IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


උතුම් වස්සාන සමය ඇරඹෙන්නේ අදයි

සිද්ධාර්ථ ගෞතම තථාගතයන්වහන්සේ තරම් මහජන මතයට ගරු කළ තත්කාලීන යහපත් සමාජ පිළිගැනීම් සඳහා නම්‍යශීලීවූ  වෙනත්  ශාස්තෘවරයකු පිළිබඳව ඉතිහාසයෙන් අනාවරණය නොවේ. එමෙන්ම තම ශ්‍රාවක ශ්‍රාවිකාවන් පිළිබද සානුකම්පිකව ක්‍රියා කළ වෙනත් ආගමික කර්තෘවරයකු පිළිබඳවද සිතිය නොහැකි තරම්ය. උන් වහන්සේ තරම් ප්‍රජාතාන්ත්‍රීයව සිතා මතා ක්‍රියා කළ වෙනත් ආගමික නායකයන් වහන්සේ නමක පිළිබඳවද ආගමික නායකයන් පිළිබඳව වූ ඉතිහාසයෙන් අනාවරණය නොවේ. මේ අනුව බුද්ධශ්‍රාවකයන් ආගමික වශයෙන් අත්විඳින ආගමික නිදහස අසාමාන්‍ය වූවකි. එනිසාම වෙනත් ආගමික බලපෑම්වලටද ඇතැම් විට ලක්වන්නේ මතු නොව බෞද්ධයන් අවිචාරශීලීව ක්‍රියාකරන අවස්ථාද සුලභය.

අදට යෙදී ඇති ඇසළ පුර පොහොය දිනයෙහි සිදු කෙරෙන ඉතා වැදගත් ආගමික චාරිත්‍ර ධර්මයක්ද මතු නොව මහා පිංකමක්ද වන වස්විසීමට අදාළව වූ වස්සූපනායික ශික්‍ෂා පදය පැනවීමද තථාගතයන් වහන්සේගේ එම මහජන මතයට ගරු කිරීමේ උතුම් ගුණය ප්‍රකට වන අවස්ථාවකි. බුදුරජාණන් වහන්සේගේ පහළවීම සිදු වූ භාරතයෙහි තත්කාලීනව ආගමික ඉගැන්වීම් දෙසැටක් පමණ වූ බව ශාසන ඉතිහාසය මගින් අනාවරණය කරනු ලැබේ.

මෙම ආගම් හා ඉගැන්වීම් අතර සුවිශේෂී ඉගැන්වීමක් වූ බුදු දහම මූලික වශයෙන්ම තරුණ පිරිසක් ඒකරාශී කොට ගෙන ව්‍යාප්ත වූවකි. සාම්ප්‍රදායික වෙනත් ඉගැන්වීම් අතර බුද්ධ ධර්මය නව මගක් ගත් දහමක් විය.

ඒ අනුව තම ශ්‍රාවකයන්ගේ අවබෝධය පිණිස, හික්මීම පිණිස, ශාන්තභාවය පිණිස, කෙලෙස් මල දුරු කිරීම පිණිස තම ධර්මය දේශනා කරන බව පමණක් නොව “පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාය ධම්මං දේසේති” යනුවෙන් සියලු‍ කෙලෙස් මලින් පිරිනිවුන පරම සංසිඳීමේ සුවය ළඟා කරගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් තම ධර්මය දේශනා කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ මෙම අනුශාසනාවට අනුව ක්‍රියාකළ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තම පැවිද්දෙහි උපරිම පරමාර්ථ සාධනය සඳහා ඉතා දිරිමත්ව ක්‍රියා කළහ. එහිදී උන්වහන්සේලා අව් වැසි සීතෝෂ්ණ නොසලකමින් ක්‍රියාකළේ මතු නොව කිසිදු දේශගුණික බලපෑමක්ද මායිම් නොකොට චාරිකාවෙහි හැසුරුනාහ. බුදු දහම පහළ වීමෙන් එළැඹි මුල් කාලපරිඡේදය වන මෙම වකවානුවෙහි පැවති විවිධ ආගමික මතවාද පිළිබඳව අපි මුලින් සඳහන් කළෙමු. මෙම ඉගැන්වීම් බහුල වශයෙන්ම  නිර්මාණවාදී ඉගැන්වීම් වූ අතර ඇතැම් ඉගැන්වීම් කර්මවාදී මෙන්ම පරම අහිංසාවාදී ඉගැන්වීම් විය. තත්කාලින භාරතීය ජනතාව මෙම විවිධ ආගමික මත වාද නිසාද දැඩි පීඩනයකට ලක්ව සිටියේ මතු නොව ගිම්හාන ඍතුවේ ඇතිවන දැඩි නියඟය ආදී විවිධ පාරිසරික පීඩාවන්ගෙන්ද මහත්සේ පීඩාවට ලක් වූහ. වර්තමාන ඉන්දීය සමාජය තුළද මේ තත්වයන් අඩුවැඩි වශයෙන් පවත්නා බව බොහෝ දෙනා දන්නා කරුණකි.

වස්සාන සමය එළැඹෙත්ම දැඩි නියඟය ආදී පිඩාවන්ගෙන් මිදී ගස් වැල් තෘණලතාදිය මතු නොවන සතා සීපාවන්ද කිසියම් ප්‍රබෝධයකට පත්වීම ආරම්භ කෙරෙති. කෙසේ නමුත් භාරතයෙහි මෙම වර්ෂා සමයද එක්තරා ප්‍රමාණයකට පිඩාකාරී කාලයක් විය. තම වාසස්ථාන තුළම රැඳී සිටීම හැර මෙම කාලවකවානුවෙහි වෙනත් කළ හැක්කක් නොමැත. එහෙත් බුද්ධශ්‍රාවකයන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ අනුශාසනය අනුව වර්ෂා සමයෙහිද ක්‍රියාත්මක සංචරණ සීමාවන්ද නොතකන ලද්දේ මතු නොව චාරිකාවේ හැසිරෙමින් තම පරමාර්ථ සාධනයෙහි නියැලු‍නහ. තත්කාලීනව මහත් පිළිගැනීමකට ලක්ව තිබූ නිගන්ඨනාථපුත්ත හෙවත් ජෛන මහාවීරතුමාගේ ඉගැන්වීම් බුදු දහමටද කිසියම් ප්‍රමාණයකින් බලපා ඇති බව ප්‍රකටය. මේ අනුව එතුමාගේ පරම අහිංසාවාදී  ඉගැන්වීම් අනුව තෘණලතාදියෙහි පවා ඒකීන්ද්‍රීය ප්‍රාණයක් ඇති බව පිළිගැනිණි. ඒ අනුව ඒවා කැඩීම, කැපීම, පෑගීම, විනාශ කිරීම් ආදියෙන් ප්‍රාණඝාත අකුශලය සිදුවන බව ප්‍රකාශිතව තිබුණි. ජෛන ශ්‍රාවකයන්ගේ මෙම ආගමික පිළිගැනීම බුද්ධ ශ්‍රාවකයන්ගේ වස්සාන චාරිකාවන් සඳහා බලවත් බාධාවක් වූයේ මතුනොව උන්වහන්සේලා මහජනතාවගේ දැඩි දෝෂදර්ශනයටද ලක්වූහ. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට දොස් පවරමින් විවේචනය කරමින් විරෝධය පළ කරමින් ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ වැසි කාලයෙහි කුරුල්ලන් පවා කූඩු තනා ඒවායේ  වාසය කරන අතර සාක්‍යපුත්‍රීය ශ්‍රමණයන් ළා තණපත් පාගමින් ඒවා විනාශ කරමින් චාරිකාවේ හැසිරීම විනය විරෝධී ක්‍රියාවක් බවයි. පරිසරයට හානි කර වූ සමාජ විරෝධී ක්‍රියාවක නිරතවන බවට තම ශ්‍රාවකයන් වහන්සේලාට එරෙහිව සමාජය මතින් පැන නැගුණ තත් කාලීන ජන මතය පිළිබඳව බුදුරජාණන්වහන්සේ තම දැඩි අවධානය යොමු කළේ මතු නොව භික්‍ෂූන් වහන්සේලා වහා කැඳවා ලූහ. එසේ කැඳවන ලද භික්‍ෂූන් අමතන ලද තථාගතයන් වහන්සේ “අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” “මහණෙනි වස්සාන ඍතුවෙහි වස් එළැඹ එක් තැනක රැඳී සිටීම අනු දනිමි”යි වස්සූපනායික ශික්‍ෂාපදය නම් වූ විනය නීතිය පැනවූ බව මහාවග්ග පාලියෙහි වස්සූප නායික ඛන්ධකයෙහි සඳහන් වේ.

මෙම විනය ප්‍රඥප්තියට අනුව උපදම්පදා භික්‍ෂූන් වහන්සේලා අනිවාර්යයෙන්ම මෙම වස් ශික්‍ෂා පදය සමාදන් විය යුතුය. මෙය ඉක්මවීම කිසියම් ආපත්තියක් සඳහාද හේතුවේ. දායක දායිකාවන්ගේ ආරාධනයක් ඇතත් නැතත් භික්ෂුවක විසින් කිසියම් ස්ථානයක වස්විසීමේ මෙම උතුම් චාරිත්‍රය ආරම්භ වී වසර 2600ද  ඉක්මවා ගොස් ඇත. තත්කාලීන භාරතයෙහි කාලගුණික සහ සමාජමය අවශ්‍යතා මත ආරම්භවන මෙම උතුම් චාරිත්‍රය ධර්මය භික්‍ෂූන් වහන්සේලා තම අධිගමයන් සඳහා වඩාත් උත්සුක වූ කාල සීමාවක් ලෙසද සඳහන් කළ හැකිය. වස්විසීම් පිළිබඳ අවස්ථා දෙකක් පිළිබඳ අපේ ත්‍රිපිටක ධර්මයෙහි සඳහන්ව ඇත. පෙර වස් විසීම, පසු වස් විසීම යනුවෙන් එය නම් කර තිබේ. ඇසළ පොහෝ දිනයට පසු දින වස් එළැඹීම පෙරවස් සමාදන් වීම ලෙසත්, නිකිණි පුර පොහෝ දිනයට පසු දින වස් විසීම පසු වස් විසීම ලෙසත් සඳහන් වේ. මෙසේ මේ සඳහා අවස්ථා දෙකක් ලබා දී තිබීම තුළින්ම මෙම උතුම් කාර්යයෙහි අනිවාර්ය බව මෙන්ම අවශ්‍යතාවයද මැනවින් වටහාගත හැකිව ඇත. මේ අනුව උපසපන් භික්ෂූන් වහන්සේලාගේ වස් එළැඹීමේ චාරිත්‍රය බුද්ධ නියමයක් ඉටු කිරීමක්වනවා මතු නොව විනය ශික්‍ෂා පදයක් ආරක්ෂා කිරීමක්ද වන්නේය. නියමිත දිනයෙහි පොහෝ පැවරුණු කටයුතු සම්පූර්ණ කරන භික්‍ෂූන් වහන්සේලා තමන් වහන්සේලා තීරණය කරගත් ස්ථානයෙහි අදාළ දිනයේදී “ඉමස්මිං ආරාමේ ඉමං තේමාසං වස්සංඋපේමි ඉධවස්සං උපේමි” යනුවෙන් තෙවරක් වාචිකව ප්‍රකාශ කොට වස් අධිෂ්ඨාන කිරීම සිදු කරනු ලැබේ. වස් විසූ භික්ෂුව එම ස්ථානයෙන් බැහැරව යාමේදී සතිකරණගෙන් යුතුව බැහැර විය යුතු අතර ඉන් අදහස් කරනුයේ අනිවාර්යයෙන්ම නැවත එම ස්ථානයට පැමිණෙන්නෙමියි යන අදහසය. එදින පැමිණීමේ නොහැකියාවක් වේ නම් සතියක් අතුළත පැමිණෙමීයි අධිෂ්ඨානශීලීව පිටත්වීම සත්තාහකරණය යනුවෙන් දක්වා ඇත.

වස් ශික්‍ෂාපදය ආරක්ෂාකර ගැනීම සඳහා භික්‍ෂූන් වහන්සේලා කෙතරම් උත්සුක වන්නේද යන්න පමණක් නොව මෙම උතුම් ආගමික චාරිත්‍රයෙහි ඇති වගකීම් සහගත බව අද සිට අපේ බොහෝ විහාරස්ථානවල ප්‍රධාන දොරටුව ආසන්නයෙහි දක්නට ලැබෙන “අයංවස්සාන කාලෝ” යන වැකිය ඉදිරි තෙමසපුරා ප්‍රදර්ශනය කිරීමෙන් පෙනී යයි. තථාගතයන් වහන්සේ ජීවමාන කාලයෙහි එනම් මීට වසර 2565කට පෙර ඇරඹුන මෙම වස්විසීමේ උතුම් පිංකම ලාංකික සමාජයට ආරෝපණය වී මේ වනවිට වසර 2330 ඉක්මවා ගොස් ඇත. දේවානම්පියතිස්ස රාජ්‍ය සමය දක්වා විහිදී යන ඉතිහාසකට උරුමකම් කියන මෙම උතුම් චාරිත්‍ර ධර්මය මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග ආරම්භ වූවකි. මහින්දාගමනය පොසොන් පොහොය දිනයේ සිදු වූ බව ප්‍රකට කරුණකි. ඉන් පසුව එළැඹුන ඇසළ පුර පොහෝ දිනයෙහි වස්විසීම නම් වූ උතුම් බුද්ධ නියමය ඉටු කළ යුතු බව මිහිඳු මාහිමියන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමාට දැනුම් දුන්නේ මතු නොව ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක්ද ලබා දුන්නාට සැකයක් නැත. ඒ අනුව මිහින්තලයෙහි අටසැටලෙන්හි භික්‍ෂූන් වහන්සේලා වස්වසා වැඩසිටි බව අපේ වංශකථා මගින් අනාවරණය කරනු ලැබේ. එදා නවමු දහමක් ලෙස බුදුසමය පිළිගෙන වැළඳගත් අපේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව ප්‍රබෝධමත් මනසකින් යුතුව අද දක්වාම ඇසළ පුන් පොහෝ දිනයෙහි දැහැත් ගොටු සහ වැසි සළු පිළිගන්වා වස් ආරාධනා කිරීම සිදු කරනු ලැබේ. ලක්දිව නාගරික ප්‍රදේශයන්හි පමණක් නොව ඈත ගම්දනව් දක්වා සෑම විහාරස්ථානයකම අපේ භික්ෂු මහා සංඝරත්නය මහත් කැපවීමෙන් සිදු කරනු ලබන මෙම උතුම් චාරිත්‍ර ධර්මය මුළු මහත් ථේරවාදී බෞද්ධ ලෝකය පුරාම අනුගමනය කරනු ලබන්නකි. අප රටෙහි භික්‍ෂූන් වහන්සේලා අතර අරිට්ඨ මහරහතන් වහන්සේගෙන් ඇරඹෙන මෙම උතුම් පිංකම සඳහා නතු වූවෝ සාමාන්‍ය ජනතාව පමණක් නොවේ. රාජ රාජ මහාමාත්‍යාදීන්ද මහත් ගෞරවයෙන් යුතුව මෙම පිංකමෙහි නියැලුණු අයුරු අපේ ශාසන ඉතිහාසය මගින් මනාව වාර්තා කොට ඇත. ඇතැම්විට විහාරස්ථාන වලින් පරිබාහිරව තම පෞද්ගලික නිවාසන්හිද භික්‍ෂූන් වහන්සේලා වස් වසවා ගැනීම සඳහා අපේ බෞද්ධ ජනතාව ඉතා කැමැත්තෙන් ක්‍රියා කොට ඇති බවද ප්‍රකට කරුණකි.

ඇසළ පුරපොහෝ දිනය වස් ආරාධනා කිරීමේ උතුම් පොහෝ දිනය වන්නේ මතු නොව බුද්ධ චරිතයෙහි සහ ශාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් සිදුවීම් රාශියක්ද සිදු වූ දිනයකි. විශේෂයෙන්ම අද දිනය තථාගත ධර්මය ලොවට දායාද වූ දිනයද වන්නේය. එනම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය සිදු කෙරුණු උතුම් දිනයයි. එමෙන්ම සිදුහත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම, මහා අභිනිෂ්ක්‍රමණය, මාතෘ දිව්‍ය රාජයාට විජම්බණ දෙසීම, රාහුල කුමරුගේ උපත සහ යමා මහ පෙළහර පෑම ආදී සිදුවීම්ද, ඇසළ පුන් පොහෝ දිනයෙහි සිදු වී ඇති බුද්ධ චරිතය හා සම්බන්ධ සිදුවීම් කිහිපයකි. ප්‍රථම ධර්ම සංගායනාවේ ආරම්භය, ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල භික්ෂුවගේ පැවිදි උපසම්පදාව, දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහ සෑරදුන් තැනවීම සඳහා වැඩ ඇරඹීම, සියම් දේශයෙන් වැඩමවන ලද පවර උපාලි මහ තෙරුන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලා විසින් ලක්දිව නැවත උපසම්පදාව පිහිටුවීම ආදී ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රාශියක් සිදුව ඇති අද දිනයෙහි පහන් සිතින් යුතුව පුණ්‍ය ධර්මයන්හි යෙදී චතුරාර්ය සත්‍යාවබෝධය සඳහා උත්සුක විය යුතුව ඇත.

 

කොළඹ 06  හැව්ලොක් සිටි සාම විහාරාධිපති දක්ෂිණ ලංකාවේ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක

අතපත්තුකන්දේ ආනන්ද නාහිමි



අදහස් (1)

උතුම් වස්සාන සමය ඇරඹෙන්නේ අදයි

විමලසේන බටුවන්තුඩාව - ගම්පහ නගරය Friday, 23 July 2021 03:29 PM

ඝෝෂාකාරී ලවුඩ්ස්පීකර් ශබ්දය තමා ඉවසන්න බැරි.. ඉස්සර නම් පන්සල් කියන්නේ බොහොම නිශ්ශබ්දතාවය පිරුණු නිස්කලංක තැන්.. ඒකත් එකටම දැන්...

:       0       35

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 755 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 369 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 126 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4271 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12680 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 687 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site