තරිඳු ජයවර්ධන
දියතලාව සිදුවීම ගැන විවිධ පිරිස් විවිධ කතා පතුරුවති. සිදුවූම වූ අවස්ථාවේම මෙය බෝම්බ පිපිරීමක් බවත්, යාපනයේ සිට පැමිණි බස් රථයක පිපිරීම සිදුවී ඇති බවත් කියමින් උතුරද සම්බන්ධ කර ලංකාවේ යළිත් ත්‍රස්තවාදය හිස ඔසවා ඇතිය යන අදහස ගම්‍ය වන ආකාරයේ ප්‍රචාර රැසක් ගොස් තිබිණි.
බස් රථයට වැඩිපුරම හානි සිදුවූයේ පිපිරීමෙන් නොව ගිනි ගැනීමෙනි. ගින්නට හේතුව පිපිරීමක් බව මූලික පරීක්ෂණවලින් සනාථ වී ඇත. මෙම බස් රථය යාපනයේ සිට දියතලාව හරහා බණ්ඩාරවෙලට යන බස් රථයක් බව කීම ද අසත්‍යකි. මෙය බණ්ඩාරවෙල සිට දියතලාවට යන බසයකි. බසයේ ගමන් බලපත්‍රය ඇත්තේ දියතලාවේ සිට මහියංගනයේ හෙබරව දක්වා යෑමටය.
යාපනයේ සිට බණ්ඩාරවෙල දක්වා පැමිණි බස් රථයේ සිටි පිරිසෙන් කොටසක් ඉන් පසු බණ්ඩාරවෙල සිට දියතලාවට යන බසයට ගොඩ වී තිබේ. ඒ අතරමඟදී බස් රථයේ ඉදිරිපස සිට තුන් වැනි හෝ හතර වැනි ආසන පේළියේ වාඩිගෙන සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනකු බසයෙන් බැසීමට නැගිට ඇතැයි මූලික පරීක්ෂණවලින් සනාථ වී තිබේ.
ඇසින් දුටුවන් කියා ඇත්තේ ඔවුන් සතුවූ යමක් බිම වැටෙනු දුටු බවත්, ඉන් අනතුරුව පිපිරීම් ශබ්දයක් ඇසුණු බවත්ය. එම පිපිරීමෙන් පසු එතැන තිබූ ගමන් මල්ලක් ගිනි ගත් බව ද ඇසින් දුටුවන් කියා ඇත. මෙම සාක්කකිකරුවන් අතර යුද හමුදා සාමාජිකයෝ ද සිටිති.
ඒ අනුව පොලිසිය සැක කරනුයේ යුද හමුදා සාමාජිකයකුගේ ගමන් මල්ලේ තිබූ අත්බෝම්බයක් පුපුරා යෑමෙන් මේ අනතුර සිදුවී ඇති බවයි. පිපිරීමෙන් විසිවූ කැබලි ආදිය පරීක්ෂා කරද්දී මෙය අත්බෝම්බයකින් සිදුවූවක් බව සැක කළ හැකි බව ද පොලිසිය පවසයි. කෙසේ වෙතත් පිපිරීමෙන් සහ ගිනි ගැනීමෙන් 19 දෙනකු තුවාල ලබා ඇති අතර යුද හමුදාවේ හත් දෙනෙක් ද ඒ අතර සිටිති.
යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුගේ පාදවලට දැඩි හානි සිදුවී ඇති බව ද, පිපිරීම සිදුවී ඇත්තේ ඔවුන් දෙදෙනා පැමිණි ස්ථානයේ බවට සැක කරන බව ද පොලිසිය කියයි. හමුදා සාමාජිකයකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
නීති විරෝධී අත්බෝම්බයක් රැගෙන යෑම සහ අනාරක්ෂිතව එය රැගෙන යෑමෙන් පිපිරී 19 දෙනකුට පමණ තුවාල සිදු වීම ආදී චෝදනා යටතේ අත්බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් යුද හමුදාව ද කියා තිබුණේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවයි. යුද හමුදා පොලිසිය ද මේ ගැන විමර්ශනයක් පවත්වන අතර සිද්ධිය වන අවස්ථාවේ එම බස් රථයේද යුද හමුදා පොලිසියේ දෙදෙනකු සිට ඇති බව දැනගන්නට තිබේ.
අද දහවල් රස පරීක්ෂක සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පැවැත්විණි. මේ වන විටත් සිද්ධිය ගැන උසාවියට කරුණු වාර්තා කර ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බොරු කතා පැතිරවීමෙන් වලකින ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද
මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කටකතාවලට තටු ඇලවූ දියතලාවේ පිපිරීම
Bamunuarachchi Wednesday, 21 February 2018 11:24 PM
බොරුකතා පැතිරවීමට හා බොරුකතා විස්වාස කිරීමට සිංහලයා තරම් ජාතියක් ලොව තවත් නැත. ඒ හේතුවෙන් 2015 දී සිංහලයා. තමන්ටමත් රටටත් නස්පැත්තියක් කරගත්තේය.
Nuwan Thursday, 22 February 2018 10:24 AM
මේ සිද්ධිය ගැන බොරු කතා පැතිරවීමෙන් වලකින්න.
saman k Thursday, 22 February 2018 01:05 PM
බමුණු , ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ.
Dr. රන්ජිත් වෙල්ගම Thursday, 22 February 2018 10:45 PM
මම ඉන්නේ එංගලන්තයේ. ශ්‍රී ලංකාවේදී 1992 සිට 2002 දක්වා කාලය තුල සිදුවූ බොහොමයක් බෝම්බ, මහා බැංකු බෝම්බය සහ අනෙකුත් පිපිරීම් පිළිබඳව පරීක්ෂණ කරලා තියනවා. මෙම පිපිරීම බස්රථය තුල සිදුවූ බව පේනවා. ඊට අමතරව තුවාල කරුවන් පිලිබඳ විස්තර අනුව නම් අත් බෝම්බයක් හෝ granade එකක් වෙන්න පුළුවන් මෙම බස්රථයේ ගිනිගැනීමකින් සිදුවූ ලක්ෂණ ඉතාමත්ම පැහැදිලිව සියලු කෝනයන්ගෙන් youtube එකේ video තියෙනවා. බෝම්බයක් පිපුරුණු බවට කිසිම සාධකයක් නෑ .. බොරුවට, ජාතිවාදය අවුස්සන ප්‍රකාශ කරන්නඑක බොහොමත්ම නරකයි.
Priyantha Friday, 23 February 2018 08:29 AM
බමුණුට හොඳටම පිස්සු. නියම ආරච්චි කෙනෙක් තමයි බොලාගේ මුත්තත්. තාම රජ කෙනෙක් හොයනවා ආරච්චිකම් කරන්න.