IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඉන්දීය තොටිල්ලේ නැළවුණු කොටි සටනේ අතුරු සංවිධාන

 

“ස්වභාවධර්මය මගේ මිත්‍රයා වන අතර ජීවිතය දාර්ශනිකයායි. ඉතිහාසය මග පෙන්වන්නායි” 


- වේළුපිල්ලේ ප්‍රභාකරන් -


වර්ෂ 1975 දී යාපනයේ හිටපු නගරාධිපති - ඇල්ෆ්‍රඞ් දොරේඅප්පා තම අතින්ම ඝාතනය කළ 16 හැවිරිදි ප්‍රභාකරන්, එදින රාත්‍රියේ තම මිතුරෙකුගේ නිවසට පැමිණ තමාට එදින පමණක් රාත්‍රිය ගත කළ හැකිදැයි ඇසීය.


බියෙන් වුවත්, ඊට කැමති වූ මිතුරා එදින එහි නිදන්නට යහනක් දුන්නේය.


පසුදා උදෑසන වනවිට මිතුරාගේ විස්මයට ප්‍රභාකරන් එහි නොවීය. කාටත් හොරා, කිසිදු සලකුණක් නොතියා ඔහු එතැනින් - යළින් නොඑන්නට - පලාගොස් තිබිණි.


ඉතිහාසයේ ලද මහා පරාජයෙන් පසු, ඊළම ද ප්‍රභාකරන් ද එළෙසම අතුරුදන් විය.


මිතුරාගේ නිවසින් පලාගිය ප්‍රභාකරන්, පසු දවසක මතුවූයේ එල්ටීටීඊ අනුබද්ධ තවත් සංවිධාන තිස් ගණනක් (30) සමගය. 1987 වන විට එය යළිත් අතළොස්සකට සීමා වුවද, ඊළම හා ප්‍රභාකරන් සාධකය දැනෙන නමුත් නොපෙනෙන කාරණයක් ලෙස සමාජ ගතවිය.


“ඉන්දීය සාම හමුදාව ගියේ වැඬේ අවුල් කරලා” යැයි එජාප රජයේ හිටපු ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න මැසිවිලි නැඟය.

23-Page-08-BA
ජවිපෙ මර්දනයෙන් හා විජේවීර ඝාතනයෙන් “ගොදුරු ඇල්ලීමේ” කලාව මනාව ප්‍රගුණ කර සිටි රන්ජන් විජේරත්න, තම දෙවැනි මෙහෙයුම වූ එල්ටීටීඊ විනාශ කිරීමේ කාර්යයට මේ වන විට පිඹුරුපත් හදමින් සිටියේය.


මේ සඳහා ඒ වන විට රටේ පැවතියේ ඉතාම අඩු බුද්ධිමය හා තාක්ෂණ පහසුකම් ප්‍රමාණයකි. ලද දෙයින් සතුටුවීම හැර කරන්නට අන් යමක් නොමැති බව හෙතෙම හුදෙකලා කුඩා කල සිටම පුරුදුව සිටි නිසා තම ආසන්නතම මිත්‍රයන් කීප දෙනෙකුගේද විශ්වාසය ඇතුව කාර්යයට මුල පිරීය. ගල්කටස් හා ගම්මැදි ආයුධවලින් කුප්‍රකට කටයුතු කළ ජවිපෙට මුහුණදීම විශාල අභියෝගයක් නොවීය. එබැවින් යුද කලාවේ (Art of War) ඉණිමග ක්‍රමය’ (Ladder System) තෝරාගත් හෙතෙම සිසිල් වෛද්‍යරත්න, ප්‍රේමදාස උඩුගම්පල, ලකී අල්ගම වැනි අතළොස්සකින් පළමු පියවර තැබීය. 


නමුත් “කොටි සටන” එවැනි මගකින් තරණය කළ හැක්කක් නොවන බව මුල පටන්ම පැහැදිලි කාරණයකි. 


හේතුව, ඊට බලවත් ඓතිහාසික - දේශපාලන වැටියක් තිබීමද, හින්දු ආගම, දෙමළ සංස්කෘතිය වැනි දෑ උත්තේජක ලෙස තිබීමද හා කොටි සටනේ සිටි බොහෝ කොටස්කරුවන් ඉතා විශිෂ්ට ශක්ති ස්තරවල ප්‍රබලව සිටීමය.


1972, දෛවෝපගත හා ඓතිහාසික ඊළමේ උපතත් සමග, මුල පටන්ම ප්‍රභාකරන් එහි නායකත්වයේ සිටියේය. කොටි සටනේ මහැදුරා වූ ඇන්ටන් ස්ටැනිස්ලෝස් බාලසිංහම්ද එහි න්‍යායාචාර්යවරයාගේ ධුරය දැරුවේ 1972 පටන්මය. 


ඒ හැම සාමාජිකයකුගේම පොදු ගුණාකාරය වූයේ සංවේදී විනය, ක්‍රමානුකූලබව හා ක්‍රියාන්විතයන්හිදී සාහසික වීම වැනි ප්‍රධාන කරුණුය. 1978 දී මුරුන්කන්හි රහස් පොලිසියේ සිව් දෙනාගේ ඝාතනයෙන් පසුව, කොටි සංවිධානයේ සියලු දෙනාම දකුණු ඉන්දියාවට පලා ගියහ. මේ වන විට සියලු බලය වූයේ කොටි සංවිධානයේ කමිටුව වූ මුරුක්නන් ඝාතනයට කෙළින්ම නායකත්වය දුන් (එවකට රජයේ මිනින්දෝරුවකු ලෙස මෙහි සේවය කළ) උමා මහේෂ්වරන් හා තැන තැන ජංගම ත්‍රස්ත ක්‍රියා කළ ටෙලෝ  සංවිධානයත් පමණකි. 


මනුෂ්‍ය චිත්ත සන්තානය හැමදාමත් වෙළාගත් ඊර්ෂ්‍යාව හා පළිගැනීම මුල් අවස්ථාවේදීම භේදභින්නතා ඇති කළේය. උර්මිලා දේවි කන්දයියා (Urmilla Devi) සම්බන්ධය මත ප්‍රභාකරන් උමා මහේෂ්වරන් සංවිධානයෙන් නෙරපා හැරීය. එය ටෙලෝ සංවිධානය සමඟ වැඩි ඇයි හොඳයියක් සඳහා සාධකයක් වූ අතර, ප්‍රභාකරන් සමග එකම ගමේ එකට පාසල් ගිය මිතුරෙකුද එහි සිටි නිසා (ඇම්.කේ. සිවාජිලිංගම්) එය තවත් බලවත් විය. 


ඉක්බිතිව මහේෂ්වරන්ගේ සමීපතමයෙකු වූ සුන්දරම්ද ඝාතනය කළ ප්‍රභාකරන්, පසුව මදුරාසියේ පොන්ඩි බසාර්හිදී උමා මහේෂ්වරන්ද ඝාතනය කිරීමට උත්සාහ දැරීය. 


ද්‍රවිඩ සටනේ මුල් කොටසේදීම පැහැදිලිවූ මේ දෙදරීම හා පිපිරීම හරහා පසුව, කොටි සටන ශීඝ්‍රයෙන් ඇමීබාකාර විලාසයකින් බෙදී  ගියේය. 
රංජන් විජේරත්නට එල්ටීටීඊ මර්දනය උග්‍ර ප්‍රහේලිකාවක් වූයේ මේ අතුරු සංවිධානවල ක්‍රියාකාරිත්වයයි. 


ඒ වන විට ජවිපෙ මර්දනය වෙනුවෙන්ම ස්ථාපිත “ගෝනි බිල්ලන්ගේ” අවතාර වූ “කොළ කොටි” හා “ප්‍රා” සංවිධාන එල්ටීටීඊ යේ මෙම සංවිධාන ජාලයන් ඉදිරියේ ළදරු පාසල් වැනිය. 


කෙසේ වෙතත්, 1987 වන විට “එක රටක් - එක පක්ෂයක්”  යන දර්ශනය මත කොටි න්‍යාය ස්ථාපිතව තිබුණත්, ගුප්ත ඉන්දියාවේ විවිධ ප්‍රවණතාවන් හරහා ලංකාව තුළ ක්‍රියාත්මක වන අතුරු සංවිධාන 36 ක් විය. 


මේ සංවිධාන විවිධ දිශානතියන් හරහා ගමන් කළේ වුවද “ඊළම” පොදු සාධකය හා පොදු පැතුම බව ප්‍රකාශිතය. එය ලෝක ව්‍යාප්ත දෙමළ ජනතාවගේ සදාතනික සිහිනයක් බව මගහැරිය නොහැකිය. “අපට භාරතයේ සහයෝගය හා අනුකම්පාව අවශ්‍යය” බව ප්‍රභාකරන් කියා තිබිණි. 


අලුතින් බිහිවුණු අතුරු සංවිධාන සියල්ලම හැදුණේ - වැඩුණේ මේ ඉන්දීය තොටිල්ලේය. එය අන්වර්ථයෙන් ඉන්දියාව ප්‍රභාකරන්ගේ සහායට හා අනුකම්පාවට ලක්වූ බවට නිදර්ශනයකි. 


අනාගතයේ එසේ විය නොහැකිද? 


භාරතයේ දේශපාලන හා චරපුරුෂ සේවනයේ අනුග්‍රහයෙන් මෙරට බිහිවූ අතුරු සංවිධාන :

1. LTTE 
2. TELO (Tamil Ealam Liberation Organization)
3. PLOT (Peoples Liberation of Tamileelam (PLOTE)
4. TELA (Tamil Eelam Liberation Army)
5. TEA (Tamil Eelam Army) 
6. EROS (Eelam Revolutionary Organization of Students)
7. EPRLF (Eelam Pepoles Revolutionary Front)
8. TELE (Tamil Eelam Liberation Extremists)
9. TERO (Tamil Eelam Revelotionary Organization)
10. TERPLA (Tamil Eelam Revolutionary Peoples Liberation Army)
11. RFTE (Red Front of Tamil Eelam)
12. TELG (Tamil Eelam Liberation Guerrillas)
13. NLFTE (National Liberation Front of Tamil Eelam)
14. LFTA (Lanka Freedom Tamil Army)
15. TLDF (Tamil Liberation Defence Front)
16. TENA (Tamil Eelam National Army)
17. TEC (Tamil Eelam Commndos)
18. TELF (Tamil Eelam Liberation Fighters)
19. TEEF (Tamil Eelam Eagle Front)
20. GATE (Guerrillas Aspiring for Tamil Eelam)
21. RCG (Red Crescent Guerrillas)
22. EM (Eagles Movement)
23. SRSC (Solidarity of Revolutionary Socialist Liberation)
24. TSCU (Tamil Eelam Command Unit)
25. TEBM (Tamil Eelam Boold Movement)

මීට අතිරේකව අන්තර්ජාතික වශයෙන් (විදේශගතව) ක්‍රියාත්මක වුණු සංවිධානද තිබුණි. 


එංගලන්තයේ සිට කටයුතු කළ ELO (The Eelam Liberation Organization) GENERAL UNION OF  EELAM STUDENTS (GUES), බි්‍රතාන්‍යයේ ඉතා ජනප්‍රිය නීතිඥයෙකු වූ (ශ්‍රී ලංකාවේ) ශ්‍රීහරන්ගේ  STANDING COMITEE OF TAMIL SPEAKING PEOPLE (SCOTS) yd EELAM TAMIL ASSOCIATION (ETA) ඒ අතර වේ. 


ශ්‍රී ලංකාවට එරෙහි (සිංහල ආණ්ඩුව) ආර්ථික සම්බාධක පැනවීමට පක්ෂපාතව කටයුතු කළ “ආර්ථික සම්බාධක හා ජාත්‍යන්තර පීඩනය” 

(ECONOMIC SABOTAGE AND INTERNATIONAL PRESSURE) සංවිධානයද, සංචාරක විරෝධී (Anti - Tourism) සංවිධානයද, සමගාමීව යමින් ඉතා ප්‍රයෝජනවත් මෙහෙයක් එල්ටීටීඊ ට කරනු ලැබිණි.


ලංකාවේ තේවලට වස මිශ්‍ර කරන තර්ජනය අන්තර්ජාතික වෙළඳපොළට දන්වමින් ^CYANIDE SCARE) “සයනයිඞ් භීතිය” දනවන වැඩ පිළිවෙළක්ද ඒ අතර විය. 


මීට අතිරේකව න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ නිර්දේශ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් මානව හිමිකම් අංශයන්ද, ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් (AI), ICJ ෂක්‍න්‍ හෙවත් ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ කොමිසමද දපනය වී තිබිණි. 


2016 ජූලි 15 වැනි දා තුර්කියේ හමුදා කුමන්ත්‍රණය පිටුපස කතෝලික පල්ලියේ ක්‍රියාකාරිත්වය තිබිණැයි එරට අගමැතිවරයා චෝදනා කළේය. මේ එක්දින ත්‍රස්තවාදයෙන් සිවිල් වැසියන් 161ක් මියගොස් හමුදාවේද 104 ක් මියගොස් 1440 කට තුවාල සිදුවිය. 6000 කට වැඩි යුද හමුදාවේ සාමාජිකයන් පිරිසක් නෙරපා හැරිණි.  ෆෙතුල්ලා ගුලෙන් (Fethulla Gulen) නමැති පූජකවරයා මේ සම්බන්ධව ක්‍රියාකාරීවිනැයි එම යෝජනාවේ සඳහන් වේ.


එවැනිම ආකාරයකින් 1983 ජූලි 07 වන දා ආචාර්ය පිලිප් පොටර් (Phillip Potter) නමැති ලෝක කතෝලික කවුන්සිලයේ පූජකවරයකු එවකට ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට ටෙලෙක්ස් පණිවිඩයක් එවමින් අනතුරුදායක සංඥාවක් සන්නිවේදනය කර තිබුණි. 


එමගින් උතුරේ වෙසෙන ජනතාවට කෙරෙන හිංසාව ගැනත්, පුරවැසියාගේ දේශපාලන හා මානව අයිතිය ගැනත් ජනාධිපතිවරයාට සිහිකැඳවා තිබිණි. එපමණක් නොව, “ත්‍රස්තවාදය තුරන් කිරීමේ පනත” පවා අකුලා ගන්නා ලෙසද ඔහු දන්වා තිබුණේය. 


1975 දී ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් කොටි සටන ආරම්භ වන්නට මුල පිරුණු (අදටත් වලංගු) හේතු රැගත් සමාජවාදී දෙමළ ඊළමක් කරා කුලවාදයේ ග්‍රහණයට හසු වූ දෙමළ ජාතිය සන්නද්ධ ත්‍රස්තවාදය හා රාජ්‍ය ත්‍රස්තවාදය දෙමළ ඊළාම් නිදහස් සටන හා නිදහසේ කොටි වැනි ප්‍රකාශන LTTE සංවිධානයේ න්‍යායාචාර්යවරයාගේ අධීක්ෂණය යටතේ එම අංශ මගින් නිකුත් කර තිබුණි. ඒ සියල්ලේම ආධිපත්‍යය ඇන්ටන් බාලසිංහම් විසින් හොබවන ලද අතර සංඛ්‍යාලේඛන එස්. සුබ්‍රමනියම්ගේ

ය. 
1975ට වසර කිහිපයකට පෙරත්, ඉන්දීය මැදිහත්වීම මත හා ආශිර්වාදය මත යාපනයේ විවිධ මාදිලියේ සංසද (Forum) හා සමුළු (Conference) පැවැත්විණි. 


1974 ජනවාරි 10 වෙනිදා විශේෂ දිනයකි. දෙමළ පර්යේෂණ පිළිබඳ සිව්වැනි ජාත්‍යන්තර සමුළුව මහාචාර්ය නයිනා මොහොමඞ්ගේ (Naina Mohomad) මූලිකත්වයෙන් මුලුදෙවුණේ එදාය. ඊට ප්‍රතිරෝදය හා (පදනමක් නැති) විරෝධය දක්වමින් ඉතා ම්ලේච්ඡ ලෙස කඩාපැන්නා වූ සියගණනක් වූ (සිංහල) පොලීසිය, සියලු බලය යොදා එය කඩාකප්පල් කළෝය. 


එල්ටීටීඊ ය උච්චතම ක්‍රියාකාරිත්වය දරන සියලු වකවානුවල කොටි හිතවාදී හා හිතවාදී නොවන කේඩරවලට :(Cadres)  පවා මේ ආශිර්වාදයන් හා සැනසිල්ල දේව වරමක් ලෙස ලැබී තිබිණි. අදටත් ඇතැම් අය එදා විෂබීජවල විෂ සඟවා පාර්ලිමේන්තුගතව ඉන්නවා වන්නට පුළුවන. සුඛෝපභෝගී ජීවන රටාව තුළ මේ සිතැඟි ඉබි - යතුරුලා තිබුණත්, ද්‍රවිඩ - සාමූහිකත්වයේ පීඩනය, හරහා ඒ අගුලු ඇරෙන බව නොදන්නේ මොන මෝඩයාද? 
මෙවැනි ක්‍රියා හා ප්‍රතික්‍රියා හමුවේ උතුරේ අඩුපහසුකම් යටතේ ජීවත් වූ සුළු ජාතීන් වූ දෙමළ ජනතාවට මධ්‍යම ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සතුරු පාලකයකුගේ අමන ආඥාදායකත්වයක් ලෙස පෙනුණා නිසැකය. දකුණේද අදටත් එවැනිම තත්ත්වයක් නිබඳව පවතිනවා නම් උතුර ගැන කියනුම කවරේද? 


“ගරිල්ලා සටන්කරුවාගේ ජීවිතය හැඟීම්වලින් පිරුණකි. දුකින් පිරුණකි. සතුටින් පිරුණකි. අසහනයෙන් පිරුණකි.”
වේළුපිල්ලේ ප්‍රභාකරන් - [email protected]

m

 

සම්පාදක, 

EROS, EPRLF, PLOTE, TELO, ENDLF හා  EPDP   ආදී මිලිටරි සංවිධාන ආයුධ සන්නද්ධව කටයුතු කළ සමයේ සිටම යුදමය හා දේශපාලන ක්‍රියාන්විතයන්හි ආශ්‍රය නිරීක්ෂකයෙකි. විශේෂයෙන් EROS සංවිධානයේ EDF (ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ) සුබසාධන හා මූලෝත්පාදන විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් නායක ශංකර් රාජි සමග ජාත්‍යන්තර මෙහෙයුම්වල ද ක්‍රියාත්මක වූවෙකි. 


ඊශ්‍රායෙලයේ මධ්‍යම ඔත්තු සංවිධානය වන මොසාඞ් (MOSAD) හා ෂින්බෙත් (SHINBETH) මෙහෙයුම්වල දේශීය නිරීක්ෂකයෙකු ලෙසද (ජ.වි.පෙ. ග්‍රහණය කරගැනීමේ සන්දියේ පටන්) ක්‍රියාත්මක වූවාට පරිබාහිරව, එජාපයේ නිල පුවත්පත වන -සියරට” පත්‍රයේ ද (ජේ. ආර්. ජයවර්ධන යුගයේ) කතුවරයෙකු ලෙස කටයුතු කළ හෙතෙම, ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ ද (ආර්. පී. හේරත් සංස්කරණය), JR: The Mafia Type Free Thinker" කෘතියෙහි ද කර්තෘවරයා වෙයි.

 



අදහස් (0)

ඉන්දීය තොටිල්ලේ නැළවුණු කොටි සටනේ අතුරු සංවිධාන

රංග Monday, 25 July 2016 06:37 PM

වටිනා ලිපියක් (නි)

:       0       0

සුදත් රෝහණ Tuesday, 26 July 2016 05:07 AM

කලකින් හොඳ ලිපියක් දුටිමි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 993 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 156 2

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 826 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 74 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 220 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site