IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කොටලීය වැනි අනතුරු යළිත් ඇතිවෙන්න දෙනු එපා

කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට පෙරළීමෙන් 11 දෙනකු මරුමුවට පත්ව 40 දෙනකු පමණ රෝහල් ගත කිරීමේ පුවත කන වැකීමෙන් මුළු රටම කම්පා වූයේය. සසල වූයේය.

ඉකුත් 9 වැනිදා රාත්‍රී 7.30ට පමණ මෙම අවාසනාවන්ත සිද්ධිය වූ අතර ඉන් දෙදිනකට පසුවත් මාධ්‍ය වාර්තා කර තිබුණේ අනතුරෙන් කොටලීය ඔයේ මළසිරුරු ගසාගෙන ගොස් ඇත්දැයි පරීක්ෂා කරන බවය. අනතුරේ බිහිසුණු බව එමගින් මනාව නිරූපිතය.

ඉපදෙන සැවොම මියයන බව සැබෑවකි. මරණය රැගෙන එන්නේ උපතත් සමගය. එහෙත් ‘‘කාල මරණං - අකාල මරණං’ යනුවෙන් මරණය කොටස් දෙකකට බෙදේ. නිසි ආයු කාලය විඳ මරණයට පත්වීම ‘කාල මරණ’ වන අතර එසේ නොවී මිය යාම අකාල මරණ වේ. කොටලීය ඔයට වැටී මියගිය ජනයා නිසි ආයු කාලය විඳීමෙන් තොරව වෙනත් අයකුගේ නොසැලකිලිමත් බව නිසා මරණයට පත් වූවෝ වෙති. මරණය ඒකාන්ත බව සැබෑ වුව ද මෙලෙස යකඩ තහඩු අතර සිරවී ගංගා ඇළදොළවලට වැටී මියයාම කිසිවෙක් අපේක්ෂා නොකරති.

කොටලීය අනතුරේ උණුසුම පහව යෑමටත් මත්තෙන් තවත් බස්රථයක් කන්ටේනරයක ගැටී තිබේ. අඹන්පොල දී සිදුවූ එම අනතුරෙන් මියගිය ගණන දෙදෙනෙකි. අනතුරෙන් තුවාල ලැබූ පිරිස අඹන්පොල, ගල්ගමුව හා කුරුණෑගල රෝහල්වලට ඇතුළු කරනු ලැබ සිටිති.

මහ මගට පිවිසීම දින නියමයක් නැති මරණ සහතිකයක් සාක්කුවට දමා ගැනීමක් බවට පත්ව තිබේ. පුත්තලම සිට නුවරඑළිය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස්රථයක් නුවරඑළිය ගම්පොළ මාර්ගයේ පොලේබොඩ ප්‍රදේශයේ දී පෙරළී යාමෙන් අට දෙනකු තුවාල ලබා ඇත. පැය 24ක් තුළ රිය අනතුරුවලින් 16 දෙනකු මියගොස් 98 දෙනකු තුවාල ලබා ඇතැයි මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

කොටලීය පාලමේ ගැටී ඔයට පෙරලුණ බස්රථයට එම මාර්ගයේ ධාවනය කිරීමට බලපත්‍රයක් නොමැති බව ද වාර්තාවේ. රටේ සෑම මාර්ගයකම ධාවනය කෙරෙන බස්රථ හදිසි පරීක්ෂාවකට ලක් කළ යුතුව තිබේ. බොහෝ බස්රථ ‘යන්තම් ගැට ගසාගෙන’ දුවන බස්රථ බව බැලූ බැල්මට පෙනෙන්නකි. විවිධ වැරැදි නිසා රියැදුරු බලපත්‍රය අත්හිටුවා ඇති පුද්ගලයන් ද රියැදුරු බලපත්‍ර නොගත් පුද්ගලයන් ද බස්රථ ධාවනය කරන බව අනතුරුවලින් පසුව කරන පරීක්ෂණවල දී අනාවරණය වූ අවස්ථා එමටය.

මෙම තත්ත්වය පාලනය කළ හැකි වන්නේ නිරන්තරයෙන් සිදු කරන පරීක්ෂා කිරීම්වලින්ය. එය බොහෝ දුෂ්කර කටයුත්තක් බවට විවාදයක් නැත. එහෙත් රටේ පොදු මහජනයාගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් කෙතරම් දුෂ්කර වුවද එය ක්‍රියාත්මක කළ යුතුය.

ටයිටන් සබ්මැරිනය මුහුදු පතුළේ පුපුරා යාමෙන් සිව් දෙනකු මියයාමේ ප්‍රවෘත්තිය තවමත් සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවකි. පුද්ගලයන් සිව්දෙනකු එසේ අකාලයේ මියයාමේ සිද්ධිය මිනිස් හදවත් සසල කිරීමට හේතු විය. එම සසලවීමත්, කම්පාව මහ මග මැරෙන සදාකාලික ආබාධිත භාවයට පත්වන මිනිසුන් සම්බන්ධයෙන් ද නිර්මාණය කරන්නේ නම් රිය අනතුරු අවම කර ගැනීමට එය හේතුවක් වනු ඇත. එහෙත් එය එසේ නොවන බව පෙනේ. නොඑසේ නම් මෙතරම් අනතුරු සිදුවීමට ඉඩ නැත. 

අබලන් මාර්ග, පාලම් පිළිසකර කිරීමට ශතයක්වත් නැතැයි ප්‍රකාශ කළේ ජනමාධ්‍ය හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය. මෙය වූ කලී ඇඟ හිරිවැට්ටවීමට හේතු වන ප්‍රකාශයකි. එහෙත් තිත්ත ඇත්ත එය ය. රිය අනතුරුවලට රියැදුරන්ගේ නොසැලකිල්ල වාහනවල අබලන් බව මෙන්ම මහා මාර්ගවල නුසුදුසු තත්ත්වය ද හේතු වේ.

රටේ මහා මාර්ග අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි අබලන් මාර්ග, පාලම් පිළිසකර කිරීමට ශතයක් හෝ නොමැති නම් රටේ ඇති පාරවල්වල ගමන් කළ හැකි වනු ඇත්තේ තව දෙතුන් වසරකි. මෙබඳු රටක ඉපදීමට සිදුවීම සම්බන්ධයෙන් රටේ පොදු ජනයා කෙසේ කල්ගත කරන්නේදැයි සිතා ගැනීම ද මෙවන් අවස්ථාවල දී අසීරු නැත. 

(***)



අදහස් (0)

කොටලීය වැනි අනතුරු යළිත් ඇතිවෙන්න දෙනු එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 405 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 53 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 130 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 308 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 235 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 943 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 297 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site