IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කුඩා තේ වතු හිමියන් වැට් ගැටලු‍වෙන් මුදවමු

වැට් බදු අලු‍තෙන් පැනවීම නිසා කුඩා තේ වතු හිමියන් ඇතුළු තේ කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන්ට බරපතළ අසීරුතාවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් මතු කර තිබිණි. එයට පිළිතුරු දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ කුඩා තේවතු හිමියන්ගේ දලු‍ බිලෙන් වැට් බදු අය කිරීමක් සිදු නොකරන බවට මහ බැංකු අධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බවය. අදාළ ගැටලු‍ව සම්බන්ධයෙන් තමා මහ බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ දී ඔහු එම පොරොන්දුව ලබා දුන් බව ද කතානායකවරයාගේ පිළිතුරේ සඳහන් විය.

මහ බැංකු අධිපතිවරයකු ලබාදෙන පොරොන්දුවක් දේශපාලකයකු ලබාදෙන පොරොන්දුවක් මෙන් නොවේ. එයට ඉහළ වටිනාකමක් තිබේ. දේශපාලකයකු ලබාදෙන පොරොන්දුවක ආයුෂ කෙටිය. විශ්වාසනීයත්වයෙන් ද තොරය. එහෙත් රටේ ඉහළම නිලධාරියකු වන මහ බැංකු අධිපතිවරයා රටේ තුන්වැනි පුරවැසියා වන කතානායකවරයාට ලබා දී ඇති පොරොන්දුවක වටිනාකම ඉතා ඉහළ බව අපගේ විශ්වාසයයි. මේ නිසා කුඩා තේ වතු හිමියන්ට වැට් බද්දෙන් පහර වදින ආකාරයේ පියවරක් නොගනු ඇතැයි අපි සිතමු.

කෙසේ වුව ද එය නිසැකවම දැන ගැනීමට ජනවාරියේ දලු‍ බිල පරීක්ෂා කිරීමට සිදු වෙයි. වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා පෙන්වා දී තිබුණේ වැට් අය කරන්නේ වෙන්දේසිකරුවාගෙන් ද තේ කම්හල් හිමියාගෙන් ද එසේ නැත්නම් අමු දලු‍ සපයන්නන්ගෙන් ද යන ප්‍රශ්නය තිබෙන බවය. දලු‍ සපයන්නන්ගෙන් වැට් බදු අය කළහොත් ඔවුන් දැඩි අසීරුතාවලට මුහුණ දෙනු ඇති බව ද ඔහු පෙන්වා දී තිබිණි.

මහ බැංකු අධිපතිවරයා කතානායකවරයාට දුන් පොරොන්දුව තුළ තේ කර්මාන්තයෙන් වැට් බදු අය නොකරන බවට සහතිකයක් නැත. ඔහු කියා තිබුණේ කුඩා තේ වතු හිමියන්ගේ දලු‍ බිලෙන් වැට් අය නොකරන බව පමණි. මේ නිසා තේ දලු‍වලට වැට් නොවදින බවට සිදු කරන ප්‍රකාශවලින් පමණක් කුඩා තේ වතු හිමියන්ට සෑහීමකට පත් විය නොහැක. කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා අපගේ සහෝදර පුවත්පතක් වන දේශයට ප්‍රකාශ කර තිබුණේ අධික පොහොර මිල ඇතුළු විවිධ ගැටලු‍ හේතුවෙන් අක්කරයකින් ලබාගත හැකි අමු තේ දලු‍ අස්වැන්න ප්‍රමාණයෙන් අඩු වී තිබෙන අවස්ථාවක ආණ්ඩුව තේ දලු‍වලටත් වැට් බද්ද එකතු කළහොත් තේ කර්මාන්තය තවදුරටත් අර්බුදයකට ලක්වනු ඇති බවයි. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් ද මේ කරුණ පිළිබඳව සොයා බැලිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා අපගේ ලංකාදීප යට ප්‍රකාශ කර තිබුණේ තේ වගාව සඳහා යොදන පොහොර වර්ග සියල්ලේම මිල රුපියල් 2000 කින් අඩු කිරීමට තීරණය කළ බවය. එය දැනට වෙළෙඳපොළේ පවතින පොහොර මිලට වඩා සියයට 50 කින් අඩු කිරීමක් බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. මෙම පියවර කුඩා හා මධ්‍යම පරිමාණ තේ වගාවට ලබාදීමට නියමිතය. එය කුඩා තේ වතු හිමියන් මුහුණ දෙන එක ගැටලු‍වකට විසඳුමකි. ඒ සමඟ වැට් ගැටලු‍වෙන් ද සහනයක් අත්කර දිය හැකි නම් එය තේ කර්මාන්තයට ලොකු උත්තේජනයක් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.1 ක් බව තේ මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙයි. එයින් සියයට 70 ක් කුඩා තේ වතු හිමියන් විසින් සම්පාදනය කරනු ලැබේ. සංඛ්‍යාත්මකව කුඩා තේ වතු හිමියන් 475,000 ක් පමණ සිටින බව ද සඳහන්ය.

මේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ කුඩා තේ වතු හිමියන්ගේ ආදායමට වැට් බද්ද හරස්වීම ආර්ථික වශයෙන් බරපතළ ගැටලු‍ ඇති කිරීමක් වනු ඇති බවය. තේ අපනයනකරුවන්ගේ සංගමය ද ප්‍රකාශ කර තිබුණේ මින් පෙර බදු පැනවීමක් නොතිබූ තේ කර්මාන්තයට දැන් වැට් බදු පනවා තිබෙන බවත් තමන්ට මේ බදු ගෙවීමට සිදුවුවහොත් ගැටලු‍ මතුවන බවත්ය. එසේ ගැටලු‍ මතුවීමට පෙර එයට විසඳුම් ලබාදීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේත් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේත් වගකීමකි.

 

(***)



අදහස් (0)

කුඩා තේ වතු හිමියන් වැට් ගැටලු‍වෙන් මුදවමු

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 148 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 30 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 57 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 129 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 220 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 845 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site