යම් කිසි සංචාරක ගමනාන්තයක හොඳම කොටස්වලින් එකක් වන්නේ දේශීය ආහාර රස බැලීමයි. සෑම රටකටම සුවිශේෂී යමක් තිබිය හැකි අතර, අපි සැමවිටම ඒ ඒ රටවල අවේනික ආහාරවල අත්දැකීම සොයන්නෙමු. වීදි ආහාර නිසැකවම කෙනකුට වඩාත්ම දැරිය හැකි ආහාර වේලකි. රසවත් කෑම වර්ග නියෝජනය කරන නිසා මිල අධික හා විලාසිතාමය අවන්හල්වලට ඇලී සිටීමට අවශ්‍ය නැත.
ඒ ඒ රටවලට ආවේණික කෑම වර්ග තිබියදී ශ්‍රී ලංකාවේ නිර්මාංශ දේශීය ආහාර ජනප්‍රිය කරවීමේ අපූරු උත්සාහයක නිරතව සිටින ලෝක දේශපාලනඥයෝ ද සිටිති. ඒ අතරින් ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් ඉදිරියෙන්ම සිටින්නේය.
එවැනි ලෝක නායකයන් ලාංකික ආහාර ප්‍රචලිත කිරීමට විශාල උනන්දුවක් දක්වද්දී, ලෝක ප්‍රසිද්ධ ලාංකික සුපවේදී දර්ශන් මුනිදාස, බොලිවුඩ් තරුවක වන ශ්‍රී ලාංකික ජැකලීන් ෆර්නැන්ඩස් වැන්නවුන් ලොව පුරා ශ්‍රී ලංකා ආහාර අඩංගු අවන්හල් විවෘත කරද්දී, බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්ලෝයි සහ මයික් නමැති මධ්‍යම පාන්තික විවාහක යුවළ ලංකාවේ සිටින සිය මිත්තණියගේ සියලු ආහාර වට්ටෝරු ජනප්‍රිය කිරීමේ කාර්යයට අත ගසා ඇති පුවතක් බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ෆයින්ස්ට් නෙට්වර්ක් ආයතනය විසින් ඉකුත් දා අන්තර්ජාලයට නිකුත් කර තිබිණි.
බ්‍රිතාන්‍යයේ පවතින දැඩි කොවිඩ් වසංගත සීමා හමුවේ මේ අපූරු කේටරින් සේවාව ලියාපදිංචි කර ඇත්තේ සිංහල භාෂාවේ සාමාන්‍ය ව්‍යවහාරයේ කියැවෙන “ආච්චී” (ARCHCHI) යන යෙදුමෙනි. මෙම කේටරින් සේවාවේ අයිතිකාරිය වන ක්ලෝයි මෙහි ලාංඡනයට යොදා ඇත්තේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පදිංචිව සිටින සිය මිත්තණියගේ රුව වීම තවත් විශේෂත්වයකි. තවමත් තරුණ වියේ පසුවන ක්ලෝයි ශ්‍රී ලංකාවට නෑකම් කියන්නේ සිය මව් පාර්ශ්වයෙන් බව ඇය මැන්චෙස්ටර් ෆයින්ස්ට් වෙත පවසා තිබිණි. ඇයගේ මව ශ්‍රී ලාංකික කාන්තාවකි. ක්ලෝයිට තවත් සහෝදරියක් ද සිටින්නීය.
කුඩා කාලයේ සහ තරුණ අවධියේදී වරින් වර කොළඹට ගොස් සිය මිත්තණිය හමු වූ ක්ලෝයි සහ මයික් යුවළ මිත්තණියගේ ආහාර වට්ටෝරු මෙන්ම, ක්ලෝයි ගේ මවගේ ආහාර වට්ටෝරුවල සුසැදියෙන් සැකසෙන පොල් රොටි, කට්ලට්, පැටිස්, ආප්ප හා බිත්තර ආප්ප වැනි ලාංකීය කෙටි ආහාර මෙන්ම බත්, පරිප්පු වෑංජනය, තුනපහ වැඩියෙන් මුසු කළ කුකුල් මස් වෑංජනය, කොළ මැල්ලුම, අල බැදුම, ගෝවා මල් බැදුම දැන් මැන්චෙස්ටර් නගරයේ පාරිභෝගිකයන් ආකර්ෂණය කරගෙන හමාරය. ඊට අමතරව ක්ලෝයි විසින් බෝතල්වලට ඇසුරුම් කළ ලාංකීය ලූනු බැදුම් හා විවිධ රසයෙන් යුතු මුරුක්කු ද ඇය විකුණන්නීය.
ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝලවලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට “මැල්ලුම්” ද එකතු කරගනිති. මැල්ලුම් සාදා ගන්නේ සිහින්ව කපා ගන්නා ලද පලා කොළ, සිහින්ව ගා ගත් පොල් හා රතු ලූනු සමඟ මිශ්‍ර කිරීමෙනි. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අහාර බොහෝමයක ඒවාට ආවේණික වූ විශේෂිත රසයක් ඇති අතර, එම රසය ලබාගැනීමට පොල් කිරි බහුලව භාවිත වේ. මේ සියල්ල නොඅඩුවම ක්ලෝයි අතින් පිළියෙල වන ආහාර වේල්වල ද අඩංගු වේ.
සාමාන්‍යයෙන් මෙම ආහාර පවුම් තුන, පහ සහ හතේ සිට සාධාරණ මිල ගණන්වලට ලබාගත හැක. මැන්චෙස්ටර් නගරය හා ඊට තදාසන්න ප්‍රදේශවල පවතින කොවිඩ් සංචරණ සීමා හේතුවෙන් එකම ආහාර වේල ගැනීම නිසා පීඩාවට පත් වූ බොහෝ දෙනකු තමාගේ මෙම ලාංකික ආහාර ඇනවුම් කළ බව ඇය සඳහන් කරනුයේ මහත් සතුටිනි.
ක්ලෝයි මෙම ලාංකික ආහාර සැපැයීමේදී ආහාර සුරක්ෂිතතාව හා පරිසර හිතකාමී ආහාර ඇසුරුම් කට්ටල යොදා ගැනීම ගැන ද වැඩි සැලකිල්ලක් දක්වන්නීය.
මේ ආහාර සැකසීමේ ප්‍රධාන සුපවේදිනිය වන්නේ ක්ලෝයි ය. ඇයට මේ ආහාර සැකසීමේදී සිය ලාංකික මව සහ කොළඹ සිටින මිත්තණිය කිසිසේත්ම අමතක කළ නොහැකි බවත්, තමා ඔවුන්ට සදා ණයගැති බවත් ඇය කියා සිටියාය.
වසංගත තත්ත්වය හමුවේ ක්ලෝයි සහ ඇයගේ සැමියා කලින් ලබාදෙන ඇනුවම් මත නිවෙස්වලට මෙම ආහාර බෙදාහරියි. මැන්චෙස්ටර් අවට වීදිවල වීදි ආහාර උත්සවවලට ද ඊට අමතරව නිවෙස්වලට කේටරින් සේවාව ද සපයමින් සිටින්නේ පවතින දැඩි ඉල්ලුම නිසාය.
බහුතරයකට නොතේරෙන ගෝලීයකරණය, ඒ ඔස්සේ ගොඩනැගුණු ව්‍යාපාරික ආධිපත්‍යය හා නව වෙළෙඳපොළ ව්‍යාප්තිය ආදිය සියල්ල යටපත් කරමින් පැමිණි කොවිඩ් වසංගත තත්ත්වය මාස හයකට වැඩි කාලයක් බ්‍රිතාන්‍යයේ දරුණුව තිබියදී ක්ලෝයි සහ ඇයගේ සැමියා මෙම ලාංකීය ආහාර ඇතුළත් කේටරින් සේවාව දැන් කෙමෙන් කෙමෙන් මැන්චෙස්ටර් නගරය හා ඊට තදාසන්න ප්‍රදේශ පුරා ප්‍රචලිත කරමින් සිටින්නේ මහත් කැපවීමෙනි.
තම සැමියා වන මයික් ගේ මව්පියන් දක්වන සහාය ක්ලෝයි අමතක නොකරන්නීය. එසේම, ශ්‍රී ලාංකික වට්ටෝරු මැන්චෙස්ටර් වෙත ගෙන ඒමට මුල් වූ ක්ලොයි ගේ මිත්තණිය වයස්ගත වුව ද පියකරු කාන්තාවකි. ක්ලෝයි ඉපිද මාස හතේදී පළමුවෙන්ම ලංකාවට ගොස් ඇති අතර, පසුව වසර කිහිපයක්ම නොකඩවා ලංකාවේ සංචාරය කළ ක්ලෝයි අවසන් වරට තම මිත්තණිය හා මවගේ අනෙකුත් නෑයින් බැලීමට ගොස් ඇත්තේ 2017 සහ 2018 දීය. එම සංචාරවලදී සුන්දර රට වටා සංචාරය කරමින් සති 10ක් ශ්‍රී ලංකාවේ ගත කළ බවත්, වසංගත තත්ත්වය නිසා පසුව සංචාරය කිරීම මගහැරී ගිය බවත් ඇය සිහිපත් කරනුයේ සංවේදී ලෙසිනි.
ගිය වසරේ ශ්‍රීෂ්ම ඍතුවේ එක් වේලකට පුද්ගලයන් 10කට අඩු පිරිසකට ලාංකික ආහාර පිළියෙල කළ ක්ලෝයි ගේ කේටරින් සේවාව දැන් වේලකට පුද්ගලයන් 50කට වැඩි පිරිසකට පිළියෙල වන්නේය. ඒ ගැන ඇය ස්තුතිය පළ කරන්නේ මෙලෙස කියමිනි.
“තමන් වෙනුවෙන් යමක් ආරම්භ කිරීමට පෙලඹවීම ගැන සිතන කෙනකුට අපට එක දෙයක් පැවැසිය හැකියි. ඒ නම් ඔබ සිතූ දෙය කරන්න. ඔබ ඒ ගැන පසුතැවෙන්නේ නැත.” යනුවෙනි.
නවීකරණය වීම අත්‍යවශ්‍ය වුව ද එය පවතින සමාජයට ආගන්තුක නොවන, සරල ලෙසින්, මුදල් වියදම් නොවන ආකාරයට මෙම ලාංකික ආහාර වේල් මැන්චෙස්ටර් පුරා ජනප්‍රිය කරවීම ක්ලෝයි සහ මයික් ගේ බලාපොරොත්තුවය.
මැන්චෙස්ටර් ෆයින්ස්ට් ඇසුරෙනි.
(ඡායාරූප සැපැයුම - “ආච්චී” (ARCHCHI) කේටරින් සේවාවේ නිල වෙබ් අඩවියෙනි.)
සටහන තිළිණි ද සිල්වා
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එංගලන්තයට අපේ රසය බෙදන ආච්චිගේ කේටරින් සේවය'
Sisira Sunday, 04 July 2021 01:45 PM
ඔබට සුබපැතුම්..!!!