IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


එෆ්සීඅයිඩීය අහෝසි කරන්න දැනට කිසිම තීන්දුවක් අරගෙන නෑ

2-MAIN-P-6 

 

1

ඉරිදා ලංකාදීපයේ -ජනපතිගෙන් අහන්න” විශේෂාංගයට පාඨක ඔබගෙන් ලැබුණ ප්‍රශ්න කිහිපයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් පිළිතුරු පසුගිය සතියේ පළ විය. මෙහි පළවන්නේ එහි ඉතිරි කොටසයි.

 


● ප්‍රශ්නය:- මනාප ඡන්ද ක්‍රමය පිළිලයක් බව රටම පිළිගන්නවා. මනාප ඡන්ද ක්‍රමය වෙනස්කර රටට ගැළපෙන ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන බව ඔබතුමා කීවා. නමුත් එය මේ දක්වා සිදුවී නැහැ. මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර රටට ගැළපෙන ඡන්ද ක්‍රමයක් ගේන්නේ කවද්ද?
සුමනදාස අධිකාරී,
කැකිරාව.
● පිළිතුර:-
මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමේ පළමු පියවර පළාත් පාලන ඡන්දයෙන් මනාප ක්‍රමය අයින් කිරීම පසුගිය රජයේ අවසාන කාලය තුළ එය අප විසින් කරනු ලැබුවා. ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මනාප ඡන්ද ක්‍රමයට නොව කොට්ඨාස ඡන්ද ක්‍රමයටයි. කොට්ඨාස සීමා නිර්ණයේ තිබෙන සංශෝධන සිදුකිරීමට කමිටු පත්කර මහජන අදහස් විමසා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. මේ වසර අවසන් වන විට එම කටයුතු නිම වූ පසුව ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පවත්වන්න පුළුවන්.


ඊළඟට මනාප ඡන්ද ක්‍රමය ඉවත් කිරීමේ කටයුත්ත තිබෙන්නේ පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙ දැනට කරගෙන යන කටයුතුවල ප්‍රමුඛතාව දී තිබෙන්නේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව සකස් කිරීම අපි පියවර තුනකට කරගෙන යනවා. මුලින්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කාර්ය ඉටුකරනවා. දෙවනුව 19 වන සංශෝධනය සහ බලය බෙදීමේ කටයුතු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියමාර්ග පිළිබඳ වැඩපිළිවෙළ ගැන අවධානය යොමු කරනවා. තුන්වෙනුව විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම කියන කාරණය.
මේ කටයුතු පියවරෙන් පියවර කිරීමට තමයි දැනට පත්කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින්ගේ කමිටු මහජන අදහස් විමසීමේ කමිටු කටයුතු කරගෙන යන්නේ. මීට අදාළ කමිටු ගණනාවක් පත්කර තිබෙනවා. ඒවා අවශ්‍ය ආකාරයට කටයුතු කරගෙන යනවා. ඒ අනුව මනාප ඡන්ද ක්‍රමය ඉදිරියේදී අනිවාර්යයෙන්ම අහෝසි වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළමු පියවර ලෙස තබා තිබෙන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. එය හැකි ඉක්මනින් කිරීම අපේ අරමුණයි.

 


● ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුව පත්වූ දා ඉඳලම විරුද්ධ මත දරන අයගෙන් පළිගත්ත බව කියනවා. මේ පළිගැනීම් ක්‍රියාවලිය නවතින දවසක් තිබේද? 
දුල්ෂාන් අල්විස්,
මාකොළ.
● පිළිතුර:-
ඔය පළිගැනීම් කියා කියන්නේ මා හිතන විදියට වංචා දූෂණ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලටයි. මේ වංචා දූෂණ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කිසිසේත්ම පළිගැනීම් විදියට අර්ථ දක්වනවා නම් එය ඉතාම වැරදියි. මේ රට තුළ බරපතළ විදියට වංචා දූෂණ සිදුවෙනවා. රාජ්‍ය සම්පත් වැරදි විදියට පාවිච්චි කරනවා කියලා අපි බලයට ඒමට පෙර ජනතාව තුළ ලොකු ප්‍රශ්නයක් තිබුණා. පසුගිය ජනාධිපතිවරණයේදී භාණ්ඩාගාරය, රාජ්‍ය දේපළ මොන තරම් වැරදි විදියට පාවිච්චි වුණාද කියලා හැම කෙනෙක්ම දන්නවා. සමෘද්ධි අරමුදල්, භාණ්ඩාගාර අරමුදල්, මැතිවරණ ව්‍යාපෘතිය සඳහා කිසිම ආණ්ඩුවක් ඒ විදියට පාවිච්චි කරලා නැහැ. රාජ්‍ය දේපළ හා රාජ්‍ය සම්පත් තනිකරම මැතිවරණයක් වෙනුවෙන් ඒ විදියට පාවිච්චි කරනවා මම දැකලා නැහැ. ඒ සියල්ල පාවිච්චි වුණේ මට විරුද්ධවයි. එම පසුබිමත් එක්ක රට තුළ ඇතිවූ ජනමතයක් තමයි වංචා දූෂණ පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ කර ඊට වගකිව යුතු අයට දඬුවම් දිය යුතුයි කියන එක.


අපි බලයට පත්වෙලා ඒ සඳහා ආයතන පිහිටෙව්වා. ඒ ආයතනවලට මහජන පැමිණිලි ලැබුණා. ඒ අනුව එම ආයතන අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. එක පැත්තකින් කියනවා මේ පරීක්ෂණ කරල පලිගන්නවා කියලා. ඒ වගේම ආණ්ඩුව බලයට  පත්කළ අය කියනවා මේ පරීක්ෂණ හරියට කෙරෙන්නේ නැහැ කියලා. දෙපැත්තෙන්ම මේ සඳහා චෝදනා තියෙනවා. අපි මේ දෙපැත්තට කියන දේත් අහගෙන ඉන්නවා. නමුත් අපි මැතිවරණ ප්‍රකාශනයකින් මහජනයාට දුන්න පොරොන්දු ඉටුකිරීම අවශ්‍යයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අපක්ෂපාතීව සහ ස්වාධීනව සිදුවන දෙයක්. ඒ හැරෙන්න කිසි කෙනෙකුගෙන් පෞද්ගලික පළිගැනීම් දකින්න පුළුවන්කමක් නැහැ.

 

3
● ප්‍රශ්නය:- මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් එෆ්සීඅයිඩීය සම්බන්ධයෙන්  බරපතළ විවේචන තියෙනවා. ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් එෆ්සීඅයිඩීය ගැන ප්‍රශ්න තිබෙන බව කියනවා. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ ආණ්ඩුව එෆ්සීඅයිඩීය අහෝසි කරන්න යනවා කියලයි. ඇත්තට එෆ්සීඅයිඩිය අහෝසි වෙනවද? ඒ වෙනුවට අලුතින් ආයතනයක් එනවද?
ශාන්ත අමරසිරි,
අම්බලන්තොට.
● පිළිතුර:-
ඔව්. මේ ගැන නොයෙකුත් මතවාදයන් තියෙනවා. ඔය සියලු දේවල් පිළිබඳව රජයක් විදියටයි තීන්දු තීරණ ගත යුත්තේ. මේ මගේ පෞද්ගලික තීරණයක් නොවෙයි. විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලයයි මේ සම්බන්ධයෙන් තීරණ ගැනීම අවශ්‍ය වෙන්නෙ. එෆ්සීඅයිඩිය අහෝසි කිරීම සම්බන්ධයෙන් දැනට කිසිදු තීරණයක් අරගෙන නැහැ.

 


● ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ දෙවන පෙළ නායකත්වයට ගෙන එන බව කියවෙනවා. පක්ෂයෙ නායකයා විදියට එවැනි සූදානමක් තිබෙනවද?
නිරෝෂණ රණවීර,
මොරවක.
● පිළිතුර:-
මම නම් එහෙම දෙයක් දන්නේ නැහැ. ඔය මාධ්‍යවල තමයි මාත් දැක්කෙ. එක එක්කෙනාගේ ප්‍රකාශ. ඒ හැරෙන්න ඒ ගැන මම කිසිම දෙයක් දන්නෙ නැහැ.

 


● ප්‍රශ්නය:- පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරලා නැහැ. ගංවතුර හා නායයෑම් වැනි අවස්ථාවලදී මේ ආයතනවල වටිනාකම හොඳින්ම දැනුණා. තව කොපමණ කාලයක් මේ ආයතනවල ඡන්දය නොපවත්වා ඉන්නද අදහස?
● පිළිතුර:-
කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධයෙන් එල්ලවුණු චෝදනා විවේචනත් එක්ක නැවත සංශෝධනයක් සඳහා නීත්‍යානුකූල පියවර අරගෙන තිබෙනවා. පළාත් පාලන මැතිවරණය සැලසුම් කරලා කල් දැමීමක් මෙතන සිදුවෙලා නැහැ. මෙතන සිදුවී තියෙන්නෙ මැතිවරණ කොට්ඨාස නිර්ණය කිරීමේදී ඇතිවී තිබෙන ගැටලුවක් නිවැරදි කරන තෙක් කල්යාමක්. දැන් මේ කාලය ගත වෙන්නේ ඒ ඇතිවී තිබුණ ගැටලු නිරාකරණය කරගන්නයි. කොට්ඨාස සීමා නිර්ණ කටයුතු අවසන් වූ වහාම මැතිවරණය පවත්වන්නයි බලාපොරොත්තුව. ඒ අනුව පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් භාගයේ පවත්වන්න පුළුවන් වෙයි කියා කියන්න පුළුවන්.

 


● ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට ඒමේ සූදානමක් තිබෙනවාද?
අශෝක වනිගසේකර,
ගල්ගමුව.
● පිළිතුර:-
මෙහෙමයි. ඔතන වෙලා තියෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බෙදීමක් තියෙනවානෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන අය සම්බන්ධයෙන් මට කියන්න පුළුවන්කමක් නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියට ගත්තම ඔය සියලු දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ මන්ත්‍රීවරුන්. මම හැම තිස්සෙම ඉන්නෙ පක්ෂයෙ සමගිය තබාගෙන. සියලු දෙනා එකට කටයුතු කළ යුතුයි කියන මතයෙයි. ඉතින් මේ ගැන නොයෙක් ප්‍රකාශ අදහස් මාධ්‍ය තුළ නොයෙක් ආකාරයෙන් ප්‍රකාශ වෙනවා. ඒ එකින් එකට උත්තර දෙන්න මට පුළුවන්කමක් නැහැ. මගේ අදහස නම් පක්ෂයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා එකතු වී වැඩ කළ යුතුයි කියන එකයි.

 


● ප්‍රශ්නය:- කොස්ගම සාලාවේ හමුදා කඳවුරේ අවි ගබඩාව විනාශ වීමෙන් පළාතට විශාල හානියක් සිදුවුණා. මේ පිපිරුම කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද?
රංජිත් ජයතිලක,
මීරිගම.
● පිළිතුර:-
මේ පිළිබඳව දැනට අංශ දෙකකින් පරීක්ෂණ කරගෙන යනවා. එක පැත්තකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරගෙන යනවා. අනෙක් පැත්තෙන් ත්‍රිවිධ හමුදා මණ්ඩලයකින් පරීක්ෂණ කරගෙන යනවා. ඒ අනුව මේ පරීක්ෂණ දෙකේ ප්‍රතිඵල එනතෙක් මේ සිද්ධියෙ පසුබිම සම්බන්ධයෙන් මට යමක් සෘජුවම කියන්න බැහැ. ඒ නිසා එම පරීක්ෂණ අවසන් වූ පසුව ලැබෙන වාර්තා අනුව සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න කිව හැකියි.

 


● ප්‍රශ්නය:- මේ ආණ්ඩුවට තවම වසරක් ගතවෙලත් නැහැ. නමුත් විපක්ෂය බලවත් වෙමින් තියෙනවා. වසරක් තුළ විපක්ෂයක් මේ විදියට බලවත් වෙනවා දැක තිබේද?
ගාමිණී ධනවංශ,
හලාවත.
● පිළිතුර:-
ඔය කියන විදියේ විපක්ෂයක් බලවත් වෙලා තියෙනවා මම නම් දැකලා නැහැ. දැන් අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදියට ගාල්ලේ පැවැත්වූ රැලිය මොන තරම් සාර්ථකද කියලා හැම කෙනෙක්ම දන්නවා. ඉතින් ඒක නිසා මෙතන විපක්ෂය කියන්නේ කුමක්ද කියන එකත් තෝරාගැනීම අවශ්‍ය වෙනවා. මම දන්න විදියට පොදුවේ ගත් විට රටේ වර්තමාන රජය බලයට පත්කළ ජනතාව බලාපොරොත්තු ඇතිව තවමත් සිටිනවා. ඒ සඳහා අපි කටයුතු කිරීම අවශ්‍යයි.


ඒ වගේම මේ රජය බලයට පත්වීමට විරුද්ධව  කටයුතු කළ අයටත් ඒ අයගේ තිබෙන අදහස අනුව රටේ සංවර්ධනය සඳහා ඒ සෑම කෙනකුගේම දායකත්වය ලබාදිය හැකියි. රටක් ලෙස කටයුතු කිරීමේදී දේශපාලන පක්ෂ බේදයකින් තොරව ඒ සංවර්ධන කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. මෙතැන තියෙන්නේ පක්ෂ වශයෙන්, කණ්ඩායම් වශයෙන් බෙදෙන එක නෙවෙයි. සෑම කෙනාම එකට එකතු වී රට සංවර්ධනය කර ඉදිරියට ගෙන යාමයි අවශ්‍ය. මේ තියෙන නිදහස් වාතාවරණය තුළ විවිධ අදහස් පළවෙනවා. නමුත් ඔය හැම එකක් පස්සෙම අපි යන්න ඕන නැහැ. අපි අපේ වගකීම රට සහ මහජනයා වෙනුවෙන් ඉටුකිරීමට  අවශ්‍ය වෙනවා.

 


● ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විනාශ කළ බලවේග  අද ඔබතුමා වටා එක්වෙමින් ඉන්නවා. මේ අයත් එක්ක ඔබතුමාගේ අරමුණට යන්න පුළුවන්ද?
සුගත් පතිරගොඩ,
හිඟුරක්ගොඩ.
● පිළිතුර:-
මෙතනදි මෙහෙමයි ආණ්ඩුවක් විදියට කටයුතු කිරීම එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට සංවිධානය කිරීම තව එකක්. මේ දෙක දෙකක් මිස එකක් නෙවෙයි. මේ දෙක අපි පටලවා ගන්න හොඳ නැහැ. ඒක නිසා මේ දේශපාලන පක්ෂවලට තම තමන්ගේ වැඩසටහන් න්‍යාය පත්‍ර තියෙනවා. ඒ අනුවයි එම කටයුතු සිද්ධ කරන්නේ. මම හැම විටම කටයුතු කරන්නේ 2015 ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව මට බලය දීමේදී බලාපොරොත්තු වූ අරමුණක් තිබුණා. ඒ අරමුණ ඉටුකර ගැනීමටයි මම කටයුතු කරන්නෙ.


විශේෂයෙන්ම යහපාලන සංකල්පය වංචා දූෂණවලින් තොර ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යාම, නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම, ජනතාවගේ ජීවන බර අඩුකර ජනතා සුබසාධනයට අවශ්‍ය පියවර ගැනීම, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය වැනි ප්‍රධාන අංග නව තාක්ෂණයත් සමග වැඩිදියුණු කිරීම, මේ කටයුතු අපි රජයක් විදියට අපි අනිවාර්යයෙන්ම කරනවා වගේම දැනටත් කරගෙන යනවා.

 


● ප්‍රශ්නය:- ඇතැම් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහජනතාව තුළ බලවත් විරෝධයක් තියෙනවා. ඔබතුමා මේවා නොදකිනවාද නැත්නම් දැකලත් නොදැක්කා වගේ ඉන්නවද? 
එන්.එම්. ක්‍රිෂාන්ත,
ගලේවෙල.
● පිළිතුර:-
ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාප පිළිබඳව මහජනතාවගේ අප්‍රසාදය කියන එක මේ අද ඊයේ මේ ආණ්ඩුවට විතරක් ආපු එකක් නෙවෙයි. පහුගිය ආණ්ඩු කාලේ ගත්තම ඇතැම් ඇමැතිවරු හැසිරිච්ච  හැටි මේ රටේ මහජනතාවට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා කුමන රජයද පහුගිය රජයද අලුත් රජයද කියල බේදයක් නැහැ. ඇමැතිවරුන් සෑම කෙනකුගේම යුතුකමක් සහ වගකීමක් තියෙනවා ජනතාවගේ අප්‍රසාදයට පත් නොවන ආකාරයට තමන්ගේ හැසිරීම් සහ කටයුතු කිරීමට. දේශපාලනඥයා කියන ප්‍රතිරූපය දේශපාලනඥයාම තමයි විනාශ කරගෙන තියෙන්නේ. මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී ඇමැතිවරයාද මන්ත්‍රීවරයාද කියන ප්‍රශ්නය නෙවෙයි තියෙන්නේ. හැම කෙනෙක්ම දැනගන්න ඕන තමන් මහජනතාවගේ නියෝජිතයන් විදියට තමන්ගේ වගකීම යුතුකම් ඉටුකරන්න. ඇමැතිවරුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් මහජනතාවගේ පැත්තෙන් එන විවේචනවලදී ඒවට සවන් දීලා තමන් නිවැරැදිව කටයුතු කිරීම ඇමැතිවරුන්ගේ වගකීමක්.

 


 ප්‍රශ්නය:- උතුරේ මහ ඇමැතිවරයා ෆෙඩරල් ඉල්ලීම ගැන සමාජයේ බරපතළ විදියට කතාබහ වුණා. මේ හරහා ආණ්ඩුවටත් චෝදනා එල්ල වුණා. ඔබතුමා ඉන්නෙ මොන ස්ථාවරයෙද?
නුවන් එදිරිවීර,
ඇල්කඩුව.
● පිළිතුර:-
ඔය ෆෙඩරල් වචනයෙ හඬ තියෙන්නේ අද ඊයේ නොවෙයිනේ. 1940 ගණන්වලත් ඔය ෆෙඩරල් ඉල්ලීම තිබිලා තියෙනවා. ඒක නිසා අපි ඒකට කලබල වෙන්න උවමනාවක් නැහැ. අපට තියෙන්නේ රටේ සමස්තයක් විදියට සියලු ජනකොටස් සමගි කරගෙන ජාතික සංහිඳියාව ශක්තිමත් කරගෙන ඉදිරියට යෑමයි.
ඒ නිසා ඔය ෆෙඩරල් කතා පස්සෙ අපි යන්න අවශ්‍ය නැහැ. මේ රටේ අවුරුදු 50 කට වැඩිය කාලයක් තිස්සේ ඔය කතාව කියනවා. ඔය ෆෙඩරල් වචනය කතා කරන එක ගැන නෙවෙයි අපි අවධානය යොමුකරන්න ඕන. මේ ෆෙඩරල් ඉල්ලන්නේ ඇයි කියන එක ගැනයි අවධානය යොමු කරන්න ඕන. ඒ නිසා ෆෙඩරල් ඉල්ලන්නෙ ඇයි කියන කාරණය සොයා බලලා ජනතාවගේ පැත්තෙන් ඒකට විසඳුම් සෙවීම අවශ්‍යයි. 

m



අදහස් (0)

එෆ්සීඅයිඩීය අහෝසි කරන්න දැනට කිසිම තීන්දුවක් අරගෙන නෑ

වෙල්ගම Monday, 11 July 2016 05:51 AM

එෆ්සීඅයිඩී එක විසුරුවලා අලුත් නමකින් පටන්ගමු. 'නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ' වගේ නමක් හොඳ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1508 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 252 2

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 899 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 79 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 175 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 228 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site