IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කතරගම වනයේ භාවනා කරන සෘෂිවරයා කතරගම දෙවියන්ද?

  6_SLT_P2  

 

කතරගම දෙවිඳුන්ගේ බැල්ම සහ අත්දුටු අවස්ථා


කතරගම පූජා භූමිය භාරතයේ පිහිටි ලොව සුප්‍රකටම දොවොල හා සමානව ආකර්ෂණීය ස්ථානයක් ලෙසින් සංවර්ධනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මා ඉදිරිපත්වී සිටියි. එය ප්‍රශංසනීයය. කතරගම යනු සර්ව ආගමික පූජනීය ස්ථානයකි. එය ජාත්‍යන්තරයෙහි ද විසුල කීර්තිමත් තලයක් දක්වා සංවර්ධනය කිරීමට යොමුවීම ඉමහත් සතුටකි. ඒ වෙනුවෙන් අවශ්‍ය මූලික පියවර දැනටමත් ගෙන ඇත. මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය අතු ඉති විහිදුණු එකකි. අගමැති තුමාගේ අරමුණ සහ ඉලක්කය ඒ අවශ්‍ය පරිද්දෙන්ම කඩිනමින් සාර්ථක කරගැනීමට නම් මෙහෙයුම අධීක්‍ෂණය සහ පසු විපරම විෂයබද්ධ පරිණතප්‍රාප්ත අයගේ අතට පැමිණිය යුතුය. 

5sdf
දේශපාලන භේද පුද්ගලවාදය ආදිය මෙහි නොතිබීම ඉතා අවශ්‍යය. මෙම පොදුජන පුදබිමෙහි උන්නතිය උදෙසා දිගු කලක සිට නිති පරිත්‍යාගයෙන් සහ කැපවීමකින් කටයුතු කරන අමාත්‍ය දයා ගමගේ මහතා මෙම ව්‍යාපෘතියෙහි පරිපාලන හෝ අධීක්‍ෂණ හෝ කටයුතු වලදී  දායක වන්නේ නම් එය අපගේ සතුටට හේතුවකි. රටේ වගකිවයුත්තන්ගේ අවධානය කතරගමට යොමු වී තිබෙන මෙම අවස්ථාවේ ඒ සඳහා සුළු තරමේ හෝ එළියක් සැපයීමට මෙයින් අදහස් කරමි. 

 

කඳ සුරිඳුන් අදෘශ්‍යමානය. එහෙත් ඔහුගේ බලමහිමය ප්‍රත්‍යක්ෂය. අඛණ්ඩව අවුරුදු දහස් ගණනක් තිස්සේ එම දේව බලමහිමයෙන් ආශිර්වාද පතාගෙන එන්නේ ඒ නිසාය. එසේම බොහෝ දෙනා අතරේ දැඩි විශ්වාසයක් එදත් අදත් පවතී. අපේක්‍ෂිත ආශිර්වාද ලැබී ප්‍රාර්ථනා සඵල වීම ඔවුන්ට ප්‍රත්‍යක්ෂය. මේ නිසා කතරගමට ඇදී එන බැතිමතුන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වනු මිස අඩු වීමක් නැත. හුදෙක් මිථ්‍යාවක් රැවටීමක් නම් ඉක්මනින් පිරිහී මිනිසුන් අතින් ප්‍රතික්ෂේප වීම අනිවාර්යය. එබඳු මායාවන්ට කල්පැවැත්මක් නැත. කඳ සුරිඳුගේ බල මහිමය අර්ථ ශූන්‍ය වූ ප්‍රතිඵල විරහිත වූවක් නොවිය හැකිය. එය පත්‍ය වූ සත්‍යයක් සේ හැඳින්වීමට සිදුවේ.


ආත්මාර්ථය ස්වකීය පැවැත්ම සහ උදර පෝෂණය සඳහා මෙලොව බිහි වූ උදාර දර්ශනයන් වසා දමා තිබෙන්නේ අතිශයෝක්ති අලංකරණ හා අභව්‍ය වූ ආකස්මික කඩතුරා පොරෝණවලිනි. මේ නිසා සිදුවී තිබෙන්නේ කුමක්ද? ප්‍රඥාව යටපත් වී හුදු ඇදහීම පමණක් මතුපිටට ඒමයි. කඳ සුරිඳුන් යනු මිනිස් චරිතයක් නොවේ. ආගමික ශාස්තෘ හෝ දාර්ශනික හෝ පුද්ගල ප්‍රභවයක් ද නොවේ.  මිනිසාට ඉහළින් සිටින මිනිසුන් දකින චංචල දේව චරිතයකි. මානව ප්‍රජාව විසින් ගර්හිත යයි සලකනු ලබන පීඩාව හිංසාව ඇතුළු දුරාචාරයන්ට එරෙහිව කතරගම  දෙවිඳුන්ගේ බලමහිමය ක්‍රියාත්මක වූ අවස්ථා බොහෝය. ඊට උදාහරණ ද බොහෝය. විවිධාකාරයේ පුද සත්කාර උපකාර පුද කරනු ලබන කන්නලව් දිව කණින් අසයි. දේවමහිමයෙන් පිහිට වෙයි. මේ ශාන්තිවාදී ගුණය බැතිමතුන්ට ඉතා උතුම්ය.  කතරගම මහ දේවාලයේ එකම වේලාවකට දිනපතා කරනු ලබන දිව්‍යා උපහාර පූජා එදා සිට අද දක්වා අඛණ්ඩවම පවත්වති. ඊටම ආවේනික වූ චාරිත්‍ර විධීන් කිසිවක් වෙනස් වීද නැත. මහදේවාලයට ආසන්නව පිහිටි කුඩා ප්‍රමාණයේ දේවාලවලද දේව පුද සත්කාර සහ යාදිනි පවත්වති. කිරි වෙහෙර ද බෝධිය ද බුදු පිළිම ගෙයද ඇතුළු බෞද්ධ පූජනීය ස්ථානවල ආහාර, ඖෂද, ගිලන්පස, මල් පහන් ආදිය බුද්ධ පූජා ලෙසින් පිදීම නිරන්තරයෙන් සිදු වෙයි. හින්දු හා මුස්ලිම් ආගමික මධ්‍යස්ථානවල ආගමික වතාවත් ද නොකඩවා පැවැත්වේ. මේ සියලු පුද පූජා සිදුවන්නේ එකම භූමි සීමාවක් තුළය.  කතරගම පුද බිමෙහි පිහිටි කිරිවෙහෙර සිත් පහන් කරන උත්තරීතර පූජනීය සාධකයයි. අප අසා ඇති පරිදි ලෝකයේ කිසිම චෛත්‍යයක නොමැති නෙතට සිතට දැනෙන ආකර්ශනීය ලක්‍ෂණ කිරි වෙහෙරෙහි තිබේ. ඒවා බොහෝ දෙනා දනිති. හඳුනගෙන සිටිති. එවැනි ලක්‍ෂණ අතුරින් එකක් පමණක් අත්හදා බැලීම පිණිස ඉදිරිපත් කරමි. දහවල් කාලයේ දී චෛත්‍යය රත්වෙයි. රාත්‍රී කාලයේදී නිවෙමින් පවතී. එසේ නිවෙන විට චෛත්‍යය මුදුනින් රන්වන් රශ්මි ධාරාවන් නිකුත් වේ. චෛ්‍යයේ බඳ කොටසින් (විශේෂයෙන් නැගෙනහිර පැත්තෙන්) ඉතාම රමණීය නිල් පැහැයක් ගත් රශ්මි ධාරාවක් ද නිකුත් වේ. රාත්‍රී අටත් නවයත් අතර කාලය තුළ දී ඕනෑම අයෙකුට මෙය දැකගත හැකිය. ඒ අවස්ථාවේදී බැතියෙන් ගැති නොවී නිරීක්‍ෂණයෙහි පමණක් යෙදෙන්නේ නම් ඉතා වටියි.

6


ප්‍රභාශ්වර චෛත්‍යයක් ලෙසින් ලෝක බෞද්ධ ජනයාගේ හදවත්වල චිත්‍රණය වී ඇති කිරිවෙහෙර සියලු බෞද්ධයන්ගේ මහරු පූජ්‍ය වස්තුවක් යයි එක් ජපන් හිමි නමක් පවසා තිබේ.


කතරගම දෙවිඳුන්ගේ කාය ස්වරූපය අසාමාන්‍යය. එබඳු රූපයක් ආරෝපණය කිරීමේ පරමාර්ථය වීර වික්‍රමාන්විත දෙවි කෙනෙකු ලෙස දැක්වීමට විය යුතුය. එසේම මෙම දෙවිඳුන්ගේ බලපරාක්‍රමයද අසාමාන්‍යය.  එම බලය සක්‍රීය වී ආශිර්වාද ලබදීමේ ප්‍රත්‍යක්ෂය දක්වා මතු වී ඒම විස්මය දනවන සුලුය. අසාමාන්‍ය බලයක් ඇති පුද්ගලයන් මානව ජන සමාජයේද වරින්වර බිහි වන බව අසන්නට ලැබේ.


රුසියානු ජාතික නටාෂා ඩෙමිකිනා යනු අසාමාන්‍ය බලයක් හිමි කාන්තාවකි. කිසි කලෙක මින් පෙර නොඇසූ නුදුටු මෙම අභූත පූර්ව බලය පුදුම සහගත වුවද එය සත්‍යයකි. නටාෂා ඩෙමිකිනාට ඕනෑම මිනිස් ශරීරයක් විනිවිද දැකිය හැකිය. ශරීරය ඇතුළත තිබෙන පිළිකා, -ගෙඩි-, ආසාදන, සංකෝචන, ලේ කැටි ආදී ආබාධයන් හරියටම තිබෙන තැන නිවැරදිවම ප්‍රකාශ කිරීමට ඇයට හැකිය. නූතන එක්ස් කිරණ යන්ත්‍රයක් මගින් ලබාගන්නා සියලු දේ මැයට තම ශක්තියෙන් ප්‍රකාශ කළ හැකිය. මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ වෛද්‍ය විශේෂඥයෝ පුදුමයට පත් වූවා මිස විග්‍රහයක් හෝ විස්තරයක් පළ නොකළහ. මෙහි ඇති තවත් වැදගත් කාරණයක් නම් ඇයට මෙම බලය ලැබුණේ වයස අවුරුදු දහයේ දී වීමයි. අපට මේ හා බැඳෙන ප්‍රශ්න රාශියක් මතුවේ. මේ හැකියාව ඇයට කෙසේ ලැබුණේද? වෙනත් අයෙකුට ඇයගෙන් මෙම දැනුම ඉගෙනීමටද නොහැකිය. පූර්ව ජන්මයකදී අධි මානසික බලයක් ලබාගැනීම පිණිස විදර්ශනාවක් ප්‍රගුණ කරමින් සිටියදී සිදු වූ මරණයකින් පසු මේ ලොව උපත ලැබීමක්ද? කෙසේ නමුත් ඇය මිනිස් ලඳකි.  ඇය දෘශ්‍යමානය. එහෙත් ඇය සතු බලය වෙන කිසිවෙකුටත් නැත. එම බලය අදෘශ්‍යමානය.  එමෙන්ම එය සක්‍රීයය. සත්‍යය එය නම් හඳුනාගත නොහැකි දේ අසත්‍ය යයි කිව හැකිද?


අපගේ විශ්වාසයේ හැටියට කඳ සුරිඳුන් පුදබිමෙහි සැරිසරන්නන් අතරෙහි මිනිස් වෙසින් හෝ අදෘශ්‍ය ලෙසින් හෝ හැසිරීම පිළිගත් සත්‍යයකි. එතුමන්ගේ බලපරාක්‍රමය සක්‍රීය වූ විට එය දෘශ්‍යමාන තලයක් දක්වා  මතුපිටට එයි. නූතනයේ බොහෝ දෙනා විශ්වාස කරනුයේ කතරගම වනයෙහි භාවනානුයෝගීව සිටින සෘෂිවරයා කතරගම දෙවියන් යයි කියාය.  මෙම සෘෂිවරයා හිමාලය අඩවියේ වෙසෙන දීර්ඝ ආයුෂක් ඇති සෘෂිවරුන් අතරින් ශ්‍රී ලංකාවට පැමිණි අයෙකු බවද සමහරු පවසති. එම සෘෂිවරුන්ගේ ආයු ප්‍රමාණය අවුරුදු 1500කටත් වැඩි බව සමහර වාර්තාවල දැක්වේ. අප අසා ඇති පරිදි මිනිස් ලොව අවුරුදු 100ක් දෙව්ලොවට එක් දිනයකි. ඒ නිර්මිත අදහසක් විය යුතුය. අප කියවූ කිසිදු පොතක එවැනි සඳහනක් නැත. ඒ නමුත් භාවනාවෙන් යෝගී තලයට පැමිණි පසු වියපත්වීම චිත්ත සමාධි බලයෙන් මැඩගත හැකි යයි යන්න සත්‍යයකි. දීර්ඝ කාලයක් තිස්සේ භාවනානුයෝගීව සිටින වයස අවුරුදු හැත්තෑව ද ඉක්ම වූ ඉන්දියානු ජාතික තාපසයෙකු පිළිබඳ විස්තරය අනුව ඔහු තවමත් තරුණයෙකි. මොහු විද්‍යාඥයෙකි. නම සුභාෂ්පත්‍රීය. ඔහුගේ අසපුව ඉන්දියාවේ තිරු අන්නමලෙයිරාම නම් වෙයි. මොහු බෞද්ධ භාවනා ක්‍රම භාවිතයන් ප්‍රගුණකොට අධ්‍යාත්ම ශුද්ධිය ලබා සිටින්නෙකි. මේ අනුව ධූතාංගධාරී යෝගී සෘෂිවරුන්ගේ ආයු කාලය නිර්ණය වනුයේ ඊටම විශේෂ වූ ක්‍රමයකට විය හැකිය. කඳ සුරිඳුන් යනු ද දීර්ඝායුෂ්ක දේවතාවෙකි. මෙතුමන් පිළිබඳ ඉතිහාස කතාව ක්‍රිස්තුපූර්ව හය වැනි සියවස ද ඉක්ම වූ වේද යුගය දක්වා ම දැක්වෙන්නකි.


කතරගමට පැමිණි දේවශාන්තිය පතා කරන ලද පූජෝපහාරවලින් තමන්ගේ රටවලදී ප්‍රතිඵල ලැබුණු බව ජපානය, - තායිලන්තය ආදී රටවල භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළහ. මෙයින් පැහැදිලි වන්නේ දේව ශාන්තියෙහි බලව්‍යාප්තිය ඉතා පුලුල් බවයි. මෙම අදෘශ්‍යමාන බලපරාක්‍රමය මිනිසුන් හට දැනෙන ශක්ති කදම්බයකි. මිනිසුන් අතරෙහි සිටින යම් විශේෂ පුද්ගලයෙකුගේ වේශයෙන් කතරගම දෙවියන් පුදබිමෙහි සැරිසරන බව සමහර බැතිමතුන් ප්‍රකාශ කරනුයේ එය අත්දුටු සත්‍යයක් බව ද දක්වමිනි. කිරිවෙහෙර සෑ මලුවේ ගසක් මුල සුදුවතින් සැරසී භාවනානුයෝගීව සිටි මැදිවියේ යෝගියෙකු හිටි අඩියේම අතුරුදන් වූ බව වන්දනාවට පැමිණි පිරිසක් ප්‍රකාශ කළහ. තමන්ගේ ඇස් ඉදිරිපිටම මෙන් සිදුවූ මෙම සිද්ධියෙන් විමතියට පත් වූ ඔවුහු වහා දුවගොස් වටපිටාවේ සෑම තැනකම ඇවිද්ද නමුත් එහි සිටි යෝගීවරයා වැන්නෙකු හමු නොවූ බවද ප්‍රකාශ කළහ. මේ කතරගම දෙවියන් දෘශ්‍යාදෘශ්‍ය රූපයකින් පුදබිමට සැපත් වූ දිනයක් බව බොහෝ දෙනාගේ අදහස විය. තව දුරටත් මොවුන් ප්‍රකාශ කළේ මෙවැනි දිනයෙක දී ඉටු කෙරෙන පූජෝපහාරවලින් ඒකාන්තයෙන්ම සෙත්ශාන්තිය ලැබෙන බවයි. මෙදින දේව දෘෂ්ටිය පුදබිමට හෙළන නිශ්චිත දිනයක් වනු ඇත. එවැනි නිශ්චිත දින දැන සිටින ආවතේව කරන්නෝ සිටිති. මෙහි පෙර සඳහන් කළ දෘශ්‍යාදෘශ්‍ය මනුෂ්‍ය රූප ඇමරිකාවේ ධවල මන්දිරයෙහිද ඇත. සුප්‍රසිද්ධ වාර්තා කියවූ අය මේ පිළිබඳ විස්තර දනිති. එසේ ධවල මන්දිරයෙන් වාර්තා වන අද්භූත අමනුෂ්‍ය රූප පිළිබඳව බොරු කතා යයි කීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. ඒ ඇමරිකාවේ නිසාය. ධවල මන්දිරයෙහි සිටින බලගතුම චණ්ඩි භූතයා මිදුලේ පුටුවක හිඳගෙන කකුලක් පිට කකුලක් දමාගෙන දුම් පයිප්පයක් ද උරමින් සිටියි. ඌ ළඟටම යන පුද්ගලයා ඇඟට අතක් තබනවාත් සමගම අතුරුදන්වෙයි. මෙම අද්භූත රූප අදෘශ්‍ය වූ උපාදාන ගන්ධබ්බයන් විසින් වාතය ඝනකොට සකස් කරගත් ඒවාය. උන් මිනිස් රූපයකින් වැජඹීමේ දැඩි තණ්හාවෙන් පෙළෙන්නේය. එහෙත් කඳ සුරිඳුන්ගේ මනුෂ්‍ය වේශය උන්ගේ ගනයට අයත් නොවේ. කඳ සුරිඳුන් යනු එබඳු තෘෂ්ණා සංචිතයකින් දැඩිව වෙළාගත් ගන්ධබ්බයෙක්  නොවේ. එතුමානෝ අති පවිත්‍ර වූ සත්‍ය දේව චරිතයකි. මෙම චරිතයෙන් ප්‍රභල බලයක් විදහා විදාරණය කරන අතර ඇසිල්ලකින් චංචල වන ස්වභාවයක්ද පෙන්නුම් කරයි. කිසියම් අනාගත ව්‍යසනයකින් ස්වකීය බැතිමතා ආරක්ෂා කරගැනීමට ද මනා සෙත් ශාන්තියකින් ඔහුට මතු අභිවෘද්ධිය සලසා දීමට ද ආදී උදාර වූ මහෝපකාරී පිළිසරණක් වීමට කඳ සුරිඳුන් වහා ඉදිරිපත් වූ අවස්ථාවලට සාක්ෂි බොහෝය. සත්‍ය උදාහරණ මෙහි ඉදිරියෙහි දී දක්වමි.

මතු සම්බන්ධයි

m



අදහස් (0)

කතරගම වනයේ භාවනා කරන සෘෂිවරයා කතරගම දෙවියන්ද?

ශ්‍රී ශක්ති Saturday, 27 February 2016 06:25 AM

ආරියපාල ජයසේකර මහත්මයාණෙනි, පිරිසිදු මනසකින් දිවි ගෙවන සැදැහැවත් මිනිසුන් හට ඔබ කරන මෙහෙවර දේවත්වයේ හස්තයක් බඳුය. ඔබට කතරගම දෙවිඳුන්ගේ ආශිර්වාදයම වේවා! (නි)

:       1       0

සඳුන් Wednesday, 24 February 2016 12:34 PM

වැදගත් අදහස් අතරේ දේශපාලකයන් ගාවාගත් අනුවණයොත් ඉන්නවා. (නි)

:       1       0

චාමර-ඇමෙරිකා Wednesday, 24 February 2016 12:37 PM

මිනිස්සු තමන්ගේ විමුක්ති මාවත ගවේෂණය කරන්න දඟලන අතරේ තිලක්-ඩුබායි තාම දේශපාලකයන්ට කඩේ යනවා (නි)

:       1       0

ලක්ෂ්මන් Wednesday, 17 February 2016 12:26 PM

ආරියපාල මහත්මයාණෙනි, ඔබට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

නාලිති Wednesday, 16 March 2016 02:02 PM

ධනුක ඔබ ශන්ක්ෂිප්තව කර ඇති විග්‍රහය ඉතා අගයකරමි. මෙය සංඝයා වහන්සේලා විසින් සියලු බෞද්ධයන්ට වටහා දියයුතු දෙයකි. (ර)

:       0       0

ධනුක Saturday, 27 February 2016 05:36 PM

බුදුදහම හැර, දෙවියන් අදහන ඕනෑම ආගමක පුද්ගලයකුගේ පරමාර්ථය දෙවියන්ගෙන් පිහිටක් යැදීමය. එමනිසා ඔහුට තම ආගමේ හෝ වෙනත් ඕනෑම ආගමක කුමන නමකින් හෝ හඳුන්වන දෙවියකු ඇදහීමේ කිසිදු වෙනසක් නැත. එහි කිසිදු වරදක්ද නැත. එහෙත් ප්‍රතිපත්තිගරුක බෞද්ධයා යනු දෙවියන්ටත් පිහිට වන්නෙකු සහ එනිසාම දෙවියන්ගෙනුත් වැඳුම් ලබන්නෙකු මිස, කිසිදු දෙවියකුගෙන් පිහිට සිඟා යදින්නට තරම් තම උතුම් මනුෂ්‍යත්වය හෑල්ලු කරගත් අයෙකු නොවේ. පැහැදිලි බුද්ධ දේශනාව අනුව දෙවියන්ට මිනිසුන්ගෙන් අවශ්‍ය වන්නේ පින් සහ පිරිසිදු බුද්ධ ධර්මය පමණි. (නි)

:       0       0

අසේල Thursday, 18 February 2016 04:03 AM

හොඳ ලිපියක්. (නි)

:       0       0

චන්දි Tuesday, 23 February 2016 09:15 AM

දෙවියන් වැනි ඕපපාතික සත්වයන් නැතැයි යන දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටික වානේ යම් සේද දෙවියන් මිනිසුන්ගේ පිහිටට නො ඒ යයි සිතීමද මිත්‍යා දෘෂ්ටියකි. මම දන්නා තරමට කතරගම ,විෂ්ණු, ඊශවර හා පත්තිනි වැනි මතු බුදු වීම උදෙසා පාරමිත පෙරහරේ ගමන් ගන්නා දෙවිවරුද, ගණ ,විභීෂණ ,සමන් යන මහේශාක්‍ය ලොව පාලනය කරන්න වූ දෙවිවරු ඇතුළු සමයක් දෘෂ්ටික දෙවිවරු නිරතුරුවම් මිනිසුන් වෙනුවෙන් කැපවී සිටන උත්තමයන්ය. එහෙත් ඔවුන්ගේ පිහිටට ඒමේ සීමාවන් ඇත. කර්මය අභිබවා පිහිට වීමට ඔවුන්ට හැකියාවක් නැත. ඔවුන් දෙව් ලොව පාලනය වන නීති රීති මාලාවන්ට යටත්වේ. තවද දෙවියන්ද කර්ම පලයට යටත්ය. ලෝක පාලක දෙවිවරුන්ද සංසාර දුකින් එතෙර වීමට කුසල් වඩමින් බවුන් වඩමින් ජීවත් වනනවුන්ය. එම නිසා තම තමාගේ විමුක්තිය සලසා ගත යුත්තේ තමන්ය. දෙවිවරු කර්ම පලයනට යටත්ව අවස්ථානුකූලව පිහිටට පැමිණේ. ඒ පිහිටත් ලබාගන්න. ඒ පිහිට විපත් මෙන් මතු වී නොපෙනෙනවා විය හැක. විශේෂයෙන් ඉෂ්ට දේවතාව දැනගෙන ඒ වතාවත් කරන්න. දෙවියන්ට ශ්‍රද්ධා සිතින් ශ්‍රද්ධාවෙන් උපයාගත් ධනයෙන් පිසිසිදු ලෙස සකස් කල පූජාවන් කිරීමෙන් පිනක්ද පිහිටක්ද ලබා ගත හැක. (ර)

:       0       0

දීප්ති Saturday, 27 February 2016 06:21 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 February 2016 07:46 AM

අඩුම වශයෙන් ප්‍රේමදාස කතරගම දේවාලයේ වටේ හදපු මොනරු ටිකේ විදුලි බුබුළු ටිකවත් මාරු කරන්න. (ම)

:       0       0

ආලෝක. Monday, 29 February 2016 10:24 AM

ඔබ ඔබේ යහළුවන්ගෙන් දෙමාපියන්ගෙන්,මිනිසුන්ගෙන් හෝ නපුරු බොස් ගෙන් පිහිටක් පැතීම හොද නම් සමයක් දෘෂ්ටික මෛත්‍රී සහගත දෙවියන්ගෙන් පිහිටක් පැතීම මනුෂ්‍යත්වයට නිගාවක් වෙන්නේ කෙසේද? බුද්ධ දේශනාවේ තියෙනවා දෙවිවරු මනුෂ්‍යයන්ට මග පෙන්නපු හැටි. උදව් කල හැටි .අප මහ බෝසතුන්ට මේ ලොව පහළවීමට ආරාධනා කළේද සහම්පතී බ්‍රහ්ම රාජයායි.තේරුම් ගත යුත්ත තම තමාගේ විමුක්තිමාර්ගය අවබෝධ කිරීම තම තමාට අයිති කාර්යයකි. ධාර්මිකව දිවි ගෙවන සැදැහැවන්ත උත්සහවන්ත මිනිසුන්ට තම කම් පලව අනුව දෙවියන්ගෙන් ලෞකික පිහිටක් ලබා ගත හැක.එහෙත් එය අහවල් අහවල් ලෙස පිහිට උනා යයි දැන ගැනීමට ක්‍රමයක් නැත. (බ)

:       0       0

අභය බණ්ඩාරනායක Friday, 19 February 2016 07:43 AM

දෙවියෝ සිටිති . ඒගැන තර්කයක් නැත. බුදු පියාණන්ගේ පිහිටෙන් දෙවියෙක් වන හැටි අපි දනිමු. මිනිසුන් යොමු කළ යුත්තේ දේව වාදයට නොව . ආකාරවතී ශ්‍රද්ධාවටය. අප නිවැරදිව තෙරුවන් සරණ ගිය විට දෙවියන් පවා සතුටු වනු ඇත . අපේ රට නැවත හොද මිනිසුන්ගෙන් පිරෙනු ඇත .රහතන් වහන්සේලාගෙන් අඩුවක් නොවනු ඇත .එවිට අපි සියලු දෙනාටම සසර දුකෙන් අත්මිදිය හැක. සර්ව ආගමික යන නිවට නියාලු ප්‍රතිපත්තිය දේශපාලයන්ගේ අමන බඩගෝස්තරවාදී ක්‍රියාවකි. මිනිසුන්ට කැමති විදිහට තමන්ගේ ආගම ඇදහිය හැකිය .නමුත් සම්මා දිට්ටියෙන් යුතු බෞද්ධයා මිත්‍යා දිට්ටියට ගෙන එන්නට වෙර දැරීම හෙළා දැකිය යුතු ක්‍රියාවක් මිස අගය කල යුතු දෙයක් නොවේ. රටක් ජාතියක් , ආගමක් නැති මිනිසෙකුගෙන් හොද දෙයක් බලා පොරොත්තු විය නොහැක. (ර)

:       0       0

සාරංග Friday, 19 February 2016 08:44 PM

විදර්ශනා නුවණ ඇතිවෙන ආකාරයෙන් මේ ධර්ම මාර්ගය තුළ ඉදිරියට ගමන් කිරීමේදී තමා තුළින් නිරතුරුවම දැකිය යුත්තේ තමා මේ ලැබුවා වූ උපතෙහි ශ්‍රේෂ්ඨ භාවයයි. මේ ලෝක ධාතුවෙහි සත්වයකු ලබන්නට හැකි ශ්‍රේෂ්ඨතම උපත ඔබ සකස් කරගෙන තිබේ. යම් දිව්‍ය තලයක මාර්ග ඵලලාභී නොවන දෙවියකු සිටිනවා නම් යම් බ්‍රහ්ම තලයක මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මයකු සිටිනවා නම් ඒ සෑම දෙවියකුටම වඩා ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලබා තිබේ. මේ තරම් ශ්‍රේෂ්ඨ උපතක් ලබා තිබියදී අපි දෙවියන්ගෙන් අමනුස්සයන්ගෙන් පිළිසරණ සොයා යන තැනටයි දැන් පත්ව සිටින්නේ. එම නිසා ඔබ මේ උපතෙහි ශ්‍රේෂ්ඨභාවය දකින්න (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 23 February 2016 06:22 AM

මේ ජීවිතය තුල මාර්ග පල ලබා ගැනීමට උත්සහ කිරීම මාර්ග පල නොලද දෙවියකු හෝ බ්‍රහ්මයකු වීමට වඩා උතුම් කියා කීවද ජීවිතය තුල මාර්ගපල ලබන පින්වතුන් ඉතාමත් අල්පයි. අවැසි තිහේතුක ප්‍රතිසන්ධිය ලැබී නොතිබීම විය හැකිය. එසේනම් ඔබ අප දුගතියේ නොවැටී සිටීමට හා ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලබා ගැනීමට විදර්ශන හා කුසල් වැඩීම වඩා ප්‍රයෝගික නොවේද? දෙවියන් පිළිබද අප අවබෝධ කලයුත්තේ ඔවුන් මාර්ගයෙන් ලෞකික සැපත අපේක්ෂාවෙන් නොව, දුගති හා සුගති භූමි වල සත්වය මරණින් මතු ඉපදෙන බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැන, එමගින් විදර්ශනාවට නියමාකාරයෙන් එලබීමට අවැසි ශ්‍රද්ධාව උපදවගැනීමට එය උපකාරී වන නිසා කියායි මගේ තේරුම්යාම. දෙවියන්ට බබුන්ට බවුන් වඩා මාර්ගපල ලබා ගත නොහැකිද? එසේ හැකිනම් ඔවුන් අතර ඉපදීම බවුන් වැදීමට වඩාත් යෝග්‍යය නොවේද? මේ දේ කවුරුන් හෝ දන්නා අයෙක් විසින් පැහැදිලි කර දිය හැකිනම් මැනවි. (ර)

:       0       0

ආලෝකා Tuesday, 23 February 2016 06:30 AM

ඔබට දෙමාපියෝ පිහිට වෙති , සහෝදර සහෝදරියෝ පිහිට වෙති ,ඥාති මිත්රාන්දී ද පිහිට වෙති, හොද මිනිසුන්ද පිහිට වෙති. එමෙන්ම දෙවියන් ද පිහිට වෙති ,පිහිටක් පැතීම හා ලබාගැනීම නරක දෙයක් නොවේ. එහෙතේ තේරුම් ගත යුත්ත එය ලෞකික බවත් ලෝකෝත්තර විමුක්තිය ලැබිය හැක්කේ චතුරාය සත්‍යා අවබෝද කිරීමෙන් හා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් බවත්ය. අනෙක දෙවියන්ට ඔබට පිහිට විය හැකි සීමාවන් තිබේ, සියල්ල කාර්ම පලයට යටත්ය. (ර)

:       0       0

කපිල Tuesday, 16 February 2016 12:12 PM

මන් දෙවියන්ට ගරහන්නේ නැහැ.ඒවා මිනිසුන්ගේ ඇදහිලි විශ්වාස නිසා,නමුත් දෙවියන්ගෙන් වාසි ගන්නේ කපුවන් සහ දෙවියන් විකුණාගෙන කන්නන්ය.අනිත් කරුණ නම් 88-89 කාලයේ කතරගම හා මොනරාගල දිස්ත්‍රික්කයේ ටයර් සෑයවල් වල නිර්දෝෂී තරුණ ජීවිත දැවෙද්දී ඒ කාටවත් දෙවියන් පිහිටවූ බවක් නම් අහලවත් නැහැ. (ම)

:       0       0

ආලෝක Wednesday, 17 February 2016 11:42 AM

දෙව්‍යලෝක බබලොව අපාය යනාදී මිනිසාට ගෝචර නොවන වෙනත් ශක්ති ප්‍රබේදයන්ගෙන් නිර්මිත භූමි තිබෙන බව මා ලබන ඉතාමත් පවුද්ගලික වූ අත්දැකීම් තුලින් ප්‍රත්‍යක්ෂ කරගත්තෙක් දනිමි. ඉනුත් විෂ්ණු කතරගම, සමන්, පත්තිනි, විභීෂණ, ගණ, ඊශ්වර ,සරස්වතී ,උමයන්ගනා යනාදී දෙවිවරු සමග සන්නිවේදනය පවත්වා ගමින් මිනිසා නොදන්නා ඇතැම් කරුණු කාරණාත් ,ඉහත කී මහේශාක්‍ය වූ දෙව්වරුන්ගේ වත්මන් පෞද්ගලික කාරණා දන්නන් මම දනිනිමි, එමෙන්ම විටෙක දෙව් ලොවද තවත් විටෙක මිනිස් ලොවද ජීවත්වන මිනිසුන් ගැන දනිමි. එවන් අය ඉතා නිහඩය. ඊට හේතුව විය හැක්කේ එය නොදැනුවත් මිනිස් සමාජය තුල අවඥාවට හා නොපිලිගනීමකට භාජනය විය හැකි නිසාත්, ඔවුන් එසේ තම කවුරුන්දැයි හෙළි කිරීමෙන් සමාජයට වැඩක් නොවන නිසාත් ,තම මේ ලොව බිහි වූ කාර්යය අන් දෙයක් විය හැකි නිසාත් විය හැක. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2942 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 355 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 988 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 87 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site