IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඉන්දියාවේ නඩු තීන්දුව ලංකාවටත් පාඩමක්

ඉන්දියාව අපට මේ දිනවල ඩොලර්, තෙල්, ණය වැනි ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටී. ඒ සමඟ අපේ රටේ දේශපාලනඥයන්ටත් රට කරවන නායකයන්ටත් අපූරු ආදර්ශයක්ද ලබා දී තිබේ. එහෙත් අවාසනාවකට ණය ආධාර පැනලා ලබාගන්නා අපේ නායකයෝ යහපත් ආදර්ශ දකිද්දී ඒවා නොදැක්කා සේ ඉවත බලා ගනිති. අපේ රටට හෙට දවසේ විදුලිය තිබේදැයි අද ආණ්ඩුවේ බලධාරීන් පවා නොදන්නා තත්ත්වයකට රට ඇදවැටීමට එයද එක් ප්‍රබල හේතුවකි.

ඉන්දීය විශේෂ අධිකරණයක් මගින් පසුගියදා බිහාරයේ හිටපු ප්‍රධාන ඇමැතිවරයකු සහ දුම්රිය සේවා උපඇමැතිවරයකු වූ ලාලු‍ ප්‍රසාද් ඉන්දීය රුපියල් බිලියන 1.39ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබීය. රාශ්ත්‍රිය ජනතා පක්ෂයේ සුපිරි නායකයා වන ලාලු‍ ප්‍රසාද් තවත් චෝදනා 04කටද වැරදිකරු කරනු ලැබූ අතර එම චෝදනා සත්ව ආහාර වංචා කිරීම් සම්බන්ධයෙන් වූ බවද ප්‍රකාශ විය. මෙවැනි බලවත් ඇමැතිවරුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඔවුන් වරදකරුවන් බවට පත්කොට සිර දඬුවම් ලබාදුන් අවස්ථා අපේ රටේ දේශපාලන ඉතිහාසයේ නම් නැති තරම්ය.

ඉන්දියාවේ දේශපාලනය තුළද ශ්‍රී ලංකාවේ මෙන්ම අතිශය දූෂණ ක්‍රියා සිදුවීම් බහුලය. එහෙත් දෙරට අතර මේ සිදුවීම් පැහැදිලි රේඛාවකින් වෙනස් වෙයි. ඉන්දියාවේ බරපතළ චෝදනාවලට වරදකරුවන් වූ ඇතැම් බලවත් දේශපාලනඥයන් සිරගත වීමත් ශ්‍රී ලංකාවේ එසේ නොවීමත්ය. ශ්‍රී ලංකාවේ නම් බොහෝවිට සිදුවන්නේ බරපතළ වැරදි සිදුකළ බවට චෝදනා එල්ල වන පුද්ගලයන් යළි යළිත් මේ රටේ පාලනයට හවුල් වීමය. මේ ඇතැම් හොර තක්කඩි දූෂිතයන් යහමින් මුදල් වියදම් කොට ඊළඟ ඡන්දයේදී ඉහළ මනාප ඡන්ද සංඛ්‍යාවකින් බලයට පත්වන අවස්ථාද හිඟ නැත. අපේ රට මේ තරම් හිඟමනට වැටෙද්දී සමහර දේශපාලනඥයන් දිව්‍ය ලෝක සැප සම්පත් විඳීමේ රහස වටහා ගැනීම ප්‍රමාද වනතෙක් මේ විෂම චක්‍රය මේ ආකාරයටම කැරකෙනු ඇත.

අපේ රටේ මහ දවල් (නීත්‍යනුකූලව) සිදුවූ මහා වංචාවක් වශයෙන් සැලකෙන මහ බැංකු බැඳුම්කර මගඩිය හේතුවෙන් කිසිදු දේශපාලනඥයකුට නඩු වැටුණේ නැත. මේ සිද්ධියේදී තදින්ම බෙල්ල හිරවූ එවකට හිටපු මහ බැංකු අධිපතිවරයා අද ඉසුරුමත් රටක නිරුපද්‍රිතව වෙසෙයි. ඔහුට රටින් පිටව යාමට පවා කිසිදු අවහිරයක් නොතිබිණි.

ඊට පෙරදී පවා සිදුවූ දූෂිත බැංකු ගනුදෙනුවලට වගකිවයුතු ඇතැම් පුද්ගලයන් අද විවිධ තනතුරු දරමින් ජනතාවට කොකා පෙන්වමින් සිටිති. එහෙත් මීට කලකට ඉහතදී ඉන්දියාවේ ජනසන්නිවේදනයට සම්බන්ධ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ බලවත් ඥාති සබඳතා පවා තිබූ දේශපාලනඥයාට එරෙහිව ප්‍රබල දූෂණ චෝදනාවක් එල්ල වූ අතර එය උසාවිය දක්වාම ඇදී ගියේය. එම ආණ්ඩුව බලයේ සිටියදීම නඩුව විභාගයට ගනු ලැබූ අතර එකී අමාත්‍යවරයාට සිර දඬුවම් නියම විය. අපේ රටේ නම් මෙවැන්නක් කිසි කලෙකත් විය හැකිද? අපේ රට හිඟමනට පත්වීම ගැන පුදුම විය යුතුද?

මේ රටේ දේශපාලනය තුළ බූවල්ලකු මෙන් අඬු විදහා ගෙන ඇති දූෂණය සහ වංචාව රට මහත් අභාග්‍යසම්පන්න තත්ත්වයකට ඇද දමා තිබෙන බව යථාර්ථයයි. වරක් මේ රටේ කිරි එළදෙනුන් ගෙන්වීමේදී මහා පරිමාණ වංචාවක් සිදුවූ බවට බරපතළ චෝදනා එල්ල විය. කිසිදු අමාත්‍යවරයකුට හෝ අඩුම තරමින් ඇමැති හෙංචයියකුට හෝ උසාවි යාමට සිදුවූයේ නැත. සිදුවූයේ ඊළඟ ආණ්ඩුව යටතේත් මේ ආකාරයටම කිරි එළදෙනුන් ගෙන්වා රටේම ජනතාව ගොනාට අන්දවා මහා පරිමාණයෙන් ජනතා මුදල් ගසා කෑමය. මේ අපරාධයට වගකිවයුතු ඇතැම් දේශපාලනඥයෝ අද රටේ දේශපාලනයේ විවිධ තනතුරු උසුලමින් සිටිති. සමහරු මේ වනවිට බලය නැතිව සිටියත් ඔවුන්ට එරෙහිවද චෝදනා නැගීමට කිසිවකුත් නැත.

මෙවැනි උදාහරණ තවත් ඕනෑතරම් පෙන්වාදිය හැක. එහෙත් රටේ නීතිය ආණ්ඩුවේ දේශපාලනඥයන්ට එරෙහිව එක ආකාරයටත් ජනතාවට එරෙහිව තව ආකාරයකටත් ක්‍රියාත්මක වනතුරු මේ වංචා සහ දූෂණ නැතිකර දැමිය නොහැක. ඉන්දියාවේද හොරුන් වංචනිකයන් දේශපාලනය තුළ හිඟ නැති වුවද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේදී එරට අධිකරණය සියලු‍ අපරාධකරුවන් සම තත්ත්වයේ ලා සලකන බව ලාලු‍ ප්‍රසාද්ගේ නඩු තීන්දුවෙන් යළි තහවුරු කර තිබේ.

එහෙත් ශ්‍රී ලංකාවේ බලයේ සිටින දේශපාලනඥයෝ තමන් සිටින්නේ නීතියට ඉහළින් බව සැමවිටම සිතති. එපමණක් නොව කුමන උප්පරවැට්ටියක් හෝ දමාගෙන තමන්ට එරෙහිව උසාවිවල විභාග වන නඩුවලදී නිදොස්කොට නිදහස් වීමේ වරමද හිමිකර ගනිති.  නීතියෙන් ගැලවීමට තිබෙන හැකියාව නිසා තමන්ට බලය ඇතිවිට ඕනෑම වංචාවක් හෝ හොරකමක් හෝ සිදුකර තම සාක්කු පුරවා ගැනීමට දූෂිත දේශපාලනඥයෝ නොබියව කටයුතු කරති. මේ විෂම චක්‍රය තුළ රටට කිසි කලෙකත් ආර්ථික නිදහසක් නම් හිමිවනු  ඇතැයි බලාපොරොත්තු වීම සිහිනයක් පමණි.

අප රටේ බොහොමයක් දේශපාලන නායකයන් බොහෝවිට ආදර්ශයට ගන්නා රටක් වන්නේ සිංගප්පූරුවය. සිංගප්පූරුවේ වත්මන් දියුණුව, ඒක පුද්ගල ආදායමේ විශිෂ්ටත්වය, විනය මේ සියල්ල අපේ රටට පමණක් නොව ඕනෑම රටකට ඉහළම ආදර්ශයකි. අපි මේ ගැන කොතරම් කතා කළත් ඔවුන් රට ඒ තත්ත්වයට ගෙන ඒමට මූලිකම වූ සාධකය අමතක කරමු. දූෂණය මුළුමනින්ම පිටුදැකීම එම මහ සාධකය විය. දූෂණය මුලිනුපුටා දැමීමෙන් පසුව රටක් ඉබේම විනය අතින් ඉහළම මට්ටමට පැමිණෙයි.

සිංගප්පූරුව දූෂණය නැති කිරීමේදී කොතරම් දුරකට ගියාදැයි කිවහොත් වරක් බරපතළ වංචා චෝදනාවකට වැරැදිකරු වූ අමාත්‍යවරයකුට තම හිසට වෙඩි තබාගෙන මිය යනවා හැර වෙනත් විකල්පයක් ඉතිරිව නොතිබිණි. වංචාව සහ දූෂණය නැති කිරීමට එරට නායකයා ක්‍රියාකළ ආකාරය පිළිබඳ කිසිදු විමසීමකින් තොරව ඒ රට ළඟාකරගෙන ඇති අති විශාල දියුණුව ගැන කතා කිරීමෙන් පලක් නැත. අපේ රට එවැනි සොරකමින් තොර රටක් වීම කෙසේ වෙතත් වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලැබීම පවා සිදු නොවන රටකි. සිංගප්පූරුව දියුණු වීමත් අපේ රට පරිහානියට යාමත් පිළිබඳව පුදුම විය යුතුද?

අප කලින් සඳහන් කළාක් මෙන් මහ බැංකු වංචනිකයන්ට දඬුවම් නැත. කිරිහරක් හොරුන් තවම නිදැල්ලේය. මෑතකදී සිදුවූ පොල්තෙල්, සීනි, සුදු ලූනු වංචා සියල්ල අද ඇත්තේ කාපට් එක යටය. වැරැදිකරුවන් නිදැල්ලේ සිටියදී පැමිණිලිකරුගෙන් ප්‍රශ්න කරන ඔවුන් සී.අයි.ඩී.යට කැඳවන තැනට රට වැටී තිබේ. හෙට දවසේ වාහනයට තෙල් ලබාගත හැකිද යන්නටත් විශ්වාසයක් නැති තැනට රටේ ආර්ථිකය ඇද වැටීමට දූෂණ සහ වංචාවලින් හරිහම්බ කර ගැනීමට දේශපාලනඥයන්ට ඉඩදීමද මහා පරිමාණ හොරුන්ට රැකවරණය ලැබීමද ප්‍රබල ලෙස බලපා තිබෙන සාධකයක් බවද පෙන්වා දිය යුතුය.



අදහස් (1)

ඉන්දියාවේ නඩු තීන්දුව ලංකාවටත් පාඩමක්

jaye Wednesday, 23 February 2022 01:09 PM

ඉතා අනර්ඝ කතුවැකියකි. නමුත් අපේ රටේ මෙය යථාර්තයක් බවට පත්වීම ගලෙන් පට්ටයක් ගන්නවාටත් වැඩිය අමාරු කාර්යකි...

:       1       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2985 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12175 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 562 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 937 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1012 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site