IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉස්ලාම් දහම ලොවට දායාද කළ නබි නායකතුමා

ලොව පුරා ජීවත් වන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාව පිළිපදිනු  ලබන ඉස්ලාම් ධර්මය මෙලොව පරිපූර්ණ කර දුන් ශාන්තිනායක මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අදට (19) යෙදී තිබේ. අද දිනයේ විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.

ඉස්ලාම් ධර්මය පරිපූර්ණ කරනු ලැබුවේ මුහම්මද් නබිතුමාණන් වුවද ඉස්ලාම් ධර්මය ලොව බිහි වූයේ ඉස්ලාමීය විශ්වාසවලට අනුව ලොව මුල්ම මිනිසා වූ ආදම් නබිතුමාගෙනි. මුස්ලිම්වරුන් විශ්වාස කරන  අල්ලාහ් දෙවියන් වහන්සේගේ ලොව මුල්ම මිනිසා ලෙස ආදම්තුමන් මෙලොවට බිහි කරනු ලැබුවේ නබිවරයකු ලෙස වීමත් ඉස්ලාමය තුළ පවතින සුවිශේෂත්වයකි. ආදම්තුමන්ගේ ඉල ඇටවලින් හව්වා තුමියා මවා මෙලොව මානව ව්‍යාප්තිය දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කළ බවද ඉස්ලාමයේ සඳහන් වෙයි.

නබි ආදම් තුමන්ගෙන් පටන් ගෙන මුහම්මද් නබිතුමන් දක්වා ඒ ඒ කාලවල පැවැති සමාජය යහමඟට ගැනීම සඳහා වක්තෘවරුන් එක් ලක්ෂ විසි හතර දහසක් පැමිණි බව ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් වෙයි. එලෙස පැමිණි වක්තෘවරුන් එක් ලක්ෂ විසි හතර දහසක් අතුරින් විසි පස් දෙනකුගේ නම් ශුද්ධ වූ කුරාණයේ සඳහන් වෙයි. ඒ අතර අවසන් වක්තෘවරයාණන් වන්නේ මුහම්මද් නබිතුමාණන්ය.

ලොව පළමු මිනිසා ලෙස ආදම් නබි තුමන් බිහි වූ දා පටන් වක්තෘවරුන් එක් ලක්ෂ විසි හතර දහසක් මෙලොවට පැමිණ තිබුණද අවසන් නබිවරයාණන් ලෙස මුහම්මද් තුමාණන් මෙලොවට බිහි වන  විට අරාබිකර‍යේ ජීවත් වූ මිනිස්සු ම්ලෙච්ඡත්වය කරපින්නා ගත්හ. කලින් කල නබිවරුන් පැමිණ තිබුණත් ඔවුන්ගෙන් වැඩි දෙනකු රටකට, සමාජයකට හෝ පළාතකට පමණක් සීමා වීම නිසා ඔවුන්ට ඒ කාර්යය නිසි ලෙස ඉටු කරන්නට නොහැකි වූ බවත් මුහම්මද් නබි තුමාණන්ගෙන් ඉස්ලාමය පරිපූර්ණ කරන බවත් ඉස්ලාමය කියයි.

මුහම්මද් නබි තුමාණන් මෙලොව එළිය දකින්නේ ක්‍රිස්තු වර්ෂ 570  වසරේදී  වත්මන් සෞදි අරාබියේ මක්කා නගරයේදීය. එකල එහි වංශවත් ගෝත්‍රයක් වූ කුරෛෂි කුලයේය. නබි තුමාණන්ගේ පියාණන් අබ්දුල්ලා තුමන් වන අතර   නබි තුමන් ඉපදීමටත් පෙර මෙලොව හැර ගියේය. මවුතුමිය වූ ආමිනා තුමිය නබි තුමාට වයස අවුරුදු හයේදී  මෙලොව හැර ගියාය. එතැන් පටන් සිය මුත්තනුවන් වූ අබු තාලිබ් තුමා ළඟ කුඩා මුහම්මද‍් හැදී වැඩෙන්ට විය. නබි තුමාණෝ සිය කුඩා කාලයේ පටන්ම එළුවන් බැලීමේ එඬේර ජීවිතයක් ගත කළ අතර පසුව  මක්කාවේ සිට අසල්වැසි රටවලට ගොස් ගැල් වෙළඳාමේ යෙදුනහ. වෙළඳ කටයුතුවලදී ශූරත්වයක් පෙන්නූ  තරුණ මුහම්මද් සිය 25 වැනි වියේදී  තමන්ට වඩා වයසින් අවුරුදු 15 ක් වැඩිමහල්  වූ කදීජා තුමිය සමඟ විවාහ විය. ව්‍යාපාරයේදී එතුමා තුළ තිබූ අවංකභාවය සහ විශ්වාසවන්තකම නිසාම එතුමන්හට අල් අමීන් යන නමද එකල පට බැඳ තිබිණ. එහි තේරුම වන්නේ විශ්වාසවන්තයා යන්නයි.

මෙම කාලයේ මුහම්මද් තුමාණන්ගේ ජීවිතයේ යම් යම් වෙනස් කම් සිදු වන බව කදීජා තුමිය නිරන්තරයෙන් දැක තිබූ අතර එය කුමක් හෝ අසනීපයක් දැයි ඇය අසා ඇති වාර බොහෝය.

සිය තරුණ කාලයේදීම මක්කා නගරයට තරමක දුරින් කඳු වළල්ලෙන් වටව පිහිටා ඇති  හිරා නම් ගුහාවකට ගොස් තනිවම යාච්ඤා කිරීම නබි තුමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්ව තිබිණ. මිනිස් වාසයකික්  තොර පාළු වී ගිය එම ගුහාවට වී දෙවියන් ගැනත් දෙවියන්ගේ මැවීම් ගැනත් නිරත්තරයෙන් මෙනෙහි කිරීම මුහම්මද් තුමාණන්ගේ පුරුද්ද වී තිබිණ. මෙලෙස යාච්ඤාවේ නියැළී සිටියදී එක් දිනයක ජිබ්රීල් නම් වන දේව දූතයාණන් එම ස්ථානයට පැමිණ මුහම්මද් තුමා ඉදිරියේ පෙනී සිට ‘මුහම්මද් කියවන්න’ යැයි කීය. කිසිදු අධ්‍යාපනයක් ලබා නොසිටි මුහම්මද්තුමාණෝ ‘මා කෙසේ කියවන්නද මම කිසිවක් ඉගෙන ගෙන නෑනේ’ යැයි කීහ. එවිට දේව දූතයා දෙවියන්ගේ නාමයෙන් කියවන්න යැයි නැවතත් කීය. එවිට මුහම්මද් තුමාණෝ දේව දූතයාණන් කී පරිදි කීහ. ශුද්ධ වූ අල් කුරාණය බිහි වීම එලෙස ආරම්භ වූ අතර එය මෙලොවට පහළ වූ ශුද්ධ වූ කුරාණයේ මුල්ම වැකියයි. (ඉක්රහ් නමින් ආරම්භ වේ) 

මෙම සිද්ධියෙන් බියට පත්ව ඉක්මනින් නිවසට දිව ගිය මුහම්මද්තුමාණෝ සිය භාර්යාව වූ කදීජා තුමියට මේ ආශ්චර්යය ගැන කීහ. ඇය තම ඥාතියකු වන වයෝවෘද්ධ විද්වතෙකු වෙත මුහම්මද් තුමන් කැඳවාගෙන ගොස් සිදු වූ සියල්ල ප්‍රකාශ කර සිදුවී ඇත්තේ කුමක්දැයි විමසා සිටියාය. ඉපැරැණි ආගම් ගැන හොඳ දැනුමකින් යුත් එම වයෝවෘද්ධ විද්වතා  ඔබ වෙත පැමිණ ඇත්තේ ජිබ්රීල් නම් දේවදූතයා බවත් දෙවියන් වහන්සේ ඔබව වක්තෘවරයකු (නබිවරයකු) වශයෙන් පිළි ගෙන ඇති බවත් පැවසුවේය.

මුහම්මද් තුමාණන්ගේ ජීවිතයේ 40 වැනි වියේදී සිදු වූ මෙම සිදුවීමෙන් පටන් එතුමන් මෙලොව හැර ගිය එතුමන්ගේ 63 වන විය දක්වා වූ වසර 23 ක කාලයක් සිය ආගමික මෙහෙය ඉටු කළේය. අනේකවිධ දුක්ඛ දෝමනස්සවලට මුහුණ දුන් එම කාලය තුළ  ම්ලේච්ඡත්වයෙන් පිරී තිබූ අරාබිකරයේ සමාජ ක්‍රමය යහපත් ලෙස නිර්මාණය කිරීමට සමත් වූහ. ලොව පුරා වෙසෙන සියලු‍ ජනතාව අතර සාමයේ පණිවිඩය රැගෙන ගියහ. ඉස්ලාම් ධර්මය අරාබි කරය තුළ ප්‍රචලිත කිරීමේදී සිය පවුලේම ඥාතීන් වන පිරිසක් ඇතුළු කණ්ඩායමක් නබි තුමාට එරෙහි වූ අතර විවිධ තාඩන පීඩනද ඇති කළහ. ඒ වන විටත් ඉස්ලාමය පිළිගත් පිරිස ඉතා අල්ප වුවද දෙවියන් වහන්සේගේ උපකාරය නිරන්තරයෙන් එතුමන්ට ලැබිණ. එසේ  සිටියදී දෙවියන්ගේම දැනුම් දීමක් අනුව නබි තුමා ඇතුළු පිරිස මක්කාව හැර මදීනාවට පිටත්ව යාමට කටයුතු කළ අතර එය හිජ්රත් ගමන ලෙස සඳහන් වෙයි. ඉස්ලාමීය වර්ෂ ක්‍රමය ආම්භවන්නේ මෙතැන් සිට වන අතර එම ගමන ඉස්ලාමීය ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක්ද වෙයි.  

වසර 23 ක් පුරා වරින් වර ශුද්ධ වූ කුරාණය දෙවියන් වහන්සේ විසින් වහී මගින් නබි ජිබ්රීල් නම් වන දේවදූතයන් හරහා නබි තුමා වෙත ලබා දුන් අතර එතුමන්ගේ කාලයේදී ඉස්ලාමය පරිපූර්ණ විය. මුහම්මද් නබි තුමාණන්ගෙන් පසුව කිසිදු වක්තෘවරයකු නොපැමිණෙන බවත් ඉන් පසුව එන සමාජය සඳහා මඟපෙන්වීමට ශුද්ධ වූ කුරාණය පවතින බවත් නබි තුමාණෝ සඳහන් කළහ.

අල්ලාහ් දෙවියන් වහන්සේ මුහම්මද් නබි තුමාණන් මගින්  මෙලොව පරිපූර්ණත්වයට පත් කළ ධර්මය මෙම ඉස්ලාම් ධර්මය වෙයි. ඉස්ලාම් ධර්මය ඇදහීම ඕනෑම මුස්ලිම්වරයකුට ඉතාම සරලව සිදු කළ හැකිය. ඉස්ලාමයේ අනිවාර්ය වගකීම් පහක් සඳහන් වන අතර එයින් දෙකක්  යමක් කමක් ඇති පිරිසට සීමා වෙයි. අනෙක් වගකීම් තුන සියලු‍ දෙනාට අනිවාර්ය වෙයි. මෙම වගකීම් පහෙන් පළමු වැන්න අල්ලාහ් දෙවියන් වහන්සේ සහ මුහම්මද් නබිතුමන් ගැන විශ්වාස කිරීමයි. පස්වේල් සලාතය ඉටු කිරීම, රමළාන් මාසයේ උපවාසව රැකීම, සියයට දෙක හමාරක දුගී බද්ද ගෙවීම සහ හජ් වන්දනය ඉටු කිරීම එම වගකීම් පහයි. මෙම වගකීම්වලින් දුගී බද්ද ගෙවීම සහ හජ් වන්දනය කිරීම සඳහා මක්කමට යාම ඒ සඳහා ප්‍රමාණවත් ධනය ඇති අයට පමණක් සීමා වෙයි.   අල්ලාහ් දෙවියන්වහන්සේ සහ මුහම්මද් නබිතුමා විශ්වාස කිරීම, පස්  වේල් සලාතය ඉටු කිරීම සහ රමළාන් මාසයේදී උපවාස රැකීම සියලු‍ දෙනාටම අනිවාර්ය වන අතර අසනීප තත්ත්වය මත ඒ සඳහා ද සහන ලබා දී තිබේ.

ලොව පුරා ජීවත් වන මුස්ලිම් බැතිමතුන්ගේ ජීවිතය හැඩගැසී ඇත්තේ ශුද්ධ කුරාණය මගින් දෙවියන් වහන්සේ විසින් ලබා දුන් මාර්ගෝපදේශ සහ නබි මුහම්මද් තුමාණන්ගේ ජීවතය අනුවයි. මෙලොව මිනිසකු උපන් දා සිට මිය යන තුරුම ජීවත් විය යුත්තේ කෙසේද යන්න  පිළිබඳව නබි තුමාණෝ සිය ජීවිතය තුළින් ජීවත් වී පෙන්වා දුන්හ. ඉතා කුඩා දිළිඳු නිවසක ජීවත් වූ එතුමාණෝ දුගී ජනතාවට දන් දීමේදී  තමන්ගේ ආහාරයට තිබූ රොටී කබැල්ල බඩගිනියි කියා පැමිණෙන වෙනත් පුද්ගලයකුට ලබා දී නිරාහාරව සිටියහ. ඉතාමත්ම දුප්පත් ජීවිතයක් නබිතුමන් ගත කළේය. එවන් දුෂ්කර ජීවිතයක් ගත කළ නබිතුමාණෝ අද ලොව දෙවන විශාලම ධර්මය බවට පත්ව ඇති ඉස්ලාම් ධර්මය පරිපූර්ණ කර ලොවට දායාද කළහ. නබි තුමාණන්ගේ දේශනාවන් එක් ජාතියකට, රටකට හෝ දේශයකට පමණක් සීමා වූවක් නොවේ. ලොව ඕනෑම තැනක ජීවත් වන මිනිසුනට ඉස්ලාම් දහම මනාව පිළිපැදිය හැකි ආකාරයේ දේශනාවන් මෙන්ම නීති රීතිද එහි දැක්වෙයි.
තමන්ගේ සාමය වෙනුවෙන් ඇති කර ගනු ලැබූ ගිවිසුම් මගින් තමන්ගේ අයිතිවාසිකම් අත් හැර ගැනීමට පවා නබිතුමාණෝ පියවර ගත්හ.

පින්තූර - අන්තර්ජාලය ඇසුරිණි.

සටහන- මොහොමඩ් ආසික්



අදහස් (18)

ඉස්ලාම් දහම ලොවට දායාද කළ නබි නායකතුමා

jagath Tuesday, 19 October 2021 12:51 PM

හොඳ ලිපියක්

:       25       15

fairoosTuesday, 19 October 2021 06:38 PM

ජගත්ගේ අදහස් ඩිස්ලයික් කරන්න ඕන

:       8       7

BamunuarachchiWednesday, 20 October 2021 11:54 AM

ජගත්ට මුස්ලිම් ආගම ගැන අවබෝදයක් නැති කම නිසා කියන දේවල් මම යුටියුබ් එකේ දීලා තිබෙනවා ඇට්ටි හැලෙන්න. එන්න කැමතිනම් මා සමග වාදෙකට

:       9       8

Bamunuarachchi Wednesday, 20 October 2021 11:45 AM

ලෝකය පුරාම ආගමික යුද්ද කුරුස යුද්ද ඇතිවෙන්නේ කා නිසාද? තමන්ගේම ආගමේ කොටස්, ෂියා මුස්ලිම්, සුන්නි මුස්ලිම් එකිනෙකා මරා ගන්නේ ඇයි? ISIS කාරයෝ තමන්ගේම මිනිස්සු මරන්නේ අල්ලා වෙනුවෙන් නේද ? පාස්කු ප්‍රහාරයත් නබි ගේ දෙශනාවේ කොටසක් නේද? අල්ලා විස්වාස නොකරන මිනිසුන් කුෆිර්ලා හෙවත් බොරුකාරයෝ ඔවුන්ව ජිහාඩ , මරන්න කිව්වේ කවුද ? අන්තර් ජාලයෙන් ඔය කිව්ව දේවල් වල අනික් පැත්තත් බලා ගන්න පුළුවනි. විචක්ෂණ බුද්ධියෙන් දේවල් දිහා බලන්න. මෙරටට මුස්ලිම් ආගම ෆිට් වෙන්නේ නැත. පැතිරීම වැලක්වීමට කාලය හරි.

:       12       14

Bamunuarachchi Wednesday, 20 October 2021 11:50 AM

ඔබට මුස්ලිම් ආගම ගැන දැනීමක් නැති බවයි පෙනෙන්නේ. ඒ ගොල්ලන්ගේ කෝණයෙන් බැලුවාම අනර්ග ලිපියක්. නමුත් යථාර්තය ඕක නොවෙයි.විචක්ෂණ බුද්ධියෙන් දේවල් දිහා බලන්න. පාස්කු ප්‍රහාරයත් නබි ගේ දේශනාවේ කොටසක් නේද? මේවා පලකරන්න නැතිනම් ඒ ගොල්ලෝ හිතනවා අපි ගොබ්බයො කියලා.

:       10       10

Nima Wednesday, 20 October 2021 12:52 PM

මොහොමඩ් ආසික් , බොහෝ මුස්ලිම්වරුන් අන් අයට භීතියට පත් කරන්නේ ඇයි?

:       3       11

Saman Wednesday, 20 October 2021 01:41 PM

නබිතුමාගේ ආගම නොමැති ලොවක් මීට වඩා සාමකාමි වෙන්න ඉඩ තිබුණා.මම නම් එය ධර්මයක් ලෙස පිලි නොගනිමි.

:       8       11

Bamunuarachchi Wednesday, 20 October 2021 07:32 PM

ඒක මුස්ලිම්වරුන්ගේ වැරැද්දක් නොවෙයි ඒ ආගමේ ඉගැන්වීම. පළමුව ආගමේ දේශනා ගැන ඉගෙන ගන්න... ඇතුළත බොහොම හොඳ ඉගැන්වීම් තිබෙනවා. නමුත් ආගමේ පැවැත්මට දරුණු උපදෙස් උගන්වනවා. එකක් තමයි අල්ලා ගැන ප්‍රශ්න කරන්න බැහැ. අල්ලා ගැන සැක ඇතිකර ගැනීම ස්වර්ගය නැතිකර ගැනීමක්. ස්වර්ගයට ගියාම ලැබෙන්නේ ස්වර්ග සැප නොවෙයි... කන්‍යාවන් 72ක්. ඒ මොකටද?

:       1       4

Bamunuarachchi Wednesday, 20 October 2021 07:41 PM

මුස්ලිම් ජාතිකයෙකු වෙන සලමාන් රුෂ්ඩි නමැති ලේඛකයා සැටනික් වර්සස් කියන පොතේ මුස්ලිම් ආගම විවේචනය කර තිබෙනවා. මා ළඟ ඒ පොත තිබෙනවා. මුස්ලිම් කාරයෝ සලමාන් රුෂ්ඩි මරන්න හොයනවා. ඔන්න ඔහොම තමයි කියන්නේ. ජෙප්පෙක් ජේවීපී වුණාට වඩා හපන්. ඒ නිසයි මේ සිංහල බෞද්ධ රටේ හම්බකරණයට ඉඩදෙන්න එපා කියලා කියන්නේ...

:       3       6

AN IshanThursday, 21 October 2021 11:51 AM

හරි මහත්තයෝ ඔබතුමා හරියට ඉන්නකෝ. අපිට ලෝකෙ හදන්න බෑනේ. ඔබතුමාගේ වචන වලින්ම තේරෙනව ඔබ කෙතරම් දුර්වල මානසිකත්වයකින් පෙළෙන්නෙක් ද යන වග. නිකන් අනුන්ගෙ කුණු ගොඩවල් අවුස්ස අවුස්ස ඉන්නෙ නැතුව තමන් යන තැනකට දෙයක් හොයාගන්නකෝ.. ඔබ සඳහන් කරල තියෙනව ඔබත් එක්ක විවාදයකට එන්න කියල. ඔබ වැනි මානසිකව දුර්වල පුද්ගලයින් සම`ග විවාද කිරීමට තරම් මෝඩයින් සිටීවි කියා මා සිතන්නේ නැත.

:       1       3

BamunuarachchFriday, 22 October 2021 10:00 PM

වාද බැරිනම්... මම මුස්ලිම් ආගම ගැන කියපුවා බොරුද කියන්න? තවකියන්න දේවල් තිබෙනවා. එ්කයි මම වාදෙට කතා කලේ. නබිතුමා ගැන කියලා තිබෙන්නේ ඇත්තක්ද? ඔහෙලා මෙහෙ අපිට පෙනෙන්න කියවන දේ නොවෙයි සව්දි අරාබියේ තියෙන්නේ. පුලුවන් නම් මම කියපුවා බොරු කියන්න. ඔහෙලාට ඉස්සෙල්ලාම කියන්නේ දෙවියන් ගැන ප්‍රශ්න කරන්න එපා. ඊට පස්සේ නබීතුමා කියන දේවල් කෙලින්ම පිළිගන්න. අද ලෝකේ තවමත් ළමා අපචාර සිදු වෙනවා...

:       0       2

BamunuarachchiFriday, 22 October 2021 10:09 PM

අපිට ලෝකේ හදන්න බැහැලු. එ්ක දැනගෙනද ලෝකේ මුස්ලිම් කරන්න හදන්නේ? ඔහේගේ කතාව ඔහේලගේ ආගමට ගැලපෙන්නේ නැහැ නේද?

:       1       1

nuwa Thursday, 21 October 2021 06:39 AM

මම නිකමට දෙයක් කියන්නම්.. පොඩ්ඩක් හොයල බලන්න අන්තර්ජාලයේ එහෙම. ලෝකයේ ප්‍රසිද්ධ ත්‍රස්ථවාදී සංවිධාන කොලයක ලියා පෙළ ගස්වන්න. දැන් ඊට ඉදිරියෙන් ලියන්න ඒ සංවිධානය පදනම් කරගෙන ඇති ආගම කුමක්ද කියා. ඔබට යම් සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට හැකි වෙයි.

:       1       4

jagath Thursday, 21 October 2021 01:51 PM

අල්ලාහ් ට ඔච්චර ආදරේනම් යන්නකෝ සෞදියට

:       2       1

ajithFriday, 22 October 2021 05:42 AM

නම ජගත් වුනාට ලෝකය ගැන තබා රට ගැනවත් දැනුමක් නැතිව වගේ. ජගත් , ලංකාවේ විරැකියාව නිසාම මුස්ලිම් සහ මුස්ලිම් නොවන ලක්ෂ ගණනක් කාන්තා පිරිමි දෙපක්ෂයම සවුදිය ඇතුළු බොහොමයක් මැදපෙරදිග රටවල රැකියාවල දී සිටි. එමනිසා රටට ආදායම් ලබාදෙන ඔවුනට අපහස නොකරන්න

:       0       2

AN IshanFriday, 22 October 2021 10:48 AM

තමන් කැමති දහමක් ඇදහීමට, ප්‍රශංසා කිරීමට, පර්යේෂණ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී රටක ´නෑම පුද්ගලයෙකුට අයිතියක් තිඛෙනවා. ඒකට අහවල් රටට යන්න ´න කියල නැහැ. ඔබගේ මෙවැනි අන්ත බොළඳ ප්‍රකාශ වලින් ඔබගේ මානසික මට්ටම වඩාත් පැහැදිළියි. එකක් මතක තියාගන්න මහත්තයෝ. මෙරට ගොඩක් දුප්පත් අන්ත අසරණ පවුල්වලට සෞභාග්‍යය උදා කිරිමට සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග ඇති සෑම රටක්ම සිය දායකත්වය ලබා දී තිඛෙනවා..

:       0       0

BamunuarachchiFriday, 22 October 2021 10:05 PM

තමන් කැමති ආගමක් ඇදහීමට නිදහසක් තිබෙනවා. එ්ක හරි. ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය දඩමීමා කරගෙන දෙවියන් විශ්වාස නොකර මිනිස්සු මරන්න කියලා කව්රු හරි දේශනා කළොත් අන්න එයාට නම් අවුලක් තිබෙනවා...

:       0       0

BamunuarachchiFriday, 22 October 2021 10:12 PM

තමන් කැමති ආගමක් ඇදහීමට නිදහසක් තිබෙනවා. එ්ක හරි. ඔය කියන ප්‍රජාතන්ත්‍ර වාදය දඩමීමා කරගෙන අල්ලා විශ්වාස නොකර මිනිස්සු මරන්න කියලා කවුරු හරි කිව්වොත් අන්න එයාට අවුලක් තිබෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 187 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 106 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 40 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3997 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12513 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 637 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site