IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


ඉස්ලාම් දහම පරිපූර්ණ කළ නබිතුමාණෝ

ලොව පුරා ජීවත් වන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාව විසින් පිළිපදිනු ලබන ඉස්ලාම් ධර්මය මෙලොව පරිපූර්ණ කර දුන් වක්තෘවරයාණන් වන මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අදට (16) යෙදී තිබේ. මුහම්මද්තුමාගේ ජීවිතය අළලා සැකසුණු මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ඉස්ලාම් ධර්මය පරිපූර්ණ කරනු ලැබුවේ මුහම්මද් නබිතුමාණන් වුවද ඉස්ලාම් ධර්මය ලොව බිහි වූයේ ඉස්ලාමීය විශ්වාසවලට අනුව ලොව මුල්ම මිනිසා වූ ආදම් නබිතුමාණන් ලොව බිහි වූ දාමය. මුස්ලිම්වරුන් විශ්වාස කරන අල්ලාහ් දෙවියන් වහන්සේ ලොව මුල්ම මිනිසා ලෙස ආදම් තුමන් මෙලොවට බිහි කරනු ලැබුවේ නබිවරයකු ලෙස වීමත් ඉස්ලාමයේ පවතින සුවිශේෂත්වයකි. නබි ආදම්තුමන්ගේ ඉල ඇට අතරින් එතුමන්ගේ සහකාරිය වන හව්වා මවුතුමිය මවා මෙලොව මානව ව්‍යාප්තිය දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කළ බවද ඉස්ලාමයේ සඳහන් වෙයි. නබි ආදම්තුමන්ගෙන් පටන්ගෙන මුහම්මද් නබිතුමන් දක්වා ඒ ඒ කාලවල පැවැති සමාජ යහමඟට ගැනීම සඳහා වක්තෘවරුන් එක් ලක්ෂ විසි හතර දහසක් (1,24,000) මෙලොවට පැමිණි බව ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් වෙයි. එලෙස පැමිණි වක්තෘවරුන් එක් ලක්ෂ විසි හතර දහසක් ( 1,24,000) අතුරින් විසිපස් දෙනෙකුගේ නම් ශුද්ධ වූ කුරාණයේ සඳහන් වෙයි. ඒ අතර අවසන් වක්තෘවරයාණන් වන්නේ මුහම්මද් නබිතුමාය.

ලොව පළමු මිනිසා ලෙස ආදම් නබිතුමන් බිහි වූ දා පටන් වක්තෘවරුන් එක් ලක්ෂ විසි හතර දහසක් මෙලොවට පැමිණ තිබුණ ද අවසන් නබිවරයාණන් ලෙස මුහම්මද් තුමාණන් මෙලොවට බිහි වන විට අරාබිකර‍යේ ජීවත් වූ මිනිසුන් ම්ලෙච්ඡත්වය කර පින්නා ගත් මිනිසුන් සමුහයක් වූහ. කලින් කල නබිවරුන් සහ වක්තෘවරුන් පැමිණ තිබුණ ද ඔවුන්ගෙන් වැඩි දෙනෙකු රටකට, සමාජයකට හෝ පළාතකට පමණක් සීමාවීම නිසා ඔවුන්ට ඒ කාර්යය නිසි ලෙස ඉටු කරන්නට නොහැකි බූ බවත් මුහම්මද නබිතුමාණන්ගෙන් ඉස්ලාමය පරිපූර්ණ කරන බවත් ඉස්ලාමය කියයි.

මුහම්මද් නබිතුමාණන් සවුදි අරාබියේ මක්කා නගරයේ දී උපදින අවස්ථාවේ අරාබිකරයේ ජීවත් වූ මිනිසුන් ම්ලේච්ඡ මිනිසුන් බව ඉස්ලාමයම කියයි. ඔවුහු තමන්ට උපදින ගැහැනු දරුවන් පණ පිටින් වැළලීමේ මහ පාපී ක්‍රියාව සිදු කරනු ලැබුවේ කාන්තා පරපුරටම ගරහමිනි. මත්පැන්වලින් සූදුවෙන් මුළු කලාපයම වෙළී ගොස් තිබිණ. එසේ වුවද මුහම්මද් නබිතුමාණෝ සිය ජීවිතය අවසන් කරන කාලය තුළ ලෝකයේ යහපත්ම දේශය ලෙස සෞදි අරාබිය පත් කර තිබූහ.

මුහම්මද් නබි තුමාණන් මෙලොව එළිය දකින්නේ ක්‍රිස්තු වර්ෂ 570 වසරේ දී වත්මන් සෞදි අරාබියේ මක්කා නගරයේදීය. එකල එහි වංශවත් ගෝත්‍රයක් වූ කුරෛෂි ‌ගෝත්‍රයේ එතුමාණෝ ඉපදුණහ. නබිතුමාණන්ගේ පියාණන් වනුයේ අබ්දුල්ලා තුමන් වන අතර පියතුමන් නබිතුමන් ඉපදීමටත් පෙර මෙලොව හැර ගිය අතර මවු තුමිය වූ ආමිනා තුමිය නබිතුමගේ වයස අවුරුදු හයේ දී මෙලොව හැර ගියාය. එතැන් පටන් සිය මුත්තණුවන් වූ අබු තාලිබ් තුමා ළඟ කුඩා මුහම්මද‍් හැදී වැඩෙන්නට විය. නබි තුමා සිය කුඩා කාලයේ පටන්ම එළුවන් බැලීමේ එඬේර ජීවිතයක් ගත කළ අතර පසුව මක්කාවේ සිට අසල්වැසි රටවලට ගොස් ගැල් වෙළඳාමේ යෙදුණහ. ව්‍යාපාරයේ දී එතුමාගේ අවංකභාවය සහ විශ්වාසවන්තකම නිසාම එතුමන් හට අල් අමීන් යන නමද එකල පට බැඳ තිබිණ. එහි තේරුම වන්නේ විශ්වාසන්තයා යන්නයි.

සිය තරුණ කාලයේදීම මක්කා නගරයට තරමක දුරින් කඳු වළල්ලෙන් වටව පිහිටා ඇති හිරා නම් ගුහාවකට ගොස් තනිවම යාච්ඥා කිරීම නබිතුමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්ව තිබිණ. මිනිස් වාසයකික් තොර පාළු වී ගිය එම ගුහාවට වී දෙවියන් ගැනත් දෙවියන්ගේ මැවීම් ගැනත් නිරත්තරයෙන් මෙනෙහි කිරීම මුහම්මද් තුමාණන්ගේ පුරුද්දක්වී තිබිණ. මෙලෙස යාච්ඥාවේ නියැළී සිටිය දී එක් දිනයක ජිබ්රීල් නම් වන දේව දූතයාණන් එම ස්ථානයට පැමිණ මුහම්මද්තුමා ඉදිරියේ පෙනී සිටිමුහම්මද් කියවන්න යැයි කීය. කිසිදු අධ්‍යාපනයක් ලබා නොසිටි මුහම්මද් තුමා මා කෙසේ කියවන්න ද මම කිසිවක් ඉගෙන ගෙන නෑනේ යැයි කීවේය. එවිට දේව දූතයා දෙවියන්ගේ නාමයෙන් කියන්න යැයි නැවතත් කීය. එවිට මුහම්මද්තුමාණෝ දේව දූතයාණන් කී පරිදි කීහ. ශුද්ධ වූ අල් කුරාණය බිහිවීම එලෙස ආරම්භ වූ අතර එය මෙලොවට පහළ වූ ශුද්ධ වූ කුරාණයේ මුල්ම වැකියයි.

මෙම සිද්ධියෙන් බියට පත්ව ඉක්මනින් නිවසට දිව ගිය මුහම්මද් තුමාණෝ සිය භාර්යාව වූ කදීජා තුමියට මේ ආශ්චර්යය ගැන කීහ. ඇය තම ඥාතියකු වන වයෝවෘද්ධ විද්වතකු වෙත මුහම්මද් තුමන් කැඳවාගෙන ගොස් සිදු වූ සියල්ල ප්‍රකාශ කර සිදු වී ඇත්තේ කුමක්දැයි විමසා සිටියාය. ඉපැරැණි ආගම් ගැන හොඳ දැනුමකින් සහ අවබෝධයකින් යුත් එම වයෝවෘද්ධ විද්වතා ඔබ වෙත පැමිණ ඇත්තේ ජිබ්රීල් නම් දේවදූතයා බවත් දෙවියන් වහන්සේ ඔබව වක්තෘවරයෙකු (නබිවරයෙකු) වශයෙන් තෝරා ගෙන ඇති බවත් කීය.

මුහම්මද් තුමාණෝ ජීවිතයේ 40 වැනි වියේ දී සිදු වූ මෙම සිදුවීම පටන් එතුමන් මෙලොව හැර ගිය එතුමන්ගේ 63 වන විය දක්වා වූ වසර 23 ක කාලයක් සිය ආගමික මෙහෙය ඉටු කළහ. අනේකවිධ දුක්ඛ දෝමනස්සවලට මුහුණ දුන් එම කාලය තුළ ම්ලේච්ඡත්වයෙන් පිරී තිබූ අරාබිකරයේ සමාජ ක්‍රමය යහපත් සමාජ ක්‍රමයක් ලෙස නිර්මාණය කිරීමට සමත් වූහ. ලොව පුරා වෙසෙන සියලු‍ ජනතාව අතර සාමයේ පණිවිඩය රැගෙන ගියහ. ඉස්ලාම් ධර්මය අරාබිකරයේ ප්‍රචලිත කිරීමේ දී සිය පවුලේම ඥාතින් වන පිරිසක් ඇතුළු කණ්ඩායමක් නබිතුමාට එරෙහි වූ අතර විවිධ තාඩන පීඩන ද ඇති විය. ඒ වන විටත් ඉස්ලාමය පිළිගත් පිරිස ඉතා අල්ප වුවද දෙවියන් වහන්සේගේ උපකාරය නිරන්තරයෙන් එතුමන්ට ලැබිණ. එසේ සිටිය දී දෙවියන්ගේම දැනුම් දීමක් අනුව නබිතුමා ඇතුළු පිරිස මක්කාව හැර මදීනා නගරයට පිටත්ව යාමට කටයුතු කළ අතර එය හිජ්රත් ගමන ලෙස සඳහන් වෙයි. ඉස්ලාමීය වර්ෂ ක්‍රමය ආරම්භ වන්නේ මෙතැන් සිට වන අතර එම ගමන ඉස්ලාමීය ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් ද වෙයි.

වසර 23 ක් පුරා වරින් වර ශුද්ධ වූ කුරාණය දෙවියන් වහන්සේ විසින් වහී මගින් නබි ජිබ්රීල් නම් වන දේව දූතයන් මගින් නබිතුමා වෙත ලබා දුන් අතර එතුමන්ගේ කාලයේ දී ඉස්ලාමය පරිපූර්ණ විය. මුහම්මද් නබිතුමාණන්ගෙන් පසුව කිසිදු වක්තෘවරයෙකු නොපැමිණෙන බවත් ඉන් පසුව එන සමාජය සඳහා මඟ පෙන්වීමට ශුද්ධ වූ කුරාණය පවතින බවත් ඉස්ලාමය සඳහන් කරයි.

අවසන් වරට නිකුත් කර ඇති ජාත්‍යන්තර ඇස්තමේන්තු ගත ලෝක ජනගහණ දත්ත අනුව ලොව ජනගහණයෙන් දෙවැනි ස්ථානය ඉස්ලාම් ධර්මයට හිමිව තිබේ. එම ප්‍රමාණය ලොව ජනගහණයෙන් කෝටි 191 ක් ( බිලියන 1.91 ක්) වන අතර එය මුළු ජනගහණයෙන් සියයට 24.9 ක්ද වෙයි.

ලොව පුරා ජීවත් වන මුස්ලිම් බැතිමතුන්ගේ ජීවිතය හැඩ ගැසී ඇත්තේ ශුද්ධ කුරාණය මගින් දෙවියන් වහන්සේ විසින් ලබා දුන් මාර්ගෝපදේශ සහ නබි මුහම්මද්තුමාණන්ගේ ජීවිතය අනුවය. මෙලෙව මිනිසකු උපන් දා සිට මිය යන තුරුම ජීවත් විය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව නබිතුමාණෝ සිය ජීවිතය තුළින් ජීවත් වී පෙන්වා දුන්හ. ඉතා කුඩා දිළිඳු නිවසක ජීවත් වූ එතුමන් දුගී ජනතාවට දන් දීමේ දී තමන්ගේ ආහාරයට තිබූ රොටී කබැල්ල බඩගිනියි කියා පැමිණෙන වෙනත් පුද්ගලයකුට ලබා දී නිරාහාරව සිටියහ. ඉතාමත්ම දුප්පත් ජීවිතයක් නබිතුමාණෝ ගත කළහ. එවන් දුෂ්කර ජීවිතයක් ගත කළ නබිතුමාණෙෘ් අද ලොව දෙවන විශාලම ධර්මය බවට පත්ව ඇති ඉස්ලාම් ධර්මය පරිපූර්ණ කර ලොවට දායාද කළහ. නබි තුමාණනන්ගේ දේශනා එක් ජාතියකට රටකට හෝ දේශයකට පමණක් සීමා වූවක් නොවේ. ලොව ඕනෑම තැනක ජීවත් වන මිනිසුනට ඉස්ලාම් දහම මනාව පිළිපැදිය හැකි ආකාරයේ දේශන මෙන්ම නීතිරීති ද එහි ඇතුළත් වෙයි.

ඉස්ලාම් ධර්මය ලොව පුරා ශාන්තිය සහ සාමය ඇති කිරීම සඳහා වෙහෙසුණු සහ වෙහෙසෙන දහමකි. තමන්ගේ සාමය වෙනුවෙන් ඇති කර ගනු ලැබූ ගිවිසුම් මගින් තමන්ගේ අයිතිවාසිකම් අත්හැර ගැනීමට පවා නබිතුණෝ පියවර ගත්හ. එවන් උතුම් වූ වක්තෘවරයකුගේ ජන්ම දිනය යෙදී ඇති අද දිනයේ ලෝක වාසි සියලු‍ දෙනාට ශාන්තිය හා සමාදානය ප්‍රාර්ථනා කරමු.

(*** සටහන - මොහොමඩ් ආසික්)



අදහස් (0)

ඉස්ලාම් දහම පරිපූර්ණ කළ නබිතුමාණෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 185 1

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 908 3

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 146 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 274 2

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 507 2

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 108 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 496 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 504 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 989 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site