IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කොටින්ගේ හෙරොයින් ජාවාරමට හවුල්වූ හමුදා මේජර්

”උපන් බිමට ණයක් නැති මිනිහෙක් වෙයන් මගේ පුතේ...”
සෑම දරුවකුගේම දෙමව්පියෝ එක සිතින් ප‍්‍රාර්ථනා කරති. ඒ සඳහා ආවඩති. දහසක් බලාපොරොත්තු පොදි බඳිති.
එලෙස පොදි බඳින දහසක් බලාපොරොත්තු මල් පල ගන්වන්නේ කීයෙන් කී දෙනාද?
දෙමාපියන්ගේ ප‍්‍රාර්ථනා සාක්ෂාත් කරන බව පෙර පාසල් වියේ සිටම විදහා දක්වන දරුවෝ අප සමාජයේ කොතෙකුත් සිටිති. උගත්කම් වලින් මෙන්ම සහජ දක්ෂතා වලින්ද සිය හැකියාවන්ගෙන් සමාජයට යහපත කැන්දන දරුවෝ වැඩිමහල්ලන් වූ පසුවද සමාජයේ යහපත ප‍්‍රාර්ථනා කරත්ද?
මෙය අප සමාජයම පෙළන පැනයකි.

29_PAGE_07_T

පසුගිය 35 වසරක් පුරා අප සමාජය බිලිගත් රුදුරු කොටි ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් ලංකා මෑණියන් බේරා ගැනීම සඳහා සිය ගත රුධිරයෙන් ලක් ධරණි තලය නැහැවූ හමුදා පුත්තු ඔවුන්ගේ දෙමාපියන්ට අභිමානය කැඳවාගෙන පැමිණියහ.


උපන් බිමට ණයක් නැති මිනිහෙක් වෙයන් මගේ පුතේ යනුවෙන් සිය දෙමාපියන්ගේ ආයාචනය පිළිගෙන සිය රුධිරයෙන් එය සපථ කළ විරුවෝ ලක් මෑණියන්ටත් සිය දෙමාපියන්ටත් ගෞරවය මෙන්ම ආඩම්බරය දිනා දුන්හ.


හසලක ගාමිණි වැනි විරුවෝ ලක් මෑණියන්ගේ ජීවිතය බේරා ගැනීමට මාරයාගේ කටට පැන්නේ කිසිදු චකිතයකින් තොරවය. ඒ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරවය.


දේශය සුරැුකීම යනු දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඇති භූමිය සුරැුකීම පමණක්ම නොවේ. ඒ දක්වා ඇති ගහකොළ සතා සිව්පාවා මෙන්ම මනු සතුන් සුරැුකීමද දේශය සුරැුකීම සතු වගකීම් වේ.


දේශය සුරකින බවට සපථ කොට ඇති හමුදා දරුවෝ කී දෙනෙක් එම සපථවීම අනුව කටයුතු කොට ඇද්දැයි විමසිය යුතු අවස්ථා පසුගිය කාලය තුළ කරළියට පැමිණියේය.


පසුගිය සතියේ දිනෙක කොළඹ මහාධිකරණයේදී ද එම ප‍්‍රශ්නය නැවත වරක් මතුවිය. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා යුද හමුදා මේජර්වරයෙකුට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අවස්ථාවේදීය.


එම නඩු විභාගයේදී හෙළි වූ කරුණු ගැන අවධානය යොමුකළ මට හැඟී ගියේ වසර 35ක් පුරා තිරිසන් ආකාරයෙන් මිනිසුන් තලා පෙළා දමමින් ගම් පිටින් කැතිගාමින්, පුච්චමින් මිනීමරු ප‍්‍රභාකරන් කළ අපරාධයට වඩා විශාල අපරාධයක් හමුදා ඇඳුමින් විරාජමානව සිටි යුද හමුදා මේජර්වරයා සිදු කළා නේද යන කුකුසය.


සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් ඇත යන කරුණ සත්‍යයක්ම බව පසක් වූයේ හමුදා නිල ඇඳුමට මුවාවී රටක් වනසන හෙරොයින් ආගාධයට අප රටේ තරුණ කොල්ලන් හා කෙල්ලන් ඇද දැමීමට උත්සාහ කරන ඒ හමුදා නිලධාරියාගේ නිරුවත ලොවට පෙන්වූයේ තවත් හමුදා නිලධාරියෙකුම නිසාය.


යුද්ධ කිරීමට අවශ්‍ය දස බල යෝධ ශක්තියෙන් පිරිපුන් තරුණ පරපුරක් වෙනුවට කැත කුණු පෙරාගෙන අගුපිල්වල ලැග කිරා වැටෙන තරුණ පරපුරක් නිර්මාණය කිරීමට කි‍්‍රයාකළ හමුදා ඇඳුමම ඇඳගත් මෙවන් අපරාධකරුවකු ඇත්තෙන්ම රාජද්‍රෝහියෙකි.


නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශනිල් කුලරත්න මහතා විත්තිකරු රාජද්‍රෝහියෙකු බව පවසමින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මමද එකඟ වන්නෙමි.


හෙරොයින් කිලෝ ග්?ම් හයකට ආසන්න ප‍්‍රමාණයක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ගාල්ල අම්පේගම ප‍්‍රදේශයේ පදිංචි යුද හමුදා 6 වැනි ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර්වරයෙකු වූ කාරියවසම් අම්පේගමගේ කමල් නිශාන්ත කාරියවසම් නමැත්තාට දඬුවම් නියම කිරීමට පෙර ඔහුට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් ශනිල් කුලරත්න මහතා ඔහු රාජද්‍රෝහියෙකු ලෙස හැඳින්විය.


යුද හමුදා හයවැනි ඉංජිනේරු බලකායට අනුයුක්තව රාජකාරි කළ කමල් ශාන්ත කාරියවසම් නමැත්තා ඉංජිනේරුවරයෙකි.


දකුණේ උපන් ඔහු ගාල්ලේ නම ගිය පාසලක අධ්‍යාපනය ලබා හමුදාවට බැඳුණේ ”උපන් බිමට ණයක් නැති මිනිහෙක් වෙයන් මගේ පුතේ” යනුවෙන් සිය දෙමාපියන්ගේ පැතුම සාක්ෂාත් කිරීමටය.


කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් ඔහු යුද හමුදාවේ මේජර් නිලය ඉසිලීය.


ඒ අතරතුර 2006 ජුනි මස 14 වැනිදා ඔහු මන්නාරම ප‍්‍රදේශයට ගියේ යුද හමුදා මේජර්වරයකුගේ නිල ඇඳුමින් සැරසීගෙනය. එම ප‍්‍රදේශයේ හමුදා කඳවුරක් බාර නිලධාරියකු හමුවූ ඔහු රාජකාරි කටයුත්තකට තලේමන්නාරමට යෑම සඳහා යතුරුපැදියක් ලබා දෙන්නැයි කළ ඉල්ලීම පිළිගනිමින් ඔහුට කෝප‍්‍රල් දිසානායක පැදිකරු ලෙස කටයුතු කළ යතුරුපැදිය ලබා දුන්නේය.


භට පිරිසක් නොමැතිව තනි තනියෙන් හමුදා භටයින් නොයන පේසාලේ ප‍්‍රදේශය දක්වා යතුරුපැදියෙන් යෑමට මේජර් කාරියවසම්ගේ අණදීම මත තමන්ට සිදුවූ බව කෝප‍්‍රල් දිසානායක උසාවියට දැනුම් දුන්නා. පේසාලේ හන්දියේදී පාපැදියකින් පැමිණි මාලූ වෙළෙන්දෙකු වැනි මිනිහෙකු හමුවූ මේජර්වරයාගේ නියෝග මත ඔහුගේ පාපැදිය පසුපස මීටර් 150ක් පමණ දුරින් පිහිටි නිවසකට යෑමට සිදුවූ බවත් කෝප‍්‍රල්වරයා උසාවිය හමුවේ පැවැසීය.


එම නිවෙස තුළට ගොස් පැය භාගයකට පමණ පසු ”කරවල වගයක් ගත්තා” යනුවෙන් පවසමින් බෑගයක් කරේ එල්ලාගෙන පැමිණි මේජර්වරයා       ”මැඩම් කෝල් කළා ඉක්මනට යමු” කියමින් යුද හමුදා යතුරුපැදියට නැගුණු අතර ඔහු පුදුම හදිස්සියක් පෙන්නූ බව සාක්කි මගින් හෙළිදරව් විය.


කොටි ප‍්‍රදේශයට නිරුපද්‍රිතව ගොස් කරවල බෑගයක් ගෙන එය කරේ එල්ලාගෙන යතුරු පැදියෙන් යළි මන්නාරම බලා එන අතරතුර හදිසියේ යතුරුපැදියේ එක් රෝදයක හුළං ගියේය. මේජර් කාරියවසම්ට හෝ කෝප‍්‍රල් දිසානායකට කළ හැකි කිසිවක් නොවිනි.


වින්කලයක් වෙත යතුරුපැදිය තල්ලූ කරගෙන ගොස් එයට පැච් එක දමන අතරතුර ලද අවස්ථාවකින් ප‍්‍රයෝජන ගත් කෝප‍්‍රල් දිසානායක, මේජර්වරයා කරේ දමාගෙන පැමිණි කරවල බෑගයට ඉව ඇල්ලීය. පුදුමයක මහත ඒ තුළ කරවල ගඳක් නොවීය. ඔහු තවත් පරීක්ෂා කර බැලීමේදී කරවල බෑගය ඉබි යතුරු දමා වසා දමා තිබිණි.


”මේක නම් වෙන්න බැහැ. කරවල බෑග් එකකට ඉබි යතුරු දාන්න විදියක් නැහැ. මේකේ මොකක් හරි හොරයක් තියෙනවා කෝප‍්‍රල් දිසානායකගේ හිත ඔහුට කතා කළේය.


කෝප‍්‍රල් දිසානායක තම පැදිය අලූත්වැඩියා කරවාගෙන ආපසු පැමිණෙන අතරතුර තලෙයි යුද හමුදා කඳවුරේ    ”රණවේ පොයින්ට්” එකෙන් මේජර් කාරියවසම් බැස්සවූ අතර 512 බල සේනා මූලස්ථානයට ගොස් ලූතිනන් කර්නල් විජේනායක මහතා හමුවී මේජර්වරයාගේ ගමන් බෑගය පිළිබඳව ඇති වූ සැකය හෙළි කළේය.


ඉන් අනතුරුව ඔහු යළි මේජර්වරයා සිටි තැනට පැමිණියත් ඔහු කුතුකාමම් කඳවුරට දර රැුගෙන යන ලොරියක නැගී එම කඳවුරට ගිය බව හෙළිවූ පසු කුතුකාමම් කඳවුරට ගොස් මේජර්වරයා පිළිබඳව විමසූවිට ඔහු නිල ඇඳුම ඉවත්කොට සිවිල් ඇඳුමින් සැරැුසී කොළඹ යෑමට බසයකට ගොඩවූ බව හෙළිවිය.


වැඩි වේලාවක් යෑමට පෙර මේජර්වරයා පිළිබඳව වූ සැකය මුරුක්කන් පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් සෙනෙවිරත්න මහතාටද දැන ගන්නට ලැබිණි. වහාම කි‍්‍රයාත්මක වූ ඔහු කොළඹ බලා යන බසය කුමක්දැයි විපරම් කළ අතර ”රත්න ටුවර්ස්” බසය සවස 3.00ට කොළඹට යන බව ඔහුට මතක් විය.


ඔරලෝසුව දෙස බැලූ උපුල් සෙනෙවිරත්න මහතා පොලිස් ස්ථානය ඉදිරිපිට නවතා තිබූ ජීප් රථය පණ ගන්වාගෙන පරයානකුලම් පොලිස් මුරපොළ දෙසට ධාවනය කරවීමට අණ දුන්නේය. වේගයෙන් ධාවනය කෙරෙන ජීප් රථය තුළ සිට ගමන් කථනය කි‍්‍රයාත්මක කළ උපුල් සෙනෙවිරත්න මහතා රත්න ටුවර්ස් බස් එක නවත්වා ගන්නා ලෙස මුරපොළේ සිටි නිලධාරීන්ට දැනුම් දුන්නේය.


වැඩි වේලාවක් යෑමට පෙර මන්නාරමෙන් කොළඹට යන රත්න ටුවර්ස් බස් එක පරයානකුලම් මාර්ග බාධකය වෙත පැමිණි අතර පොලිස් නිලධාරිහු බසය පරීක්ෂා කිරීම සඳහා මගීන්ට බසයෙන් බිමට බසින ලෙසද දැනුම් දුන්හ. නිලධාරීන්ගේ නියෝග පරිදි මගීහු බසයෙන් බිමට බසිමින් උන් අතරතුර ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් සෙනෙවිරත්න මහතාද කඩිමුඩියේ එම ස්ථානයට ළඟා විය.


මගීන් බසයෙන් බිමට බැස්සත් කිහිප දෙනෙක් බසය තුළම රැුඳී උන්හ. ඔවුන් වෙත පැමිණි පොලිස් නිලධාරීහු බසයෙන් බිමට නොබසින හේතු විමසන්නට වූ අතර එම නිලධාරියකු අමතමින් ”මං මේජර් කාරියවසම්” කියමින් හමුදා හැඳුනුම්පතක් ඉදිරිපත් කළේය. එය පරීක්ෂා කළ පොලිස් නිලධාරියා ඔහුගේ උකුල මත තිබූ බෑගයට අත දිගු කොට බෑග් එකේ මොනවාදැයි විමසීය. ”මේ මගේ යුනිෆෝම්” ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය.


බසයේ සිටි අනෙකුත් අයගෙන්ද ප‍්‍රශ්න කළ පොලිස් නිලධාරියා යළි මේජර් කාරියවසම් මහතා ළඟට පැමිණ ”සර් මට ඔයාගේ බෑග් එක බලන්න පුළුවන්දැයි විමසීය. ”මං මේජර් කෙනෙක්. මගේ බෑග් එක බලන්න දෙන්න බැහැ. ඔහු වඩාත් ආවේගශීලීව කියා සිටියේය.


ටික වේලාවකින් එතැනට පැමිණි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් සෙනෙවිරත්න මහතා මම මුරුක්කන්  ඕ.අයි.සී. මට ඔයාගේ බෑග් එක පරීක්ෂා කරන්න  ඕනේ. ඒ අවසරයෙන් ප‍්‍රයෝජන ගත් මේජර්වරයා හරි අපි පෝස්ට් එකට යමු. සෙනෙවිරත්න මහතාට කළ යෝජනාවට ඔහු එකඟ විය.


පොලිස් මුරපොළ තුළදී මේජර්වරයාගේ බෑග් එක පරීක්ෂා කිරීමට සූදානම් වුවත් එය ඉබි යතුරු දමා තිබීම නිසා පරීක්ෂා කිරීමට හැකියාවක් නොවිය. ඉන්පසු මේජර්වරයාගේ ශරීරය පරීක්ෂා කරන විට ඔහුගේ සාක්කුවක තිබූ යතුරක් හමුවිය. එම යතුරෙන් බෑගය විවෘත කොට බලනවිට බත් පැකට් ලෙස අසුරන ලද පාර්සල් 15ක් ඒ තුළ අසුරා තිබිණි.


මේ පාර්සල් මොනවාද කියා උපුල් සෙනෙවිරත්න මහතා විමසන තෙක් සිගරට් බොමින් නිදහසේ සිටින බව පෙන්වීමට උත්සාහ කරමින් සිටි මේජර් කාරියවසම්ගේ සියොළඟ දහඩියෙන් තෙත් විය. ඔහුට කතා කර ගත නොහැකි විය.


හමුදා විරුවන්ට මිනිසුන් දක්වන ගෞරවය කෙළෙසූ මේජර්වරයාගේ දෑතට මාංචු වැටුණේ කොළඹ බලා යන මගීන් බලා සිටියදීමය. කොළඹ ගමන වෙනස් කොට පොලිස් ජීප් රථයට නංවා ගනු ලැබූ හමුදා මේජර්වරයා මුරුක්කන් පොලිසිය වෙත රැුගෙන යනු ලැබිණි.


වසර 19 ක් පුරා හමුදා මේජර්වරයකු ලෙස සේවය කරමින් සිටි ඔහු ළඟ හෙරොයින් කිලෝ ග්රෑම් 15කට ආසන්න ප‍්‍රමාණයක් තිබිණි. 2006 වසර වනවිට ලංකාවෙන් සොයාගත් වැඩිම හෙරොයින් ප‍්‍රමාණය මෙය විය.


යුද්ධය උච්චතම අවස්ථාවේ සිටි කොටි ත‍්‍රස්තවාදීන්ට අවි ආයුධ ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා පේසාලේ මුහුදෙන් හෙරොයින් ලංකාවට ගෙන්වීමට කොටි ත‍්‍රස්තවාදීන් කටයුතු කළ බව බුද්ධි අංශ විසින් හෙළි කරගෙන තිබිණි. ලංකාවට කුඩු ගෙන්වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව පේසාලේ ප‍්‍රදේශය ආවරණය කරමින් රැුකවල් යොදා තිබුණත් ත‍්‍රස්තවාදීහු ඉන් රිංගා රට තුළට කුඩු ගෙන්වා ගත්හ.


ත‍්‍රස්තයන්ගේ පිහිටෙන් මුහුදෙන් රට තුළට ගන්නා කුඩු තොග කොළඹට ගෙන්වා ගැනීම සඳහා කොමිෂන් ලත් හමුදා නිලධාරියෙකු යොදා ගැනීමට කුඩු ඒජන්තවරු කටයුතු කළහ. ඒ ජනතා ගෞරවයට පාත‍්‍රවන හමුදා මේජර්වරයකු කෙරෙහි කිසිවෙකු සැක නොකරන බවට පූර්ව නිගමනයකට එළැඹෙමිනි.
ඒත් පූර්ව නිගමන වැරැුදිනි. බොරුවට ආයුෂ නැත. සත්‍යයම ජය ගනී යන්න තහවුරු කරමින් යුද හමුදා මේජර්වරයාට ජීවිතාන්තය දක්වා සිපිරි ගෙදරට නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා විසින් දඬුවම ප‍්‍රකාශයට පත් කළ අවස්ථාවේදී යළිත් පසක් විය.


පාසල් ගොස් විඩාපත්ව බසයේ තෙරපෙමින් ගෙදර යන දරුවකු පවා හිඳගෙන සිටින අසුනෙන් නැගිට හමුදා සෙබළෙකුට තම අසුන පිරිනැමිම භාග්‍යයක් ලෙස සැළකීමට තරම් ගෞරවාන්විත රැුකියාවක් මෙම හමුදා මේජර්වරයා කළත් ඔහු එම රැුකියාවේ තිබූ ගෞරවය, හමුදාව මෙන්ම තම රටත් පාවා දුන් අයෙකු බව නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශනිල් කුලරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.


තරුණ පරපුර බිලි ගැනීම සඳහා විත්තිකාර හමුදා මේජර්වරයා විසින් කොළඹට ගෙන ඒමට සූදානම්වූ එම කුඩු තොගය ඔහුගේ තරුණ දරුවන් තිදෙනාගෙන් අයෙකුවත් බිලි ගැනීමට තිබුණා නේද? යන්න කාකි ඇඳුමෙන් සැරැුසී සිටි මේ මහා අපරාධකරුට නොවැටහී තිබීම ඇත්තෙන්ම කරුමයකි.


උපන් රටට ණයක් නැති මිනිහෙක් වෙයන් මගේ පුතේ යනුවෙන් මේ මේජර්වරයාගේ දෙමාපියන් ප‍්‍රාර්ථනා කළේ කාකි ඇඳුමට මුවාවී කොළඹට කුඩු අදින නරුමයෙකු නොවන බව ඒ දෙමාපියන්ගේ හදවතට ළං වී ප‍්‍රශ්න කළහොත් හෙළි වෙනවා නොඅනුමානය.

m



අදහස් (0)

කොටින්ගේ හෙරොයින් ජාවාරමට හවුල්වූ හමුදා මේජර්

ධම්ම Sunday, 06 September 2015 04:07 AM

වැරදි වැඩ කර මුදල් උපයන නිලධාරීන් අපේ රටේ නැතුවා නොවේ. එහෙත් මෙවන් සාපරාධී ක්‍රියාවකට සම්බන්ධවීමට හිත දෙන්නේ කෙනෙකුගේ ජන්මයේ ඇති වැරද්දක් නිසා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3395 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 384 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site