IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඉසුරුමුණියේ පැතැලි ගලක ආලයේ ලීලය පෑවෝ කවරහුද?

23_PAGE_5_RASA  

 

අනුරාධපුරයේ සොළොස්මස්ථානයන් වන්දනා කරන බැතිමතුන්ගෙන් බොහෝමයක් විසින් ඉසුරුමුණිය ද ඉන් එකක් වශයෙන් සලකණු ලැබේ. ඉසුරුමුණිය බොදු බැතිමතුන්ගේ පමණක් නොව, පුරාවිද්‍යාඥයන්, කලා රසිකයන් ඇතුළු බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට සහ ගෞරවයට පාත්‍ර වූ ස්ථානයකි. 


මිහිඳු මහ හිමියන් වෙතින් පැවිද්ද ලැබූ ඉසුරුමත් පුද්ගලයන් (රාජවංශයේ ඇත්තන්) සඳහා දේවානම් පියතිස්ස රජතුමා විසින් ඉදි කෙරුණු විහාරය ඉසුරුමුණිය නම් වූ බව මහා වංශයෙහි විසිවන පරිච්ජේදයෙහි දහ හතර සිට විසි අට දක්වා වූ ගාථාවලින් පැහැදිලි වේ.

56
එසේම මහා වංශයෙහි තිස් පස්වන පරිච්ඡේදයෙහි අසූහත්වෙනි ගාථාව අනුව වසභ රජතුමා විසින් ඉසුරුමුණි විහාරයෙහි පොහෝ ගෙයක් තනවනු ලැබ ඇත. වෝහාරක තිස්ස රජු ඉසුරුමුණි විහාරය වටා පවුරක් තැනවූ බවද මහාවංශයෙහි සඳහන්ය. සීගිරි කාශ්‍යපයන් විසින් සිය බෝධි සහ උපුල්වන් දියණියන් සඳහා මෙහි විහාරයක් කැරවූ බවද මහාවංශයෙහි තිස්නම වන පරිච්ඡේදයහි සඳහන් වේ.


දැනට ඉසුරුමුණිය විහාරය යැයි හැඳින්වෙන විහාරයට තරමක් දුරින් කුරුණෑගල පාර අබියස පෙදෙසක පැරැණි ගල්ලෙන් සමූහයක් ඇති අතර සමහරුන් විසින් එය “වෙස්සගිරි” යනුවෙන් හඳුන්වනු ලැබේ. 


සිව්වන මිහිඳු රජු විසින් (ක්‍රි.ව. 975-991) පිහිටුවන ලද සෙල් ලිපියක මෙසේ සඳහන්ව ඇත. “....රකුස් පිරිහ පැන්තිසා උවනිසා පිහිටි ඉසුරුචෙණු බො උපුල්වන් කසුබ්ගිරි රද්මහ වෙහෙර්හි වසන....” යනුවෙන් සඳහන් මෙම සෙල්ලිපිය වෙස්සගිරි පුවරු අංක 02 යනුවෙන් හැඳින්වෙන අතර එය “ඉසුරු චෙණ බො උපුල්වන් කසුබ්ගිරි රද්මහ වෙහෙර” යනුවෙන් නම් කර ඇත.


එම සෙල් ලිපිය ඇසුරු කරගෙන තම අදහස් දක්වන ආචාර්ය ඩී.එච්. ද ඉසෙඞ් වික්‍රමසිංහ මහතා ඉසුරුමුණි විහාරය ක්‍රිස්තු පූර්ව යුගයේදී මහරහතුන් වැඩ සිටි වෙස්සගිරි විහාර පද්ධතියෙහිම කොටසක්ව පැවැති බව පවසයි.


“ලක්දිව පැරැණි ලියකියවිලි” සඟරාවේ පළමුවන කලාපයේ තිස්එක්වන පිටුවේ වික්‍රමසිංහ මහතා මෙසේද කියයි. 


“මෙම සෙල් ලිපිය පිහිටි  මුල් ඉඩම වෙස්සගිරි වුවහොත් දැනට ඉසුරුමුණිය නමින් අප පිළිගන්නා වූ ගල් වෙහෙර, වෙස්සගිරියත් සහිතව විශාල ආරාමයක්ව පැවැති බව එයින් පැහැදිලි වන්නේය.”


නමුත් වික්‍රමසිංහ මහතාගේ අදහසට විරුද්ධව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා “ලංකා ඉතිහාසය සාහිත්‍ය මණ්ඩලීය ලිපි මාලාවේ අංක එකේ අසූ හයවෙනි පිටුවේ මෙසේ සඳහන් කරයි” වෙස්සගිරියත්, ඉසුරුමුණියත් එකම ආරාමයක්ව පැවතුණේ යැයි පිළිගත නොහැක.


මෙම විහාර දෙකේ සීමාවන් කුඹුරු අතර ද පැහැදිලිව දක්නට ඇත. එහෙයින් මෙම විහාර දෙක එකට යාව තිබූ බව හෝ දෙකම එකක් වශයෙන් සැලකීමට හෝ ඇති ඉඩකඩ ඓතිහාසික වශයෙන් අල්පය. 


මේ අතරම අද බොහෝ දෙනෙකු ඉසුරුමුණිය විහාරය යැයි පිළිගන්නා විහාරය, දේවානම් පියතිස්ස රජු ඉසුරුමත් පුද්ගලයන් සඳහා කර වූ ඉසුරුමුණිය විහාරය නොවේ යැයි බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත.


“ලංකාවේ බුදු සමයේ ඉතිහාසය” නම් ග්‍රන්ථයේ ආචාර්ය වල්පොල රාහුල හිමියෝ.... “ඉස්සර සවණාරාමය හෙවත් ඉසුරුමුණිය කස්සප ගිරි විහාරය බවත්, එම කස්සප ගිරි විහාරය අද වෙස්සගිරිය යනුවෙන් හඳුන්වන ස්ථානය බවත් පවසති. උන්වහන්සේ එසේ පවසන්නේ මහාවංශ ටීකාවෙහි 407 පිටෙහි එන “ඉස්සර සමණ සංඛතෙ කස්සපගිරි විහාරෙ” යන පාඨය පදනම් කරගෙනය.


“ලක්දිව සෙල්ලිපි” යන ග්‍රන්ථයෙන් කොත්මලේ අමරවංශ හිමිපාණෝ ද “අනුරපුර නටබුන්” යන ග්‍රන්ථයෙන් කඹුරුපිටියේ වනරතන හිමියෝද “ශිලා ලේඛන සංග්‍රහය” දෙවන කාණ්ඩයෙන් මැද උයන්ගොඩ විමලකීර්ති හිමිපාණෝද ආචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ එම අදහස අනුමත කරති. 


එසේම අද වෙස්සගිරිය වශයෙන් හැඳින්වෙන ස්ථානය දේවානම්පියතිස්ස රජු දවස පැවැදි වූ වෛශ්‍යයන් සඳහා වෙස්සගිරිය වශයෙන් පිළිගැනීමට නොහැකි වගත් විද්වතුහු දක්වති.


වර්තමාන ඉසුරුමුණිය, පැරණි මේඝගිරි විහාරය විය හැකි බව මහාචාර්ය සෙනරත් පරණවිතානයෝ පවසති. 


කිත්සිරි මෙවන් රජු දවස, හේමමාලා සහ දන්ත කුමරුන් දළදා වහන්සේ වැඩමවාගෙන රජු හඳුනන භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කළ අනුරාධපුරයෙහි පිහිටි මේඝගිරි විහාරය වෙත ගිය බවත්, එම භික්ෂූන් වහන්සේ ද දළදා වහන්සේ මහත් භක්තියෙන් පිළිගෙන වස්ත්‍රයෙන් සැරසූ කුටියක වැඩ හිඳුවා රජුවෙත පණිවිඩයක් යැවූ බවත්, දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ මහත් ආශාවෙන් රජු, නගරයට ඊසාන දිගින් පිහිටි මේඝගිරි විහාරයට මහ සෙනඟ සමඟ පයින්ම පැමිණි වගත් දළදා වංශයෙහි සඳහන් වෙයි.


අනුරාධපුරවර සමීපයෙහි ඇති මේඝගිරි විහාරයට හේමමාලාවන් සහ දන්ත කුමරුන් දළදා වහන්සේ වැඩම කර වූ බව දැනගත් කිත්සිරි මෙවන් රජු මහා පිරිවරක් සමඟ පැමිණ දළදා වහන්සේ වන්දනා කළ බව දළදා පූජාවලියේද සඳහන්වේ.


දළදා වහන්සේ මුලින්ම වැඩ වාසය කළ මේඝගිරිය, නූතන ඉසුරුමුණියම වන බව පරණවිතාන මහතා පවසයි.


එම මතය තවදුරටත් සනාථ කිරීමට මහාචාර්ය සෙනරත් පරණවිතාන “සාහිත්‍ය මණ්ඩලීය ඉතිහාසය සංග්‍රහය” ග්‍රන්ථයේ මෙසේ කරුණු ඉදිරිපත් කරයි.

“නූතන ඉසුරුමුණිය පිළිබඳව ඉතිහාසය විමසීමේදී මෙම විහාරය පිහිටි ශෛලමය පව්වේ මධ්‍ය භාගයේ නෙළා ඇති අශ්ව හිස සහිත මිනිසාගේ රූපය ගැනත්, එහි පහත පොකුණේ දිය කෙළින ඇත් රළ පිළිබිඹු කෙරෙන කැටයම් ගැනත් දැඩි අවධානය යොමු කළ යුතුමය. මෙම මිනිස් රුව අන් යමක් නොව, මිනිසුන් වැස්ස හෙවත් මේඝය පතා, ඈත අතීතයේ සිට මිනිසුන් පූජා පවත්වන “පර්ජනම්” සංකේතයයි. ඇත් රළ කැටයමින් වැසි වලාකුළු සංකේතවත් කරයි. මේ සියලු කරුණු සලකා බැලීමේදී මේ ගල් විහාරය මේඝගිරිය වශයෙන් හඳුනාගත හැක.


වත්මන් ඉසුරුමුණිය, එදා දළදා වහන්සේ මුලින්ම තැන්පත් කරන ලද මේඝගිරිය නම් ඉසුරුමුණියෙහි පැතැලි ගලක කැටයම් කළ එම ජනප්‍රිය පෙම් යුවළ කවුරුන්ද? දැනට ඉසුරුමුණි පෙම් යුවළ දැක්වෙන පැතැලි ගල විහාරයෙහි කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇතත් කලින් එය තිබුණේ, ඉසුරුමුණි ගලෙහි නෙළා ඇති මිනිස් රුව සහ අශ්ව හිසට පහතිනි.


සමහර පුරාවිද්‍යා විචාරකයන් පවසන ලෙස මිනිස් රුව සමඟ අශ්ව හිසේ උත්පත්තියත් ඉසුරුමුණියෙහි පෙම් යුවළෙහි උත්පත්තියත් යුග දෙකකදී සිදු වූ බවය. 


ඉසුරුමුණි පෙම් යුවළ නිර්මාණය තුළින් පිළිබිඹු  වන ලක්ෂණ අනුව ක්‍රිස්තු වර්ෂ හතරවන පස්වන සියවස්වලදී එය නිර්මාණය කරන්නට ඇතැයි අනුමාන කෙරේ. එම යුගයන්හි පැතැලි ගල්වල කැටයම් නෙළීම සිදු වී ඇත. විචාරකයන් දක්වන අන්දමට සඳකඩ පහන සහ මුරගල් නෙළීම ආරම්භ කර ඇත්තේ ද හතර වන පස්වන සියවස්වලදීය. මිනිස් රුව සහිත අශ්ව හිස හත්වන සියවසේදී නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. හත්වන සියවසේදී, දකුණු ඉන්දීය බලපෑම් සහ ආක්‍රමණ නිසා අන්‍ය ආගමික විශ්වාසයන් අපේ කලා කෘතිවලට ඇතුළුවීම නිසා පර්ජන්‍ය සංකේතය ඉසුරුමුණියට එකතු වන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ.


දැනට ඉසුරුමුණිය විහාරයේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පැතැලි ගල් පුවරුවෙහි ඇති පෙම්වතුන් යුවළ පිළිබඳව උගතුන් අතර විවිධ මති මතාන්තර ඇත.


එක් මතයක් වන්නේ මෙම ගල් පුවරුවෙහි ඇත්තේ ශිව-පාර්වතී දෙදෙනාගේ රූ සටහන් බවය. මෙම රූප ශීව-පාර්වතීගේ නම් අනිවාර්යයෙන්ම මෙහි හින්දු කෝවිලක් තිබිය යුතුය. නමුත් ඉතිහාසයේ කිසිම කලක මෙහි හින්දු කෝවිලක් පැවැති බවට සාක්ෂි ලැබෙන්නේ නැත. 


බොහෝ දෙනෙක් පවසන්නේ, අපේ ඉතිහාසයේ සුන්දර පෙම් පුවතකට පාදක වූ, දුටුගැමුණු පුත් සාලිය සහ ඔහුගේ ආදරවන්තිය වන අශෝකමාලාවන් පිළිබිඹු කිරීම පිණිස මෙම ශෛලමය රූප නිර්මාණය කරන්නට ඇති බවය. 


මෙහිදී අපගේ අවධානය පණ්ඩුකාභය රජ දවස අනුරපුර නගර නිර්මාණයේ ස්වරූපය කෙරෙහි යොමු කිරීම වටනේය. 


මහා වංශය මෙන්ම පැරණි ග්‍රන්ථ කීපයකම එය දැක්වෙන්නේ මෙලෙසිනි.


සොහොන් භූමිය නගරයේ බටහිර දෙසින් පිහිටි අතර, නගර ශෝධකයන් ඇතුළු සැඩොල් කුලවල ජනතාව වාසය කළේ එයට බටහිරෙනි.


සමහරුන්ගේ මතය වන්නේ මෙම ශෛලමය පුවරුව පැරැණි මහාමේඝ වනයෙහි එක් කෙළවරක පිහිටි රන්මසු උයනේ සිට ගෙන එන්නට ඇති බවය. ඔවුන් එලෙස සිතන්නේ සාලිය කුමරුන්ට අශෝක මාලාවන් රන්මසු උයනේදී මුණ ගැසෙන්නට ඇති බවය. නමුත් රන්මසු උයන ආශ්‍රිතව සැඩොල් ජනයා වාසය නොකළ නිසා එවැන්නක් සිදුවීමට ඉඩ ඇතැයි සිතිය නොහැක.


රන්මසු උයනේ ස්වභාවිකව පිහිටි ගල් බොහෝමයක් ඇත. යම් හෙයකින්, සාලිය අශෝකමාලාවන් රන්මසු උයනේදී හමු වී, එය සිහිපත් කිරීමට රුවක් නිර්මාණය කරන්නේ නම් එය තැනින් තැන ඔසවාගෙන යා හැකි ගල් පුවරුවක නොව, සදාකාලිකව එකම තැනක පවතින ස්වභාවිකව පිහිටි ගලක නිර්මාණය කරනු ඇත.


සාධන මාලා නම් තාන්ත්‍රික ග්‍රන්ථයේ එන සඳහනක් අනුව, මෙම ගල් පුවරුවේ දැක්වෙන්නේ මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ අවතාරයක් වන “ස්ථිර චක්‍ර” සහ ඔහුගේ බිරිඳ වන “ප්‍රඥ” බව හිටපු පුරාවිද්‍යා අධිකාරීවරයකු වන පී.ඩී. යෙස්ටියර් පවසයි.


නමුත් මෙයට ප්‍රතිවිරුද්ධ මතයක් දරන නන්දසේන මුදියන්සේ මහතා සිය ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයෙහි මෙසේ දක්වයි. “සාධන මාලාවෙහි දැක්වෙන ලෙස මෙන්ම, වෙනත් මහායාන බෝසත් රූපවල අතෙහි කඩුවක් මෙන්ම, වරද මුද්‍රාව දක්නට ලැබෙයි. නමුත් ඉසුරුමුණිය පැතැලි ගලෙහි ඇති පුරුෂ රූපයෙහි එවැන්නක් දක්නට නොලැබෙන බැවින් එය ස්ථිර චක්‍රගේ යැයි පිළිගත නොහැක.


ආදරයෙන් මුසපත් වූ යුවළක් මෙම කැටයම්වලින් පිළිඹිබු නොවන බව සමහර විද්වතුන්ගේ අදහසයි. ඔවුන් දක්වන ලෙස ආදරවන්තයන් නිරූපිත සෑම පැරැණි චිත්‍රයකම පුරුෂයා, කාන්තාවගේ නිකට අල්වාගෙන ආලිංගනයෙන් යුතුව සිටින බව දැක්වේ. නමුත් මෙම ගල් පුවරුවෙහි ඇති කැටයමින් එවැන්නක් නිරූපණය නොවේ. එමෙන්ම ඉසුරුමුණිය පැතැලි ගලෙහි ඇති ස්ත්‍රියගේ මුහුණෙහි රාගාශ්‍රිත බැල්මක් දක්නට නැත. ඇය අතෙහි යමක් අල්වාගෙන ඇත්තේ පුරුෂයාට විරුද්ධ පැත්ත දෙසිනි.


සමහරුන්ගේ මතය නම් මෙම ගල් කැටයමින් නිරූපණය වෙන්නේ වෙන කිසිවෙකුත් නොව මෙරටට දන්ත ධාතූන් වහන්සේ වැඩම කළ දන්ත කුමරු සහ හේමමාලි කුමරිය බවය. දන්ත ධාතූන් වහන්සේ වැඩමවිත් සිදු කරන ලද සේවයට ගෞරව කිරීමක් වශයෙන්, කිත්සිරිමෙවන් රජු මෙම ගල් කැටයම් නිර්මාණය කරවන්නට ඇති බවය.


“මනාවට සුපුෂ්පිත වූ නිලුපුල් පෙති දෙකක් බදු නෙත්සඟලක් දරන්නා වූ, හංස ධේනුවක් බඳු ගමන් ලතාව ඇත්තා වූ, මනෝඥ වූ පීණ පයෝධර යුග්මයෙන් හමු වූ ශරීරය ඇති හේමමාලාවන්” යනුවෙන් දළදා ජූජාවලියෙහි හේමමාලාවන්ගේ රූපශ්‍රීය වර්ණනා කර ඇත. ඉන් විස්තර වන හේමමාලාවන්ගේ ශරීරාංගවලට ඉසුරුමුණියෙහි පැතැලි ගලෙහි ඇති ස්ත්‍රියගේ රුවට මැනවින් ගැළපෙයි.


කඩුවක් පැළැඳ සිටීමෙන් සහ ඇඳුම් පැළඳුම්වලින් මෙම පුරුෂයා ද රාජකීයකු බව මැනැවින් පැහැදිලි වෙයි. එමෙන්ම තමන්ට නියම වූ කටයුත්තක් නිසියාකාරයෙන් ඉටුකළ නිසා ලද තෘප්තියක් සංහිඳියාවක සලකුණු එම යුවළ වෙතින් ප්‍රකට වෙයි.


දන්ත කුමරුන් සහ හේමමාලාවන් වරින්වර තම හිසෙහි ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සඟවාගෙන ගිය බව සඳහන් වෙයි. මෙම ගල් කැටයමෙහි පුරුෂයා පිටුපසින් ඇති රශ්මි මාලාව, ඔවුන් දළදා වහන්සේ හිසේ සඟවාගෙන පැමිණි වග සංකේතවත් කිරීමට නිරූපණය කරන්නට ඇත.

m



අදහස් (0)

ඉසුරුමුණියේ පැතැලි ගලක ආලයේ ලීලය පෑවෝ කවරහුද?

සිරිලාල් Tuesday, 26 April 2016 01:38 PM

දන්ත කුමරු සහ හේමමාලි කුමරිය, දන්ත ධාතූන් වහන්සේ වැඩමවිත් සිදු කරන ලද සේවයට ගෞරව කිරීමක් වශයෙන්, මෙම ගල් කැටයම කරවන ලදී (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1790 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 295 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 932 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 82 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 176 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 230 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site