IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කතරගම ඇසළ පෙරහර

ඇසළ මාසය දෙවියන්ට අයත් මාසයක් යයි බෞද්ධයන් පමණක් නොව බොහෝ හින්දුන් අතර ද විශ්වාසයක් පවතී. ඇසළ පුන් පෝදා බුදුන්වහන්සේ පස්වග මහණුන් ඇතුළු දෙවියන්ට පළමුවැනි ධර්මදේශනාව පැවැත්වීම නිසා මේ මාසය බෞද්ධයන්ට ඉතා වැදගත් වූවකි. දෙවියන්ට කෙරෙන පූජෝපහාර ලෙස සෑම ඇසළ පෙරහරක්ම, මේ මාසයේ පැවැත්වීම නිසා හින්දුන් ද මේ විශ්වාසයේ එල්බ සිටී. මේ අනුව ඇසළ මාසය (ජූලි මාසය) දෙවියන්ගේ පූජෝපහාරය සඳහා වෙන් වූ මාසයක් ලෙස ද දේවභක්තිකයෝ සිහිපත් කරති. අලූත් නුවර දේවාලයෙන් ඇරඹෙන මංගල්‍ය කාලය කතරගම, මහනුවර, දෙවිනුවර ආදී වශයෙන් ඒ ඒ ස්ථානවල නැකත් යෙදෙන ආකාරයට කප් සිටුවා ඇසළ උත්සවය පවත්වයි. කතරගම මහා දේවාලයේ පෙරහර අතර බක් මහ පෙරහර, ඇසළ පෙරහර, ඉල් මහ පෙරහර යනුවෙන් ප‍්‍රධාන පෙරහර 03ක් ඇත. බක් මහ පෙරහර අපේ‍්‍රල් මාසයේ අවුරුදු දිනයේදී දේවාලය ඉදිරිපිට කිරි උතුරවා දේවාලය වසා පසුව එදිනම රාත‍්‍රී කතරගම දේවාලයෙන් පිටවන පෙරහර පිටවීදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලයට පිවිස එදින විශේෂ පුද පූජාවන්ට සම්බන්ධ වී නැවතත් මහවිදිය ඔස්සේ කතරගම මහා දේවාලයට පිවිසීමෙන් නිමාවට පත්වේ. මෙය එක්දින පෙරහරකි. මෙම පෙරහරේ අරමුණ වන්නේ වර්ෂයේ මුල්ම පෙරහර ලෙස චාරිත‍්‍ර ඉෂ්ඨ කර දෙවියන් සතුටු කිරීමයි. ඉන්පසුව පැමිණෙන්නේ ඇසළ මහා පෙරහර වෙනුවෙන් කරනු ලබන කප් සිටුවීමේ පෙරහරයි. කතරගම පුදබිමේ පැවැත්වෙන වාර්ෂික ආගමික උත්සව, පුද පෙරහර අතර ප‍්‍රමුඛත්වය හිමිවන්නේ ඇසළ උත්සවයටයි. දින 15 කට ආසන්නව පැවැත්වෙන මේ උත්සවය පළමු අංගය වන්නේ කප් සිටුවීමයි. ඉන්පසු ඇසළ උත්සවය ආරම්භ වී පෙරහර 15 ක් පැවැත්වීම, ගිනි පෑගීම, දිය කැපීම ආදී දේව පූජා විධි පිළිබඳ සියලූ කාර්යයන් බුදු දහමට ප‍්‍රමුඛත්වය දෙමින් සිදුකිරීම පවත්වාගෙන එන සම්ප‍්‍රදායකි. දුරාතීතයේ සිට පැවැත ආ මෙම ඇසළ උත්සවය වර්තමානයේදී ද පුරා පහළොස් දිනක් අති උත්සවශ්‍රීයෙන් සමරයි. වල්ලි අම්මා හා කතරගම දෙවියන් විවාහ වීමේ ප‍්‍රීතිය නිමිත්තෙන් මෙම උත්සවය සමරනු ලබන බවට මුඛ පරම්පරාගත පිළිගැනීමකයි. ඇසළ උත්සවයේ සමාරම්භය සනිටුහන් වන්නේ කප් සිටුවීමේ චාරිත‍්‍රයෙනි. කප් සිටුවීමෙන් පසුව පෙරහර ආරම්භ වීමට පෙර දින චාරිත‍්‍රානුකූලව සර්ව රාත‍්‍රික පිරිත් දේශනයක් පූජා භූමිය තුළ පිහිටි සංඝාවාස භූමියේ පිරිත් මණ්ඩපයේ පැවැත්වෙයි. එයද චිරාගත සම්ප‍්‍රදායකි. බස්නායක නිළමේ තුමාගේ ප‍්‍රධානත්වයෙන් එම පිරිත් දේශනය පත්වා පසුදින ආරම්භ වන පෙරහර මංගල්‍යයට ආශිර්වාද ලබා ගනී. පෙරහර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දේවාශීර්වාදය ලබා ගැනීමත් සියලූ රට වැසියන් සඳහා ආශීර්වාදය ලබා ගැනීමත් මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ. කතරගම පුදබිම තුළ දුටුගැමුණු රජසමයේ පටන් ආරම්භ වූ පුද පූජා සහ පුද සිරිත් වලට අනුව අඛණ්ඩව සම්ප‍්‍රදායිකව හා චාරිත‍්‍රානුකූලව පවත්වනු ලබන වාර්ෂික ඇසළ මහා මංගල්‍යය මෙවරද 2012 ජූලි මස 19 දින රාත‍්‍රී සුබ  මුහුර්තියෙන් ආරම්භ කර අගෝස්තු මස 02 දින ඓතිහාසික මැණික් නදියේ ජීවමාලී ගංතොටේදී දිය කැපීමේ මංගල්‍යයෙන් පසුව සමාප්ත වීමට නියමිතය. එළාර රජු සමඟ සටන්කොට ඔහු පරදවා එදා රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා යුද්ධයට යාමට පෙර කතරගම දෙවිඳුන්ට වූ බාරය ඔප්පු කිරීම සඳහා කතරගම දේවාලය ඉදිකරවා පූජාකොට උත්සව පවත්වා දේවාලයේ කටයුතු වෙනුවෙන් සන්නස් සකස්කොට ඒ අනුව කටයුතු කරන ලෙස එදා නියෝග කර තිබුණි. එම සන්නසේ සඳහන් නියමයන්ට අනුව ප‍්‍රථම බස්නායක නිලමේ වන එතුමාගේ බෑනා ප‍්‍රථමයෙන් දෙවියන් උදෙසා දේව පෙරහර අංග ඇතුළත් කරමින් කොහොඹ කළ පෙරහර මංගල්‍යයක් සිදුකර ඇති බව කතරගම පිළිබඳ ඉතිහාසගත කරුණු හෙළිකරයි. අද එය කාලානුරූපව වෙනස්වී වර්තමානයට උචිත ආකාරයට දිනෙන් දින වෙනස් වෙමින්, මහා දේව මංගල්‍යයක් ලෙස පැවැත්වේ. සෑම දිනම පෙරහර ආරම්භ කිරීමට ප‍්‍රථම කතරගම මහ දේවාලයේ පිරිත් නිළය භාර කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝ රත්නය විසින් පිරිත් දේශනා කර පිරිත් පැන් ලබා දෙන අතර උන් වහන්සේලා ආපසු වැඩම කළ පසු රන්කොත් මාළිගයේ සිට කරඬුව පිටතට වැඩමවනු ලබයි. පෙරහර ආරම්භයේදී දිනපතාම දේවාලයෙන් පිටත්වන්නේ කිරිවෙහෙර විහාරාධිපති අලූත්වැවේ සෝරත නාහිමිපාණන් ප‍්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනයෙන් ආශිර්වාද ලබාගැනීමෙන් පසුවයි. පුරාණයේ තල්පතක ලියා භීක්ෂූන් වහන්සේලාට පිරිතට ආරාධනාව කරනු ලැබිණි. අද තල්පත් භාවිතය නොමැති බැවින් කඩදාසියක මෙම ආරාධනා පත‍්‍රය සකස් කර පිළිගන්වනු ලබයි. එම ආරාධනාව අනුව නියමිත වේලාවට භික්ෂූන් වහන්සේලා මහ දේවාලයේ සඳුන් මණ්ඩපය නමින් හැඳින්වෙන ඇතුළු ගර්භයේ සිට ආගමික චාරිත‍්‍ර ඉටුකරති. ඒ අනුව පළමු පෙරහර ගමන් කරන්නේ මහවීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් එම මාවත ඔස්සේම මහා දේවාලයට පිවිසීමෙනි. මෙය නම් කර ඇත්තේ ”මංගල පෙරහර” වශයෙනි මින්පසු ගමන් කරන සියලූම පෙරහර පිටවීදිය ඔස්සේ  ගමන් කර වල්ලි අම්මා දේවාලයට පිවිස මහවීදිය ඔස්සේ මහ දේවාලයට ගෙවදෙයි. පෙරහර පහක් ගමන් කිරීමෙන් පසු පෞරාණික චාරිත‍්‍ර ඉටු කිරීමක් සිදුවේ. එනම් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ නිල නිවසෙහි ඇති ගොම මැටි ගා ඇති වරිච්චි බිත්තීන් සහිත සුවිශේෂී කාමරය තුළය. දුටුගැමුණු රජතුමාගේ සන්නසේ සඳහන් පරිදි සම්ප‍්‍රදායානුකූලව පැවැත්වෙන මෙම පෙරහර මංගල්‍යයේ පළමුවැනි පෙරහර පහ මඟුල් පෙරහර වශයෙන් හඳුන්වනු ලැබේ. හයවැනි පෙරහරට මුල් බස්නායක නිලමේ තුමන්ලා විසින් කරනු ලබන රාජකාරි සමූහයක් නියමය පරිදි කළ යුතුව ඇත. හයවැනි පෙරහර දින සධාතුක කරඬුව සහිතව මහා සංඝරත්නය සඳහා දානයක් පිරිනමා සෙත් පිරිත් දේශනා කරවා ගනී. මෙම පින්කමේ මූලික දායකත්වය බස්නායක නිලමේතුමා විසින් දරනු ලැබේ. දානය දිනම මහා දේවාලය ඉදිරිපිට අතුපන්දලම නමැති කොටසට අලූතින් අතු දමා වසරකට වරක් කරන චාරිත‍්‍රමය කටයුත්තද සිදුවේ. මෙය ඉතා වැදගත් අංගයකි. මෙදින සිදුවන වැදගත්ම සිද්ධිය වන්නේ දේවාලයේ බස්නායක නිලමේතුමා සිය නිල ඇඳුම ඇද පෙරහරේ ගමන් කිරීමයි එම දිනය මෙවර එළඹෙන්නේ 2012 ජූලි 25 දිනයේදීය. මෙදිනම කඩොල් ඇතාගේ දළ යුගලය රන්කොත් මාළිගයෙන් පිටතට ගෙන ප‍්‍රදර්ශනය කෙරේ. කඩොල් ඇතා යනු දුටු ගැමුණු රජතුමාට යුද්ධය ජයග‍්‍රහණය කිරීම සඳහා සහය දුන් හස්ති රාජයා වේ. මෙම දළ යුගලය බුත්තල පාරේ ගෝනගං ආර ප‍්‍රදේශයේ ”ඇත් දළ තැබූ ගල” යන ස්ථානයේ සඟවා තිබී ඇති අතර කඩොල් ඇතා ඇත් දළ යුගලය ගලක ඇණ සඟවා තබා ඇති බවද ජනප‍්‍රවාදයේ සඳහන් වේ. එවකට දේවාලයේ තේවාව බාර ප‍්‍රධාන කපු මහතාට මෙම දළ යුගලය රැුගෙනවිත් දේවාලයේ තැන්පත් කරන ලෙස සිහිනෙන් දන්වා ඇති බව ඉතිහාසය සාක්‍ෂි දරයි. මෙම පෙරහරේ තවත් වැදගත් අංගයක් වන්නේ පෙරහර 12 ක් ගමන් කිරීමෙන් පසුවයි. දොළොස්වැනි පෙරහර දේවාලයට ගෙවදීමෙන් පසු මහා දේවාලය ඉදිරිපිට රාත‍්‍රී විශාල ගිනි මැලයක් දල්වා අඟුරු බවට පත්වීමෙන් පසු බැතිමතුන් මැලය මැදින් තරණය කරන ගිනි පෑගීමේ චාරිත‍්‍රය ඉටු කරනු ලැබේ. මෙවර එම චාරිත‍්‍රය 2012 ජූලි 29 දින රාත‍්‍රී ගිනි මැලය දල්වා ඒ වටා චාරිත‍්‍ර පවත්වා  (30 දිනට අලූයම වන්නට* ගිනි පෑගීමට නියමිතය. මෙය ත‍්‍රාසය, භීතිය උපදවන සුළුය. 2012 අගෝස්තු මස 01 වන පසළොස්වක පෝ දින පැවැත්වෙන අවසාන මහා පෙරහර කිරිවෙහෙර මාවත ඔස්සේ ගමන් කර සුපුරුදු ගමන් මෙඟහි පෙරහර ගමන් කරයි. 2012 අගෝස්තු 02 දින දිය කැපීමේ පෙරහර උදෑසන කාලයේ දේවාලයෙන් පිටත්ව වල්ලි අම්මා තොටුපළින් ගඟට බැස දිය කපන තොටුපළ දක්වා ගමන් කර දිය කැපීමේ චාරිත‍්‍රය ඉටුකරයි.දිය කැපූ කපු මහතා වල්ලි අම්මා දේවාලය තුළ සිට සවස් වරුවේ චාම් පෙරහරකින් මහා දේවාලය කරා රැගෙන එයි. රාත‍්‍රී සිදුවන වස් ඇරීමේ කටයුත්ත අවසන් කිරීමෙන් පසු පෙරහරේ සියලූ කටයුතු නිමාවට පත්වේ. පෙරහර අවසන්ව සතියක් ගත වෙත්ම කතරගම අභිනවාරාම විහාරස්ථානය මඟින් දෙවියන්ට පින්දීම සඳහා කරනු ලබන මහා ගම් පිරිත ආරම්භවේ. එම ගම් පිරිතක් සමග කතරගම ඇසළ උත්සවයේ සියලූ චාරිත‍්‍ර නිමාවට පත්වන බැවින් මෙය ඇසළ පෙරහර මංගල්‍යයයේ අවසන් අංගය යැයි පැවසීම වරදක් නොවේ.

ටී.බී.එම්. අතපත්තු - ප‍්‍රාදේශීය ලේකම්, කතරගම



අදහස් (25)

කතරගම ඇසළ පෙරහර

ලියනගේ Monday, 23 July 2012 11:36 AM

කතරගම දෙවිදුනි ! අපේ ලංකාව රැකදෙනු මැනවි.....(ස.වි)

:       27       136

ප්‍රියන්ත විජේසිංහ Saturday, 28 July 2012 08:27 PM

කතරගම දෙවියනි ඔබට බුදුබව ලැබේවා.. සැමදාම උදේ සවස මම ඔබවහන්සේට පිං අනුමෝදං කරමි.. ඒ පිං බලෙන් මගේ පැතුම් ඉටුවේවා!(නු)

:       26       58

සන්ජීව Tuesday, 24 July 2012 12:03 AM

මුළු රටටම කඳ සුරිදු පිහිටයි.....(ස)

:       31       61

සංජීව Tuesday, 24 July 2012 12:03 AM

මුලු රටටම කතරගම දෙවිදුගේ පිහිට ලැ‍බේවා! (නි)

:       30       49

රාජකරුණා Monday, 30 July 2012 11:22 AM

කතරගමට, මහ කැබිලිත්තට, සෙල්ල කතරගමට අධිපති, අධීගෘහිත වු කතරගම දෙවියනි... මගේ සියළු පැතුම් ඉෂ්ඨ සිද්ධ වේවා! සතුට සෞභාග්‍යය වාසනාව නිරෝගිකම ඇතිවේවා! ඔබගේ ආශීර්වාදය මා ඇතුළු සැමට ලැබේවා! (නි)

:       18       43

ජයන්ත කුමාර කතරගම Monday, 23 July 2012 12:25 PM

කතරගම පුදබිම අපවිත්‍ර නොකර ශාරීරික හා මානසි පවිත්‍රතාවයෙන් වන්දනා කිරීමෙන් ඔබේ සිතුමි පැතුමි ඉටුකර ගත හැක (දී)

:       12       30

අජිත් Tuesday, 24 July 2012 12:50 AM

අනේ, කතරගම දෙවිය‍නේ, අපිව ආරක්ෂා කර දෙන්න. (නි)

:       13       27

වසන්ත Tuesday, 24 July 2012 02:19 AM

සිතේ විශ්වාසය තමයි හැම දේකටම. කතරගම දෙවියනි, ඔබ ජීවමානයි! (ත)

:       30       106

rajh Sunday, 22 July 2012 07:08 PM

කතරගම කඳ සුරිදුනි මාගේ මවුබිම ආරක්ෂා කරගනුසේක්වා ! (අ)

:       7       21

dinush Sunday, 22 July 2012 08:09 PM

කතරගම දෙවියනි ඔබ වහන්සේට බුදුබව ලැබේවා. !(අ)

:       6       14

මනම්පේරි Wednesday, 25 July 2012 10:34 PM

කඳ සුරිඳුනි ඔබගේ දේව ආශිර්වාද බලයෙන් මගේ රට වැසියන්ට සුභ කාලක් උදාවේවා !!! .(ස)

:       19       34

ආචාර්ය වසන්ත ලියනගේ Monday, 23 July 2012 06:52 PM

කතරගම ඇසළ මංගල්‍යයේ වසර ගණනාවක අත්දැකීම් අනුව එහි ගිනි පෑගීමේ අවස්ථාවේ ඇති චමත්කාරය පිළිබඳව අදහස් දැක්වීමට කැමැත්තෙමි. පැය කිහිපයක් පුරා දැල්වෙන මහා ගිනිමැලය නිවී දිළිහෙන ගිනි අඟුරු බවට පත්වූ කළ කිසියම් අවස්ථාවකදී කතරගම දෙවියන් පැමිණ ගිනි තරණය සිදුකරන බවත්, ඉන් පසුව දේවාලයේ කපුමහතුන් ගිනි පෑගීම කරන බවටත් මතයක් පවතී. මේ පිළිබඳව අපවත් වී වදාල අග්‍රමහා පණ්ඩිත ආනන්ද මෛත්‍රීය ස්වාමීන් වහන්සේ ද අදහස් දක්වා ඇත. දින ගණනාවක් පුරා පේවී පෙරහැර සමග ගමන් ගන්නා බැතිමතුන් මෙම අවස්ථාවට සහභාගී වන අතර, දිළිහෙන ගිනි අඟුරු මතින් නොසැළී ගමන් ගන්නා බැතිමතුන්ද, දුවමින් ගින්න තරණය කරන බැතිමතුන්ද, කිසියම් හෝ වරදකින් යටි පතුල් පුළුස්සා ගන්නා අයද අනන්තවත් දැක ඇත්තෙමි. වසර ගණනාවකට පෙරදී පේවූ බැතිමතුන් ගිනිපෑගීම අවසන් කළ පසු නරඹමින් සිටි ඇතැම් බැතිමතුන්ද ගිනිපෑගීමට සහභාගී වූ අයුරු මා දැක ඇතත් වර්තමානයේ එවැනි අවසරයක් නොලැබේ. ගිනි පෑගීම අවස්ථාවේ පවතින උද්යෝගය හා උත්කර්ශය අනුව මටද ගිනි පෑගීමට සහභාගී වීමට සිත් දුන් අවස්ථා ඇතද මා කිසිදා ගිනිපෑගීම කර නැත. එසේ වුවද, මා මෙම චාරිත්‍රයේ ඇති සංස්කෘතිකමය වටිනාකම අගය කරන අතර කතරගම දෙවිඳුන් කෙරෙහි ඇති භක්තියද එලෙසම පවත්වා ගනිමි. (නි)

:       17       271

තුසිත Monday, 23 July 2012 07:15 PM

ස්කන්ධ කුමාර දෙවියෝ මතු බුදුවෙන දෙවි කෙනෙක්.....(ස)

:       11       74

ගාල්ලගේ Sunday, 29 July 2012 08:20 AM

කතරගම දෙවියනි, මාගේ පවුල සහ මා බලාපොරොත්තුවෙන් සිටිනා දෙය ඉක්මනින් ඉෂ්ට කර දෙනු මැනවි! මම ඔබට ගොඩක් පින් පතමි. (නි)

:       9       21

ප්‍රියලත්, කතරගම Sunday, 22 July 2012 01:43 PM

කතරගම සමයේ පුදබිම. කතරගමට ඇවිත් පෙරහැර බලලා කඳසුරිඳුන්ගේ ආශිර්වාදය ලැබ ගන්න. කතරගම දෙවියනි ඔබ වහන්සේට බුදුබව ලැබේවා. !!!!!!(ස)

:       6       22

අචිනි Tuesday, 24 July 2012 02:31 PM

කතරගම දෙවියන්ට පිං සිදු වේවා! (නි)

:       56       15

නන්දන ප්‍රියන්ත Sunday, 29 July 2012 09:58 AM

ලංකාදීප පුවත් පත දිනෙන්දින බබළන්නේ කදසුරිදුට කරන මේ සේවයනිසයි .සැමදා ලංකාදීපයට කදසුරිදු පහිටයි (දී)

:       60       30

අරුණි Monday, 23 July 2012 10:03 AM

හැම උදේකම ඔබ වහන්සේට දෙන පින් ඔබ වහන්සේ අනුමෝදන් කරගෙන මගේ හිතේ තියෙන යහපත් ප්‍රාර්තනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ද කර දෙන සේක්වා.....(ස.වි)

:       47       28

Anjalee harshika Wednesday, 26 September 2018 08:22 AM

කතරගම දෙවියන්ට පින් සිදුවේවා !!!

:       10       23

සමින්දි Thursday, 17 September 2020 03:04 PM

ස්තූතියි...

:       6       9

Demith Thursday, 04 March 2021 02:36 PM

කවුද 2021 බලන්නේ?

:       4       13

W. Madhushika Navodya Thursday, 22 July 2021 09:54 AM

මෙවන් බොහෝ දේ තවත් දාන්න

:       7       8

Thanushi Friday, 13 August 2021 10:11 AM

ගොඩක් හොඳයි... වැදගත් කරුණු ගොඩක් තියෙනවා...

:       5       10

sheha Monday, 29 November 2021 03:27 PM

හොඳ වැඩක්...

:       6       8

k.g.i.d.sankalpa Thursday, 10 November 2022 08:27 PM

හරි...!

:       4       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 128 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5967 3

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 886 6

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1478 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 136 1

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 213 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site