බුදුරජාණන් වහන්සේ අනේ පිඬු සිටුතුමාගේ නිවසට දවසක් වැඩම කළහ. ඒ අවස්ථාවේ නිවස ඇතුළින් වෙනදාට නොමැති හඬක් ඇසෙන්නට විය. එම නිසා බුදුහු ඒ හඬ කිමෙක් දැයි විමසූහ. ඒ අවස්ථාවේ අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේට කියා සිටින්නේ තම නිවසේ පසුගිය දිනවල සිදුවූ අලුත් සිද්ධිය ගැනයි.
බුදුහාමුදුරුවනේ අපේ පුතාට මනාලියක් කැන්දාගෙන ආවා. ඇගේ නම සුජාතා. ධනවත් නිවසක සැපට හැදුණු කුමාරිකාවක් (අඞ්ඩා අඞ්ඩකුලා) ඇයගේ ගති ගුණ හරි අමුතුයි. තමන් ගැන විතරයි වැඩිපුර හිතන්නේ. ඇයට හිතෙන එක නිවැරැදි එක හැටියට ගන්නේ. නැන්දම්මා ගැන තැකීමක් නෑ. මාමා ගැන තැකීමක් නෑ. ස්වාමි පුරුෂයා ගැන තැකීමක් නෑ. කතාබහ කිරීමේ සංවරයත් අඩු පාටයි. අලුත් හින්දද දන්නෙත් නෑ. ලොකු පවුලක කෙනෙක් නිසාද කියන්නත් බෑ. බුදුහාමුදුරුවනේයි හිතේ තිබුණු අපිළිවෙළ බව හන්දාම අනේ පිඬු සිටුතුමා එක දිගට කියාගෙන කියාගෙන ගියා. ඒ අවස්ථාවේ සිටුවරයාගේ මානසික තත්ත්වය තේරුම් අරගත් බුදුරජාණන්වහන්සේගේ ඇතුළේ සිටි සුජාතා නම් වූ අනේ පිඬු සිටුවරයාගේ ලේලිය බුදුරදුන් වෙත ගෙන්වා ගත්තා. එසේ ගෙන්වාගෙන සුජාතාගේ මානසික තත්ත්වය වටහාගෙන උන්වහන්සේ ධර්මය දේශනා කළහ. බුදුරදුන්ගේ දෙසුම් විමසුම් නුවණින් සුජාතා අසාගෙන සිටියා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇයට ගෞරවයක් තිබුණු නිසාත් උන්වහන්සේ කරන පැහැදිලි කිරීම තමන්ට වැටහෙන නිසාත් ඇය ඒවා හොඳින් අසා සිටියාය. බුදුරජාණන් වහන්සේ ස්වාමි භාර්යාවරුන් සත් දෙනෙක් සිටින බව වදාරා ඒ ඒ අයගේ ගතිගුණත් වෙන වෙනම විස්තර කර දුන්හ. ඉන්පසු සුජාතා දුව ඔබ කෙබඳු භාර්යාවක් වීමට ඇලුම් කරන්නෙහිදැයි බුදුරජාණන් වහන්සේ විමසූ විට සුජාතා ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන් ආකාරයට තමන් දාසි භාර්යාවක් ලෙස ස්වාමි පුරුෂයා සමඟ කටයුතු කිරීමට ආසා කරන බවයි. එවිට බුදුරදුන් විසින් දේශනා කරනු ලැබුවේ 1. දාසි භාර්යාව 2. භගිනි භාර්යාව 3. සචී භාර්යාව 4. මාත භාර්යාව ලෙස තම ස්වාමිපුරුෂයා කෙරෙහි දයාව බව දක්වන තැනැත්තිය මානසික වශයෙන් අභියෝග ජයගැනීමට සමත් නිසාත් අනිකා කෙරෙහි කල්පනා කරන ආකාරය යහපත් නිසාත් වඩාත් බුද්ධිමත් ලෙස කටයුතු කරනු ලබන නිසාත් මරණින් පසු දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබන බවයි. 1. වධක භාර්යාව 2. ස්වාමි භාර්යාව 3. චෝර භාර්යාව මානසික අතෘප්තිකර භාවය නිසාත් අකුසල ධර්ම වැඩිදියුණු කර ගන්නා නිසාත් මරණින් පසු අපායේ උත්පත්ති ලබන බවයි.
සත්ත භාරියා සූත්‍රය හි දේශනා කරනු ලැබ තිබෙන කරුණු ස්ත්‍රියක් අරභයා දේශනා කළ නිසා භාර්යාවන් සතක් ලෙස දැක්වුවද එයම එලෙසම අනෙක් පැත්තටද ගත හැකි බව පෙනේ. එනම් භාර්යාව කෙරෙහි,

1. උපේක්ෂා සහගතව කටයුතු කරන සැමියා
2. සහෝදරයකු වගේ කටයුතු කරන සැමියා
3. මිතුරකු වගේ කටයුතු කරන සැමියා
4. පියෙකු වගේ කටයුතු කරන සැමියා
5. හොරෙකු වගේ කටයුතු කරන සැමියා
6. වදකයෙකු වගේ කටයුතු කරන සැමියා
7. බිරිඳ වැඩකාරියක යැයි සිතා කටයුතු කරන සැමියා
මෙම පිරිසෙන් පළමුව දක්වා ඇති සතර දෙනා තම ගිහි ගෙදරද දිව්‍ය ලෝකයක් වගේ කර ගන්නා බැවින් මරණින් මතු දිව්‍ය ලෝකයෙහිද අනෙක් තුන්දෙනා ගිහි ගෙදරද අපායක්වගේ කර ගන්නා බැවින් මරණින් පසු අපායෙහිද උත්පත්තිය ලබන බවද දහමෙහිද එන බොහෝ විග්‍රහයන්ට අනුව නිගමනය කළ හැකිය.
විවාහයක් නම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ දෙදෙනකුගේ එක්වීමක්ම විය යුතු බව බුදු දහම දකියි. එසේ දැකීමට ද හේතුවක් තිබේ. විවාහවීම යනු දරුවකු බිහි කිරීමේ හැකියාව සඳහාම වන එකතුවක් ලෙස බෞද්ධ සමාජය එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. පිරිමියෙකු වීම පිනක් ලෙසත් ස්ත්‍රියක් වීම පවක් ලෙසත් බුදු දහමෙහි කිසිම තැනක දක්වන්නේ නැත. මනුෂ්‍ය ආත්මයක උත්පත්තිය ලැබීම පිනක් ලෙසත් දක්වන බුදු සමය.
ස්ත්‍රියක වී උපත ලැබීම පවක් ලෙස නොදක්වන්නේ ස්ත්‍රිය හා පුරුෂයා අතරේ බුද්ධි වර්ධනයේ හෝ චින්තනමය වශයෙන් හෝ කායික ශක්තියෙහි කිසිදු වෙනසක් නොමැති නිසාය.
පුරුෂයකුවීම පිනක් ලෙසත් ස්ත්‍රියක වීම පවක් ලෙසත් බමුණු දහමෙහි උගන්වයි. බමුණු දහම බිහි වූයේ දඹදිව නමුදු ශ්‍රී ලාංකේය සංස්කෘතිය සකස් වීමේදී යම් යම් බමුණු අදහස්ද මිශ්‍ර වී තිබේ. කතෝලික දහමෙහිද ඒවා මැවූ පසු තහනම් ගස පෙන්වා එහි ඵල අනුභව නොකරන්නයැයි අණ කළ බව බයිබලයේ දක්වයි. බයිබලයෙහි එන උත්පත්ති කථාවත් අගගඤසූත්‍රයේ එන විවාහ සංස්ථාවේ ආරම්භයත් එකිනෙකට එය දුරස්ථ ඉගැන්වීම් දෙකකි. ඒ දෙක කෙසේවත් සමකරන්නට යාම හෝ එසේ හැකි යයි සිතීම හෝ මුළාවකි.
ස්ත්‍රිය පුරුෂයා අතර චින්තනමය හා හැකියාවන්ගේ වෙනසක් නොමැති බව දක්වන බුදු දහම ස්ත්‍රියක්වීම නිසාම ඇයට ආවේණික ලක්ෂණ කිහිපයක් දක්වා තිබේ.
1. තරුණ වියේ විවාහය නිසා මවගෙන් ඈත් වන්නට සිදුවීම.
2. මාසික සිදුවන ශාරීරික වෙනස්වීම් දරා සිටීම.
3. දරුගැබක් දස මාසයක් (සති තිස්හයක්) දරා සිටීමට සිදුවීම.
4. ප්‍රසූත වේදනාව දරා සිටීමට සිදුවීම.
5. ස්වාමියාගේ අදහස්වලට වැඩි තැන ලබාදීමට සිදුවීම යනාදියයි.
ආවේණික දුක්ඛ සූත්‍රයෙහි මේ කරුණු දක්වා තිබේ. එකී කරුණු එලෙසින් සිදුවීම වර්තමානයේ කාන්තාවන් තමන්ට ඇති දුකක් ලෙස සළකනවාද එසේ නොමැතිනම් ඒවා නොමැතිවීම දුකක් ලෙස සළකනවාද යන්න විමසා බැලිය යුතුය. ස්ත්‍රියක් ලෙස උපත ලැබීම පෙර සංසාරයේ පවක් ලෙස බුදු දහමෙහි සළකන්නේ නැත.
ස්ත්‍රියක් හා පුරුෂයකු එක්ව ජීවත්වීමේදී ජිවිතය සාර්ථකවීමට නම් දෙදෙනා අතර විශ්වාසය හා ප්‍රඤ්ඤාව යන කාරණා දෙකම අත්‍යවශ්‍ය වෙයි. විශ්වාසයද අන්ධ විශ්වාසය නොවිය යුතුය. ප්‍රඥාව ද කොටස් දෙකකි. ප්‍රඥාව සහ ස්ථානෝචිත ප්‍රඥාවයි. කතා කිරීමේදීද ක්‍රියා කිරීමේදීද කල්පනා කිරීමේදීද යන තුන් අවස්ථාවෙහිදීම මැනවින් ප්‍රඥාව තිබිය යුතුවෙයි. ප්‍රඥාව යනු අධ්‍යාපන සහතිකවලින් මනිනු ලබන්නක් නොව තම ජීවිතයේදී තම තුන්දොර හසුරුවනු ලබන ආකාරය අනුව තීරණය කරනු ලබන්නකි.
වර්තමාන සංකීර්ණ සමාජයේ විවාහ ජීවිත බහුල වශයෙන් දික්කසාද තත්ත්වයට පත්වන අවස්ථා ද දික්කසාද වී ඒ දෙදෙනාම නැවත විවාහවන අවස්ථාද බහුල වශයෙන් දක්නට ලැබේ. සාපේක්ෂ වශයෙන් නැවත විවාහවීමට වඩා දෙදෙනා වෙන්වන අවස්ථා වැඩි බවද වාර්තා වේ. දික්කසාද සියයක් අධ්‍යයනය කර බැලුවහොත් ඒ සියයෙන් අනූවකට පමණ තම විවාහය දික්කසාද වීමට බලපෑ පොදු කාරණා කිහිපයක් මෙසේ ගොනු කළ හැකිය.
දික්කසාදය ඉල්ලන්නේ විවාහ වී මුල් අවුරුදු දෙක ඇතුළත්වීම
විවාහවීමේදී එක් පක්ෂයක් කළ වංචනික බවක් පසුව එළිදරව්වීම
තමන්ගේ මනස තමන්ට පාලනය කරගත නොහැකිවීම නිසා විවිධ අරගල ඇති කර ගැනීම
විවිධ මානසික අක්‍රමිකතා
ඥාතීන් අතර පවතින අනවබෝධය හා අනවශ්‍ය වචන හුවමාරුව
දෙදෙනාගේ අදහස් එක අරමුණකට නොගැනීම
තම දෙමාපියන්ගේ විවාහ ජීවිතවල පැවැති කඩතොලු
දෙදෙනා විවාහ ජීවිතයට සාපේක්ෂව ආදරය යනු කුමක්දැයි අර්ථ කථනය කර නොගැනීම
විවාහ ජීවිතය වෙනුවෙන් අනෙකා කරන කැප කිරීම් අවතක්සේරු කිරීම
වර්තමාන දික්කසාද වන සියයට අනූවකගේ ඇත්ත කථාව එයයි. එය එසේ නමුත් බොහෝ විට නීතියට යන්නේ නීතිඥ මහත්වරුන් දක්වන විවාහ ජීවිතයේ අභ්‍යන්තර හේතු දක්වමිනි. ඇතැම්විට එයට හේතුවන්නට ඇත්තේ අප පෙර දැක්වූ කරුණු කාරනා දික්කසාදයක් වීමට තරම් ප්‍රබලහේතු කාරණා ලෙස නීතියේ දක්වා නොතිබීම විය හැකිය.
කළ අධ්‍යයනවලදී දුටු අනෙක් ලක්ෂණය වන්නේ විවාහය දික්කසාදයකින් අවසන් කළ යුතුය යන ඇති වන්නේ හෝ එය නීතියට යන්නේ හෝ යවන්නේ ස්ත්‍රී පක්ෂය විසින් වීමය. දික්කසාදයක් වීමට පළමුව දෙදෙනාගේ නොගැළපීම ගැන ඒ දෙදෙනා විසින්ම වෙන වෙනම සිය හිත මිතුරන් සමඟ අදහස් දක්වනු ලැබේ. අප දෙදෙනා නොගැළපෙන්නේ මෙන්න මේ කාරණා නිසායයි කියති. එසේ අදහස් දක්වනු ලැබුවත් ඒකියන්නේ සත්‍යම කාරණාව නොවේ. බොහෝ ඒවා වෙනත් මානසික සිතුවිල්ලක් පෙරදැරි කරගෙන කියන අසත්‍ය ඒවාය. සත්‍ය කරුණු කීවත් ඒ කියන්නේ සත්‍ය ඒවා නොවේ. ඒ කියමන්වල ඇත්තේ සිදුවූ සිද්ධි දාමය ගැන තමන් සිතන ආකාරයයි. ඒ සිද්ධි දාමය තුළ තමන් දුටු දෙයයි ඒ සිද්ධිදාමය ගැන තමන් ඇසූ දෙයයි සිද්ධියේ සත්‍යය අසන්නා සිහි බුද්ධියෙන් විමසා දැන ගත යුතු මිසක කියන්නා ප්‍රකාශ කරන්නේ සත්‍යයයි පිළිගැනීම මුලාවකි.
සත්ත භරියා සූත්‍රයේදී දැක්වූ කරුණු අනුව අනේ පිඬු සිටුතුමාගේ පුත්‍රයාගේත් ලේලියගේත් විවාහය දික්කසාදය දක්වා ඈතට නොගියේ ලේලියගේ අදහස් සාවදානව අසා සිටීමටත් විවාහ ජීවිතයක පවතින අභියෝගාත්මක බව තේරුම් බේරුම් කර දීමටත් බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කළ නිසාය. අනවබෝධී අදහස් අවබෝධයෙන් ද පුරවා ලන්නට උන්වහන්සේට එමනිසා හැකියාව ලැබුණි.
විවාහවී දික්කසාද වූ තරුණියක් හා තරුණයෙක් මා සමඟ සිය විවාහ ජීවිතය ගැන කියූ කතා දෙකක් මගේ හිතේ තදින්ම කා වැදී තිබේ. දික්කසාද සිද්ධි සිය ගණනක් ගැනත් විවාහ ජීවිතවල විවිධ දුක් ගැනවිලි ගැනත් අසා හුරු පුරුදු මට ඒ අදහස්වල කිසියම් අමුත්තක් දැනිණ. ඒ තරුණයා කිව්වේ මෙයයි.
හාමුදුරුවනේ මගේ නෝනා හරි හොඳයි ඒත් අපිට අපි අපි හරිහැටි තේරුම් ගන්න බැරි උණා. මගේම කරුමෙ වෙන්නැතියි කියමින් හේ බිම බලා ගත්තේය තරුණිය කීවේ මෙයයි මට කේන්ති යනවා වැඩියි ගෙදර නිතර නිතර කළ කෝලාහල ගියා තමයි. ඒත් මේක මෙච්චර දුර දිග යාවී යැයි කියා මම එදා හිතුවේ නෑ. ඈ දෑසේ දෑලෙන් වෑහෙන කඳුළු දෑසේ සඟවාලමින් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ බොහෝ අය බිරියන්ගේ සැරපරුෂ බව, නපුරුකම නිසා දුක් විඳින බවත්, කරගත් විවාහය ගැන පශ්චාත්තාප වන බවත් පේනවා. ඒත් මේ අය කී දෙනෙක් පෙම්වතියක් තෝරාගන්නා විට රූපය ගැන මිසක් යහපත් ගතිගුණ වැනි ලක්ෂණ ගැන සැළකිලිමත් වුණාද? (නි)
මමත් “හදිසියේ විවාහ වි නිවිසැනසිල්ලේ දුක්විඳින“ දහසක් අතුරින් කෙනෙක්. (නි)
තරුණ දරුවනේ, ඔබ ඇඳුමක් ගන්න ගොස් එය තමන්ට සුදුසුද කියා බලන්න ගතකරන කාලයවත් තමන් තෝරාගත්ත කෙනා එක්ක තමන්ට එකට ජිවත්විමට සුදුසුද කියලා බලන්න වැය කරන්න. හදිසි වෙන්න එපා. පසුව හදාගන්න බලාගෙන විවාහ වෙන්න එපා. ඒක කරන්න බැහැ. අත්දැකීමෙන් කියන්නේ (නි)
මෙවැනි ලිපි බලාවත් හැදෙනවා නම් රටට යහපතක්. නමුත් අවාසනාවකට මෙවැනි කාන්තාවන් කියවන්නේ මෙවැනි ලිපි නොවේ. ඔවුන් දරුව්නගේ වැඩ පවා අතපසු කරමින් එෆ්බි ගොස් ඕපාදුප දොඩවන නිසා මෙවැනි හරවත් ලිපියක් කියවන්නේ නැහැ. (නි)
“හදිසියේ විවාහ වි නිවිසැනසිල්ලේ දුක්විඳින්න“....... යනුවෙන් ඉංග්‍රිසි කියමනක්ද ඇත. රූපයට රැවටී ගතුගුණ ගැන සොයා නොබලා විවාහ වූ සැවොම දුක්විදියි (නි)
මධුරි, මටනම් හිතේනනේ වත්මන්කාන්තාවට මෙහෙම වෙලා තියෙන්නේ හැමදේටම සල්ලි ඉස්සර කර ගැනිමි නිසා කියලයි. අද ඉස්සෙල්ලම කරන්නේ දරුවන් තමන් ලග තියාගෙන සැමියට පෙන්නන්නෙවත් නැතුව, සැමියට එරෙහිව නඩත්තු නඩුවක් දාන එකනේ. (ර)
රූපය වෙනස් කළත් ගතිගුණ නම් වෙනස් කළ නොහැකියි. බැඳපු අළුත න්ම වෙනස් වුනා වගේ රඟපාන්න සමහරුන්ට පුළුවන්. ටික දිනක් යනකොට සැබෑ තත්වය මතු වෙනවා. ඒ නිසා රූපයට දෙවෙනි තැනටත්, කාන්තවකගේ ගතිගුණ පළමු තැනටත් තබා තින්දු තිරන ගන්න. (ර)
කාන්තා හිංසනයට වඩා පුරුෂ හිංසනය සියයට 80 පමණ වැඩියි. යන මධුරිගේ අදහස 100% ක් අද කාලයට නිවැරැදියි. බොහෝ තරුණ පිරිමි ළමුන් තම පෙම්වතියට ඕනෑ ආකාරයට වැඩ කරමිනි දුක් විදිනා අතර, බොහෝ තරුණ ස්වාමිවරුන් බිරිදට බයේ ඇයගේ කෑගැසිමි රන්ඩු වලට බයේ තම දෙවමව්පියන් පවා අමතක කර ජිවත් වන්නට පටන් ගෙන ඇත. (ර)
කමනි, ඔබ හිරයටම හරි. පිරිමින් සිතන්නේ රූපය වෙනස් කරන්න බැහැ. ඒ නිසා ලස්සන සුදු රූපයක් ඇති ඔනෑම කාන්තාවක් විවාහ කරගෙන පසුව ඔවුන්ගේ ගතිගුණ නම් වෙනස් කර ගතහැකියි කියායි. නමුත් රූපය නම් ප්ලාස්ටික් සැත්කමකින් හරි වෙනස් කළත් ගතිගුණ නම් වෙනස් කිරීම ට නොහැකි බව පසක් වන්නේ විවාහ වී ටිකි දිනක් ගිය පසුවයි. (ර)
ඉතා හොඳ ලිපියක් (නි)
එක්තරා ජාත්‍යන්තර පාසැලකට තම ළමුන් දෙනොම ඇතුළත් කර ඇති සැමියා විදෙස්ගතව සේවය කරන ගෘහණියක් සිටිනවා මහරගමට ආසන්න පෙදෙසක. ඇය ගෙදර උයන්නේ නැති බව සැමදා කඩෙන් කන බව සෙසු මව්වරුන්ට පවසන්නේ මහත් ආඩම්බරයෙන්. අනේ එ් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොම වෙයිද තව ඉස්සරහට. (නි)
පන්සල් වල පෝය දිනවල සිල් සමාදන්වන්න වැඩිපුරම 90%ක් විතර ඉන්නේ මැදිවියට හා වියපත් කාන්තාවො. තමන් තරුණ වයසේ කළ හැසිරිම් වල විපාක අවබෝධවි බියට පත්වීමක්ද? නැත්නම් යථාර්ථය අවබෝධවන්නේ තම සිරුර වයසත් සමඟ වැහැරීම නිසාද? සමහරුන් සිල් සමාදන් වුණත් පරණ මුරණ්ඩුකම් වල අඩුවක් නැති අවස්ථා ඇත. වර්තමානයේ කාන්තාවන් මුරණ්ඩු තත්වයට පත්වන්නේ කිසියම් ආහාර රටා හෝ පාරිසරික හේතු නිසාද? කාන්තා හිංසනයට වඩා පුරුෂ හිංසනය සියයට 80 පමණ වැඩියි. (නි)
වීරවර්ධන, ඔයා කියන්නේ වධක භාර්යවන්ගෙ ක්‍රියාවන් දිගින් දිගටම ස්වාමිපුරුෂයන් විසින් ඉවසි්ය යුතුයි කියන එකද? ඒකට නම් මම එකඟ නැහැ. මොකද එහෙම දිගින් දිගටම ඉවසනවා කියන්නේ එක්කෙනෙක් දිගින් දිගටම දුක්විදිනවා කියන එකයි. මේ කෙටි ජීවිත කාලේ එහෙම දුක් විද විද ඉන්න ගියාම පිනක් දහමක් කරගන්නවත් කාලයක් ඉතිරිවෙන්නෙ නැහැ. (අ)
ඉවසන දනා රුපුයුදයට ජයකොඩිය. මෙය කිව් කෙනාගේ කට කෑවත් මදිය.ඉක්මන් වුණු එවුන් ළඟ කෙල්ලන් හත අටය. ඉවසපු නිසා මම තාමත් තනිකඩය.(අ)
මොන ප්‍රශ්නේ ආවත් ඉවසන්න පුරුදුවෙන්න. ගොඩක් ප්‍රශ්න කාලය විසින් විසඳනවා. මම අත් දැකීමෙන් කියන්නේ (බ)
මෙහි පළව ඇති ලිපියත්, පාඨකයන් දක්වා ඇති වටිනා අදහසුත් ඉතාමත් කාලෝචිතයි. මෙහි අදහස් දක්වා ඇති බුද්ධිමත් පිරිසගේ අදහස් මා ඉතාමත් ආසාවෙන් කියෙව්වා. මෙවැනි කාලෝචිත ලිපි තව තවත් පළ කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (ර)
සේනක, ඔබගේ මහාචාර්යවරයා කියා තිබෙන දෙය සත්‍යම සත්‍ය්‍යි. ජිවිතේට අසැබි වචන නොකියපු පිරිමින්, සමහර නපුරු ගැහැණූ කසාද බැන්ද විට තියෙන නරකම වචන භාවිත කරලා බනින්න වෙනවා. ලැජ්ජාව ආත්ම ගෞරවය බල්ලට දාන්න වෙන්නේ හරි හමන් නොනා කෙනෙක් හම්බ නොවුනොත් තමා. (ර)
අද ඉන්න සමහර තරුණියෝ බදින්න කැමති පිටරටක සේවය කරන අයෙක්ව. හේතුව සැමියා ලග නැතත් මාසෙ අන්තිමට සල්ලි එනවා. තමන්ට ඕන විධියට තරුණියට ජිවත් වෙන්න පුළුවන්. උයන්න සැමියිගෙ වැඩ කරන්න ඕනෙ නැහැ. ඒවගේම පුංචි හරි ප්‍රශ්නයක් ඇතිවුනු ගමන් දික්කසාද හො නඩත්තු නඩුවක් දාලා ලොකු ගානක් ගන්න පුළුවන්. මොකද පිටරට ඉන්නන නිසා. නමුත් පිටරට ඉදන් සල්ලි හොයනන් විදින දුක දන්නේ ඉන්න අයම තමයි. එය ලංකාවට වි මාසෙ අන්තිමට මුදල් ලැබෙන කාන්තාවෝ නොදන්නා එකයි ප්‍රශ්නේ. (ර)
අපේ රටේ එදා සිටම තිබුනේ පිතෘ මූලික සමාජයක්. කාලයත් එක්ක වුනු වෙනස තමයි කාන්තාවට සම තැන ලැබිමි සහ කාන්තාවන් සමාජයේ ඉදිරියට ඒම. ඒකත් එක්කම වුනු දේ තමයි දික්කසාද වැඩිවිම. මට තේරෙන විදියට මෙම දික්කසාද වැඩිවිමට මූලික හේතුව තමයි වත්මන් කාන්තාවගේ හැසිරීම. කරට කර යාමට උත්සාහ කිරීම, හැමදේටම මුදල් ඉස්සර කර ගැනීම.(හේ)
කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී තමාගෙන් ඉටුවිය යුතු සියලු දේ ඉටුකිරීමක්ද යමෙක් ලෞකික ජීවිතයකින් බලාපොරොත්තු වෙන්නේ? (නි)
මේ ප්‍රශ්න වලට මුල පිරිමි අය ගැහැණු අයව තේරුම් ගන්නේ නැතිකම ඒ දෙය මේ ලිපියෙනුත් පැහැදිලියි. ගැහැණු අය මේ ලෝකේ විදින දුක් ගැහට අනන්තයි. නොතේරුම් කම නිසයි මේ වගේ භාර්යාවෝ ලෝකේ ඉන්නේ. (බ)
පිරිමි 100% ක් හොඳත් නැහැ. ගැහැණු 100% ක් හොඳත් නැහැ. නමුත් වර්තමානයේ නරක ගැහැණුන්ගේ ප්‍රතිශතය සීඝ්‍රයෙන් වැඩිවි ඇති බව අසන්නට දකින්නට ලැබෙන දේවල් වලින් පෙනේ. ඒකයි ප්‍රශ්නය. (නි)
අනේ අපේ රටේ බොධිසත්ව මහත්තුරු වැහි වැහැලනේ මෙච්චර නරක කාන්තවෝ විවාහ කරගන්න මොකටද අනේ එහෙනම් දෑවැදි .....පවු මෙයාලාට වෙන රටකින්වත් ගෙනැත් දුන්නනම් හොදයි ....බීලා බිරිඳට හිරිහැර කරන දරුවන්ට හිරිහැර කරන පිරිමි අපෙ රටේ බෙහෙතකටවත් හොයගන්න නැහැ නොවැ.....ඔන්න ඕවා අතහැරදාලා විවාහ නොවී ඉන්න අප්පා.....(බ)
දැන් පරිසරයේ උණුසුම වැඩි නිසා මිනිසුන්ගේ ශරීරයේ උණුසුමත් වැඩිවෙලා. ඒක නිසා වෙන්න ඇති මේතරම් පවුල් ප්‍රශ්න වැඩි මට තිතෙන්නේ. (නි)
අද ඉන්න බවලතියොත් කතා කරන්නේ අයිතිවාසිකම් ගැන විතරයි. එයාලගෙ යුතුකම් මුළුමනින්ම අමතක කරලා. ඒකයි පවුල් ප්‍රශ්න වලට මුල කියලයි මට හිතෙන්නේ. (නි)
මම නම් හිතන්නේ අපි කසාද බඳින්නේ අපෙන් වියයුතු යුතුකම් කරලා අනෙක් පාර්ශ්වයෙනුත් එයාගෙ යුතුකම් අපිට කරයි කියලා බලාපොරොත්තුවෙන් මිසක් එක්කෙනෙක් විතරක් තනියම යුතුකම් කරන්න හිතාගෙන නෙමෙයි. (නි)
බිරිඳගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී සැමියාගෙන් ඉටුවියයුතු සියලු දේ ඉටුකිරීමක් තමයි අද ඉන්න බහුතර කාන්තාවන් විවාහයකින් බලාපොරොත්තු වෙන්නේ. මෙතන තමයි එයාලට වැරදුන තැන. (නි)
ලක්ෂාන් වැනි අය තමයි අද 90% ක්ම ඉන්නේ. ඕක තේරුම් ගන්න අවුරුදු 20-25 ක් ගියා කියලා බැහැ. (නි)
පාරේ තොටේ, බස්රියේ, දුම්රියේ, පොළේ දකින කටහැකර, පිරිමි වගේ කතාකරන ගැහැණුන් මට නම් හරිම අප්‍රසන්න දර්ශනයක්. (නි)
ධම්මික සෑහෙන දුක්විඳින කෙනෙක් වගෙයි. (නි)
ධම්මික කියන විදියට ඉන්න නම් සෝවාන්වත් වෙලා ඉන්න ඕනෑ. (නි)
ඉතා සාර්ථක ලිපියක් ඉදිරිපත්කළ ලංකාදීපයට තුති! (නි)
සංජීව, කියන විදිය හරි. බුදුසරණයි. (ර)
සැමදෙනාටම ඉතා වැදගත් ලිපියක්. මේ ලිපියට ස්තූතියි! (නි)
ධම්මික, කියන්න පහසුයි කරන්න අමාරුයි. ප්‍රායෝගික දෙයක් කියන්න. (නි)
කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී තමාගෙන් ඉටුවිය යුතු සියලු දේ ඉටුකරන්න . සියල්ලෙහි විසදුම එතන ඇත. මගේ ප්‍රායෝගික පුහුණුවීම එයයි (ම)
සංජීව, මට කියනවද ඔය "හණමිටි අදහස්" කියන පිරුල හැදුනු හැටි.... (ර)
ගරු ස්වාමින් වහන්ස, මා සේවය කරන රෝහලේ කුඩා පුතෙකු සිටින තරුණ හෙදියක් සිටිනවා. නමුත් මැය සැමදා සේවයට පැමිණෙනවා පමණක් නොව අතිකාල සේවා කාල වලද සේවය කරයි. රාත්‍රි සේවය කළොත් නිවසට නොයා රෝහල් නේවාසිකාගාරයේ නිදාගෙන සිට තමයි ගෙදර යන්නේ. හේතුව ලෙස ඇය කියන්නේ ගෙදර ගියාම නිදාගන්න බැහැ පුතා කරදර කරනවා කියලයි. අප කතාවෙනවා මැය පවුල් කන්නේ කෙසේද කියලා. අද තත්වය මෙහෙමයි. අපි මාතෘත්වයට ගරු කළාට එය දෙවනුව තබා මුදල් පසුපස යන අයත් ඕනෑතරම්. මේ නිසා තමයි දික්කසාද වැඩිවන්නේ. (නි)
මේ පුවත කියවනවිට මගේ මතකයට එන්නේ එක්තරා මහාචාර්යතුමෙක් විහිළුවට වගේ කරපු ප්‍රකාශයක්. "පිරිමියෙක් තමන්ගේ ආත්ම ගෞරවය නැතිකර ගන්න ඕනෑනම් කසාදයක් බඳින්න" කියලා. හැබැයි ඉතින් බලාගෙන යනකොට විහිළුවක් කියලා ප්‍රතික්ෂේප කරන්නත් අමාරුයි කියලා හිතෙනවා. (නි)
අද සමාජයේ ගැහැණුන් මෙන්ම පිරිමින්ද ඉතා නරකය. නමුත් මේ අතරින් ගැහැණුන් ඉතාමත්ම නරකය. (නි)
ගරු ස්වාමින් වහන්ස, බොහෝ හෙදියන්ගේ පවුල් ජිවිත අප්‍රසන්නයි. නිතර රණ්ඩු. දරුවන්ටත් ගහනවා. මුදල් ඇති නිසා ස්වාමිවරුන්ට වයසක අම්මලාට සළකන්නේ නැහැ. මේ නිසා දිවයිනේ ප්‍රසිද්ධ රෝහල් වල හෙදියන්ට සාමකාමී පවුල් ජිවිත ගතකළයුතු ආකාරය, වචන පරිස්සමින් පාවිච්චි කළයුතු ආකාරය ගැන දේශන පවත්වන්න. එක්අයෙකු හෝ හැදුනොත් එය සමාජයටම යහපතක්. (නි)
නඩු කියන්නයි කියලා පන්සල් වලට පෝය දවස් වලට ගිහින් සම්මාදම් එකතුකළ බවලතෙක් ගැනත් මීට ටික කලකට උඩදි පත්තරේ ගියා මට මතකයි. මෙන්න අද තත්වය. (නි)
"විවාහය කියන්නේ ආදරය මත ඇතිවන්නක් නොව ගේ දොර යාන වාහන ලැබිමට හෝ තමන්ට නැති දේවල් පිනට ලබාගැනීමේ ව්‍යාපාරයක් බවට අද පත්ව ඇත." යන ඕපාතගේ කතාව 100% ක් ඇත්ත. බහුරයකට මෙහෙමයි. ඒකයි ඇල්බම් එක ගන්න කලින් දික්කසාද වෙන්නේ. බැඳීමක් නැහැ. පවුලක් යන හැඟීමක් නැහැ. (නි)
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ලෙස අපිට කාවද්දා ඇත්තේ පිරිමියෙකු විසින් ගැහැණියට ගහන වද දෙන දෙයකි. නමුත් ඇත්ත සොයලා බැලුවොත් උදේ සිට රෑ වනතුරු තම ස්වාමියාට බනින, දරුවන්ට බනින, ස්වාමියාගේ දෙමාපියන්ට බනින සහ කිසිම උදව්වක් ඒ අයට කිරීමට සැමියාට ඉඩනොදෙන බවලතුන් මොනතරම් සිටිනවාද? මේ අය මානසිකව අන් අයට කරන්නේ මොනතරම් ප්‍රචණ්ඩත්වයක්ද? (නි)
උසාවියකට ගොස් බලන්න මොන තරම් දික්කසාද සහ නඩත්තු නඩු තියෙනවද කියලා. හාමුදුරුවො කියලා තියෙනවා වගේ මේවායින් 90% ක් විතර දාලා තියෙන්නේ ස්ත්‍රී පාර්ශවය විසින්. නිකමට වාගේ ඒ අය සමඟ කතාකර බලන්නකෝ. 90% ක් පාහේ කතාව හරිම රළුයි. කලබලයි. ආක්‍රමණශිලියි. (නි)
වදක භාර්යාවන් වැඩිවන තරමට වද විඳින්නේ ස්වාමිවරුන්ය. එසේම පව්කර ඇත්තේද ස්ත්‍රිය නොව එවන් ස්ත්‍රියක් ලද එකී ස්වාමිවරුන්මය. (නි)
අද ඔක්කොටම කලින් කරන්නේ දුවලා ගිහින් නඩත්තු නඩුවක් දානවා. සල්ලි තමයි ලොකු. සැමියට එරෙහිව උසාවියක නඩුවක් පැවරුවට පස්සෙ පවුල දෙදරනවා කියන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. නමුත් බිරිඳ කියන්නෙ අනේ මම දික්කසාද නඩු දැම්මෙ නැහැ. නඩත්තු නඩුවවක් විතරයි පැවරුවේ කියලා. නඩු දාලා උසාවියෙන් සල්ලි ගන්න ගමන් පවුල් රැකගන්න බැහැ කියන එක අපේ කාලයේ කාන්තාවන් බොහොමයක් දන්නේ නැත. (නි)
මාගේ නිවසේ ඉහළ මාලයට කුලියට අරන් ඉන්න පවුලේ තරුණ මව සැමදා උදයේ තම පුතු පාසැල් යාම සඳහා සූදානම් කරවනු මට ඇසේ. ඇය කුඩා පුතුට අණදේනේ අණදෙන නිලධාරිනියක ලෙසිනි. මොනතරම් බොරුවකින්ද මේ සමාජය වෙළී තියෙන්නේ. තමන්ගෙ දරුවාට මෙහෙම නම් මෙවැනි අම්මලා වෙන දරුවන්ට කොහොම ඇද්ද? (නි)
අද සමාජයේ ඉවසිමක් නැති, කලකෝලාහල කරන, දෙමව්පියන්ට හරියට සළක්නනේ නැති, වචන ඉතාම දරුණු කාන්තාවෝ වැහිවැහලා. මේ නිසා කාන්තාවන්ට සෞම්‍යව ජීවත්වන හැටි වැඩි වැඩියෙන් බණ දේශනා වලදි දේශනා කරනවා නම් යහපතක් වෙනවා. සැමියා/අම්මා /තාත්තා කියන දේ අහන්නේ නැතිවුණාට අඩුතරමින් ස්වාමීන් වහන්සේ කෙනෙකු දේශනා කළ නිසාවත් හැදෙයි. (නි)
මම දන්නා විදියට වධක භාර්යාවො විවාහ කරගත් ස්වාමිපුරුෂයෝ නම් සැබෑ පව්කාරයෝ. (නි)
පුදුම කතාවක්නේ අපි. නැතිනම් පිරිමි උපදින්නේ කොහොමද . ඒ පින් බලෙන් තමයි. ගැහැණිය උතුම් බවට පත්වෙන්නේ (බ)
ඉතා අගනා කාලීන තේමාවක්..ගොඩාක් පින්..(බ)
මෙවැනි ලිපිවලට මං ගොඩක් කැමතියි. (බ)
වධක භාර්යාවො සහ චෝර භාර්යාවො අද වැහිවැහැලා. ඇයි? කසාද බඳින්නේ සියළු සැප සැමියා විසින් නොපිරිහෙලා තමාට දියයුතුයි කියලා හිතාගෙන. ඒවා අඩාල වුණොත් ඉවසන්න බැහැ. පවුලක් යන සංකල්පය හිතේ තියෙන අය හරිම අඩුයි. (නි)
විවාහය කියන්නේ ආදරය මත ඇතිවන්නක් නොව ගේ දොර යාන වාහන ලැබිමට හෝ තමන්ට නැති දේවල් පිනට ලබාගැනීමේ ව්‍යාපාරයක් බවට අද පත්ව ඇත. මේ නිසයි පොඩ්ඩ බැරි වෙනකොට කාන්තාවෝ කෝලාහල කරන්නේ. තමන්ගේ සිහින නැහැ වගේ පේනකොට සැමියා පේන්නෙ යකෙකු වගෙයි. (නි)
මෙතන වත්මන් ගැහැණිය ගැන කියා තිබෙන හුඟක් කතා නම් ඇත්තම ඇත්ත. හාමුදුරුවරුන්ට, මාධ්‍යයට සෑහෙන දෙයක් මේ වෙනුවෙන් කරන්න තියෙනවා. (නි)
ගිහාන්, ඔයා තේරුම් ගන්නත් එපා. තේරුම් ගත්තොත් ඔයා කවදාවත් කසාදයක් කරගන්න එක්ක නැහැ. දැනටත් බැඳලා නම් ඒ කසාදය දිගටම පවතින එකක් නැහැ. තේරෙන්නේ නැතුව, හැඟීම් දැනිම් නැහැ වගේ හිටියොත් තමයි අද කාලේ පැවැත්මක් තියෙන්නේ. (නි)
ලසස්න අය නම් අද ඕනෑතරම් ඉන්නවා. නමුත් විවාහයට සුදුසු නිවුනු, අරපිරිමැස්මෙන් යුතු, දෙමව්පියන්ට සළකන, ඉවසීම ඇති කාන්තාවක්. එය කළුනික සොයනවාටත් වැඩියි අමාරුයි. (නි)
තොල් නිය කොණ්ඩෙ පාටකරලා, සුවඳ විලවුන් දාලා පාරෙ යන කාන්තාවෝ 100 ක් ගත්තොත් 90 කගෙම පිට පොත්ත අයින් කරලා බැලුවොත් හදවත් මළ යක්ෂණියන්ගෙ වගෙයි. ස්වාමියාට බනින, දරුවන්ට ගහන, වයසක දෙමව්පියන්ට වදදෙන නමින් පමණක් මිනිස් බව ලැබූ කාන්තාවෝ බොහෝ ඇත. මේ විදියේ පිරිමි නැහැ කියනවා නෙමෙයි. නමුත් මේ ලිපියෙ කතා කරන්නෙ කාන්තාවෝ ගැන නිසයි මෙවැනි මා දැක ඇති කාන්තාවන් ගැන ලිව්වේ. (නි)
කාන්තාවන්ගේ දරුණු වචන භාවිතය නිසා තමයි හුඟක් පවුල් අවුල් වෙලො තියෙන්නේ. කිසිම සෞම්‍ය බවක් නැහැ කතාවේ අද ඉන්න හුඟක් කාන්තාවන්ගෙ. (ර)
මට නම් තේරෙන්නේනැත. (අ)
අද කාලේ තරුණ මැදිවියේ අම්මලා භාර්යාවෝ ගැන ඒතරම් පැහැදීමක් නැති බව තමයි මේ අදහස් වලින් පේන්නේ. මේවා වැරදි නැහැ. අපේ අත්දැකීම් අනුවත් එහෙමම තමයි. මේ අයට වැඩිපුර බණ දේශනා කරනවා නම් හොඳයි. විවාහවිමිට සිටින අයට පවුල් ජීවිතය සාමාකාමිව ඉවසා දරාගෙන ගෙනයා යුතු ආකාරය ගැන දැනුවත් කරනවා නම් යහපතක් (නි)
ලලිනි ඔබගේ අදහස් ඉතාම තාත්විකයි. (බ)
වත්මන් වදක භාර්යාවන් නිසා දුක් විඳින්නේ අහිංසක දරුවන් සහ සැමියන්ය. වදක භාර්යාවන්ට බොහෝවිට හමුවන්නේ ඉතා හොඳ සැමියන් වන අතර, හොඳ භාර්යාවන්ට හමුවන්නේ නරක සැමියන් බවයි මාගේ හැඟීම. (නි)
අවසානයේ දක්වා ඇති දික්කසාද කතාවේ කාන්තාව පවසා ඇති දෙය නම් සත්‍යයක්මයි. මොකද අද මේ වගේ කාන්තාවන් අපේ රටේ වැහිවැහැලා. ඇයි කියන්න දන්නේ නැහැ. කිසිම ඉඩසීමක් හෝ ගෞරවයක් සැමියාට හෝ සැමියාගේ දෙමව්පියන්ට දක්වන්නෙ නැහැ. නිතරම කතා කරන්නේ කාන්තා අයිතිවාසිකම් ගැන විනා යුතුකම් ගැන නොවේ. (නි)
දුරකථනය කණේ තබාගෙන තමන් සමඟ යන දරුවා ගැන සැළකිල්ලක් නැති අම්මලා පාරට බැස්සම දැකගන්න පුළුවන්. එෆ්බී යන්න වෙලා තිබුනට දරුවගෙ පාසැලේ වැඩ කියලා දෙන්න වෙලාවක් නැති අම්මලාද ඇත. දුරකථනයෙන් දරුවන් සැදිමට සහ දුරකථනයෙන් පවුල්කෑමට හැකි ක්‍රමවේදයක් ඇත්නම් මොවුන් පළමු තැන ගනු ඇත. (නි)
ගැහැණියක් වුණ පමනින් හෝ දරුවෙකු වැදූ පමණින් තමන්ට ඒ ගෞරවය අනිවාර්යෙන් ලැබියු යුතුයි කියලා අධිතක්සේරුවකින් සිටිනා කාන්තාවෝ තමයි අද හුඟක් ප්‍රශ්න වලට මුල. අයිතිවාසිකම් ගැන තමයි කතාව. ගැහැණියක් වශයෙන් තමන්ගෙ යුතුකම් ගැන වැටහීමක් නැහැ. (නි)
චතුරි, ගැහැණිය උතුම් කියන්නේ ඔයා කියන හේතුවට නම් නෙමෙයි. උතුම් වැඩ කරන උතුම් විදියට ජීවත්වෙන අය විතරයි උතුම්. එහෙම නැතුව ගැහැණියක් හො පිරිමියෙක් වුණා කියලාවත් දරුවෙකු වැදුවා කියලාවත් උතුම් වෙන්නෙ නැහැ. උපන් ගමන් දරුවො මරපු අම්මලා කීදෙනෙක් හිටියද? ඒ අම්මලා උතුම්ද? වඳින්න සුදුසුද? (නි)
අනියම් පෙම වෙනුවෙන් දරුවො මරපු කාන්තාවො ඉන්න රටක් මේක. මේ අයට ගෙදර බුදුන් අම්මා යැයි කියන්න බැහැ. අද ඉන්න අම්මලා සමහර අය නියම අම්මලා නම් නෙමෙයි. (නි)
ගිය වසරේ අවුරුදු නැකැත් වෙලාව මගෙ නෝනා මගේ අම්මත් එක්ක රණ්ඩුවක් වෙලා උයපු කිරිබත් හැලිය පොළොවෙ ගැහුවා. පුංචි දියණියත් මාත් මගේ තාත්තත් බලා සිටියදී. එයාට කිසිම ඉවසීමක් නැහැ. පොඩ් දෙටත් කේන්ති ගන්නේ මහාලොකු විදියට. මම හරි අසරණයි හාමුදුරුවනේ. නමුත් කරන්න දෙයක් නැහැ. දොස්තර කෙනෙක් ගාවට යන්න එන්නෙත් නැහැ. (නි)
මේක මේ වසංගතයක් වෙලා තියෙන්නෙ රටේ හැමතැනම. බහුතර තරුණ කාන්තාවන්ගෙ කිසිම විනයක් නැහැ. පවුල් ජීවිත ගෙවන හැටි දන්නෙ නැහැ. දරුවෙක් ලැබුනට පස්සෙ දරුවා නිසාම පවුල් ප්‍රශ්න ඇතිකරගන්නවා. වැඩ බෙදන්න යනවා. ඔයා මේක කරන්න කියලා. පිරිමින්ට වදදෙන භාර්යාවන් ඉතාම වැඩියි. (නි)
අනේ හාමුදුරුවනේ, බණ දේශනා වලට මේ මාතෘකාව වැඩැපුර යොදාගෙන කාන්තාවන්ට මේ ගැන පහදා දෙන්න. මෙය සමාජ සත්කාරයක්. මගේ අයියගේ නෝනාත් හරිම සැරයි. එයා හිතනදේ විතරයි හරි. දෙමව්පියන්ට අසභ්‍ය වචනයෙන් බනිනවා. අයියා දෙපාරක් වහබොන්න ගියා. කරුමයක් ගෙවන්නේ. (නි)
මට හිතාගන්න බැරි මෙච්චර දියුණු ලෝකයේ තවමත් හණමිටි අදහස් තියෙනවා නේ.. (බ)