IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


එක්සත් ජාතීන් බෙලහීනද?

රුසියා - යුක්රේන යුද්ධය:

රුසියා - යුක්රේන යුද්ධය:

යුරෝපා ඉතිහාසය පුරාවට ලියැවී ඇත්තේ යුද ගැටුම්, මනුෂ්‍ය ඝාතන, සමූල ඝාතන, ආක්‍රමණ සහ ව්‍යසන පිළිබඳ ව ය. 1618 සිට 1648 දක්වා පැවති තිස් අවුරුදු යුද ගැටුම්වලින් ලක්ෂ 50 කට වැඩි මනුෂ්‍ය ඝාතන සිදු විය. රෝම අධිරාජ්‍ය තුළ කතෝලික, ප්‍රොතෙස්තන්ත සහ ලු‍තරන්ස් ආගමික නිකායන් අතර පැවති දේශපාලනික සහ ආගමික එදිරිවාදිකම් හේතුවෙන් හටගත් එම යුද්ධය 1948 ඇතිකරගත් වෙස්ට්පීලියා (Westphalia) සාම සම්මුතියෙන් අවසන් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ස්වාධීන රාජ්‍ය ගණනාවක් නිර්මාණය වූ අතර ආගමික සාමය ද ආරක්ෂා කෙරුණි.

ජාත්‍යන්තර නීතියෙන් පිළිගත් ස්වාධිපත්‍ය පිළිබඳ මූලධර්ම පෝෂණය කිරීමෙහි ලා වෙස්ට්පීලියා සාම ගිවිසුම පදනමක් දමා තිබුණි. එවකට ද ලෝකයේ පැවති බල කඳවුරු දෙක අතර සමබරතාවක් ඇතිකර ගැනීම පිණිස එය උපකාරි වුවත්  ලොව තුළ පැවති බල කඳවුරු දෙක අතර සීතල යුද්ධය අද මෙන් ම එදා ද පැවතුනි.

1914 ජුනි මස ඔස්ට්‍රියා-හංගේරි රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරා වූ ආර්ච්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනැන්ඩස් ඝාතනය කිරීමත් සමඟ බෝල්කන් ප්‍රදේශය මුල්කරගෙන පලමුවැනි ලෝක යුද්ධය ආරම්භ වූයේ ද යුරෝපය තුළ ය. එහි දී ප්‍රංශය, රුසියාව හා බ්‍රිතාන්‍ය යන ත්‍රිවිධ රාජ්‍යය එක් බලකඳවුරක් ලෙසත්, ජර්මනිය, ඔස්ට්‍රියා-හංගේරි සහ ඉතාලි යන ත්‍රිවිධ රාජ්‍ය තවත් බල කඳවුරක් ලෙස ද සංවිධානය විය.

ඔස්ට්‍රියා-හංගේරි රාජ්‍යය සර්බියාවට එරෙහි ව යුද ප්‍රකාශ කිරීමත් සමඟ සර්බියාවට රැකවරණය දීම පිණිස රුසියාව ඉදිරිපත් විය. ජර්මනිය, ප්‍රංශය හා බි්‍රතාන්‍යය ද එම යුද්ධයට පැටලු‍ණි. 1919 වර්සාලිස් (Versailles) සාම ගිවිසුමත් සමඟ එම යුද්ධය අවසන් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස චෙකොස්ලෝවැකියාව, යුගෝස්ලොවියාව ඇතුළු ස්වාධීන රාජ්‍යය ගණනාවක් නිර්මාණය විය. එම යුද්ධයේ දී සොල්දාදුවන් ලක්ෂ 85 ක් ද, සිවිල් පුරවැසියන් ලක්ෂ 130 ක් ද ඝාතනය විය. 

1939 දී ජර්මනියේ චාන්සලර් හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කළ අවස්ථාවේ දී මහා බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ජර්මනියට එරෙහි ව යුද ප්‍රකාශ කිරීමත් සමඟ දෙවැනි ලෝක යුද්ධය ආරම්භ විය. මානවයාගේ ඉතිහාසයේ ඉතා කුරිරු හා දරුණුතම සංසිද්ධිය වූ දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වූ අතර ඊට රටවල් 30 ක් පමණ ඍජු ලෙස ඈඳී තිබුණි.

එය වසර 6 ක කාලයක් තිස්සේ ඇදී ගිය අතර සොල්දාදුවන් හා සිවිල් පුරවැසියන් ලක්ෂ 600 ක් ඝාතනය විය. ජපානය විසින් හවායි පර්ල් වරායේ ස්ථාපනය කරනු ලැබූ ඇමෙරිකානු නාවුක කඳවුරට පහර දීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ද යුද්ධයට ඍජු ලෙස සම්බන්ධ විය. එහි දී සෝවියට් රුසියාව සහ ජර්මනිය රහසිගත ගිවිසුමකට ඇතුළු වීමෙන් පෝලන්තය දෙකට බෙදා බස්නාහිර තුනෙන් එකක කොටස ජර්මනියට ද, නැගෙනහිර තුනෙන් දෙකක කොටස රුසියාවට ද ඈඳා ගැනීමට සැලසුම් කළහ.

ඇමෙරිකානු ජනාධිපති හැරී ටෲමන්ගේ නියෝග පරිදි 1945 අගෝස්තු මස ජපානයේ නාගසාකි සහ හිරෝෂිමා නගර දෙකට න්‍යෂ්ටික බෝම්බ දෙකක් ගුවනෙන් හෙලමින් 350,000 කට වැඩි සිවිල් පුරවැසියන් ඝාතනය කළේය. ඒ සමඟ අවසන් වූ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජාතීන් අතර  යුධ ගිනිදැල් නිවී ගිය ද ලොව පැවති බල කඳවුරු දෙක අතර පැවති සීතල යුද්ධයෙහි අඩුවක් දක්නට නොලැබුණු අතර යුද්ධ පිළිබඳ භයංකර අනතුරු වරින් වර ඉස්මතු විය. 

ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය රාජ්‍ය ඒකාබද්ධ ව එක් බල කඳවුරක් ලෙසත්, සෝවියට් සංගමය අනෙක් බල කඳවුර ලෙසත් ස්ථාපිත වී තිබුණි. 1962 ඔක්තෝබර් මස දී තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වීමේ අනතුරුදායක තත්ත්වයට ළඟා විය. සෝවියට් සංගමය විසින් කියුබා දූපතේ න්‍යෂ්ටික මිසයිල කඳවුරක් ඉදිකරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ U2 spy planeමගින් සොයාගනු ලැබුවේ ය. එවකට ඇමෙරිකාවේ ජනාධිපති වූ ජෝන් එෆ්. කෙනඩි ඉතා විචක්ෂණශීලී රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ අතර ඔහු ඉතා රහසිගත ලෙස නැව් වළල්ලක් මගින් කියුබාව වටකරනු ලැබුවේය. එකී න්‍යෂ්ටික මිසයිල කඳවුර වහා ම විනාශ නොකළහොත් කියුබාව ආක්‍රමණය කරන බවට ජනාධිපති කෙනඩි තර්ජනය කළේය.

සෝවියට් සංගමය සමඟ කෙනඩි රහසිගත ගිවිසුමකට එළඹුණු අතර සෝවියට් නායක නිකිටා කෘෂෙප් තුර්කියේ පැවති මිසයිල නැවත ගෙන්වා ගන්නා ලදී. කෙනඩි විසින් උපායශීලී ලෙස එම අර්බුදය නොවිසඳුවේ නම් ජීවිත ලක්ෂ ගණනක් අහිමිවීමට හෝ ඊටත් වඩා භයානක තුන්වැනි ලෝක යුද්ධය ආරම්භ වීමට ද තිබූ ඉඩකඩ බැහැර කළ නොහැක. එම අර්බුදය එසේ විසඳුනත් සමූහ ඝාතන සඳහා යොදා ගත හැකි අවි නිෂ්පාදනය කිරීමේ තරගය එන්න එන්න ම තියුණු විය. 1963 ජුලි 25 වන දින ක්‍රෙම්ලිනය සහ වයිට් හවුස් අතර ඇතිකරගත් න්‍යෂ්ටික අවි සීමා කිරීමේ ගිවිසුම මගින් එය පාලනය වූ බවක් පෙනෙන්නට නොතිබුණි. එම අර්බුදය පවතින අවස්ථාවේ දී කෙනඩි ජාතිය අමතා කළ කතාවේ මෙසේ ද සඳහන් ය. 

“අපි සියලු‍ දෙනා මෙම කුඩා පෘථිවියේ එකට ජීවත් වන ජනතාවක් වන්නෙමු. අප සියලු‍ දෙනා ම ආශ්වාස ප්‍රශ්වාස කරනුයේ එක ම වායුවකි. අප සියලු‍ දෙනා අපේ දරුවන්ගේ අනාගත යහපත ප්‍රාර්ථනා කරන්නෙමු. අප සියලු‍ දෙනා මැරෙන මිනිසුන් ය.”
ඔහු එසේ කීව ද 3 වැනි ලෝක යුද්ධයක් ඇවිළීම සඳහා ඇති ඉඩකඩ මුළුමනින් ම ඇහිරී නොගිය බව වරින් වර මතු වූ අර්බුද මගින් සනාථ වේ.

රුසියානු සංගමය කුමන හෝ අවස්ථාවක දී ඇමෙරිකාවේ හෝ යුරෝපයේ බලය යටපත් කරමින් බලවත් වනු ඇතැයි යන බිය ඔවුන්ට තිබුණි. ඇමෙරිකාව, කැනඩාව සහ බටහිර රටවල් ගණනාවක් එක්ව උතුරු අත්ලාන්තික් සම්මුති සංවිධානය (NATO) පිහිටුවා ගනු ලැබුවේ දෙවැනි ලෝක යුද්ධයේ යුද ගිනිදැල් නිවෙන්නටත් පෙර ය. 1949 පිහිටුවාගත් එම සංවිධානයේ සාමාජික රටවල් 30 ක් වූ අතර එවක් පටන් NATO සංවිධානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් රුසියානු සංගමය ද සැලසුම් කළේය.

කෙසේ වෙතත් 1991 මිකායල් ගොර්බොචොක්ගේ පාලන සමයේ සෝවියට් සංගමය බිඳවැටුණු අතර අලු‍තින් ස්වාධිපත්‍ය සහිත රාජ්‍ය 17 ක් නිර්මාණය විය. ඒ අතරින් යුක්‍රේනය සහ බෙලරුසියාව ප්‍රමුඛ වූ අතර මෝල්දෝව, උස්බෙකිස්තාන්, ආර්මේනියා, ජෝර්ජියා රාජ්‍ය ඒ අතර විය. ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් තුළ දැඩි සැකයක් සහ බියක් පැවතියේ සෝවියට් රුසියාව විසින් බටහිර යුරෝපය තුළ කොමියුනිස්ට් වාදය ඇති කරාවි යන්න ය. රුසියානු සංගමය විසිර යාම නිසා එහි බලය හීන වී ඇතැයි NATO රටවල් විශ්වාස කළත් එය එසේ නොවන බව 2004 ව්ලැඩිමීර් පුටින් ජනාධිපති වීමෙන් පසු ඔවුන්ට අවබෝධ විය. ජනාධිපති වීමට පෙර පුටින් KGB ඔත්තු සේවාවේ ඔත්තු නිලධාරියකු ලෙස සේවය කළ අයෙකි.

ඇමෙරිකාව සහ NATO සැලසුම් සහගත ලෙස යුක්‍රේනය සමග මිත්‍රත්වයක් ඇතිකරගත් අතර යම් දිනක යුදමය වාතාවරණයක් ඇති වුවහොත් යුක්‍රේනය තුළින් ඔවුන්ට පහසුකම් සපයා ගැනීමට එයින් බලාපොරොත්තු විය. අනෙක් අතට රුසියාවේ යුද ශක්තිය මැන බැලීමේ උපාය මාර්ගය ද ඒ තුළ විය. එය ඔවුන්ට පහසුවෙන් කළ හැකි වූයේ යුක්‍රේන මුල් පුරවැසියන් ද, රුසියානු සම්භවයක් ඇති රුසියානු භාෂාව කතා කරන පුරවැසියන් ද දෙකොටසකට බෙදී සිටීමෙනි.

යුක්‍රේනයේ ජනාධිපති වශයෙන් සිටි වික්ටර් යන්කෝවිෂ් රුසියාව සමඟ ළඟ මිත්‍රශීලීභාවයක් ගොඩනගා ගෙන කටයුතු කරමින් සිටිය දී 2014 වසරේ දී කුමන්ත්‍රණයක් මගින් ඔහු බලයෙන් පහ කරන ලදී. පුටින් ජනාධිපතිවරයා ඒ පිළිබඳ දැඩි ලෙස කෝප විය. බල කඳවුරු දෙකම විවිධ හේතු මත එකිනෙකාට බියෙන් සහ සැකයෙන් කටයුතු කළේය. යුක්‍රේන ජනතාව කොටස් දෙකක බෙදී සිටීම නිසා එහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ලෝක බලවතුන්ගේ පාර්ශ්ව දෙකට ම ඉඩකඩ ලැබුණි. යුක්‍රේනය 1990 සිට ම NATO සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ අතර වැඩි වශයෙන් රහසිගත සම්බන්ධතා පවත්වා ගෙන යන ලදී.

රුසියාව සහ බටහිර බලවතුන්ගේ බල අරගලය මත Buffer Zone ප්‍රදේශයක් බවට පත් වූ යුක්‍රේනය අවසානයේ අසරණභාවයට පත්වී ඇත. 2014 සිට යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ රහසිගත සැලසුම ජනාධිපති පුටින් ක්‍රියාත්මක කළේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුර දැරූ කාල සීමාවේ පුටින් එළිපිට ආක්‍රමණශීලීභාවයක් නොපෙන්වූ අතර එම කාලයේ දී යුක්‍රේනය ආක්‍රමණය කිරීම සිදු වූයේ නම් ඉතා බරපතළ තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබුණි. ජනාධිපති ට්‍රම්ප් චීනය සම්බන්ධයෙන් ගත් නිර්භීත සහ දැඩි තීන්දු මගින් එය සනාථ වේ. මෙම මොහොතේ දී ඇමෙරිකන් ජනාධිපති බයිඩන් කල්පනා කරනු ඇත්තේ දිගු කාලීන සැලසුමක් මගින් ප්‍රතිචාර දක්වමින් රුසියාව තනි කොට එහි ආර්ථික ශක්තිය දුර්වල කිරීමයි. 

චීනය රුසියාවට උදව් කිරීමට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාසයක් ඇතත් ඔවුන් එළිපිට එවැනි පක්ෂපාතීභාවයක් තවම පෙන්වා නොමැත. ඇමෙරිකාවට එරෙහි ව ගොඩනැගෙන බල කඳවුර සමඟ චීනය යම් දිනක එක්වෙනු ඇතැයි යන විශ්වාසය බැහැර කළ නොහැක. චීනය සමඟ එදිරිවාදීකම් ඇති ඉන්දියාව ද ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකට ලෙස පෙන්නුම් කොට නොමැත. අර්බුදය දිග්ගැස්සුණහොත් ඇමෙරිකාව කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජපානය සහ යුරෝපා රටවල් යුක්‍රේනය බේරා ගැනීමට ඉදිරිපත් වීමට ඉඩ ඇති අතර එවැනි මැදිහත් වීමක් සිදුවුවහොත් න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ සම්භාවිතාවක් ඇතිවිය හැක. 

දැනට යුක්‍රේනයේ සිදුවෙමින් පවතින ඉතා බරපතළ මනුෂ්‍ය ඝාතන ඇතුළු කෲර ක්‍රියා වළක්වා ගැනීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය සක්‍රීය ව දායක වීමක් සිදු නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වූයේ මිහිතලය මත සාමය ස්ථාපිත කිරීමේ උදාරතර පරමාර්ථය ඇතිව නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය යුදමය හස්තය ලෙස භාවිත කරනුයේ නේටෝ (NATO) සංවිධානයයි. රුසියාව හා යුක්‍රේන යුද්ධයට යම් ආකාරයකින් පාර්ශ්වකරුවකු සේ සැලකිය හැකි (NATO) සංවිධානය එක්සත් ජාතීන්ගේ යුද බලය මෙහෙයවනු ලබන සංවිධානය වන හෙයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සාමය සඳහා මැදිහත් වන්නකු ලෙස ක්‍රියා කළ හැකි ද යන ප්‍රශ්නය බරපතළ කාරණයකි.

රුසියාව යනු වර්ග කිලෝමීටර් මිලියන 17.1 ක් විශාල ලෝකයේ ලොකු ම රට වන අතර එය පෘථිවි භූමියෙන් සියයට 11 කි. එහි ජනගහනය මිලියන 146 ක් වන අතර එය ලෝක ජනගහනයෙන් සියයට 1.87 ක් තරම් වූ සුළු ප්‍රමාණයකි. එක් පැත්තකින් රුසියානු බල ප්‍රදේශය පුළුල් කර ගැනීමේ බල තෘෂ්ණාව පුටින්ට ඇත. ඔහු 2014 ක්‍රිමියන් අර්ධද්වීපය ආක්‍රමණය කොට රුසියාවට ඈඳා ගත්තේ ය. 1991 සිට යුක්‍රේනය ස්වාධින රාජ්‍යයක් වන අතර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව එයට පූර්ණ ස්වාධිපත්‍යයක් ඇත. මෙහි දී පෙන්නුම් කරනුයේ ලොව බලවත් රාජ්‍ය විසින් දුර්වල රාජ්‍ය ආක්‍රමණය කරනු ලැබීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අසරණ තත්ත්වයට පත්වන ආකාරයයි. 

අනාගතයේ වුව ද බලවත් රාජ්‍ය මීටත් වඩා විනාශකාරී ව්‍යසන සිදු කිරීමට කටයුතු කළේ වුව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට එය නවතාලීමට ඉඩ ඇත්තේ ද යන්න බලවත් සැකයක් ඇත. යම් හෙයකින් රුසියාව විසින් යුක්‍රේනය ඈඳා ගත්තේ වුව ද එවක් පටන් නැවතත් යුක්‍රේනුවන් විසින් නිදහස් අරගල දියත් කිරීම වැළැක්විය නොහැක. එම කලාපය තුළ ගැටුම් තත්ත්වය වර්ධනය වනවා මිස නිමා වීමක් සිදු නොවේ. යුක්‍රේනයේ සිවිල් පුරවැසියන් සිටින ස්ථාන හා හමුදා රෝහල් වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවට දැනටමත් රුසියාවට එරෙහි ව යුද අපරාධ චෝදනා නැගෙමින් ඇත. 

1990 බෝල්කන් යුද්ධය පැවති සමයේ දී එවකට පැවති යුගෝස්ලෝවියාවේ ජනාධිපති ස්ලෝබෝඩන් මෙල්සොවික් විසින් මනුෂ්‍ය ඝාතන, වදදීම්, ජාතික, දේශපාලන, ආගමික, පදනම් මත ජනතාව පීඩාවට පත් කිරීම් වැනි යුද අපරාධ කිරීම මත චෝදනා කර නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළේය. ඔහුට එරෙහි ව යුධ අපරාධ නඩු විභාග වෙමින් පැවතිය දී 2006 වසරේ දී ඔහු මිය ගියේ ය. එකී මරණය වැරදි බෙහෙත් ලබා දී හෘද රෝගයක් ඇතිකර සිදු කරන ලද මිනීමැරුමක් බවට සමහරු සැක පළ කළහ.

ඇමෙරිකාව සහ නේටෝ පුටින් යුද අපරාධ වලට හසුකර ගැනීමේ අභිලාෂයෙන් කටයුතු කරනු ලබන බවට සම්භාවිතාව වැඩි ය. අනෙක් අතට යුද ගැටුම් මධ්‍යයේ රුසියානු ජනතාව ද දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර පුටින්ගේ යුද්ධය සම්බන්ධ ව ජනතාවගේ යම් විරෝධයක් ඇති බව ද පෙනෙන්නට ඇත. 1991 රුසියානු ජනතාව ද ගොර්බචෝක්ට එරෙහි ව නැගි සිටි ආකාරයේ ජන විරෝධයක් පුටින් ට එරෙහි ව ද ඇති වීමේ අවකාශයක් ඇත. 

යුද්ධය හට ගන්නේ රටක් තුළ හෝ මහාද්වීපයක් තුළ නොව මිනිසාගේ සිත තුළ ය. එයට හේතුව බලයට හා ධනයට ඇති තෘෂ්ණාවයි. යුක්‍රේනයේ ඉතා වටිනා ස්වභාවික සම්පත් ‍බොහෝ ඇති අතර ඒවා ඩැහැ ගැනීමේ චේතනාව ද බලවත් රාජ්‍ය තුළ නැතැයි කිව නොහැක. එකිනෙකා කෙරෙහි පවතින සැකය මෙන් ම බිය හේතුවෙන් දිග හැරෙමින් පවතින යුද්ධය කොතනින් කෙළවර වේ දැයි අනාවැකි කීමට අපහසු නමුත් අවසාන ප්‍රතිඵලය ලෙස දෙපාර්ශ්වය ම පරාජිතයන් වීමට නියමිත ය.

ලොව තුළ පැවති කිසිදු යුද්ධයක් හොඳ හෝ නරක යුද්ධයක් වශයෙන් වර්ගීකරණය කළ නොහැක. ඕනෑ ම යුද්ධයක් නරක සහ විනාශකාරී එකකි. යුද්ධය වෙනුවෙන් වැය කරනු ලබන මුදල්, ශ්‍රමය සහ කාලය එරට සංවර්ධනය සඳහා යොදවනු ලැබුවහොත් එය ඉතා ප්‍රතිඵලදායක වනු ඇත. පාලකයන්ගේ අත්දැකීම් මඳ බව, අනුවණ බව සහ බියෙන් සැකයෙන් ජීවත් වීම හේතුකරගෙන නොයෙකුත් විනාශයන් සිදුකරනු ලබයි. ඇමෙරිකාවේ සහ යුරෝපයේ කපටි උගුල් වලට හසු නොවී යම් මධ්‍යස්ථභාවයකින් කටයුතු කිරීමට තරම් යුක්‍රේන් නායකයන් ප්‍රඥාවන්ත වූයේ නම් සහ රාජ්‍යතාන්ත්‍රික භාවයකින් යුක්ත වූයේ නම් පිටස්තර බලවේගවලට යට නොවී රට සහ ජනතාව ආරක්ෂා කර ගැනීමට යුක්‍රේන පාලකයන්ට ඉඩ තිබුණි. 

කෙසේ වෙතත් යුද්ධය අවසන් වන විට රුසියාව සහ යුක්‍රේනය බංකොලොත්ව තිබෙනු ඇත. තරගකාරී රාජ්‍ය සෞභාග්‍යවත් වනු ඇත. තෙල් නිෂ්පාදනය වැඩි කරන ලෙසට ජනාධිපති බයිඩන් කරන ලද ඉල්ලීමට සෞදි අරාබිය විසින් ප්‍රතිචාර දක්වමින් පැවසූයේ වැඩක් බලා ගෙන සිටින ලෙසය යන උත්තරයෙන් එය සනාථවේ.

ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ



අදහස් (3)

එක්සත් ජාතීන් බෙලහීනද?

dusanthayaggahvita Wednesday, 16 March 2022 05:54 AM

ඉතා වැදගත් ලිපියක්

:       3       5

ajithSaturday, 19 March 2022 05:48 PM

බෙලහීන අදහස් දරන්නා වූ පුද්ගලයින් එසේ සිතා සිටියද එක්සත් ජාතීන් හෝ ලෝකයේ කිසිඳු ආයතනයක් බෙලහීන නැත. බෙලහීනව සිටින්නා වූ අප ලෝකයට බෙලහීන යැයි කියා ප්‍රකාශ කිරීමෙන් ඵලක් නොමැත...

:       1       0

ariyagnana Thursday, 17 March 2022 06:24 PM

ගොඩක් වැදගත්...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2848 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12025 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 550 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 930 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1004 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 491 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site