවුන්ගේ සියලූ කි‍්‍රයා ශී‍්‍ර ලංකාවේ නීතියට නොව එක්සත් ජනපද නීතියට යටත් කිරීම එම සදහන් ද්විත්වය බව සභානායකවරයා කියා සිටියේය.මෙරටට පැමිණෙන එක්සත් ජනපද නෞකා පරීක්ෂා කිරීමක් සිදුනොවන බවද, ඔවුන්ට බදු සහන හිමිවන බවද, නිල ඇඳුම පිටින් - ඇමරිකාවෙන් හිමිව තිබෙන හැදුනුම්පත ද අතැතිව - ඇමරිකානු භටයින්ට ශී‍්‍ර ලංකාවේ එහාමෙහා යා හැකි බව ද, ගිනි අවි සහ සන්නිවේදන උපකරණ රැගෙන යාමට ඔවුනට අවසරය හිමි බවද, කිරිඇල්ල මහතා පැවසුවේ ය.

 

යථාර්ථයක් බවට පත්වුවහොත් නිදහස ලැබීමෙන් වසර 71 කට පසු විදේශීය හමුදාවකට, ඔවුන්ගේ නිල ඇඳුම පිටින්,  ගිනි අවි සහ සන්නිවේදන උපකරණ ද අතැතිව, නිදහසේ මෙරට ඔබමොබ සැරීමට අවසරය හිමිවන පළමු අවස්ථාව මෙය වනු ඇත. 

======================================================================================

ඒ හැරෙන්නට මෙවැනි අවසරයක් හිමිවූ අනෙක් එකම කණ්ඩායම වන්නේ ඉන්දියානු සාම සාධක හමුදාවය. නමුත් ඔවුන්ගේ කටයුතු තරයේම බෙදුම්වාදී ගැටුම් ඇවිල තිබූ උතුරු හා නැගෙනහිර පළාත්වලට පමණක් සීමා විය. 2004 වසරේ සුනාමි ව්‍යසනයේ දී විපතට පත්වූවන්ට සහන සැළසීම සදහාද,  මෙවැනි අවසරයක් විදෙස් හමුදාවන්ට හිමිවිය. එසේවුවත් ගිනි අවි දරා සිටීම ඔවුනට තහනම් වූ අතර,  ඔවුන්ගේ කටයුතු සහන සේවා සැපයීම සදහා අනුයුක්ත කර තිබූ  ප‍්‍රදේශවලට පමණක් සීමා විය.

එස්එෆ් ඕ ඒ ගිවිසුම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව සහ එක්සත් ජනපදය අතර ලිපි හුවමාරුවක් සිදුව තිබෙන බව අමාත්‍ය කිරිඇල්ල මහතා පිළිගත්තේය. නමුත් එය අත්සන් කිරීමක් මේ දක්වාම සිදුව නොමැති බව ඔහු අවධාරණය කළේය.

එවැනි ලිපියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූයේ ද පාර්ලිමේන්තුව දැනුම්වත් කළේ ද ඇමරිකාව, ඒසීඑස්ඒ (පවරා ගැනීමේ සහ දෙපාර්ශවය අතර සේවා සපයාගැනීමේ)  ගිවිසුම තවත් රටවල් 100 කට වඩා වැඩි ප‍්‍රමාණයක් සමග ඇතිකරගෙන සිටින බව කියා සිටි කිරිඇල්ල, එය හුදෙක් සේවා සැපයීමේ ගිවිසුමකට පමණක් සීමා වන්නක් මිස ආරක්ෂක කටයුතුවලට අදාළ වන්නක් නොවන බව කීවේය. 

කෙසේවුවත්, ඔහු ශී‍්‍ර ලංකාව සහ එක්සත් ජනපදය අතර ඇතිකරගෙන තිබෙන ඒසීඑස්ඒ ගිවිසුමේ පිටපතක් මහජනතාවගේ දැනගැනීම සදහා සභාගත නොකළේය. කිරිඇල්ල මහතා හැරෙන්නට එක්සත් ජාතික පෙරමුණේ අන් කිසිවෙක් මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොදැක්වීමත්, විපක්ෂය ද එවැනිම පිළිවෙතක් අනුගමනය කිරීමත් පුදුම සහගත විය.

එක් අතකින් සැළකූ විට, මානව හිමිකම් සහ අන්තර්ජාතික මානවවාදී නීතිය කඩකර ඇතැයි සහ යුද අපරාධවල නියැලූනේයැයි චෝදනා න`ගා ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙන යෝජනාවලියේ අනුග‍්‍රාහකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට පින්සිදුවන්නට ශී‍්‍ර ලංකාව එම යෝජනාවලියේ සම අනුග‍්‍රාහකයකු බවට පත්විය. 

ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අංශ ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගෙන ඒමට වෙර දරන,  මෙරට ආරක්ෂක අංශයේ නිලධරයින් බොහෝ දෙනකු අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති ඇමරිකාවට දැන් වුවමනා වී තිබෙන්නේ ඒකාබද්ධ හමුදාමය සබදතා ගොඩනගා ගැනීමටය. 

එරට ආරක්ෂක අංශවලට ද මානව හිමිකම් කඩකිරීමේ චෝදනා නැගී තිබෙන බැවින්, ඔවුන්ගේ මෙරට කි‍්‍රයාකාරකම්වලට වගකියනු ඇත්තේ කවුරුන් ද? අරුමය නම් ශී‍්‍ර ලංකාවේ හමුදාවන්ට එරෙහිව කටයුතු කිරීමට අවැසි වූ එක්සත් ජනපදයේම හමුදාවන්ට දැන් ශී‍්‍ර ලංකාවේ නිදහසේ සැරීමට වුවමනා වී තිබීමය.

වෙනත් රටවල් සහ සංවිධාන සමග රටේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමක් සිදුකළ හැකි,  රටේ ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ගිවිසුම්වලට එළැඹීම රජය සිදුනොකළ යුතුයි. අපේ‍්‍රල් මස 21 වැනිදාට පෙර සහ පසු එළැඹී එවන් ගිවිසුම්වල සියලූම තොරතුරු රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා පැවසුවේය. 

=====================================================================================

ශී‍්‍ර ලංකාවේ වර්තමානයේ ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය ඇමරිකාව ඇතුලූ වෙනත් රටවල් මෙරට අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමේ අවස්ථාවක් ලෙස යොදාගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් කීවේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ කථිකයන් තිදෙනෙක් පමණකි. වෙනත් ගැටලූ සම්බන්ධයෙන් අන් දිනයන්හි මහා හඩක් නගන්නෝ, එදා නිහඩවම සිටියෝය.

=======================================================================================

කාරණා දෙකක් නිසා ජනපති සිරිසේන මහතා,  විදේශ කටයුතු අමාත්‍යවරයාට ලබාදුන් උපදෙස් වැදගත්ය. පළමු වැන්න වන්නේ, පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කළ ආකාරයට පිටු 83 ක් දක්වා පිම්බී තිබුණු ඒසීඑස්ඒ ගිවිසුමට ශී‍්‍ර ලංකාව එළැඹුනේ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේම ගුරුහරුකම් යටතේ වීමය. පසුගිය සතියේ ලියුම්කරු වාර්තා කළේ මෙම ගිවිසුමට ශී‍්‍ර ලංකා පාර්ශවය නියෝජනය කරමින් අත්සන යෙදූයේ ජනපති සිරිසේන මහතා යටතේ පත්වූ දෙවැනි ආරක්ෂක ලේකම්වරයා වූ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා බවය. 

එවකට මෙරට ඇමරිකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අතුල් කෙෂාප් එක්සත් ජනපදය නියෝජනය කරමින් ගිවිසුමට අත්සන් කළේය. ඇත්තෙන්ම, 2017 ජූනි මස 30 වැනිදා දාතමින් යුතු මෙම ගිවිසුමේ කෙටුම්පතක් ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ එහි සදහන්ව තිබුණේ ද කරුණාසේනගේ නමය. 

කෙසේවුවත්, ගිවිසුමට අත්සන් තැබීමට පෙර, ආරක්ෂක ලේකම් තනතුරින් ඉවත්වන ලෙසට ඔහුට උපදෙස් ලැබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුමට ශී‍්‍ර ලංකාව පාර්ශවයෙන් සැබෑ ලෙසම අත්සන යෙදුයේ ඔහු වෙනුවට නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කැරුණු කපිල විද්‍යාරතන මහතාය. ඒ, නව ආරක්ෂක ලේකම්වරයා ලෙස වැඩභාරගෙන යන්තම් මසක් ඉක්ම ගිය තැනය. 

විද්‍යාරතන මහතා නීතිපති දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙස සේවය කළ අයෙකි. 2017 ජූලි මස 4 වැනිදා වැඩභාරගත් ඔහුට ද තනතුරින් ඉවත්වන ලෙස පසු අවස්ථාවක උපදෙස් ලැබිණ.

 



අදහස් (10)

ඇමරිකානු හමුදා හමුවේ දත කට පූට්ටුවීම

Sena Wednesday, 29 May 2019 06:32 AM

මේ වගේ අය රට පාලනය කරන කොට මෙවන් දේ රටට සිදුවනු ඇත. ගිවිසුම් ගැසීමට පෙර ඔවුන්ගේ ක්‍රියා කලප ගැන අවබෝදයක් තිබිය යුතුය

:       40       107

Mangala Wednesday, 29 May 2019 10:23 AM

මම 2005-2008 කාලය තුළ ඉරාකයේ අමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ඩිෆෙන්ස් කන්ට්‍රැක්ටර් කෙනෙක් වශයෙන් සේවය කළා. එම කාලය තුළ මම දැක්ක දෙයක් තමයි ඉරාක වැසියන්ට තමන්ගේ රටේදීම තුන්වෙනි පන්තියේ පුරවැසියෙක්ගේ තත්වයෙන් සැලකීම... අපි පාරේ යනකොට ඉරාක වැසියන්, ඉරාක පොලීසිය, ඉරාක ආමි එක ඇතුලු සියලුම දෙනා පාරෙන් අයින්වෙන්න ඕනෑ. නැත්නම් ළඟට වෙඩිතියනවා, ටයරෙට වෙඩි තියනවා, වතුර බෝතල්වලින් ඒ මිනිසුන්ගේ වාහනවලට ගහනවා. අපි ක්‍රියාත්මක කරන මුරකපොලු වලට එන ඉරාක් බ්‍රිගේඩියර් කෙනෙකුටවත් වාහනෙන් බහින්නේ නැතුව යන්න දෙන්නේ නැහැ. මට මතක්වෙන කොටත් පිස්සු වගේ මේ රටේ මැටිමෝල්ලු.. මේ වගේ ගිවිසුමක් අත්සන් කරලා රට පාවලා දෙන්න යනවා කිව්වම. උදා- මම ඉරාකෙට 2005 ගියා කියලා මගේ පාස්පෝට් එකේ සීල් එකක්වත් නැහැ. බහරේන් රට දන්නෙත් නැහැ. මම ඒ රටේ අමෙරිකන් කෑම්ප් එක හරහා ඉරාකෙට ගියා කියලා... බහරේන් තියෙන අමෙරිකන් කැම්ප් එකෙන් තමා ඉරාකෙට අවශ්‍ය දේවල් යැව්වේ. ඒ කෑම්ප් එකත් ඔය වගේ සහයෝගිතා කඳවුරක් තමයි. මේ වගේ ගිවිසුමක් ගහනවා තියා හිතන්නෙවත් නැහැ රටට, ජාතියට තියා තමන්ගේ පවුලට ආදරයක් තියෙන මිනිහෙක්...

:       1313       2678

Akila Wednesday, 29 May 2019 01:11 PM

මේ දේවල් කියවනකොට අප්‍රේල් 21 සිදුවූ දේවල්වලට මේ ඇමරිකානුවන්ගේ යම්කිසි සම්බන්ධයක් ඇති කියලා තමයි මටත් හිතෙන්නේ...

:       15       88

Rasika Wednesday, 29 May 2019 05:30 PM

කිසිවිටෙක කිසිදිනෙක සිංහලයින්ව යුධමය වශයෙන් මුළුමනින්ම පරාජය කර නැත. කිසිම දිනක අවුරුදු 5000ක ඉතිහාසය තුළවත් සිංහලයින්ව මුලුමනින්ම යුධමය වශෙන් පරාජය කර නැත. ඒ වගේම එහෙම පරාජය කරන්න බැහැ. කොතරම් බලගතු ජාතීන් ලංකාව ආක්‍රමණය කළත් ඔවුන්ට කිසි දිනක යුධමය වශයෙන් සිංහලයින්ව පරාජය කරන්න බැහැ. සෑම වෙලාවේම අපි පැරදිලා තියෙන්නේ පාවා දෙන්නන්ගෙන්.. පාවාදෙන ගිවිසුම්වලට අත්සන් කරලා.. එහෙම නැත්නම් අපේ නායකයාව පාවාදීලා... එදත් අදත් වෙන්නේ එ්කමයි. දැන්වත් ඇස් අැරගෙන නියම සතුරා අඳුනා ගනිමු...

:       7       213

chithrananda Friday, 07 June 2019 12:00 AM

ඔබේ වසර 5000 කතාව කුමක්ද?

:       0       0

Kumar Friday, 31 May 2019 02:09 PM

ඔය තරම්ම ඇමරිකා එක්සත් ජනපදයට අකමැතිනම් ඒ අය දෙන සියලුම දෙයටම එපා කියන්න. ලංකාවෙන් එරටට යවන සියළුම ඇඟලුම්වලට සහ වෙනත් දැනට ලැබෙන බදුසහනත් එපා කියන්න. එතකොට තමයි නියම වීරයෝ වෙන්නේ... ඕනෑම හදිසියකට කලින්ම ආධාර දෙන්නේ ඇමෙරිකන් රජයයි. ඒ අයගේ ප්‍රතිපත්ති හොඳයි කියලා කියනවා නොවේ...

:       0       0

chinthaka Saturday, 01 June 2019 05:30 AM

ඔයගොල්ලන්ට දැන් හිතෙන්නේ නැද්ද අපිත් ඔය පවට කොටස්කාරයෝ වුනා කියලා. මමත් බොරු ගොඩකට රැවටිලා රට ගැන හිතලා ගිය පාර මේගොල්ලන්ට ඡන්දෙ දුන්නා වගේම ආයේ කවදාවත් ඉගුරු දීලා මිරිස් නොගන්න තීරණයකට හිත හදාගෙන ඉන්න පුරවැසියෙක්.

:       0       0

හිරාන් Saturday, 01 June 2019 03:19 PM

ඉතාමත් කණගාටුදායක කරුණ නම් අපේ දේශපාලඥයින්ට මේ රට ආරක්ෂා කර ගන්න බැරි කියන එක. කෙහෙවත් නැති හමුදාවන් ඇවිත් සිදුවන හානිය ගැනවත් සිතාගන්න බැරි ඇයි කියන එක. අනික රට ගැන මහා ලොකුවට කෑමොර දෙන විපක්ෂය නිහඬ ඇයි?

:       5       54

jude Wednesday, 05 June 2019 01:29 AM

මම නම් ඔය එකම පක්ෂයකටවත් මතක ඇති කාලයකින් ඡන්දයක් දුන්නේ නැහැ. හැමදාම ඡන්දය දිනයට කලේ මගේ කාඩ් එකේ ලිව්වේ මුන් ඔක්කොම හොරැ කියලයි. ඒ නිසා මට ඔය පව් නැහැ. එයට හේතුව තමයි මම දන්නවා මගේ ඡන්දයෙන් පර්ලිමේන්තුවට ගිහින් රටට වැඩක් නොකර බලු වැඩ කලොත් එය මගේ දරැවන්ටත් ලැබෙන නිසා මම එකෙකුටවත් දෙන්නේ නැහැ, මේ රට හදන එකදු නායකයෙක් පේන තෙක් මානෙක නැහැ. මේ පාර බලමු.

:       0       0

චිත්‍රානන්ද Thursday, 06 June 2019 11:59 PM

ඔය ගිවිසුම මීට කලින් ගෝඨාභය අත්සන් කරලා කාලය ඉක්මවූ පසු නැවත අලුත් කරමින් අත්සන් කරන ලද ගිවිසුම සමග සම්බන්ධයක් නොමැති ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 66 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 93 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 112 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 87 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1608 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 738 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25414 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site