රජයේ මහ මූකලානය මනින්නට දඹානට පැමිණි රජයේ මිනින්දෝරු මහත්තුරු දොලගල්කන්දේ කඳවුරු බැඳගත්හ. කැලෑගත වූ මේ මහත්තුරුන්ට කොළඹ කාර්යාලයත් ගෙදර දොර අය සමග තිබූ එකම සන්නිවේදන මාර්ගය ලියුම් කරදහි පමණකි.තැපැල් කාර්යාලය පිහිටියේ දඹානේය. දඹානේ සිට කැලෑව මැදින් දොලගල්කන්දට ඇති දුර සැතපුම් 50ක් පමණය. දඹානට පැමිණි මිනින්දෝරු මහත්තරු තමන්ගේ ලියුම් දඹානේ සිට දොලගල්කන්දට ගෙන ගොස් භාරදිය හැකි කෙනෙක් සෙව්වේය. ඒ සඳහා 35 වැනි වියේ පසුවූ සුදුබණ්ඩියා නම් කරනු ලැබුවේ එවකට දඹානේ වැදි නායකයා වූ ඌරුවරිගේ තිසාහාමි ඇත්තන් විසිනි.හිරු මුදුන් වන්නට කලින් දඹාන තැපැල් කාර්යාලයෙන් ලියුම් මිටිය ලබාගන්නා තලාවරිගේ සුදු බණ්ඩියා, මහා වනාන්තරය මැදින් දොලගල්පොත්ත කන්ද දක්වා ගමන් අරඹන්නේය. කැලෑවේ අඩිපාර දිගේ ගාට ගාටා යා යුතුය. අතර මග හමුවන බාධක ද අපමණය. මාදුරුඔය හා තවත් දියකඩිතිවලින් එගොඩ වී යන ගමනේදී වල් අලි, මුවන්, ගෝනුන් මෙන්ම වළසුන්ද මුණ ගැසෙන්නේය.සුදුබණ්ඩියා වනසතුන්ගේ මිතුරෙකි. වන සතුන්ට බිය නොවීමට තවත් කාරණාවක් ඇත. පරම්පරාවෙන් ලැබුණු අලි මන්ත‍්‍ර කොටි මන්ත‍්‍ර ඔහුට කටපාඩම්ය. උරේ පැළඳගත් පොරෝ කෙටියට අමතරව, ඉනේ ගසාගත් බුලත් ”කොක්කනේ” සුදුබණ්ඩියාගේ තනි රැුක්කේය. මීවදයක් කඩාගෙන වරෙක බුක්ති විඳින සුදුබණ්ඩා තවත් වරෙක මොර, තිඹිරි, කෝන්, කරඹ, පලූ වැනි ගස්වලට නැගී එම පළතුරු බුදින්නේය.
බඩගිනි නිවෙන්නේ එලෙසිනි.තම වගකීම මනාව ඉටුකළ සුදුබණ්ඩියා මිනින්දෝරු මහත්තුරුන්ගේ විශ්වාසය දිනා සිටියේය. ඒ නිසාම මේ දුෂ්කර ”තැපැල් රාජකාරිය” වෙනුවෙන් රු. 200ක දීමනාවක්ද ලබා දුන්නේය. කෙසේ නමුත් සුදුබණ්ඩියා මේ රාජකාරියෙන් පසු ”තැපැල් බණ්ඩියා” නමින් හැඳින්විණ.මිනින්දෝරු මහත්තුරු තම රාජකාරිය නිමවී වෙනත් පළාතකට මාරු වී ගියහ. තැපැල් බණ්ඩියාගේ පියුම් වැඬේද එතැනින් අවසන් විය. එහෙත් තැපැල් බණ්ඩියා යන නම දිගටම පැවැතියේය. තැපැල් බණ්ඩියා වැදි ජනයා අතර කැපී පෙනෙන චරිතයක් වීමට තවත් කාරණා තිබුණේය.වැදි ගී ගායනයේ හපනකු වූ ඔහු කිරිකොරහ නටන්නට උපන් හපනෙකි. ”පේන” ගල දෙස බලාගෙන සාත්තර කියන්නට බලයක් තිබූ බවට ද රැුහේ අය අතර විශ්වාසයක් පැවතියේය. කැලයෙන් අහුලාගත් ගල්කැටයක් දෙහි යුෂයෙන් හා කහ වතුරෙන් සෝදා පිරිසුදු කොට එම ගල දෙස බලා සාස්තර කීවේය. පේනගල කීවේ එම ගලටය.මේ අපූරු හැකියාවන්ට වහ වැටුණු කැකුළියක් සහේට ගැනීමට කටයුතු කළ තැපැල් බණ්ඩියා සනුහරේ උදවියගේ සියළු කටයුතුවලදී ඉදිරියෙන් සිටියේය.
ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට පැමිණ ”මාදුරුඔය” වනය අභය භූමියක් බවට නම් කෙරිණ. නිලධාරීහු දඹානට පැමිණ වැදි ජනයා මෙම වන බිමෙන් ඉවත්විය යුතු බවට දැනුම් දුන්හ. එසේ ඉවත්වූ විට විවිධ වරප‍්‍රසාද හා පහසුකම් ලබාදෙන බවට ඔවුහු පොරොන්දු වූහ.නායක තිසාහාමි ඊට එකහෙළාම විරුද්ධ විය. තමා මරා දැමුවත් මේ වන බිමෙන් ඉවත් නොවන බව තිසාහාමි ගැඹුරු ස්වරයෙන් කියා සිටියේය. එහෙත් තැපැල් බණ්ඩියා නිලධාරීන්ගේ සීනි බෝලයේ රස බැලූවේය. 1980 දී තැපැල් බණ්ඩියා රැුහේ පිරිසක් සමග මහවැලි ”සී” කලාපයේ ”හේනානිගල” වාසයට පැමිණියහ. හේනානිගල නායකකමට නියම සුදුස්සා වූයේ කළුඅප්පු වුවත් ඔහු ඉතා නිහඬ චරිතයක් විය. ඒ නිසා කි‍්‍රයාකාරකම් පෙන්වා හේනානිගල රැහේ නායකයා බවට පත්වීමට තැපැල් බණ්ඩියාට හැකිවිය.සුරංගනා ලොවක් යැයි සිතා තමන් පැමිණි වටපිටාව කිසිසේත්ම තම වරිගේ අයට නොගැළපෙන බව තේරුම් යන්නට වැඩි කලක් ගත නොවීය. රැුහේ ඇතැමෙක් පරිසරයට කැමති විය. විශේෂයෙන් කැකුලෝ කැකුලියෝ කැලෑවෙන් මිදීම ගැන සතුටු වූහ.තැපැල් බණ්ඩියාගේ පවුල් ජීවිතයද මහ පුදුමාකාර එකකි. සහේට ගත් පළමු බිරිඳ රෝගාතුරව මිය ගියාය. ඉන්පසු දරුවන් බලා ගැනීම සඳහා සහේට ගන්නේ කැකුලියකි.
ඇයටද දරුවන් ලැබිණ. අදහා ගත නොහැකි ලෙස ඇයද මියැදුනේ අසනීපයකිනි. ඒ මියගිය බිරින්දෑවරු දෙදෙනාට දුවා දරුවන් දහ දෙනෙක් සිටියහ. තුන්වැනි බිරිඳකගේ අවශ්‍යතාව දැඩිව දැනිණි. ඒ නිසා තුන්වැනි බිරිඳ ලෙස සහේට ගත්තේද කැකුලියකි. බිරින්දෑවරු තිදෙනාගේම දරුවෝ ගණන එකතු කළ විට එකතුව (16)ක් වූහ.මීයක් කඩන්නට, කැලෑ අල හාරන්නට, දඩයමක් කරගන්නට බැරි වන බිම කුමකටදැයි ඔහුට සිතුන වාර ගණන අපමණය. තමා ඉල්ලං කෑ බව ඔහු කීපවතාවක්ම ජනමාධ්‍යවලට කීවේය.”පෝරු ගම් පොජ්ජෙන් මේ මහවැලි ව්‍යාපාර පොජ්ජට මංගච්චලා මේ ඇත්තන්ගේ පරම්පරා පොජ්ජත් කොදොයි. කැලෑවත් කොදොයි. කැකුලො, කැකුලියොත් කොදොයි. (අපේ උපන් ගම්වලින් මහවැලි ඉඩම්වලට ගෙනැත් දැම්මා. දැන් අපේ පරම්පරාවත් කැලෙත් ඉවරයි. කැකුලො කැකුලියොත් ඉවරයි)කැලෑවේ ඉන්දෙද්දි අපට කිසි ලෙඩක් නැහැ. දැන් ලෙඩ දුක් වැඩියි. කොහොමටත් දැන් අපට පරම්පරාවක් නැහැ. කැකුලො කැකුලියන්ට ගම්වල අය බැල්ම දානවා. අපේ උනුත් දවසින් දවස සංකර වෙනවා. අපේ කැලෑවලට ගිහිල්ලා නිදහසේ ජීවත්වෙන්න ඉඩ දෙන්න කියලා අප තවම ඉල්ලනවා.
බෙලිගල්ලේ වසම, කන්දේගම, හේනානිගල මේවා අපට අපේ රැුහේ අයට අයිති කැලෑ. අභය භූමි හදන්න කියලා කැලෑවෙන් අපි ඉවත් කළා. දැන් හොරට ලී ඉරනවා. වනසත්තු ඉවක් බවක් නැතිව මරණවා. ඔන්න ඔහොමයි කළේ.මේ ඉඩම් අරගෙන මැති ඇමැතිවරුන්ගේ ඕනෑම කෙනෙකුට දෙන්න. අපට අපේ කැලේට යන්න අවසර දෙන්න” තැපැල් බණ්ඩියා ජීවිතයේ අවසන් භාගය වනතෙක්ම ඉල්ලා සිටියේය. වියපත්ව රෝගාතුරව ඔත්පල වූ තැපැල් බණ්ඩියා මියැදෙන තෙක්ම තෙවැනි බිරිඳ සමග ජීවත් වූවේය. අවසන් හෝරා කීපයේ ද ඇය ඔහු ළඟ සිටියාය. සැමියා සදහටම දෙනෙත් පියනු දුටු බිරිඳ හඬා වැටුණාය. නිවස ඉදිරියේ මැස්සක් ඉදිවිය. හිග් ගසේ පොත්තෙන් නිර්මාණය කළ මිනී පෙට්ටියේ දේහය තැන්පත් කෙරිණ. කොහොඹ, දඹ වැනි ශාකයන්හි කොළ පෙට්ටිය යටින් අතුරා තිබිණ. මේ සියල්ල ඖෂධීය ගුණ නිසා විෂබීජ නැසෙන බවත් මිනිය නරක් නොවන බවත් වැද්දන්ගේ විශ්වාසයයි.තැපැල් බණ්ඩියා ජීවත්ව සිටියදී දේශපාලනඥයන්ගෙන් වැඩ ගත්තේය. ඒ රැුහේ අයගේ වගා ඉඩම් හා නිවාස ප‍්‍රශ්නවලදීය. රැුහේ අය වෙනුවෙන් නිතරම ඉදිරිපත්ව කටයුතු කළ නිසා රැුහේ ඇත්තෝ තැපැල් බණ්ඩියාට ඇළුම් කළෝය. ගරු කළෝය. රැුහේ අය හැඬුවේ ඒවා මතක් කරමිනි. අවසානයේ ඔවුන්ට තම නායකයා වෙනුවෙන් කිරීමට ඉතිරිව තිබුණේ නෑ යකුන් පිදීම පමණි.
ගැටබෝ ගස්වල පට්ටාවලින් නිර්මාණය කළ වට්ටිවල කටකිරියා තටුව නිර්මාණය විය. තැපැල් බණ්ඩියා ජීවත්ව සිටියදී කෑමට ප‍්‍රියකළ තලප, බඩඉරිඟු, දඩමස්, රොටී, අලවර්ග කටකිරියා තට්ටුවට අන්තර්ගත විය. නෑ යකුන් පිදීම සිදුවිය. මියගිය ප‍්‍රාණකාරයා මේ ආහාර බුක්ති විඳ සතුටුවන බවත් නෑ යකුන් විසින් තම රැහේ අය ආරක්ෂා කරන බවත් වැදි ජනයාගේ විශ්වාසයයි.පාරම්පරික වැදි සිරිත් අනුව තැපැල් බණ්ඩියා මිහිදන් කෙරිණ. සොබාදහම අතහැර වනබිමෙන් පිටමං වීම වැරැුද්දක් බව දැන සිටියත් එම වරද නිවැරදි කර ගැනීමට නොහැකිවීම ගැන ඔහු අවසන් පණ බිංදුව හෙළන තෙක්ම දුක් විය.
බදුල්ලේ පාලිත ආරියවංශ
වැදි රැහේ ජීවිතය-1
වැදි රැහේ ජීවිතය-2
වැදි රැහේ ජීවිතය-3
වැදි රැහේ ජීවිතය-4
වැදි රැහේ ජීවිතය-5
වැදි රැහේ ජීවිතය-6
වැදි රැහේ ජීවිතය-7
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
කැකුළියන් තුන්දෙනෙකු සමග දීගකෑ හේනානිගල නායක තැපැල්බණ්ඩියා