IMG-LOGO

2025 අප්‍රේල් මස 06 වන ඉරිදා


ඌරුතෙල් පහන් වලින් කතරගම පෙරහර රඟදැක්වු මහලේනව වැදිපරපුරම කළු කොටියාට බිළිවෙයි

කතරගම දෙවියන් පිළිබදව ලියවෙද්දී කතරගම දෙවියන් ‘‘මහකැබිලිත්තට’’ වැඩම කරවිමට සිදුවු හේතුව ලිව්වෙමු. කෙසේ වෙතත් මේ වනවිට ‘‘මහකැබිලිත්ත’’ ප‍්‍රදේශයට විවිධාකාර පුද්ගලයන් දෙවියන් වැදපුදා ගැනීමේ අරමුණින් ඇතුලූවීම බරපතල පාරිසරික හානියක්වී තිබෙන බව සැදැහැ සිතින් එහි යන්නෝ කියති. කතරගමට යන හැමකෙනෙක්ම මුලින්ම කිරිවෙහෙරට ගොස් කිරිවෙහෙර වැ`දපුදාගෙන, අෂ්ඨඵල බෝධියද වන්දනා කරගතයුතු යැයි විශ්වාසයක් බෞද්ධයන් තුළ පවතී.  එසේ කිරිවෙහෙරත් අෂ්ඨඵල බෝධියත් වැදපුදාගෙන ලබාගන්නා පින් කතරගම දෙවියන්ටද අනුමෝදන් කර කතරගම දේවාලයේ පුජාවන්ට එක්වීමෙන් වඩාත් හොද ප‍්‍රතිඵල ලැබීමටත්, කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්ම තමාවෙතට යොමුකර ගැනිමටත් හේතුවක් බවට විශ්වාසයක් පවතී. එහෙත් වර්තමානයේ කතරගමට යන එන වැඩිදෙනා මේ චාරිත‍්‍ර වාරිත‍්‍ර නොසලකති. පූජනීය තැනකට ඇතුලූවෙද්දී ඊට සුදුසු ඇදුමක්වත් නොඅදිති. හැසිරිමද පිළිකුල්ය. එවැන්නන්ට දෙවියන්ගේ පිහිටක් ලැබේද යන්න කිසිසේත් සිතිය නොහැක. කතරගම දේවියන් භක්තියෙන් සමරණ සැම දෙනාගේම අදහස එයයි. කතරගම දෙවියන් හා වැදි පරපුර අතර විශාල සම්බන්‍ධයක් ඇතිවීමට ප‍්‍රධාන හේතුව වල්ලිඅම්මා කතරගම දේවියන්ගේ බිසව වීමයි. වල්ලිඅම්මා ද පසුව දෙවගනක් සේ අදහනු ලබයි. වල්ලිඅම්මා කුඩා කල රැකබලාගෙන ඇත්තේ නන්ද නම් වැදි නායකයාවීම නිසා ආදිවාසී ජනයාගේ විශ්වාසයක්ව පවතින්නේ කතරගම දෙවියන් එම විවාහයත් සමග තම පරපුරට ඥාතිකම් කියන බවයි. මේනිසා අතීතයේ පටන්ම කතරගම දෙවියන්ගේ පුදපුජාවන්ට ආදිවාසීන්ද එකතුවන බව විශ්වාසයක් පවතී. ඇතැම් අවස්ථාවල නැගෙනහිර සිට පාද යාත‍්‍රාවෙන් කතරගමට එන වන්දනා පිරිස් අතර වාකරේ වෙරුගල් ආදී ප‍්‍රදේශවල වෙසෙන ‘‘මුහුදු වැද්දන්’’ ලෙස හඳුන්වන ආදිවාසී ජන කොටස්ද කලකට ඉහත එන්නට ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් යුදමය වාතාවරණයන් නිසා ඔවුන්ගේ පැමිණීමද ක‍්‍රමයෙන් අඩුවන්නට විය. මහකැබිලිත්ත ප‍්‍රදේශයේ තැන්පත්කර තිබූ කතරගම දෙවියන්ගේ දේවාභරණ 1819 වර්ෂයේදී යළි කතරගමට වැඩම කරවා දේවාලයේ තැන්පත් කළ බව ඉතිහාසයේ දැක්වේ. මේවනවිට රට ඉංග‍්‍රීසීන්ගේ පාලනයට යටත්වී තිබිණි. කතරගම දේවාලය ඇතුලේ ඌව වෙල්ලස්ස සටනට භාවිතා කළ ආයුධ තිබෙන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කියමින් බ‍්‍රවුන්රිග් යටත්විජිත ආණ්ඩුකාරවරයා 1819 අපේ‍්‍රල් 05 දා කතරගම දේවාලයට පැමිණ එය පරීක්‍ෂා කිරිමට අවශ්‍ය බව පවසා තිබේ. මේ කාලයේ ප‍්‍රධාන කපු නිලයේ කටයුතු කර ඇත්තේ රණබාහු නම් කපු මහතෙකි. ඔහු පවසා ඇත්තේ මේ දේවාලය දුටුගැමුණු රජුගේ කාලයේ පටන් පැවත එන්නක් බවත් පුද පුජාවන් පවත්වන ස්ථානයක් බවත් පේවෙලා නව වැදුම්වැ`දලා මිස දේවාලය තුලට තේවාව භාර කපු නිලමේවරු හෝ නොයන බවත් එහි ආයුධ නැතිබවට දිව්රුම් දෙන බවත් බවසා තම ඉල්ලීම නොතකා දේවාලය තුලට ඇතුලූ වුවහොත් හදගලේ ඔලූව ගහගෙන මැරෙන බව බ‍්‍රවුන්රිග් ආණඩුකාරයාට කියා තිබේ. එය පරිවර්ථනය කර ඇසිමෙන්  පසු ආණ්ඩුකාරයා දේවාලය පරීක්‍ෂා කිරිම පසෙක තබා ආපසු  පිටව ගොස් තිබේ. එයින් පසුව පෙරහර කතරගම දේවාලයේ පවත්වාගෙන ගොස් ඇත. පාද යාත‍්‍රාවෙන්ද කතරගමට ජනතාව පැමිණ තිබේ. මේ කාලයේ කුමන ජාතික වනෝද්‍යානයේ මහලේනව ප‍්‍රදේශයේ වැදි ජනතාව ජිවත්ව ඇත. මේ වැදි සනුහරේ හිටි ‘‘මරාවා’’ සහ ‘‘කුඹුහුරී’’ නම් වැදි ජෝඩුවක් පාද යාත‍්‍රාවේ ආ පිරිස යන්නේ කොහාටදැයි විපරමෙන් කැලෑව ඔස්සේ පසුපස ගොස් තිබේ. ඉන්පසු කතරගම දක්වා පාද යාත‍්‍රාවේ ගිය පිරිස පන්දම් දල්වා නැටුම් නටා, බෙරවයා, පෙරහර කරන අයුරු රහසින් නරඹා ඇත. පසුව මහලේනව සිටි රැහේ වෙත පැමිණ තමන් දුටු සිද්ධිය පවසා තිබුණි. එහෙත් සෙසු වැද්දන්ට මේ කාරණාව තේරුම් ගැනිමට නොහැකිවිනි. පසුව මේ වැදි ජෝඩුව ඌරුතෙල් වලින් පන්දම් සාදා පහන් පත්තුකර කතරගම දේවාලයේ පෙරහර පැවැත්වු ආකාරය සෙසු වැද්දන්ට පෙන්වා තිබේ. පසුදින රාත‍්‍රියේ ගමට කඩා වැදුණු කලූකොටි රැළක් විසින්  මහලේනව සිටි සියලූ වැදි ජනයා මරාදමා තිබුණි. හැලව ගම්මානයට ගිය වැදි දරුපවුල් කිහිපයක් පමණක් බේරි තිබේ. කුමන ජාතික වනෝද්‍යානයේ පිහිටි කිරිපොකුණුහෙළ ලෙන්වල වැදි චිත‍්‍ර රැසක් ඇතිබව හෙළිකලේ වනජිවි දෙපාර්තමේන්තුවේ වනසත්ව අඩවි සහකාරවරයෙකුවූ බී. ගුණසිංහ මහතාය. බඔරගස්තලාවට කිලෝමීටර් අටක් බටහිරින් කිරිපොකුණු ලෙන් පිහිටා තිබේ. කතරගම දෙවියන් භාවනානුයෝගීව සිටින බවට විශ්වාස කරන මහකැබිලිත්ත දේවාලය වැදපුදාගෙන භාරහාර වෙන්නට දැන් විශාල පිරිසක් එහි ඇදියන්නට පටන් අරං ඇතිබව පසුගිය සතියේ එහි ගිය මට හො`දින් දැක බලාගත හැකිවිය. දේශපාලන ලෝකයේ, ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයේ අති දැවැන්තයෝ එහි එති. ජිවිතේට හිරමණයක් ඇල්ලූවේ නැති පිරිමි කුඹුකන්ඔයේ වැල්ලේ පොල්ගාති. හාල් ගරති. පළතුරු සෝදති. ගමේ පන්සලේ බෝධිය පහනක් නොතැබු අය මේ මහ ඝණකැලෑවේ කූඹුකන්ඔයේ එගොඩ මෙගොඩ ඇති බෝධිදෙකට බුද්ධ පූජාවද තබා පැන්කළ දෝතින් ගෙනවිත් බෝධිය නහවති. විහාරස්ථානයකට ගියත් බුදුන් වදින විට කොන්ද නොනැමූවෝ කොන්ද පමණක් නොව නළලද බිම තබා බෝධියත්, දේවියනුත් නමදිති. සැබැවින්ම මේවා හාස්කම්ය. ජිවිතේ පළමු වතාවට සුදු පිරුවට ඇදි පුද්ගලයන් පවා එහිදි දැක ගත හැකිය. විච්චුර්ණ ඇදුම් ගලවා සුදු ඇදුමින් සැරසී රතු රෙදිකඩක් ඉනවටේ ඔතාගෙන කුඹුකන්ඔය දෙපයින් තරණය කරන්නට තරම් මේ බලවතුන් මෙල්ලකරන්නට කතරගම දෙවියන්ට හැකිවීම පුදුම හාස්කමකි. මහකැබිලිත්තට එන වැඩිදෙනෙක් ප‍්‍රාර්ථනා කරන්නේ තමන්ගේ ඉදිරි දියුණුවට කතරගම දෙවියන්ගේ ආශිර්වාද ගැනීමය. ඇති අපල දුරුවන්නටත්, අතුරුආන්ත‍්‍රා සිදු නොවන්නටත් හොදකලක් උදාවන්නටත් ප‍්‍රාර්ථනා කරති. බොහෝවිට කණ්ඩායම් වශයෙන් එන අය කපුවෙක් එක්කගෙන එයි. එතැනදී කපුවා මහා වීරයෙකි. කපුවා කියන දෙය කරන්නට මෙහි එන  ඕනැම බලවතෙක් සුදානම්ය. ඒබව දෑසින් දැකගත හැකිවූයේ එහි ගියවිටය. මහකැබිලිත්ත දේවාලය  තම ධන උල්පතක් කරගත් පිරිස් ඇතිබව දැන් පෙනෙන්නට ඇත. මොනරාගල දිස්ත‍්‍රික්කයේ ඇතිමලේ ප‍්‍රදේශයෙන් පැමිණිමට ඇති මාර්ගයේ මහට‍්‍රැක්ටර් වලින් එන පිරිස දිනෙන් දින වැඩිවෙමින් පවති. සමහරුන්ට එය අලූත් ආදායම් මාර්ගයකි. රුපියල් පහළොස් දහසේ සිට ඉහළට ගමන සදහා ට‍්‍රැක්ටර් කුලියට ගත හැකිය. කොටියාගල ප‍්‍රදේශයේ කපුවන්ගේ ද අතමිට සරුය. සමහර කපුවෝ රුපියල් තුන් දහසේ සිට ඉහළට තම ගාස්තු අයකරති. පුජා භාණ්ඩ සදහාද විශාල වියදමක් කළ යුතුය. හේතුව ඇතැම් කපුවන්ගේ උපදෙස් අනුව කළ යුතු නිසාය. කතරගම දෙවියන්ට ඇති භක්තිය නිසාත් මහකැබිලිත්තේ ඇති හාස්කම් නිසාත් වියදම නොතකා කෙසේ හෝ එහි යාමට බලාපොරොත්තුවන මේ භක්තිවන්තයන් අද සූරාකෑමට ලක්ව තිබේ. කොටියාගල දෙසින් කුමන ජාතික වනොද්‍යානයට කිසිදු නිත්‍යානුකූල අවසරයකින්  හා වනජිවී දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයකින් තොරව ඇතුළු වන බැතිමතුන්ට මග පෙන්වන්නේ ට‍්‍රැක්ටර්කරුවන් සහ ඇතැම් කපුවන්ය. කැලේට ඇතුලූවු තැන සිට විවිධාකාර ත‍්‍රාසජනක කතා  කපුවෝ කියති. කොටියාගල පැත්තෙන් ඇති පාරේ ට‍්‍රැක්ටර් පැමිණිම නිසා වෙනත් වාහනයක් පැමිණිම ඉතාම අපහසුය. සමහරවිට විවිධ අකරතැබ්බ වලට පවා ලක්වන්නේ ට‍්‍රැක්ටර් ගමන් කළ මාර්ගවල වෙනත් වාහන ගමන් කිරිමට ඇති ගැටලූ නිසාමය. මේ නිසා කොටියගල දක්වා වාහනවලින් පැමිණ එතැනින් ට‍්‍රැක්ටරයක් කුලියට ගෙන මහකැබිලිත්තට යාමට බොහෝ දෙනෙක් කටයුතු කරති. මහකැබිලිත්තේ සියඹලා දේවාලයේ කුඩා සියඹලා ගස ඉදිරිපිට ඇති දේව රූප සමුහය ඉදිරිපිට රතු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී බිමපෙරළී නවගුණවැලක්ද කරේ දාගෙන නවවැදුම් වදිමින් සිටි මුහුණ පුරා රැුවුල වවාගත් තරුණ කපුවෙකු බිම පෙරළි මහා හඩින් දේවියන්ගෙන් ඉල්ලා සිටියේ ඔහු අසලින් බිම වාඩිවි සිටි සිවුරක් දාගත් පුද්ලයාගේ ව්‍යාපාර දියුණුව සලසා දී ඔහුට විනකරන පිරිසකගේ නම් කියා ඔවුන්ට දඩුවම් දෙන ලෙසය. දැන් එවැන්නන්ගෙන්ද මේ හාස්කම් ඇති පුදබිම පිරී ඇතිබව පෙනේ. කොටියාගල සිට මහට‍්‍රැක්ටරකින් පැමිණි එම කපුවාත් සිවුරු දරාගත් තැනැත්තාත් පිළිබදව තරමක් සොයා බැලිමි. ඒ වනවිට හිරුනැගී හෝරා තුනක් පමණ ගෙවී ගොස් තිබුණි. දේවාලයෙන් එගොඩ තවමත් ට‍්‍රැක්ටර් තුනක් පමණ නවතා තිබුණි. ඒ තම සේවාදායකයන් ආපසු එන තෙක්ය. එකතැනක සිවුරක් වැලක දමා තිබුණ නිසා මා තරමක් ලංවී එහි වු අවුරුදු විස්සට අඩු ගැටවු දෙන්නෙකුගෙන් තොරතුරු විමසිමි. ‘‘අපි කොටියාගල. ට‍්‍රැක්ටර් වලින් කට්ටිය අපි මෙතෙන්ට ගේනවා. රුපියල් පහළොස් දාහක් ගන්නවා. පැය හයත් අටත් විතර වෙලාවකින් එන්න පුලූවන්. ඒඅය මෙහෙ ඉ`දලා පුජාව තියලා පහුවදා ආය යනවා. රෑට ලයිට් දෙකකුත් දාලා දෙනවා. ඒකට තමයි ඔය ගාන ගන්නේ.’’ තරුණයාගේ ස්වරුපය දෙස බලද්දී රිය පැදවීම සම්බන්‍ධව අත්දැකිම් ඇත්තෙක් බව නොපෙනුනි. ‘‘ඔයාට ඩ‍්‍රයිවිං ලයිසන් තියනවාද’’ ‘‘ඒවා මොකටද මහත්තයෝ මේ මහ කැලේට. අනික මොකාද මේ කැලේ අපේ ලයිසන් බලන්නේ. ට‍්‍රැක්ටර් වලින් එන ගොඩදෙනෙකුට ලයිසන් නෑ. එන අයවත් අපෙන් ලයිසන් තියනවාද අහන්න් නෑ.’’ ‘‘දැන් වනජිවි එකෙන් අවසර අරගෙන ද ආවේ. වනජිවී මහත්තෙයක් එහෙම ආවද?’’ ‘‘එහෙම අවසර ගන්න තැනක් කොටියාගල නෑ. එයාලගේ අවසර  ඕනැ නෑ අපි කට්ටිය එක්ක එනවා. සමහර දවසට අපි එහෙන් පිටත් වෙන්නේ සවස තුනට. ? දහය එකොළහ වෙනවා මහකැබිලිත්තට එනකොට. එහෙම රෑ එන්න එපා කියලා කවුරුවත් අපට කියලා නෑ. අනික සමහර වෙලාවට ඉක්මනින් යමු කියලා පිටත්වුණාට කැලේදි මහ අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. පැය දහය දොළහ ට‍්‍රැක්ටර් මඬේ එරිළා ගොඩගන්න බැරුව දගලන අවස්ථා තියනවා. සමහර මිනිස්සු කටවරද්දා ගත්තාම එහෙමයි. ඉතිං ඒවගේ වෙලාවට කීයට හරි ට‍්‍රැක්ටරේ ගොඩට ගත්තෝත් ඒතමයි අපියන වෙලාව.’’ තරුණයාගේ දිර්ඝ පිළිතුර විය. සැබැවින්ම මේ ගමන එසේය. එන සහ යන වෙලාවක් නිශ්චිතවම කිව නොහැක. එන්නට පැය දොළහක් ගතවුවත් යන්නට ඊට අඩු කාලයක් ගතවන අවස්ථා ද එන්නට අඩුකාලයක්ගතවී යන්නට වැඩිකාලයක් ගතවන අවස්ථාද තිබේ. ජාතික වනෝද්‍යානයක රාත‍්‍රී කාලයේ ගමන තහනම්ය. එහෙත් කොටියාගල පැත්තෙන් මේ වනොද්‍යානයට ඇතුලූ වන්නන්ට ඒ තහනම නැත. එහෙත් පානම  ඕකන්‍ද කුමන ජාතික වනෝද්‍යානයේ වනජිවි පිවිසුමෙන් ඇතුලූවන්නන්ට එසේ නොවේ. නීත්‍යානුකූල බලපත‍්‍ර ලබාගෙන වනජීවී දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නෙකුගේද සහාය ලබාගෙන අති දුෂ්කර මගකින් ජාතික වනෝද්‍යානයක යාමට අවසර ඇති වාහන කිහිපයකින් ඇතුලට ගොස් වාහනයක ආපදාවකින් පමාවී රාත‍්‍රී ගමන් නොකර වන සතුන්ගේ චර්යාවන්ට බාධානොකර නීතිගරුකව රැයක් පහන් කර පසුදා උදෑසන කුමන ජාතික වනෝද්‍යානයෙන් පිටව යන්නට ආවොත් කිසිදු අනුකම්පාවක් නැත. දහදෙනෙකුගෙන් යුතු වාහන දෙකක කණ්ඩායමකට අතිරේකව දෙදහස් පන්සියයකට වැඩි ගාස්තුවක් යළි ගෙවන්නට සිදුවෙයි. මේ තත්ත්වය නිසාම දැන් නීත්‍යානුකූල නොවන අන්දමින් කොටියාගලින් කුමන ජාතික වනෝද්‍යානයට ට‍්‍රැක්ටර් වලින් ඇතුලූවන්නට බොහෝ දෙනෙක් උනන්දුව සිටිති. එනිසා දැන් මහකැබිලිත්ත අවට ප‍්‍රදේශයේ සතා සිව්පාවාගේ සහ කැලෑවේ පැවැත්මට මේ ව්‍යාජ මගපෙන්වන්නන්ගෙන් හානිවෙමින් පවතී. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙන්නට ඉඩදුන්නොත් මහකැබිලිත්තටද එය තර්ජනයක් වනු ඇත.

අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 මහකැබිලිත්ත දේවාලය ඉදිරිපිට කපුවෙක් සිය දායකයාගේ කරුණ කන්නලව් කරමින් සුදු පිරුවට වලින් සැරසි කුඹුකන්ඔයේ වැල්ලේ පූජාව සකසන බැතිමතුන් පිරිසක් පූජාවට්ටි රැගෙන කුඹුකන්ඔයෙන් එතෙරවි කැබිලිත්ත දේවාලයට යමින් කොටියාගල පැත්තෙන් බැතිමතුන් පිරිසක් රැගෙන ආ  ට‍්‍රැක්ටරක්



අදහස් (0)

ඌරුතෙල් පහන් වලින් කතරගම පෙරහර රඟදැක්වු මහලේනව වැදිපරපුරම කළු කොටියාට බිළිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 334 0

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 72 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 196 2

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 377 2

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 84 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 64 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 308 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 441 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 947 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site