IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


එන්නත් දීම වගේම පිළිවෙත් පිළිපැදීමත් ඕනෑ

මුළු රටටම යළිත් සංචරණ සීමා පැනවී තිබේ. ලද නිදහස වගකීම් විරහිත ලෙස හා අයුතු ලෙස ප්‍රයෝජනයට ගත් අශිෂ්ට සුළුතරය නිසා මුළු රට අගුලු ලෑමට සිදුවිය. කෙසේ වෙත් මෙම දුර්භාග්‍ය සම්පන්න බියකරු අත්දැකීමෙන් මිදුණු සුවෙන් හා සැපෙන් පිරි රටක් ලොවක් ඉක්මනින්ම බිහි වේවා යන්න සමස්ත ලෝකවාසීන්ගේ ඒකාන්ත ප්‍රාර්ථනය වේ.

කොරෝනා වයිරසයෙන් දිවි ගලවා ගැනීමට ඇති එකම මාවත එන්නතයි. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. එහෙයින්ම ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල උද් යෝගයක් තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. ප්‍රශ්නය වන්නේ අවශ්‍ය ප්‍රමාණයට එන්නත් නොලැබීමය. එහෙයින්ම යම් යම් ස්ථානවල නොසන්සුන්තා ද ඇති විය. ඉවසීමෙන් හා සංයමයෙන් මෙම අවස්ථාවට මුහුණ දිය යුතුය.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ඉදිරි දෙසතිය තුළ මෙරටට ලැබීමට නියමිත බවත් සයිනොෆාම් සහ ෆයිසර් එන්නත් ඇණවුම් කර ඇති බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළ බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. රටේ ජනතාවගෙන් සියයට 63 කට එන්නත් දීම රජයේ අරමුණ බවත් දැනට ලබාදෙන ඕනෑම එන්නතකින් රෝගය වැළඳි මරණයට පත්වීමේ අවදානම අඩුකරන බවත් රාජ්‍ය ඇමතිනිය ප්‍රකාශ කළ බව ද මෙම ප්‍රවෘත්තියෙහි වැඩි දුරටත් සඳහන්ය.

වාර්තාවන ආකාරයට ‘‘ස්පුට්නික් V’’ එන්නත් මාත්‍රා ලක්ෂ 130 ක් රජය ඇණවුම් කර තිබේ. ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක්ද ඇණවුම් කර තිබේ. ඒ අනුව එන්නත්කරණය යම් සුබවාදී තත්ත්වයක් පෙන්නුම් කරයි. මේවා ඇණවුම් කිරීමට ප්‍රමාද වුණා ද? ප්‍රමාද කළාද? ආදි වශයෙන් ප්‍රශ්න කිරීම මෙහිදී තේරුමක් නැත. කොරෝනා සැහැසි ග්‍රහණයෙන් මිදුණු රටක දී එබඳු බරසාර සාකච්ඡා පැවැත්විය හැකිය.

ඕනෑම කාරණාවක දී මෙන්ම එන්නත්කරණයේදී ද ප්‍රායෝගික ගැටලු පැන නගී. ‘‘ස්පුට්නික් V’’ සුළු ප්‍රමාණයක් වශයෙන් ගෙන්වීමට සිදුවී තිබෙන්නේ ද එබඳු ප්‍රායෝගික ගැටලුවක් හෙයිනි. එම එන්නත ගබඩා කළ යුත්තේ සෙල්සියස් අංශක සෘණ 20 ක වැනි උෂ්ණත්වයකය. එමෙන්ම එම උෂ්ණත්වයෙන් පිටතට ගෙන දෙපැයක් ගතවීමට මත්තෙන් එම එන්නත ජනතාවට දිය යුතුය. ඒ සඳහා විධිමත් යාන්ත්‍රණයක් ද තිබිය යුතුය. ඉතිහාසයේ මෙතෙක් හමු නොවුණු  එහෙයින්ම පෙර අත්දැකීම් නොමැති වයිරසයක් ඉදිරිපිට කටයුතු කිරීමේ දී මෙබඳු ප්‍රායෝගික ගැටලු එක් අතකින් බලාපොරොත්තු විය යුතුය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව ලබා දීමට එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් අවශ්‍ය වේ. එම එන්නත් ලක්ෂ 15 ක් ඇණවුම් කර තිබුණත් ඉන්දියාවේ සීරම් ආයතනයේ ඇති වු ගින්න හා ඉන්දියාව විශාලා මහනුවරක් බවට පරිවර්තනය වීම හේතුවෙන් එම එන්නත ලබා ගැනීමේ බරපතළ ගැටලුවක් මතුවී තිබෙන බවද රාජ්‍ය ඇමතිනිය ප්‍රකාශ කර තිබිණි.

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව වෙන එන්නතකින් ගත හැකි ද? යන්න ගැන නිර්දේශය ලැබීමට තවත් සති දෙක තුනක් ගතවන බව ද රාජ්‍ය ඇමතිනිය ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් වඩාත් හිතකර ලෙස මෙම ගැටලුව විසඳා ගැනීමේ හැකියාව තිබෙන බවට රාජ්‍ය ඇමතිනිය විශ්වාසය පළකර තිබිණි.

එන්නත්කරණය නියත වශයෙන්ම විධිමත් විය යුතුය. එයට ඉතා දියුණු විද්‍යාත්මක යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. විශේෂයෙන්ම එන්නත්කරණයේ දී ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කළ යුතුය. කවර බලපෑමකට හෝ ඒ ලැයිස්තුව වෙනස් නොකළ යුතුය. බොහෝ අවස්ථාවල ද මෙන්ම මෙම අවස්ථාවේ දී ද කඩප්පුලි දේශපාලනඥයන් එන්නත පළමුව තමන්ටත් තමන්ගේ සනුහරේ අයටත් ලබා ගැනීමට ඉදිරිපත් වනු ඇත. තත්ත්වය අමතක කර ජනතාව විරෝධතා පැවැත්වීමට යොමු වන්නේ එවිටය. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ තම ජීවිතය පරදුවට තබමින් සිදු කරන උපමා නැති මෙහෙවර අපතේ නොයැවීමට සියලු දෙනා කටයුතු කළ යුතුය.

 

(***)

 



අදහස් (1)

එන්නත් දීම වගේම පිළිවෙත් පිළිපැදීමත් ඕනෑ

kasun de alwis Friday, 14 May 2021 01:14 PM

වසර එකහමාරක් ගතවී ඇතත් එන්නත් ගබඩා කරගැනීම ගැන හෝ එන්නත්කරණය ගැන හෝ සැලසුමක් නැති වීම ගැන තීරණ ගන්නවුන්ට අපේ හද පිරි මෙව්වා එක.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 827 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 399 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4296 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12709 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 696 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site