IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


එතෙර යන සිසුන් අතරමං නොකරමු

දරුවන්ට හැකි තරම් ඉහළට උසස් අධ්‍යාපනයක් ලබාදීම හැම මවකගේම පියකුගේම ලොකුම සිහිනයකි. මේ සිහිනය සැබෑ කර ගැනීමට ඔවුහු ඕනෑ දුක් ගින්දරක් උහුලති. උපරිම කැප කිරීමක් කරති. මේ සියලු කැප කිරීම් සහ දුක් පීඩා මැද මේ සිහිනය සැබෑ කරගන්නා මවුපියන් මෙන්ම එය අතරමගදී කඩා බිඳගන්නා මවුපියෝද වෙති. එසේ කඩාවැටීමට ඇත්තේ හේතු දෙකකි. එකක් දරුවාගේ නොහැකියාවය. අනෙක කොතරම් හොඳ ප්‍රතිඵල ලබාගත්තත් මේ රට තුළ ඉහළම අධ්‍යාපනය ලැබීමට ඇතුළු විය යුතු ප්‍රධානම දොරටුව වන රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් නොතිබීමය.

තමන්ගේ දරුවා එම හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු කරගත නොහැකි, වියදම් කිරීමේ හැකියාව ඇති මවුපියන්ට කිසිදු ගැටලුවක් නැත. ඕස්ට්‍රේලියාවේ, එංගලන්තයේ, රුසියාවේ හෝ වෙනත් යුරෝපීය රටක හෝ මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන විදෙස් විශ්වවිද්‍යාල පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් දරුවන් පිටරටක විශ්වවිද්‍යාලයකට ඇතුළු කර ගැනීමට එවැනි මවුපියන්ට හැකියාව තිබේ. එපමණක් නොව චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය වැනි ආසියානු රටවල ස්ථාපිත කර තිබෙන යුරෝපීය හෝ බටහිර රටවල විශ්ව විද්‍යාලවල ශාඛාවලට හෝ එම දරුවන් යවන  මවුපියෝද වෙති. මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ තිබෙන ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොමැති වීම හේතුවෙන් උසස් අධ්‍යාපන වරම් අහිමී වීමට නියමිත එවැනි දරුවන් පිරිසකට එතෙර රටවල ඇති මෙම පහසුකම් හේතුවෙන් එම වරම හිමිකර ගැනීමට අවස්ථාව තිබීම යහපතකි. එහෙත් ඒ වෙනුවෙන් වාර්ෂිකව අතිවිශාල මුදලක් පිටරටට ඇදී යන බවද ඒ සමඟ සඳහන් කළ යුතුය.

රටේ විදේශ විනිමය ඒ සඳහා වැය වුණත් උසස් අධ්‍යාපනයට අපේ රටේ දරුවන්ට තිබෙන අයිතියට එය හරස් විය යුතු නැත. එලෙස අපේ රටේ ඩොලර්, පවුම් වෙනත් රටවලට ඇදී යන්නේ අපේ රටේම පවතින බරපතළ අඩුපාඩු හේතුවෙන් බව පෙන්වා දිය යුතුය. ලොවේ කිසිම රටක් ඒ ඒ රටවල බුද්ධිමත් දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදීමට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් උපයෝගී කරගන්නේ නැත. බටහිර හෝ යුරෝපයේ පමණක් නොව ආසියාවේ පවා බොහෝ රටවල් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කර ඇත්තේ මේ අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීම සඳහාය. එය තම රටේ දරුවන්ට දොර හැර දීමක් පමණක් නොව රටට විදේශ විනිමය උපයා දෙන විශාල ව්‍යාපාරයක්ද වී තිබේ. පෞද්ගලික විශ්වවිද්‍යාලය නවීන ලෝකයටම පොදු සාධකයක් බවට පත්ව තිබෙන බව යථාර්ථයයි. එම යථාර්ථයට පිටුපා කටයුතු කිරීමට යාමෙන් රටක දරුවන්ගේ උසස් අධ්‍යාපන ගැටලුව විසඳෙන්නේ නැත. සිදුවන්නේ එය තවදුරටත් ව්‍යාකූල වීම පමණි. එම දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය පැහැර ගැනීමකි.

අපේ රටේද රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට පමණක් උසස් අධ්‍යාපන බර දරා සිටීමේ හැකියාවක් නැත. දැනට දශක කිහිපයකට පෙර රටේ සිටි ජනගහනය මේ වනවිට දෙගුණයකට ආසන්නව වැඩි වී තිබේ. එම වැඩිවීමට අනුරූපව විශ්වවිද්‍යාල පද්ධතිය වර්ධනය වූයේ නැත. එසේ වර්ධනය වීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් අපේ රටට තිබුණේත් නැත. එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාලය ශක්තිමත්ව පවත්වාගෙන යාමට සමගාමීව රටේ පිළිගත් ප්‍රමිතිවලට අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවීමට ඉඩහැර තිබුණි නම් අපේ රටට මෙවැනි දසාවක් නොලබන බව නම් කිව යුතුය. ආර්ථිකය නව මං ඔස්සේ ප්‍රසාරණය වීමට ඉඩදිය යුතු අවස්ථාවලදී එයට ඉඩ දීම වෙනුවට දේශපාලන සටන් පාඨ බදාගැනීමේ ආදීනව අත්විඳිමින් සිටින්නෙමු. රටේ උසස් අධ්‍යාපනයද එම දරුණු ඛේදවාචකයේ අවාසනාවන්ත ගොදුරක් බවට පත්ව තිබෙන බව සත්‍ය තත්ත්වයයි.

අපේ රටේද මේ වනවිට විදෙස් විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත ආයතන හරහා විදෙස් උපාධි සහ ඩිප්ලෝමා අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබේ. එහෙත් ඒවා අංගසම්පූර්ණ නැත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රමිතිවලට සහ නිර්ණායකවලට අනුගත වන ආයතන ඒ අතර ඇත්තේ කිහිපයකි. එයින් ලබා ගන්නා සහතිකවලට නම් පිළිගැනීමක් තිබේ. එහෙත් බොහෝමයක් මවුපියන්ගේ තේරීම තම දරුවන් පිටරට විශ්වවිද්‍යාලවලට යොමු කිරීමය.

එහෙත් එම මවුපියෝ සහ සිසු දරුවෝ මේ වනවිට බරපතළ ගැටලුවකට මුහුණ දී සිටිති. රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් උපාධි ඇතුළු පාඨමාලා ගාස්තු සඳහා විදෙස් රටවලට මුදල් යැවීම ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ. ඇතැම් මවුපියන්ට මුදල් අතේ තිබුණත් ඒවා යවා ගැනීමට හැකියාවක් නැත. ඇතැම් රටවල ශ්‍රී ලාංකික සිසු දරුවන්ට දැඩි කොන්දේසි පනවා තිබේ. එතෙර රැඳී අධ්‍යාපනය හදාරන සිසුන්ට ඊළඟ වාරයේ පාඨමාලා ගාස්තු ගෙවිය නොහැකි නම් ඊට හේතුව කුමක් වුවද ඇතැම් රටවල් එම රටවලින් ආපසු එවීමට තරම් දැඩි තීරණද ගනිමින් සිටී. එසේ වුවහොත් එය මහා අපරාධයකි. වහාම රාජ්‍ය මට්ටමින් හෝ එම ගැටලුව විසඳා ගැනීමට මැදිහත් වීමත් අවශ්‍යය.

මේ රට තුළත් නියමිත ප්‍රමිතිවලට අනුකූලව පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිවී තිබුණා නම් මේ ගැටලු කවදාවත් මතුවන්නේ නැත. ඒ වෙනුවට එය විනිමය උල්පතක් බවට හරවා ගත හැකිව තිබිණි.

(***)



අදහස් (4)

එතෙර යන සිසුන් අතරමං නොකරමු

Mangala Wednesday, 17 August 2022 12:56 PM

ඔව් දැන් යුරෝපීය රටවල පසු අවුරුදුවල වගේ මාස 3න් 3ට ගෙවීම් කරන පහසුකම් නැහැ. පාඨමාලාව හෝ උපාධියට ඇතුල්වීමට ප්‍රථම සම්පූර්ණ මුදල අවුරුද්දකට ගෙවන්න ඕනෑ. යුරෝ 9000ක් ගාස්තුව අවුරුද්දට. ගෙවීම් තුන් ආකාරයක් තියෙනවා.. එකක් සම්පූර්ණ ශිෂ්‍යත්වය මුදල් ගෙවීමක් නැහැ.. දෙක 50%ක වට්ටමක් ලබාදී යුරෝ 4500ක් පමණක් ගෙවීම, අනික යුරෝ 9000... මේ ගාස්තු එකඑක පාඨමාලා සඳහා වෙනස් වෙනවා. නමුත් දැන් ගොඩක් රටවල් සම්පූර්ණ මුදල ගෙව්වාට පස්සේ තමයි ඇතුල්වීම සහ වීසා ලබාදෙන්නේ...! 

:       2       8

DasunFriday, 26 August 2022 02:00 PM

ගොඩක් කට්ටිය විදෙස්ගත වන්නේ අධ්‍යාපනයට පමණක් නොවේ. බොහෝ රටවල් අධ්‍යාපනයෙන් පසු ඒ රටවල්වල පුරවැසිභාවය ස්ථිර පදිංචිය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මා දන්නා විදියට ගොඩක් ළමයි අධ්‍යාපනයෙන් පසු ලංකාවට එන්නේ නෑ...

:       0       0

SL Thursday, 18 August 2022 11:18 AM

සයිටම් වහන්න කියපු, ගෙවලා ඉගෙන ගන්න පුළුවන් ළමයින්ට ඕනේ කරන පුද්ගලික විශ්ව විද්‍යාල ගෙන්වනවාට විරුද්ධ ජවිපෙට, අන්තරේට සහ පෙරෙට්ටන්ට කියමු... ඕනෑකරන ඩොලර් ප්‍රමාණය හොයලා දෙන්න කියලා..!

:       0       0

Mo77 Thursday, 18 August 2022 05:40 PM

විදේශ රටවල ඉගෙන ගන්නා සිසුන්ගේ දෙමව්පියන් නිකන් ඩොලර් ඉල්ලන්නේ නෑ. ඔවුන් ශ්‍රී ලන්කන් රුපියල් දීලා තමයි ඩොලර් ඉල්ලන්නේ. බැංකුවලින් ඩොලර් නොදෙන එකට වගකියන්න ඕනේ මහ බැංකු අධිපති හා දැනට මහ බැංකුවේ සිටින ඉහළ නිලධාරින්. අපනයනකරුවන් හා විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට වන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. ඒකට හේතුව නන්දලාල් උන්නැහේ රෙගුලාසි මගින් විනිමය අනුපාතය පහළ මට්ටමක තියාගෙන ඉන්නවා. විනිමය අනුපාතය ඉල්ලුම හා සැපයුම මත තීරණය වෙන්න ඉඩ දෙන්නේ නෑ. විනිමය අනුපාතය ඉල්ලුම හා සැපයුම මත තීරණය කරන්න. නැත්තම් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඩොලර් මුදාහැරීමෙන් විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගන්න ඕනේ. නමුත් මේ වංචනික නිලධාරීන් එසේ කරන්නේ නෑ. මේ විදේශවල ඉගෙන ගන්නා සිසුන්ගේ අර්බුදයට වගකියන්න ඕනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 634 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1136 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 1068 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 207 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 143 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 1031 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20415 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18453 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 303 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site