IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඉටුකම අරමුදල දෙස ජනතාව බලා සිටිති



(සැකසුම - කෝවිද ගුණසේකර)


ඉටුකම අරමුදලේ ශේෂය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පුලුල් කතිකාවතක් ඇතිව තිබෙණු ගෙවුණු දින කිහිපයේ දී, දැකගත හැකිවිය. එයට වස්තුබීජය වී තිබෙන බවට පෙනෙන්නට තිබුණේ, වෙරිටේ රිසර්ච් නම් පර්යේෂණ ආයතනයක් යටතේ පවත්වාගෙන යන බව සදහන් වූ, පබ්ලික්ෆිනෑන්ස්.එල්.කේ නම් වෙබ් අඩවියකින් ප්‍රසිද්ධ කර තිබූ ග්‍රැෆික් සටහනකි. 

2021 ජනවාරි මස 31 වැනිදා වන විට ඉටුකම අරමුදලේ සමස්ත ශේෂය රුපියල් බිලියන 1.727ක අගයේ පැවැතුණු බවත්, ඉන් ඒ දක්වාම වියදම් කර තිබෙන්නේ 6% ක මුදලක්, එනම් රුපියල් මිලියන 105 ක පමණ මුදල් ප්‍රමාණයක් බවත්, එහි දැක්විණ.

මෙය කොතරම් ප්‍රබල ලෙස සමාජ මාධ්‍ය මෙන්ම අවසානයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ද, සාකච්ඡාවට බදුන් කෙරුණේ ද යත් අවසානයේ ඉටුකම අරමුදලට එකතුවී තිබෙන මුදල, සහ මේ දක්වා වියපැහැදම් කර තිබෙන මුදල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට, එම අරමුදල පවත්වාගෙන යන ජනපති ලේකම් කාර්යාලයට සිදුවිය. 

එහි දක්වා තිබුණු අගයන්ගෙන් ද පෙනෙන්නට තිබුණේ පෙර සදහන් කළ ග්‍රැෆික් සටහනේ තිබුණා මෙන්ම, වැඩි මුදලක් කෝවිඩ්-19 වසංගත මර්දනය කටයුතුවලට වෙන්කර නොමැති බවය. නමුත් එසේ ඉතිරිව තිබෙන මුදල් ප්‍රමාණය එන්නත් මිලයට ගැනීම සදහා යොදවන බව ජනපති ලේකම් කාර්යාලය ඔවුන්ගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් කර තිබිණ.

ඉටුකම අරමුදල ආරම්භ කෙරුණේ පසුගිය වසරේ මැයි මාසයේය. 

ඒ වන විට ශ්‍රී ලංකාවේ පැවැතියේ කෝවිඩ්-19 වසංගතයේ පළමු රැල්ලයි. ලොව අන් රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටත් එය අලුත් අත්දැකීමක් විය. වසංගතයේ පැතිරීම පාලනය කිරීම සදහා ඉතා දැඩි සංචරණ සීමා පැනැවුණු අතර, ජනතාවගේ පොදු ගැවසීමේ ඉතාම දැඩි ලෙස සීමා කෙරිණ.

ඉටුකම- සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ආරම්භ කෙරුණේ, මේ ආකාරයට කෝවිඩ්-19 වසංගත තත්ත්වය අවම කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සහ ඒ සම්බන්ධ සමාජ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා බරපැන සපයා ගැනීමේ අරමුණෙනි. එහි ඉලක්කය රුපියල් බිලියන 3 ක් එකතු කරගැනීම බව ඉටුකම වෙබ් අඩවියේ දැක්වේ.

මෙම ව්‍යායාමයට සාමාන්‍ය පොදු ජනතාවගෙන් මෙන්ම පරිත්‍යාගශීලීන්ගෙන් ද ඉහළ ප්‍රතිචාරයක් හිමිවුනි. අරමුදල පිහිටුවා මසක් ගතවීමට ප්‍රථමයෙන් එහි වටිනාකම රුපියල් බිලියන 1.5 ඉක්මවා යෑමෙන් එය මනාව පැහැදිලි වේ.

“කෝවිඩ්-19 වසංගතය මගින් ගෙන එන තීරණාත්මක සෞඛ්‍ය අවශ්‍යතා මෙම අරමුදල විසින් සපුරාලනු ඇති අතර සෞඛ්‍ය හදිසි අවස්ථා සදහා ශ්‍රී ලංකාවේ දිගු කාලීන සූදානම වැඩිදියුණු කරනු ඇත” යැයි එහි වෙබ් අඩවියේ ඉටුකම අරමුදල ගැන විස්තර කර ඇත. එතැනින් නොනැවතී, අරමුදල භාවිතා කරන්නේ කුමක් සදහා ද යන්නත්, ඉටුකම වෙබ් අඩවියේ පැහැදිලි ලෙස විස්තර කර තිබෙන්නේ මේ අයුරින්ය.

1. සෞඛ්‍ය, සේවා, ඖෂධ, පරීක්ෂණ උපකරණ සහ ධාරිතා වර්ධනය ඇතුලු කෝවිඩ්-19 කළමණාකරණය සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් දරනු ලබන වියදම්
2. දැනට පවතින වසංගතය තුළ සෞඛ්‍ය අංශයේ සේවකයින්ගේ සහ අත්‍යාවශ්‍ය මහජන බෙදාහැරීමේ සේවා සැපයීමට කටයුතු කරන සියලුම සැපයුම්කරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සදහා පහසුකම් සැලසීම.
3. ළමුන්, කාන්තාවන්, අඩු ආදායම් ලබන අය, වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයින් ඇතුලු හදුනාගත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සදහා මූලික අවශ්‍යතා සැපයීම
4. මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සහ, ග්‍රාමීය බෙහෙත් ශාලා, පරීක්ෂණ සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇතුලු බෝවන රෝග සදහා ජාතික අවදානම අවම කිරීම
5. දේශීය වෛද්‍ය විද්‍යාව සහ දේශීය අමුද්‍රව්‍ය භාවිතය ඇතුලුව, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබද පර්යේෂණ සහ නව්‍යකරණයන් ප්‍රවර්ධනය කිරීම
6. ගෝලීය වශයෙන් අලෙවිකළ හැකි ආරක්ෂිත ඇදුම් සහ සනීපාරක්ෂක නිශ්පාදනවල දේශීය නවෝත්පාදනයන්ට සහාය වීම
7. මාධ්‍ය සහ අධ්‍යාපන වැඩසටහන් තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ප්‍රවර්ධනය කිරීම

මේ ආකාරයට ඉතා පුලුල් ප්‍රවේශයක් ඇතිව අරමුදල පිහිටුවා ඇතත්, එයට එක්රැස්ව තිබෙන මුදල් ප්‍රමාණය එම ප්‍රවේශයන් ඔස්සේ කොතෙක් දුරකට යොදවා ඇතිදැයි ගැටලුවක් නිතැතින්ම නැගේ. මෙය ඉහත කී පර්යේෂණ ආයතනය පමණක් නොව ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපත් කර තිබෙන දත්ත පවා සැළකිල්ලට ගැනීමේ දී නැගෙන පැනයකි.

මෙය තවදුරටත් පැහැදිලි කර ගැනීම සදහා, පහත වගුව දෙසට මදක් අවධානය යොමු කරමු.මෙම දත්ත අනුව පීසීආර් පරීක්ෂණ, නිරෝධායන පහසුකම් සහ උපදේශන වැඩසටහන්වලින් ඔබ්බට යමක් මෙම අරමුදලින් සිදුකර නොමැති බව පැහැදිලි වේ. 

පසුගිය 10 වැනිදා ජනපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ පමණක් ගිලන් රථ මිලයට ගැනීම, අයිසීයූ ඇඳන් සහ එන්නත්කරණ කටයුතු සදහා මෙම අරමුදලෙන් මුදල් යෙදවීමට නියමිතව තිබෙන බව සදහන් වන අතර, ඉටුකම අරමුදලේ ඉතිරි අරමුණු මෙසේ වියදම් කර තිබෙන සහ යෙදවීමට අපේක්ෂාවෙන් සිටින මුදල්  අතර පමණක් සැඟව ගොස් තිබෙන සෙයක් පෙනේ.

වැදගත්ම කරුණ වන්නේ 2020 ඔක්තෝබර් මස යාවත්කාලීන කර ඇති දත්ත සහිත ජනපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේ ද, වෙරිටේ පර්යේෂණ ආයතනය 2021 ජනවාරි මස 31 දක්වා ලබාගෙන ඇති දත්ත අනුව ද, පසුගිය 10 වැනිදා ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ ඇති දත්ත අනුව ද, ගත්විට පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන පහසුකම් සදහා ගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වා හැරෙන්නට කිසිදු මුදලක් මේ දක්වාම වියදම් කර නොමැති බව පැහැදිලි වීමය. 

උපදේශන වැඩසටහන් සදහා පමණක් පැවතියාට වැඩි මුදලක් වියදම් කර තිබෙන අතර, එයද සිදුකර තිබෙන්නේ 2021 ජනවාරි සිට මැයි දක්වා ගෙවී තිබෙන කාලය අතරතුරය. 2020 ඔක්තෝබරයේ සිට 2021 ජනවාරි දක්වා ගතහොත් එම කාලය ඇතුළත උපදේශන වැඩසටහන් සදහා මුදල් වැය කිරීමක් සිදුව නොමැත.

2021 මැයි මාසය වන විට දරා තිබෙන වියදම් ද, දැරිය යුතුව තිබෙන වියදම් ද, ගෙවා අහවර කොට ඉතිරිවන රුපියල් බිලියන 1.36 කට මදක් වැඩි මුදල සම්පූර්ණයෙන්ම එන්නත්කරණය සදහා යෙදවීමට අපේක්ෂා කරන්නේ යැයි ජනපති මාධ්‍ය අංශය නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන් වේ. එහි වරදක් නැති විය හැකිය. මන්ද එම නිවේදනයේම සදහන් කර තිබෙන ආකාරයටම, එන්නත්කරණ වැඩසටහන සදහා එකී මුදලට වඩා වැඩි මුදලක් යෙදවීමට රජය අපේක්ෂාවෙන් සිටින බැවින්ය. එම මුදල්, විදේශ ආධාර සහ ණය ලෙස වැඩි වශයෙන් රජයට ලැබෙනු ඇතැයි සිතිය හැකිය.

නමුත් එසේ යැයි, 2020 ඔක්තෝබරයේ සිට මේ දක්වාම ඉටුකම අරමුදලෙන් දැනෙන වැඩක් නොකර සිටීමට හේතුව මේ යැයි නිදහසට කරුණු කීමට තරම් අවස්ථාවක් රජයට තිබෙන්නේද යන්න පැනයකි. 

මේ වන විට ලහිලහියේ සිදුවෙමින් පවතින ඇතැම් සංවර්ධන කටයුතු සහ නිමැවුම් දෙස බැලීමේ දී මේ සියල්ලට අපට කල්තබා සූදානමින් සිටීමට හැකිව තිබුණි. ඉටුකම අරමුදලේ මුදල්, එහි අරමුණු ඉටුකෙරන අන්දමින් ඒ, ඒ ක්ෂේත්‍රයන්ට යෙදවිය හැකිව තිබුණි. එසේ වුනි නම්, ජනතාව දුන් මුදල්වලට කුමක් සිදුවූයේ ද යන්න අසන තෙක්ම සිටීමට රජයට සිදුවන්නේ නැත. 

පෙර සූදානමේ වැදගත්කම වර්තමානය වන විට කෝවිඩ්-19 වසංගතය සාර්ථක ලෙස මර්දනය කර ඇති සහ කරගනිමින් සිටින රටවලින් ද අපට උගන්වන පාඩමකි.

අරමුදල භාවිතයේ යොදවා තිබෙන ආකාරය ප්‍රශ්න සහගත වුවත්, තොරතුරු ඉල්ලා කැරුණු ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමටත්, යම් අයුරකින් හෝ ඉටුකම අරමුදලේ මුදල් වියදම් කර තිබෙන ආකාරය ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටත්, ජනපති ලේකම් කාර්යාලය කටයුතු කර තිබීම මෙහිදී ඉතාම වැදගත්ය. ජනතා හඬට ඔවුන් සවන්දෙන බව ඉන් පැහැදිලිය. 

විය යුත්තේ එහිලා ඔවුන් තවදුරටත් ක්‍රියාකාරී වීම සහ තවදුරටත් ජනතාව අතර සිය විශ්වසනීයත්වය ගොඩනඟා ගැනීමට කටයුතු කිරීමය. මෙය, ජනපති ලේකම් කාර්යාලයට පමණක් නොව, පොදුවේ ගත්කල, රජයේ සියලුම ආයතනයන් අවධානය යොමු කළ යුතු කාරණාවකි. 

දැන් කියා තිබෙන ලෙසට, ඉටුකම අරමුදලේ ඉතිරිව තිබෙන මුදල එන්නත්කරණ කටයුතු සදහා යෙදවෙන ආකාරය ගැනත් ජනතාව විමසිල්ලෙන් බලා සිටිනු ඇත. සියල්ල හරි අයුරින්, හරි දෙයට යෙදවෙනු ඇතැයි යන්න මේ අවස්ථාවේ ඔවුන්ට තිබෙන එකම අපේක්ෂාවය.



අදහස් (3)

ඉටුකම අරමුදල දෙස ජනතාව බලා සිටිති

ranjith Sunday, 16 May 2021 10:51 PM

මේ සල්ලි වලින් එන්නත් ගන්න තිබුනනේ. දැඩි සත්කාර ඇදවල් ගන්න තිබුනනේ

:       0       0

සිසිල් සුදේශ් Tuesday, 18 May 2021 01:36 AM

ඇම්බියුලන්ස්වලට දමලා තියන ගාණ වැඩි කිව්වට මට හිතෙන්නේ සාධාරණයි කියලා. මොකද ඒවාවල අමතර කොටස් හැටියට අමතර ඇම්බියුලන්ස් එක බැගින් තියන නිසා.

:       2       1

Ruvini Friday, 21 May 2021 02:16 PM

සල්ලි කෝ... බැසිල් කෝ...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 829 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 401 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4296 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12710 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 696 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site