නරකම - දුක්බර හා කෝප ගැන්වෙන සුළු ප්‍රවෘත්ති අසන්නට දකින්නට ඇති රටක පුරවැසියකු සතුටට පත්විය හැකි මාදිළියේ ප්‍රවෘත්තියක් ඉකුත්දා වාර්තා විය. ඒ අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත්කර තිබූ බස්රථ 200ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කිරීමය. වාහන නියාමන බස්රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන ඇමත්‍ිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය හරහා අලුත්වැඩියා කළ බස්රථ 200 ජනගත කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බව අප පුවත්පත වාර්තා කළේය.
මෙම බස්රථ 200ම ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්කර තිබු ඒවා වේ. එම බස්රථ එපමණටම අබලන්ව තිබී ඇත. රාජ්‍ය දේපොළ තමන්ට හිමි නැති හෙයින් ඒවා ආරක්ෂා කිරීමට පෙළෙඹෙන්නන් ද හිඟය. බස්රථ ඩිපෝවල දිරා පත්වී යන්නේ ද එහෙයිනි. අමාත්‍යාංශ ඇතුළු බොහෝ රාජ්‍ය ආයතනවල අංගනවල දිරාගිය වාහන ඕන තරම් සොයාගත හැකිය. ඇතැම්විට සුළු අනතුරක් නිසා එසේ ගාල් කර තිබේ. අමාත්‍යාංශ චක්‍ර ලේඛවලට අනුව ඒවා එක්වරම අලුත්වැඩියා කළ නොහැකිය. රාජ්‍ය සේවයේ ඇති අකාර්යක්ෂමතාව නිසා ඒ සම්බන්ධ ඉදිරි පියවර සිදු වන්නේ ඉතා මන්දගාමීවය. ටික දිනක් ගතවනවිට නිලධාරීන්ගේ ‘‘ඔළුවෙන්’’ මේ වාහන හැලි යයි. රාජ්‍ය දේපොළවලට අත්වන ඉරණම එයය.
‘‘වළක වැටීම මොළයට ලාබයක්’’ බවට කියන්නකි. රටතුළ ඩොලර් අර්බුදයක් ඇතිවිය හැකි බවට ඉඟි පළවීමත් සමඟ වාහන ආනයනය සීමා කෙරිණි. ඒ අනුව බස්රථ ආනයනය ද නතර විය.
මහජනයාගේ ප්‍රවාහනයට එයින් ඇතිවන බලපෑම සම්බන්ධයෙන් නිලධාරීන්ගේ අවධානය යොමුවන්නේ මෙම පරිසරය තුළය. අබලන් බස්රථ අළුගසා නැගී සිටින්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
අප පුවත්පත වාර්තා කළ පරිදි 2020 වසරේ දී බස්රථ 273ක් අලුත්වැඩියා කර ධාවනයට එක්කර තිබේ. දෙවැනි අදියර යටතේ බස්රථ 200 ධාවනයට එක්කර තිබේ. සියල්ලන්ගේම තියුණු අවධානය මෙම පුවත සම්බන්ධයෙන් යොමු වන්නේ නම් වැදගත්ය. මන්දයත් මෙම පුවතෙන් අවසානයේ දී කියැවෙන්නේ ‘‘මේ රට හැදිය හැකි’’ බවය.
රටවල් දියුණු වී තිබෙන්නේ පාලකයන් හා නිලධාරීන් නිසාම පමණක් නොවේ. පාලකයන් නිලධාරීන් හා පොදු මහජනයා සුසංයෝගයෙනි. රට ගොඩ නගන මග නිවැරැදිව පෙන්වාදීම පාලකයන්ගේ වගකීමය. නිසි කලට ඒවා ක්‍රියාත්මක කිරීම නිලධාරීන්ට පැවරුණ කාර්යයකි. අවශ්‍ය සහයෝගය දීම ජනතාව සතු වගකීමකි.
අප රට දීර්ඝ කාලයක් පුරා යටත් විජිතයක්ව පැවැති රටකි. පරපුටු මානසිකත්වය එහි තර්කානුකූල ප්‍රතිඵලයකි. සංවර්ධන සන්නිවේදනයේ දී අවධාරණය වන්නේ පුරපුටු මානසිකත්වය සංවර්ධන සංග්‍රාමයට මාරාන්තික ලෙස බාධා කරන බවය. එහෙයින් මෙම මානසිකත්වය තුරන් කර ගත යුතුය. ඒ සඳහා ආකල්පමය වෙනසක් ඇති කර ගත යුතුය. ‘‘රට මගේ’’ යන හැඟීමෙන් කටයුතු කරන්නේ නම් සියලු පුරවැසියන් එකාවන්ව එකට එකතු වන්නේ නම් රට ගොඩනැගීම අසීරු දුෂ්කර කාර්යයක් නොවේ.
අබලන් බස්රථ අලුත්වැඩියා කර යළි ධාවනයට එක්කිරීමේ මෙහෙයුම වඩාත් වැදගත් වන්නේ ‘‘මේ දිරා පත්වන්නේ මහජනයාගේ මුදල්ය යන හැඟීම ඇතිවීම නිසාය. මහජන මුදල් එසේ කාබාසිනියා නොවිය යුතුය, යන හැඟීමෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලය රටට ජනතාවට වඩාත් වැදගත් වන්නේ එහෙයිනි. ජනතාව තුළ නිලධාරීන් තුළ සේවකයන් තුළ ඒ හැඟීම බලවත්ව මතුවන්නේ නම් ඒවා නොදැක්කා සේ යාමට පාලක පංතියට ද නොහැකිය. රටවල් හැදෙන්නේ එහෙමය. එබඳු බලගතු බලපෑම් එල්ල විය යුතුය.
බස්රථ 200ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කිරීමේ පුවත ඕනෑම පුරවැසියකු තුළ අමන්දානන්දයක් ඇති කරනු නිසැකය. හේබාව ගිය මනසක් වෙනුවට රට ගැන ආඩම්බරයක් ඇතිවන ප්‍රීති ජනක මනසක් මෙබඳු පුවත් මගින් ඇතිවේ. යන්න හිතෙන නොව ඉන්න හිතෙන රටක් ලෙස මේ රට තමන්ගේ හදවතට දැනෙන්නේ පෙර කී ප්‍රීතියත් සමගය.
(***)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුණු ගොඩට දැමූ බස්රථ යළි හදා පාරට දැමීම අගයමු