IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කොටි බෝම්බෙන් මැරෙන්න කලින් දේශප්‍රේමීන්ගේ බෝම්බ දෙකකින් රංජන් විජේරත්න බේරුණ හැටි

27_SLT_P_7

 

උතුර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් ගිනි ගනිමින් තිබිණි. දකුණ ජ.වි.පෙ. ආණ්ඩු විරෝධී සටනින් ගිනි ගනිමින් තිබිණි. ගිනි දෙකක් දෙපැත්තෙන් තියෙද්දී අඩියක් වත් පස්සට ගන්නට ජනාධිපති ජේ.ආර්. කැමති වුණේ නැත. 


ඇහැට ඇහැක්, හිසට හිසක්, දතට දතක් න්‍යාය පදනම් වූ යුගයක් තුළ කාලය ගලා යමින් තිබිණි. ටයර් සෑ, වෙඩි උණ්ඩ, බෝම්බ පිපිරුම්, ඇඳිරි නීති දිගේ රජය ගලා ගියේය. රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් තියෙද්දී ඒකට මුහුණ දීමට හයිය ඇති ආරක්‍ෂක ඇමැතිවරයෙක් ගැන ජනාධිපතිවරයා සොයා බැලුවේය. 

gwergh
රන්ජන් විජේරත්න ආරක්‍ෂක ඇමැති ලෙස තෝරා ගන්නේ එවැනි තේරීමක් අතරේය. පළවෙනි දේ යකාටවත් බය නැති වීමය. මෙහි “යකා” යැයි කීවේ අනියමාර්ථයෙන් මරණය ස්ථිර කර ගැනීමය. 


රන්ජන් මරණයට බය නැති ආරක්‍ෂක ඇමැතිවරයෙක් විය. ඔහුව ඝාතනයට උතුරේ ත්‍රස්තවාදීන් අරඅඳිමින් තිබිණි. ජ.වි.පෙ. සැලසුම් හදමින් තිබිණි. කටකතා අනුව ආණ්ඩුවේ සමහරු ද රන්ජන්ගේ ජීවත්වීමට එච්චර කැමැති වූයේ නැත. 


අංශ කීපයකින් රංජන් විජේරත්නගේ මරණය සැලසුම් වෙද්දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීහු ඉක්මන් විය. ඒ අනුව ආරක්‍ෂක ඇමැති රන්ජන් 1991 මාර්තු 02 දා උදේ 8.27 ට පමණ අටවන ලද අධිබල බෝම්බයක් පිපිරවීමෙන් ඝාතනය කෙරිණි. 


රන්ජන් විජේරත්න මහතා ගෙදරින් පිටත්වීමට මොහොතකට පෙර දුරකතන ඇමතුමක් ලැබිණි. එය රන්ජන්ට ලැබුණු අන්තිම දුරකතන පණිවුඩය විය. අනෙක් පස සිටියේ අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී ආර්.එම්. පුලේන්ද්‍රන් මහත්මියයි. තමා පසුදා වවුනියාවේ උත්සවයකට යන බැවින් ඒ සඳහා ආරක්‍ෂාව ලබා දෙන්නැයි ඇය ඉල්ලා සිටියාය. 


එයට පිළිතුරු ලෙස ඇමැති රන්ජන් කීවේ, “තමන් තව සුළු මොහොතකින් කාර්යාලයට යන බැවින් .න්‍ගධගක්‍ග. ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ලවා ඇමැතිතුමියට ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කරන බවය. 


ඉන්පසු විජේරත්න මහතා පිටත් විය. එහෙත් නිවසේ සිට ඔහුට එන්නට ලැබුණේ සුළු දුරකි. රිය පෙළ හැව්ලොක් ටවුම දෙසට එද්දී එල්.ටී.ටී.ඊ. ය ඉක්මන් වූහ. ගතවූයේ නිමේෂයකි. කොළඹ දෙදුරුම්කමින් දැවැන්ත බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බය අටවා තිබුණේ හයිඒස් වර්ගයේ වෑන් රථයකය. 
බෝම්බයෙන් රන්ජන් විජේරත්න මහතා ඇතුළු 19 දෙනෙක් මියගියහ. සියළු සිරුරු කරකුට්ටන් වෙන තරමට පිච්චී තිබිණි. 


ආරක්‍ෂක ඇමැති රන්ජන්ගේ මරණය එල්.ටී.ටී.ඊ. යට පමණක් නොව තවත් බොහෝ දෙනෙකුට “මල් හතයි මෙන් විය. ඒ තරමට රන්ජන් ජ.වි.පෙ. ටත්, එල්.ටී.ටී.ඊ.යටත් හිසරදයක් විය. ආණ්ඩුවේ සමහර අයටත් එසේම වූ බව කියැවේ. 


විජේරත්න මහතා එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්වුවද ඔහු ඝාතනයට ජ.වි.පෙ. අවස්ථා ගණනක් අරඅඳිමින් සිටි බව පසුව හෙළිවිය.
ජ.වි.පෙ. හි දෙවන කැරැල්ල බරපතළ ලෙස නාය යාමට ලක්වූයේ රන්ජන් ආරක්‍ෂක ඇමැති ධුරය භාර ගැනීමෙන් පසුය. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, ඩී.එම්. ආනන්ද ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි, පියදාස රණසිංහ, ලලිත් විජේරත්න ආදී කොටගත් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයම නැත්තට නැතිවී අළු, ලූවිලි වී ගියේ රන්ජන්ගේ පත්වීමත් සමගය. එබැවින් රන්ජන් විජේරත්න මහතා කෙරේ ජ.වි.පෙ. ට තිබුණේ නයි-මුගටින්ටත් වඩා සිය දහස් ගාණකින් වැඩි වෛරයකි. එහෙත් ආරක්‍ෂක වළලු මැදින් වෙඩි නොවදින වාහනෙන් යන රන්ජන්ව මරා දැමීම කිසිසේත් ලෙහෙසි වන්නක් නොවිණ. එම නිසා වැඬේ ස්වභාවය දන්නා අය “අධි බලැති කාර් බෝම්බ සැලසුම් සෑදූහ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අවස්ථා ගාණක් රන්ජන් අපේක්‍ෂාවෙන් කාර් බෝම්බ සාදාගෙන පාරේ බලාහුන්හ. 


ජ.වි.පෙ. ට එරෙහිව ප්‍රා, සා, කහ බළල්ලු, කළු බළල්ලු, කොළ කොටි ඇතුළු අර්ධ මිලිටරි සංවිධාන ද සටන් දියත් කරමින් තිබිණි. 


ඊට අමතරව ජ.වි.පෙ. මර්දනය සඳහා ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය (ඕප්ස් කම්බයින්) කොළඹ නීති පීඨයේ ආරම්භ විය. ජ.වි.පෙ. හි අත්අඩංගුවට ගන්නා කොයි නායකයාත් මුලින් “ඇදගෙන ආවේ මෙතැනටය. එහි ප්‍රධානියා වූයේ මේජර් ජෙනරාල් සිසිල් වෛද්‍යරත්නය. 1989 අගෝස්තු 04 දා එය පිහිටුවා භට පිරිස් සහිත කණ්ඩායම් 100 ක් ඊට අනියුක්ත කෙරිණි. මෙහි බි්‍රගේඩියර් ලකී අල්ගම යටතේ තොරතුරු විමර්ශන ඒකකය ද, කර්නල් ජානක පෙරේරා යටතේ විශේෂ මෙහෙයුම් ඒකකය ද තිබිණි. ක්ෂණික විහිදුම් බළකායේ අණදෙන නිලධාරියා ලෙසද කර්නල් ජානක කටයුතු කළේය. 


ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසු ජ.වි.පෙ. ට එරෙහිව සටන සෑම අතින්ම අනුකම්පා විරහිත විය. එහි මෛත්‍රිය, කරුණාව ගෑවී තිබුණේම නැත.


ජ.වි.පෙ. පාලනය කරන සටන උග්‍ර වෙද්දී ජ.වි.පෙ. ද සටන අත හැරියේ නැත. ඇමැති රන්ජන්ට රිද්දන්නට ජ.වි.පෙ. මුලින්ම කළේ ඔහුගේ රියදුරෙක් වූ හෝමාගම කිරිවත්තුඩුවේ පදිංචි වී සිටි සෝමදාසව මරා දැමීමය. මේ අතරේ එ.ජා.ප. මන්ත්‍රීවරු ගණනාවක්ම මරණයට පත් කරමින් ජ.වි.පෙ. ආණ්ඩුවට අනතුරු ඇඟවීය. 


ඒ අනතුර තුට්ටුවකටවත් රන්ජන් මායිම් කළේ නැත. ඔහු ක්ෂණික මෙහෙයුම් සඳහා ආරක්‍ෂක අංශයට උපදෙස් දුන්නේය. ඒ අනුව එක රැයින් රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු ජ.වි.පෙ. ම සුණු විසුණු කර දැමුවේය. 


1989 නොවැම්බර් 28 වැනිදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කුරුවිට දී රැස්විය. ඒ සමන් පියසිරි ප්‍රනාන්දු සහෝදරයාගේ නායකත්වයෙනි. රන්ජන් විජේරත්න ඉක්මනින් ඝාතනය කිරීමට එදා ඒකමතිකව තීන්දුවක් ගනු ලැබිණි. 


එදා සැලසුම් දෙකක් ඒ සඳහා යෝජනා විය. එයින් එකක් වූයේ ඉදිරි දිනෙක පැවැත්වීමට නියමිත ඇමැති රන්ජන් සහභාගී වන ඒකාබද්ධ මෙහෙයුම් නිලධාරීන් හමුවන කොල්ලුපිටිය ඔබරෝයි හෝටලයේ උත්සවයේ දී ඔවුන්ගේ ආහාරවලට වස දමා කැවීමය. එහෙත් මේ සැලසුම හෙළිවී එය මුළුමනින් අසාර්ථක විය. ඉන්පසු දෙවන පියවර සැලසුම් කෙරිණි. එනම් අධි බලැති බෝම්බ පිරවූ කාර් එකක් වේගයෙන් ධාවනය කරවා ඇමැති රන්ජන් යන වාහනයේ හැප්පවීමය. 


ඇමැති රන්ජන් එසේ ඝාතනය කිරීම මරාගෙන මැරීමකි. එය ජීවිත පරිත්‍යාගයෙන් කළ යුතු වන්නකි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ උත්සාහය ස්ව කැමැත්තෙන් බාර ගත්තේ ජනක සෙනෙවිරත්න සහෝදරයාය. ඔහු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් විය. ජනකට අධි බල බෝම්බ ඇටවූ කාර් රථය ලැබුණි. ඔහු එය භාර ගත්තේ තමා කරන පූජනීය මෙහෙවර එය ලෙස සලකමිනි. ජනක සෙනෙවිරත්න දවස් ගාණක් රන්ජන් විජේරත්න ඉලක්ක කරගන්නට කොළඹ පුරා ලුහුබැන්දේය. එහෙත් ඒ සෑම දවසකම ජනකට වැඬේ අමාරුකම දැනුණි. මේ අතරේ දවසක ඔහු මහරගම නිවසක සිටිය දී අත්අඩංගුවට ගැණිනි. එතැනින් පසු ජනක සෙනෙවිරත්න මරණයේ දොරඟුලු අරින මත්තේගොඩ කඳවුර වෙත කැඳවාගෙන යන ලදී. එතැනින් පසු ජනක ගැන ආරංචියක් කාටවත් හරි හැටි දැනගන්නට ලැබුනේ නැත. 


ඇමැති රන්ජන් ඝාතනයට කොළඹ ඩී-1 කලාපයේ ද විශේෂ සැලසුමක් මේ අතරේ සකස් විය. ඒ පිළිබඳව අපට ප්‍රකාශ කළේ කොළඹ ෘ-2 කලාපයේ සංවිධායක ලෙස සිටි ඉලුක්කුඹුර සහෝදරයාය. 


“ආරක්‍ෂක ඇමැති රන්ජන් විජේරත්නව ඉක්මණින් ඝාතන කළ යුතුයි කියන දේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ගැඹුරින් ඇදහූ දෙයක්. මේකට අපේ සහෝදරවරු විවිධ උත්සාහයන් ගත්තා. 


මොරටුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉංජිනේරු ශිෂ්‍යයකු වූ සම්පත් හෙවත් කීර්ති සහෝදරයා රන්ජන් විජේරත්න ඝාතනයට අධි බලැති කාර් බෝම්බයක් හැදුවා. සම්පත් ඒ වන විට කොළඹ ඩී-1 කලාපයේ සංවිධායක ලෙසයි හිටියේ. මම දන්න හැටියට මේ කාර් බෝම්බය හැදුවේ ඩී-1 කලාපයේ නිවසක. මේ සඳහා පුපුරණ ද්‍රව්‍ය රටින් ගෙන්වා ගන්න මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සම්පත් සහෝදරයාට උදවු කළා. ඔහු එදා මරදානෙ ස්ථානයක හිටියේ. පුපුරණ ද්‍රව්‍ය ගෙනත් දුන්නෙ පකිස්ථානයෙන්. බෝම්බය හදල ඉවර වුණාට පස්සෙ එය ඇටවූයේ 12 ශ්‍රී ටොයොටා කොරොල්ලා අලුත්ම කාර් එකක. එම කාර් එක සංවිධානය විසින් පැහැර ගත්තු එකක්. 


බෝම්බය කාර් එකේ අටවලා දවස් 3 ක් විතර රන්ජන් එන පාරවල්වල ස්ථානගත කරල තිබුණා. මේ කාර් බෝම්බ දවස් තුනම ස්ථාන ගත කළේ කිරුළපනේ පාර අයිනේ තැනක. ඒත් ඒ දින කීපයේම රන්ජන් විජේරත්න විවිධ හේතු නිසා සහෝදරවරුන්ට මගහැරුණා. 


ඔය අතරෙදි සම්පත් සහෝදරයා අත්අඩංගුවට පත්වුණා. ඔහු මේ කාර් බෝම්බය ගැන ප්‍රකාශයක් කරලත් තිබුණා.” 


ඉළුක්කුඹුර කියයි. 


ආරක්‍ෂක ඇමැති රන්ජන් විජේරත්නට ගෙවුණු හැම නිමේෂයම මරණයට අත වැනූ මොහොතක් විය. එයින් මිඳී යාමට රන්ජන්ට තිබුණේ අඩු අවස්ථාවකි. කෙටි කලකින්ම ඔහු මරණයට පත්වූයේ මේ හතර වටින්ම දැල එළා තිබීමේ ප්‍රතිඵලයක් නිසා යැයි අපට සිතේ. 

m



අදහස් (0)

කොටි බෝම්බෙන් මැරෙන්න කලින් දේශප්‍රේමීන්ගේ බෝම්බ දෙකකින් රංජන් විජේරත්න බේරුණ හැටි

මානෙල් Wednesday, 02 March 2016 12:59 PM

ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක දර්ශක වලින් ගිලිහුනේ මේ කාලේ. ජවිපෙ මේ ලෙස අධ්‍යාපනයට කල හානිය තවමත් පවතිනවා. රන්ජන් විජේරත්න නොහිටින්න ජවිපෙ ලංකාව නැති කරනවා. (ර)

:       0       0

චන්ද්‍රා Wednesday, 02 March 2016 08:33 AM

මෙතුමා හොඳ නායකයෙක්.. (ම)

:       0       0

මිලානෝ Tuesday, 01 March 2016 12:34 PM

ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඔහු අවංක හොරකම් නොකරන කෙනෙක් නිසාම කෙලින් වැඩ කිරීමට ශක්තියක් තිබුනා සහ ඒ නිසාම හොරු සහ වන්දි භට්ටයොන්ට ඔහු වටා එකතු වීමට අවස්තාවක් නොලැබිණි. මෙවැන්නෙක් අකාලයේ රටට අහිමි වීම අප ලැබූ මහත් පාඩුවකි. මොහුට උගත්, දේශපාලනය කල හැකි දරුවන් සිටියත් ඔවුන්ව දේශපාලනයට ගාවා ගත්තේ නැත. (ර)

:       0       0

කමල් Friday, 04 March 2016 12:46 PM

තමන් කල දේවල් තමුන් පසු පසම පැමිණියේය. (ර)

:       0       0

ආනන්ද Saturday, 05 March 2016 03:09 AM

අපේ රට විනාශ කළ කණ්ඩායම් තුනක් සිටිනවා. කොටි ත්‍රස්තවාදීන්, ජවිපෙ සහ කූට දේශපාලන ත්‍රස්තවාදීන්. මේ අතර රටට අවංකව ආදරය කළ නායකයන් සුළු පිරිසක් අතර සිටපු ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඔහු සිටියා නම් කොටි විනාශ වන්නේ 1995-96 කාලයේ. (නි)

:       0       0

අබරන් Thursday, 03 March 2016 05:29 AM

රන්ජන් විජේරත්නට ආරක්ෂක ඇමතිකම දුන්න එක හරියට වඳුරට දැලිපිහිය දුන්නා වාගෙයි. අන්ධානුකරණයෙන් අනිත් අයවත් කපල තමන්වත් විනාශ කර ගත්තා.(කෞ)

:       0       0

අබේරත්න Wednesday, 02 March 2016 03:52 AM

ඔහු ළඟ ප්‍රභාකරන්ගේ අංකය තිබී ඔහුට කතා කොට එක්තරා මවකගේ හමුදා පුතෙකුට ප්‍රභාකරන් ලවා සමාව දී නිදහස් කළා. ඔහු ළඟ එඩිතර කම තිබුනා නම් ප්‍රභාකරන්ට ගහලයි ඔහුව නිදහස් කර ගන්නේ. මෙවැන්නන් නිසා තමයි කොටි උඩ ගියේ. ඔහුගේ එඩිතරකම පෙන්වූයේ දකුණේ සිංහලයන්ට පමණයි. (බ)

:       0       0

සෙනරත් Wednesday, 02 March 2016 04:07 AM

මෙතුමා ඉතාම ඍජුව කටයුතුකළ, ඉතාම කාර්යක්ෂම සහ අවංක පුද්ගලයෙක් . මෙතුමා සිටියානම්, කොටි වදවෙන්නේ 1995 ට කලින්. (බ)

:       0       0

කමල් Friday, 04 March 2016 04:43 PM

එකල ජේවීපී මිනීමැරුම් වලින් අහිංසක රජයේ සේවකයන් සහ රට බේරාගන්න විශාල ලෙස කැප වුනු නායකයෙක්. (බ)

:       0       0

සුකිරි Wednesday, 02 March 2016 05:03 AM

මට නම් මොහු මස් කඩ කාරයෙක්. ඒ කාලේ මිනි මරපු ආණ්ඩු ජවිපෙ එල්ටිටි ඔක්කොම වල කජ්ජ ගැහුවේ එකම තාලෙට. බලන්නේ හිටපු හමුදා ලොක්කෝ කොහොමද මරුනේ කියල. (බ)

:       0       0

ලාල් Wednesday, 02 March 2016 10:37 AM

මෙතුමා ජ වී පෙ අයට හොඳ පාඩමක් උගන්වලා රට සහ තරුණයෝ බේරා ගන්න නොබියව ක්‍රියා කළා. (ර)

:       0       0

අබය Wednesday, 02 March 2016 05:16 AM

කොටි ත්‍රස්තයන් උලුප්පා ඔසවා තැබූ අයගෙන් උතුරේ යුද්ධයට සිදුවූයේ බරපතල හානියකි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 01 March 2016 04:38 PM

ලංකාවට හිටිය හොඳ එඩිතර පුද්ගලයෙක්. කවදාවත් කී දෙයක් නොකර හිටියේ නැහැ. මම මෙතුමා ළඟ සේවය කරලා තියෙනවා. මෙතුමාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 02 March 2016 09:33 PM

රන්ජන් විජේරත්න බොහොම කලාතුරකින් දකින්නට ලැබෙන පෞර්ෂයක් තිබ්බ දේශපාලකයෙක් . අද ඉන්න විහිළු කාරයොත් එක්ක බලනවිට තවත් අගය වැඩියි . රන්ජන් මැරුවේ කවුද කියන එකට හොදම සාක්ෂිය තමා , ජේ වී පි එක මර්දනයට ප්‍රදාන දායකයෙක් උන නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොලගේ , දිවුරුම් පෙතසම . මේ මරණය ගැන හොයන්න උත්සහ කරපු එක ඒ දවස්වල දේශපාලන බල අදිකාරිය විසින් නතර කරපු හැටි බොහොම පැහැදිලියි . ලංකාවේ ආණ්ඩුවක් මරණයක් ගැන වැඩිදුර හෙව්වේ , ඒක තමන්ගේ දේශපාලන වාසියට ගන්න පුලුවන්නම් විතරමයි .(අ)

:       0       0

ඩී.උපුල් Wednesday, 02 March 2016 05:22 AM

ගහන්න ඕනෑ එකාට ගහන්නත්, මරන්න ඕනෑ එකාව මරන්නත් පාලකයා දැනසිටිය යුතුයි. එහෙම නැතුව රටක් පාලනය කරන්න බැහැ. මේ තියරිය දැන සිටි එකම පාලකයා සදාම් හුසේන් කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 02 March 2016 05:34 AM

අබේරත්න හරි. ඔවුන්ගේ අසාර්ථකත්වය සහ අසංවේදී බව නිසා තමා යුද්ධය 30 වසරක් දික් ගැස්සුනේ. අතීතය අපේ ඇස් පනාපිට තිබියදී ඒ ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 581 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 81 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 97 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 324 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 218 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 111 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 674 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site