IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඉන්ධන මිල විරෝධයේ එදා මෙදා වෙනසක අරුමය

 

ගෙවුණු අගහරුවාදා දින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඔවුන්ගේ කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව බලා පැමිණියේ, ට්‍රැක්ටර, පස් කපන යන්ත්‍ර, වෑන් සහ බස් ආදී රථවල නැගී ගෙනය. එය, ඉන්ධන මිල ඉතා වැඩි අගයකින් ඉහළ දමා තිබීම අරබයා ඔවුන් දැක්වූ විරෝධය විය.

මෙසේ වාහනවල ගමන් කිරීමෙන් ඔබ කරන්නේ ඉන්ධන නාස්තියක් නොවේදැයි? මාධ්‍යවේදියෙක්, සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් විමසා සිටියේය. ඒ හමුවේ අපහසුතාවයට පත්වූ ප්‍රේමදාස මහතා “මේ විරෝධතාවය කරන්නේ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන ජනතාවට” යැයි ප්‍රතිචාර දැක්වූයේ කෝපයෙනි. 

එම මාධ්‍යවේදියා සේම වියවුලට පත්ව සිටි, සමගි ජනබලවේගයේ රටවටා සාමාජිකයෝ තවත් සිය ගණනක් වූහ. 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාමාන්‍යයෙන් ගමනේ යෙදෙන ප්‍රාඩෝ හෝ පැජරෝ යන රථ අතහැර මෙවැනි විරෝධතාවක් කරන්නේ කුමකටදැයි මෙන්ම විපක්ෂය දියත් කරමින් සිටින අනෙක් විරෝධතා සම්බන්ධයෙන් ද ඔවුන්ට ගැටලු පැවතිණ. මෙවන් විරෝධතාවල පදනම කුමක්දැයි ඔවුහු විමසූහ.

සජිත්ගේ පියාණන් වන නැසීගිය රණසිංහ ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ සිටි සමයේ, 1973 වසරේ එවක රජය ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ඔවුන් දියත් කළ විරෝධතාවය මීට හාත්පසින්ම වෙනස් විය. එහිදී ඔවුහු, වෝඩ් පෙදෙසේ පිහිටි ජේ.ආර්.ජයවර්ධන මහතාගේ නිවසේ සිට ගාලු මුවදොර ආසන්නයේ පැරණි පාර්ලිමේන්තුව දක්වා ආවේ ගොනුන් අදින ලද ගැල්වල නැගී ගෙනය. 

වාර්තාකරුවෙක් ලෙස එම අවස්ථාව ආවරණය කිරීම ලියුම්කරුට පැවරී තිබුණු අතර, විශේෂත්වය වූයේ මෙම විරෝධතාවයට තේමාවක් - එනම් ඉන්ධන මිල ඉහළ ගොස් තිබීම හමුවේ ජනතාවට ගැල්වල නැගී ගමනේ යෙදීමට සිදුවනු ඇත යැයි, තිබීමය. 

සිනහවක් කැඳවූ අවස්ථා ද මෙම විරෝධතාවයේ නොතිබුණා නොවේ. 

ආයුර්වේද වෛද්‍යවරයකු මෙන්ම දේශපාලනයේ දීත් සැබෑ කටකාරයකු වූ ධර්මසේන ආටිගල මහතා එවක කැස්බෑවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පත්ව සිටියේය. එවකට විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන මහතා ගමන්ගත් කරත්තය දක්කාගෙන ගියේය ඔහුමය. 

එම කරත්තයට ගැටගසා තිබුණු ගවයාට ඔහු කොපමණ නම් කෙවිටෙන් තැලී ද, පයින් ගැසී ද, යත් එක් අවස්ථාවක එම ගවයා ගොම තලියක් පිටුපසට විද්දේ ආටිගල මහතා ඇඳ සිටි සුදු සරම කොළ පැහැයෙන් වෛවර්ණ කරවමිනි. මෙය සිදුවූයේ ගැල් පේළිය පාර්ලිමේන්තුවට පිවිසීමට පෙරය. 

තවත් අවස්ථාවක, ජයවර්ධන මහතාගේ ගෙවත්තේ ගසක ගැටගසා සිටි ගවයෙක් පැන ගියේය. එම සත්ත්වයා සොයා ඉහළ මට්ටමේ මෙහෙයුමක් පවා දියත් කිරීමට සිදුවිය. එනිසා, කලින් සැළසුම් කරගෙන සිටි වේලාවට විරෝධතාවය ආරම්භ කිරීමටත් බාධා පැමිණුනි.

ගම්මන්පිල විරෝධය

රථවාහන විරෝධතාවයට අමතරව සමගි ජනබලවේගය තවත් පියවර දෙකක් ගත්තේය. 
එකක් වූයේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවයි. 
“දැන් සැප” යැයි කියමනක් ජනගත කිරීම දෙවැන්න විය.

ඉන්ධන මිල ඉහළ දැමීම සමස්ත රජයම නියෝජනය වන තීරණයක් වන පසුබිමක, ඔවුන් උදය ගම්මන්පිල මහතාට පමණක් අවධානය යොමුකර තිබෙන්නේ ඇයි? කොටින්ම, තමා ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත්තේ, ජනපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු එයට අනුමැතිය දුන්නායින් පසුව පමණක් යැයි ගම්මන්පිල මහතා පවසා තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයට මුදල් අමාත්‍යවරයා ද, වන අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් අත්සන් තබා ඇතැයි ඔහු පැවසුවේ ය. 

එවැනි තත්ත්වයක, ප්‍රේමදාස මහතාගේ මෙම විරෝධය රජයේ වැදගත් පුද්ගලයින් ඉලක්ක නොකෙරෙන මෘදු විරෝධයක් ද? මෙසේ ගම්මන්පිල මහතාට පමණක් එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමත් සමග, රජය පරාජයට පත්වීම වළක්වා ගැනීමේ අරමුණින් පාලක සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගම්මන්පිල වටා එක්වනු ඇත.

ගම්මන්පිල මහතාම කියා තිබෙන පරිදි ඉන්ධන මිල වැඩි කිරීම ඔහුගේ තනි තීරණයක් නොවේ. මෙවන් පසුබිමක, ගම්මන්පිල මහතා, ඉන්ධන මිල වැඩිකිරීමට අමතරව පැවැති නොවැදගත් ගැටලු කිහිපයකම, විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා වැනි අය කිහිපදෙනෙක් අපහසුතාවයට පත් කරවීමේ සමත් වූ ගැටළුවක පැටලිණ. 

මීට දින කිහිපයකට පෙර, සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමකට අනුගත වෙමින්, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඔහුට විශ්වාසපක්ෂ යෝජනාවකට පක්ෂව ඡන්දය පලකළේය. ඒ සම්බන්ධයෙන් මෙම තීරුවෙන් අනාවරණය කැරුණු ආකාරයට, ප්‍රේමදාස මහතා එවැනි යෝජනාවක් ගෙන ආවේ සිය පක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගෙනය. 

කරුණු මෙසේ හෙයින්, අනෙක් සියලුදෙනා පසෙකලා එක් අමාත්‍යවරයෙක්ට පමණක් දොස් පැවරීමට සමගි ජනබලවේගයේ සාමාජිකයන් එකගවූයේ ඇයි ද? යන්න පැහැදිලි නැත. එය හරියටම, බස් ගාස්තු ඉහළ නැංවීයැයි බස් කොන්දොස්තර මහතාට දොස් පවරනවා වැනිය.
අනෙක් කාරණය “දැන් සැපද?” යන කියමන වේ.
සමගි ජනබලවේගය එය ලබාගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගෙන්ය. 

එදවස එම කියමන රාජපක්ෂ මහතා යොදාගත්තේ, එවකට පැවැති යහපාලන රජයට ඡන්දය දී, අනෙක් පසට ඔවුන් පැනවූ දැඩි පියවර හමුවේ තැලී සිටි අයවලුන් සමච්චලයට ලක් කිරීමටය. රාජපක්ෂ මහතා, විවිධ වේදිකාවල දී, මෙය කීවේය. එම කියමන, අද සමගි ජනබලවේගයත් එළෙසම භාවිතා කරමින් සිටින්නේ, එක් බරපතල කාරණයක් අමතක කර දමාය. 

එම කියමනෙන් ඉලක්ක කැරෙන්නේ රජය නොවේ. රාජපක්ෂ මහතා කියා සිටි ලෙසම, එහි ඉලක්කය පොදු ජනතාවය. එය දැනටමත් තුවාළ ලැබ සිටින ඔවුන්ගේ එම තුවාළ මතට ලුණු දමනවා වැනි නොවේ ද? 
සමගි ජනබලවේගය ජනතාවගේ සිත් සතන් දිනාගැනීමට යන්නේ මේ ආකාරයට ද? 

විපක්ෂ නායකට ඖෂධ ඇමරිකාවෙන්

ප්‍රේමදාස මහතා කෝවිඩ්-19 වෛරසය ආසාදනයව ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේ, ඔහුට අවැසි වූ ඖෂධ වහාම එක්සත් ජනපදයේ සිට ගෙන්වීමට පාලක සන්ධානය පියවර ගත්තේය. එයට හේතු අදාළ කරගැනීමට හෝ නොගැනීමට කෙනෙකුට හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු දැන් සුවය ලබා සිටී. අඩුම තරමින් පෞද්ගලික මට්ටමින් හෝ, ඒ සම්බන්ධයෙන් ඔහු පාලක සන්ධානයේ නායකයින්ට සහ අනෙක් අයට කෘතවේදීය. එය පෞද්ගලික මට්ටමින් වන කාරණයකි. අනෙක් අතට, සිය පාලක සන්ධානයේ නායකයින් සිය සුවදුක් විමසීම සම්බන්ධයෙනුත් ඔහු ඔවුන්ට සිය කෘතවේදීත්වය පළකර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මෙවන් පසුබිමක වීම අතිශයින් වැදගත්ය. 

ගෙවුණු පාර්ලිමේන්තු මැතිවරණයේ දී, එක්සත් ජාතික පක්ෂය රටේ දේශපාලන සිතියමෙන් අතුගෑවී ගිය බව සත්‍යයකි. ප්‍රකාශිත සමස්ත ඡන්දවලින් ඔවුන්ට දිනාගත හැකිවූයේ 2% ක පමණ ඡන්ද ප්‍රමාණයක් යන්නත් සත්‍යයකි. 

වික්‍රමසිංහ මහතාට ඔහු එතෙක් දැරූ පාර්ලිමේන්තු අසුනත් අහිමිව ගිය බවත් සත්‍යයකි. නමුත්, එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ එකම බෝනස් අසුනේ, පසුගිය බදාදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම්දීමෙන් තමන් විවිධ හේතු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් මැදිහත් මෙහෙයක් ඉටුකිරීම අරබයා ඉතා වැදගත් පුද්ගලයෙක් බව ඔහු පෙන්වා දුන්නේ ය. 

එහිලා එක් කාරණයක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම්දීමෙන් පසුව ඔහු කළ මංගල පාර්ලිමේන්තු කතාව පෙන්වා දිය හැකිය. එම කතාවේ දී, ඔහු හෝ සමගි ජනබලවේගය හෝ මින් පෙර අවස්ථාවක පෙන්වා නොදුන් කරුණු කාරණා රාශියක් වික්‍රමසිංහ මහතා මතුකළේය. කොටින්ම, ඔහුගේ එදිරිවාදීහු පවා ඒ හමුවේ මවිතයට පත්වූහ.  

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය කෝවිද ගුණසේකර



අදහස් (0)

ඉන්ධන මිල විරෝධයේ එදා මෙදා වෙනසක අරුමය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 790 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 378 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 129 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4278 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12690 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 691 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site