IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


උතුරේ ජනතාවගේ භාෂා අයිතියට ගරු කරමු

මේ රටේ භාෂාව පරිහරණය පිළිබඳ ගැටලු‍ව සම්බන්ධව තවමත් බොහෝ දෙනකුට අවබෝධයක් නැත. එසේත් නැත්නම් ඒ පිළිබඳ සොයාබැලීමට කිසිදු ඕනෑකමක් නැත. අධිකරණය මගින් යවනු ලබන ලිපියකට පවා භාෂාව ගැටලු‍වක්වීමට මේ තත්ත්වය මග පාදා තිබෙන බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පසුගියදා මුහුණ දුන් සිද්ධියක දී මනාව පැහැදිලි විය.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාට යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා එවා තිබූ ලිපිය ලියා තිබුණේ සිංහල භාෂාවෙන් පමණක් වීමෙන් මේ ගැටලු‍ව මාධ්‍යයේ සිරස්තල මැවී ය. තමන්ට ලැබුණු ලිපිය සිංහල  භාෂාවෙන් පමණක් තිබීම හේතුවෙන් මන්ත්‍රීවරයා පොලීසියට දැනුම් දී තිබුණේ එම ලිපිය බාර ගැනීමට නොහැකි බවය.

මෙම ලියැවිල්ල බාරදීමට මන්ත්‍රීවරයා හමුවට ගොස් තිබුණේ පොලිස් නිලධාරීන් දෙදෙනකු බවද සඳහන්ය. මන්ත්‍රීවරයා එම ලිපිය බාරදීමට පැමිණි පොලිස් නිලධාරියාට ප්‍රකාශ කර තිබුණේ තමාට සිංහල කියවීමට නොහැකි බැවින් එම ලිපිය බාරගැනීම ප්‍රතික්ෂේප කරන බවය. තමන්ට දමිළ භාෂාවෙන් යුත් සිතාසියක් අධිකරණය මගින් ලියාපදිංචි  තැපෑලෙන් ලැබෙන්නේ නම් පමණක් එය පිළිගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

මේ රටේ භාෂා ප්‍රශ්නයට ශත වර්ෂයකට අධික ඉතිහාසයක් තිබේ. එහි අවසානයක් තවමත් දකින්නට නොලැබීම රටේම අවාසනාවක් බව සඳහන් කළ යුතුය. මේ භාෂා ප්‍රශ්නය වසර 30කට ආසන්න කාලයක් දික්ඇදුණු භයානක යුද්ධයක් දක්වා ඔඩුදිව්වේ ය. එයින් සිදුවූ ජීවිත හානිය ඉතා විශාල ය. දේපළ හානිය සහ රටේ ආර්ථිකයට, සමාජයට සිදුවූ හානිය ගිණිය නොහැකි තරම් ය. එම ගැටලු‍වේ අපිකේන්ද්‍රය වූයේ තමන්ගේ භාෂාවෙන් තමන්ට වැඩකර ගැනීමට සියලු‍ ජාතීන්ට තිබෙන අයිතිය රැකගැනීමයි. එය කිසිවකුටත් පැහැරගැනීමට ඉඩදිය යුතු නැති බවට වන අදහස පිළිගැනීමට මේ රටේ ඇතැම් පිරිස් තවමත් සූදානම් නැති බව ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ සිද්ධියෙන් පැහැදිලි වෙයි.

භාෂා ප්‍රශ්නය ජනවාර්ගික ගැටලු‍වක් දක්වා ඇදී ගොස් යුද්ධයක් බවට පරිවර්තනය වන විට එය ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් බවට පත්විය. 13 වැනි ව්‍යවස්ථාව එහි ප්‍රතිඵලය වූ අතර එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබීය. එම ව්‍යවස්ථාව ශ්‍රී ලාංකික ජනතාව මතට බලෙන් පැටවූවක් බවට ප්‍රබල විවේචනය එල්ල වුවද එහි ඇතැම් කොටස් ක්‍රියාවට නංවනු ලැබ තිබේ. පළාත් සභා පිහිටුවීම එහි එක් මූලික කාරණාවකි. එසේම සිංහල සහ දෙමළ භාෂා දෙකම රජයේ නිල භාෂා වශයෙන් පිළිගැනීම ද තවත් මූලික කාරණාවකි. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාව වශයෙන් ක්‍රියාත්මකය.

මේ යථාර්ථය පිටුදකිමින් කටයුතු කිරීම යළිත් නැති අර්බුදවලට අත වැනීමකි. දකුණේ සිංහල ජාතිකයන්ට තමන්ගේ සිංහල භාෂාවෙන් වැඩ කිරීමට තිබෙන අයිතියම උතුරේත් නැගෙනහිරත් දමිළ ජාතිකයන්ට තමන්ගේ දමිළ භාෂාවෙන් වැඩ කිරීමටද තිබිය යුතුය. එම අයිතියට ගරු කළ යුතුය. එය එසේ නම් යාපනය අධිකරණය මගින් උතුරේ දමිළ මන්ත්‍රීවරයකුට සිංහල භාෂාවෙන් ලිපියක් යැවීමට හේතුව කුමක්දැයි සොයාබැලිය යුතු නොවේද?

යුද්ධය නිමවීමෙන් පසුව ජාතික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ යටතේ භාෂාමය ගැටලු‍ හඳුනාගෙන ඒවා හැකි තරම් දුරු කෙරෙන අදහස් සහ යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මේ පිළිබඳ විස්තරාත්මකව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ. 2010 වසරේ මැයි මාසයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද එම කොමිෂන් සභාව එම වසරේ සැප්තැම්බර් මාසයේදී සිය ප්‍රථම අතුරු වාර්තාව ප්‍රකාශයට පත්කර තිබිණි. එහි හත්වැනි නිර්දේශය වශයෙන් සඳහන් කර ඇත්තේ රටේ මහජනතාවට නිලධාරීන් සමග කටයුතු කරගෙන යාමේදී තමන්ට තේරුම්ගත හැකි භාෂාවකින් සංවාදයක් පවත්වා ගැනීමටත් ලිපි ලේඛන ලබා ගැනීමටත් අයිතිය ලැබෙන පියවර වහාම ගත යුතු බවය.

රට යළිත් භාෂාමය ගැටලු‍වලට මැදි නොවන සේ ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නිර්දේශ සියල්ල සඳහන් එහි සම්පූර්ණ වාර්තාව 2011 වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත්කර තිබිණි. එයින් වසර 12ක් ඉක්මවන මේ වර්ෂයේදීත් යාපනය අධිකරණයෙන් උතුරේ මන්ත්‍රීවරයකුට සිංහල භාෂාවෙන් ලියුමක් යැවීම විහිලු‍වකි.

එයින් පෙන්නුම් කරන්නේ තවමත් එම නිර්දේශවලට අනුකූලව කටයුතු නොකරන පිරිස් මේ රටේ සිටින බවය. නැතහොත් සිතා මතා අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීමට කැසකවන පිරිසකගේ ගොදුරක් බවට පොලීසියේ නිලධාරීන් පත්ව සිටින බවය.

උතුරේ ජනතාවට තමන්ගේ භාෂාවෙන් රාජකාරි ඉටුකර ගැනීමට තිබෙන අයිතියට සියලු‍ නිලධාරීන් ගරු කළ යුතුය. එය පැහැර ගැනීමට කිසිවකුටත් ඉඩදිය යුතු නැත.

(***)



අදහස් (6)

උතුරේ ජනතාවගේ භාෂා අයිතියට ගරු කරමු

Senaka Friday, 24 February 2023 11:01 AM

තමන්ගේ භාෂාවෙන් කටයුතු කරගන්න ඒ මිනිස්සුන්ට අවස්ථාව දෙන්න ඕනෑ. ඒක සාධාරණ ඉල්ලීමක්. ඒත් ඒ කලාපය ඔවුන්ගේ රටය කියලා ඩෙඟා නටන්න ඉඩ ලබා නොදිය යුතුයි. ඔවුන්ගේ ඔලුවලට විෂබීජ හෙලන අමනයින් අල්ලා දැඩි දඬුවම් ලබාදිය යුතුයි. යුද්ධයක් කියා මෝඩ තකතීරු වැඩ නොකළා නම් අධ්‍යාපනය කොළඹ මෙන්ම දියුණු ආර්ථික කලාපයක් බව ඔවුන්ට තේරුම්කර දෙන්න ඕනෑය. ඔවුන් වෙනම රටක් කඩා ගත්තොත් ඔවුන්ට උතුරු මුහුදේ ධීවර කර්මාන්තෙට වූ සීන් එක ලංකාවේ ගොඩබිමදීම අත්විඳින්න වෙනබව තේරුම් කරලා දෙන්න ඕනෑය.

:       2       65

gamsabaa Friday, 24 February 2023 04:44 PM

ඕන කෙනෙක්, ඕන තැනක, ඕන භාෂාවක් භාවිතා කරපුවාවේ...! ඒකට තමයි එක්සත් රටක් කියන්නේ...!

:       34       9

MewanSaturday, 25 February 2023 05:49 AM

එක්සත් සහ ඒකීය දෙකේ වෙනසක් තියෙනවා.. අපිට එක්සත් ඕන නෑ. ඒකීය වෙන්නයි ඕන.

:       2       27

Marsipala Friday, 24 February 2023 05:46 PM

ශ්‍රී ලංකාවේ ඉපදුන සියලුදෙනාම ශ්‍රී ලාංකික කියලා පිළිගන්නව නම් අපි හැමෝගෙම මවු භාෂාව සිංහල වෙනවනම් .කතාකිරීම, ලිවීම සහ කියවීම වැනි දේ සියලු ජාතීන් අතර පාසල් මට්ටමින් උගන්වන්න පුළුවන් නම් ප්‍රශ්නවලින් 60% ක් විසඳාගත හැකිය. ඒ වගේම තම තමන් විශ්වාසකරන ආගම ධර්මය ඒ විස්වාසය අනුව කරගන්න පරිසරයක් හදනවනම් එකිනෙකාගේ විශ්වාසයන් පිළිබඳව අධ්‍යාපනයක් දැනුමක් ලබාදෙනවනම් කොච්චර සුන්දර ලස්සන් රටක් වෙයිද . ජාතිවාදයෙන්, වෛරයෙන්, රටක් ඉඳිරියට යා නොහැකියි. කාලයට බාරදෙමු. තෙරුවන් සරණයි.

:       5       66

ganegoda Saturday, 25 February 2023 03:36 PM

සිංහල පාසල්වල දෙමළ භාෂාවත්, දෙමළ පාසල්වල සිංහල භාෂාවත් අනිවාර්ය වුණා නම් නේද මේ ගැටලුවට නිසි පිළිතුරක් වෙන්නේ... !

:       0       15

SL Wednesday, 01 March 2023 06:01 PM

මම දන්නා තරමින් භාෂා ප්‍රශ්නයක් දැන් උතුරේ දෙමළ අයට නැහැ. තියෙන්නේ උතුරේ ඉන්න සිංහලයින්ට... දකුණේ පාසල්වල දෙමළ ඉගැන්නුවත් උතුරේ පාසල්වල සිංහල උගන්වන්න දෙන්නේ නැහැ. උතුරේ මිනිහාට දකුණේ ඉඩමක් කඩමක් ගන්න පුළුවන් වුණාට දකුණේ මිනිහාට උතුරට ගිහින් ඉඩමක් ගන්න බැහැ. මේ රටට කරන්න ඕනේ සිංගප්පූරුව වගේ නීති. මේ ගෝත්‍රවාදී පාලකයින් ඉන්නකල් මේ රට හදන්න බැහැ. 56 බණ්ඩාරනායක කරපු අමනම තීරණයක් නිසා දෙමළ මිනිස්සුන්ට වගේම සිංහල මිනිස්සුන්ටත් පාඩු වුණා. රටේ හිටපු ඉංග්‍රීසියෙන් උගන්වපු ගුරුවරු ටික සිංගප්පූරුවට ගිහින් එහෙ උගන්වලා ඒ රටවල් ගොඩගත්තා. කිසිම දේශපාලන පක්ෂයක් ජාතිය/ ආගමත් එක්ක නම් ගාවගන්න දෙන්න හොඳ නැහැ...

:       0       25

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 973 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 6370 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 445 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 838 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 851 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 449 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site