IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


එජාපය ඛේදවාචකයක් අබියස

පසුගිය බ්‍රහස්පතින්දා පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ගැටුම් සහ වියවුල් මධ්‍යයේ අවසන් වූයේ මෙරට පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකඩවී යාමේ අවදානමක් ඇතිකරමිනි.     

ගැටලුව පවතින්නේ පක්ෂ නායකත්වය අරබයාය.

දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ සැළකිය යුතු තරම් බලවත් කණ්ඩායමක් වන සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන්ට වුවමනාවී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන් ඉවත්ව, පක්ෂ නායකත්වය ප්‍රේමදාස මහතාට ලබාදෙනු දැකීමටය. කෙසේවුවත් පසුගිය බ්‍රහස්පතින්දා පිරිස අමතමින් අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා මෙන්ම පසුව විපක්ෂ නායකවරයා ලෙසද, කටයුතු කළ වික්‍රමසිංහ මහතා තමන් 2025 වන තෙක්ම එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස කටයුතු කරන බව අවධාරණය කළේ ය.

“ඔබට මාව වුවමනා වුනා. ඒ අනුව ඔබ මාව පත්කළා. දැන් ඔබ කියනවා වෙනසක් වුවමනාය කියා” යයි පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසට කැරෙන ඉල්ලීම්වලට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

වික්‍රමසිංහ මහතා සමග මෙම හමුව පැවැති අවස්ථාවේ දෙපාර්ශවය එකිනෙකාට නින්දා පරිහව කරගනු, නොසරුප් වදනින් බැණ අඬගසා ගනු සහ කෙටි සත්‍යග්‍රහයක පවා නිරත වනු දැකගත හැකි විය. අවසන ප්‍රතිඵලය වූයේ - සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සාමාජික පක්ෂ නායකයින් සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හමුවී නව පුළුල් සන්ධානයක් ගොඩනැගීමට එකගවීමය. එහි නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවට ඔවුහු තීරණය කළහ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සාමාජික දේශපාලන පක්ෂ ද මෙම සන්ධානයට ඇතුළත් වනු ඇත.  ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දූත පිරිසක් කතානායක කරූ ජයසූරිය මහතා හමුවිය යුතු බවද මෙහිදී තීරණය විය. ඒ සදහා අවස්ථාවක් තිබේදැයි පසුගිය සෙනසුරදා දින සොයා බැලෙමින් පැවතිණ.

නව සන්ධානයේ නායකත්වය භාරගන්නා ලෙස ඉල්ලීමක් ජයසූරිය මහතාට ඉදිරිපත් කරන ලෙස ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දූත පිරිසට උපදෙස් ලැබී තිබුණු අතර ජයසූරිය මහතා එම ඉල්ලීම පිළිගතහොත් ප්‍රේමදාස මහතා නව සන්ධානයේ නායකත්වයෙන් ඉවත්ව එය ජයසූරිය මහතාට ලබාදීමට එකඟත්වය පළවී තිබිණ. එවැන්නක අරුත වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක වික්‍රමසිංහ මහතා හුදකලා කිරීම බව පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් ජයසූරිය මහතා මෙම ඉල්ලීම පිළිගනු ඇතිදැයි යන්න සම්බන්ධයෙන් තවමත් පවතින්නේ සැකයකි. එසේවුවද, අදහස් දක්වන වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවෝ ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායම පක්ෂ ව්‍යවස්ථාව කඩකර තිබෙන බව පවසති.

පක්ෂ නායකත්වය වෙනත් අයකුට පැවරීම සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයා අත රදා තිබෙන්නක් බවත් එපමණක් නොව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සාමාජික දේශපාලන පක්ෂවල නායකයින් - රවුෆ් හකීම් (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය), රිෂාඞ් බදුර්දීන් (ශ්‍රී ලංකා ජනතා කොංග්‍රසය), මනෝ ගනේෂන් (ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ) සහ එම්. දිගම්බරන් (කඳුරට ජනතා පෙරමුණ) වැනි හමුවීමේ බලය ඇත්තේ පක්ෂ නායකයා වන වික්‍රමසිංහ මහතා, ප්‍රේමදාස මහතා, සහකාර නායකයා වන රවී කරුණානායක මහතා සහ පක්ෂ මහලේකම්වරයා වන අකිල විරාජ් කාරියවසම් මහතා මෙන්ම ජාතික සංවිධායකවරයා වන නවීන් දිසානායක යන මහත්වරුන්ට පමණක් බවත්, ඔව්හු පෙන්වා දෙති.

කුමක් කළ යුතුද සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ලැබෙන උපදෙස් ප්‍රකාරව කටයුතු කරනවා මිස කළ යුතු දේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කොන්දේසි ඉදිරිපත් කිරීමට හෝ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හෝ බලයක් ඔවුන්ට නොමැති බව සඳහන් නිවේදනයක් ඉතාම ඉක්මනින් නිකුත් කිරීමටද වික්‍රමසිංහ මහතා අදහස් කරගෙන සිටියේය.

එහිදී ඇතැම් විට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ පෙරමුණේ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දීමට ඔහුට තිබෙන කැමැත්තද සඳහන් වීමට ඉඩ තිබේ. එහෙත් එය අගමැති අපේක්ෂකත්වය මිස පක්ෂ නායකත්වය නොවේ.

“ජනපතිවරණ අපේක්ෂකත්වය ලබාගත්තා වගේ, පක්ෂ නායකත්වයත් ගහලා ගන්න අපි ඔවුන්ට ඉඩ දෙන්නේ නැහැ” යයි වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවෙක් පැවසුවේය.

පැවැති සභාග රජයේ රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස ද, කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරග කිරීම සදහා ලියාපදිංචි දේශපාලන පක්ෂයක් සහ ලකුණක් සෙවීමේ රාජකාරිය පැවරී තිබේ. මෙය එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බවට ඉඟියකි.

පක්ෂයේ නව ව්‍යවස්ථාව ද, සම්පාදනය කළ මෙම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව වැඩි කාලයක් නොමැති අයකුවීමද විශේෂය.

මෙවැනි පියවරකට ඔවුන් එළැඹ තිබෙන්නේ, පසුගිය බ්‍රහස්පතින්දා පැවැති රැස්වීමට පක්ෂයේ සම්පූර්ණ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසම සහභාගී නොවූ නිසා ඔවුන් සියලුදෙනාගේ සහභාගීත්වයෙන් මේ පිළිබදව ලබන 24 වැනිදා වැඩිදුර සාකච්ඡාවක් සිදුකළ හැකි බවට වික්‍රමසිංහ මහතා කරන්නට යෙදුණු අදහස් දැක්වීම නොසළකා හැරය. එදින පැමිණ සිටියේ ගණනින් 107 ක් වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 65 දෙනෙක් පමණකි.

පක්ෂ නායකත්වය අරබයා පවතින ගැටලුව ඔඩුදුවා තිබෙන අවස්ථාවක, ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී වෙන්වීම තවදුරටත් හිතළුවක් නොවන තැනට ක්‍රමයෙන් පත්වෙමින් තිබේ. ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පසුගිය 9 වැනිදා (බ්‍රහස්පතින්දා) සංවිධානය කළ රැස්වීම පැය 4 කට ආසන්න කාලයක් පැවැතියද නැවතත් ගෙවුණු සතියේ බ්‍රහස්පතින්දා දින සංවිධානය කළ රැස්වීම පැවැත්වුණේ විනාඩි 90 ක කාලයක් පමණකි. එය ආරම්භ වූයේ එදින පස්වරු 5.00 ට පමණය. ප්‍රේමදාස කණ්ඩායම පක්ෂයෙන් බෙදී වෙන්වීම, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සැළකීමේ දී, දෙපාර්ශවටම අගතිදායකය.

ඛේදවාචකයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වූ අභ්‍යන්තර ගැටලු හමුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උපත සනිටුහන් වූ බව සත්‍යයකි. ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව පක්ෂයේම සාමාජිකයෙක් ජනපතිවරයා ලෙස පත්කරගත් ඔවුන් සිටින්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද ලැබෙන්නට ඉඩ තිබෙන විශිෂ්ඨ ජයග්‍රහණයක් අභිමුඛයේය.

නමුත් එක්සත් ජාතික පක්ෂය සැළකීමේ දී, පක්ෂයේ අභ්‍යන්තර ගැටලු නිසා සිදුවන බෙදීමක් සහ එම බෙදීම පෙරදැරිව - කොටසක් එක්සත් ජාතික පක්ෂය ලෙස සහ අනෙක් කොටස වෙනත් නව නමකින්, පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීම දේශපාලනමය ඛේදවාචකයකට අත වැනීමකි. එයින් සිදුවනු ඇත්තේ පක්ෂයේ බිම් මට්ටමේ සංවිධාන අතර ඉතාම දැඩි බෙදීමක් ඇතිවීම පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට දැඩි වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වීමය. එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ දරුණු සෝදාපාලුවකට ලක්වනු ඇති අතර, එයින් බරපතල ලෙසම පහර එල්ල වනු ඇත්තේ අන් කවරෙකුටවත් නොව ශ්‍රී ලංකාවේ ජනතාවටමය.

එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක්, පාර්ලිමේන්තුවේ ශක්තිමත් විපක්ෂයක පැවැත්ම අවුරන්නකි. රජයක කටයුතු නිසිආකාරයෙන් සිදුවන බව සහතික කිරීම සදහා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතද, කිරුම් - මිනුම් කිරීමට සමත් ශක්තිමත් විපක්ෂයක පැවැත්ම අනිවාර්යය. එසේ නොමැති නිර්මාණය වනු ඇත්තේ බලයට පත්වන නව රජයට තමන් රිසි පරිදි කටයුතු කළ හැකි වාතාවරණයකි. එය ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මකට අතිශයින් හානිදායකය.

බ්‍රහස්පතින්දා පැවැති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් වූ වහාම වර්තමානය වන විට වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවෙක් ලෙස කටයුතු කරමින් සිටින නවීන් දිසානායක මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලෙස ත්‍රිපුද්ගල නායකත්ව මණ්ඩලයක් කටයුතු කරනු ඇතැයි ඔහු කීවේය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එම මණ්ඩලයේ සාමාජිකයන් වන වික්‍රමසිංහ, ප්‍රේමදාස සහ ජයසූරිය යන මහත්වරුන් එළැඹෙන සතියේ හමුවනු ඇතැයි ද දිසානායක මහතා පැවසුවේය.

ඔහුගේ අදහස්වලින් ගම්‍ය වූයේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන තිබෙන බවකි. නමුත් එය සත්‍යයට බොහෝ දුර බව පසුව අනාවරණය විය. කෙසේවුවත් රැස්වීමේ දී කරූ කොහොම ද? යැයි විමසා තිබෙන වික්‍රමසිංහ මහතා ඔහුව බෞද්ධ නායකයෙක් යැයිද හදුන්වාදී ඇත. ඔහු මෙසේ විමසා තිබෙන්නේ ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස පත්කරන මෙන් පීඩනය එල්ල කැරෙමින් තිබියදී සහ එසේ වුවත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොතිබියදීය. එක් අවස්ථාවක දී, ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් තමාව පක්ෂ නායකයා ලෙස නම් කිරීමට ඔහු අකමැති නම් පැමිණ සිටින අය අතර පැවැත්වෙන ඡන්දයකින් අනුමැතිය හිමිවන්නේ නම් පමණක් තමා නායකත්ව කවුන්සිලයකට සහාය දෙන බව පැවසුවේය. වික්‍රමසිංහ මහතාව කොටු කරගැනීමේ අදහසක් එහි විය. එහෙත් ඔහු එයට හසු නොවීය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එනම්, පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදක ව්‍යුහයේ රැස්වීම් සාමාන්‍යයෙන් පැවැත්වෙන සිරිකොත පක්ෂ මූලස්ථානයේ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණ. මුලසුන හෙබවූයේ පක්ෂ නායක වික්‍රමසිංහ මහතාය. පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා එතෙක් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වාරය අවසන් කිරීමට එහි සාමාජිකයෝ තීරණය කළ අතර, එතැන් සිට මේ දක්වාම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් ක්‍රියාත්මක නොවේ. නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත්කිරීමට පක්ෂ නායකත්වය තවමත් කටයුතු කර නොමැත.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය  : කෝවිද ගුණසේකර



අදහස් (5)

එජාපය ඛේදවාචකයක් අබියස

ලියනගේ Tuesday, 21 January 2020 05:24 PM

එජාපය ඛේදවාචකයක් අබියස, එසේ වූවානම් එහි වගකීම සජිත් සහ සජිත්වටා සිටින අය විසින් ගත යුතුය.

:       118       54

gamekolla Friday, 24 January 2020 08:19 AM

එජාපයේ ඛේදවාචකය ප‍ටන් ගත්තේ අවුරුදු 20කට පෙර, රනිල් තමයි වග කියන්න ඕනේ 100% , දැන්වත් පලයන් කාට හරි දීලා... ළමයක් වුණත් කමක් නැහැ..

:       6       3

ලැවොයිසියර් Friday, 24 January 2020 10:57 AM

ශ්‍රී ලනිපයට වගේම එජාපයටත් මින් මතුවට පැවැත්මක් නැහැ. කාලයට ඔබින අළුත්ම ප්‍රතිපත්ති සහිතව සංවිධානය වුණෝතින් අළුත් පක්ෂයකට අනාගතයක් තියේවි...

:       0       1

lgj dharmaratna Monday, 27 January 2020 05:54 AM

සජිත් සමග කඩාගෙන අයින් වූවාට පසුව එම කෑල්ල පිටින්ම උදුරා ගැනීමට කීප දෙනෙක් සිටිති. රනිල් දැන් යල් පැන ගොස්ය. දැන්වත් ගෙදර යන්න.

:       0       0

lalithm Monday, 27 January 2020 08:18 AM

ෆෝමලීන් දැමු පරණ මාළු කෑල්ලක් පමණයි. කන්නත් බැහැ. කුණුවෙලත් නැහැ. විකුණන්නත් බැහැ. කිසිම වැඩක් නැහැ. අලුත් මාළු කන්න හැමෝම කැමතියි නේද?

:       16       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 472 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1006 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 920 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 170 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 110 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 993 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16923 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site