IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


කුමන ගම හැරයන්න හීනෙන් කී අමුත්තා

තමන්ට අපල උපද්‍රවයකදී දෙවියන් මතක්වී දෙවියන්ගේ පිහිට ඉල්ලා සිටින මිනිස්සු වැඩිපුරම සිටිති. නමුත් ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවල නිරතව සිටිමින් හැකි හැම අවස්ථාවකදීම දෙවියන්ට පින් අනුමෝදන් කරන බැතිමතුන් කෙරෙහි දෙවියෝද බලති. මහකැබිලිත්ත පිළිබදව සහ එහි හාස්කම් පිළිබදවත් කතරගම දේව අඩවියේ හාස්කම් පිළිබදවත් ලියද්දී කතරගම නොගොස් මහකැබිලිත්ත දේවාලයට යන්නට දැන් බොහෝ දෙනෙක් සුදානම් වන්නේ වැඩි ප‍්‍රතිඵල ලබන්නටය. නමුත් කතරගම හෝ මහකැබිලිත්ත හෝ වෙනත් කුඩා කතරගම දේවාලයකට ගියද දෙවියන් පිහිට වෙතැයි සිතිය නොහැක. තම ජීවිතයේ හැම අවස්ථාවකදීම කරන කියන පිංකම් වලින් පසුව දෙවියන්ට පින් අනුමෝදන් කරන්නෝ දෙවියන් විසින්ද ආරක්‍ෂා කරතියි ජන විශ්වාසයක් පවතී. මීට වසර හතළිහකට පමණ පෙර වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ලෙස සිටියේ ලීන් ද අල්විස් මහතාය. පරිසරයට ඉතා ආදරය කළ තැනැත්තෙකුවු ඔහු කුමන වනෝද්‍යානයටත් නිතර ආවේ ගියේය. මේ වකවානුවේ ත‍්‍රස්තවාදී කලබලත් නොතිබු නිසාත් කුමන ගම්මානයද පිහිටා තිබු නිසාත් කුමන පැත්තෙන් මහකැබිලිත්ත දේවාලය ව`දින්නට යන අයට පහසුවක් විනි. අද මෙන්  ඕකන්‍ද දේවාලය ආසන්නයේ වනජිවි කාර්යාලයක් තිබුණේ නැත. යුද හමුදා කදවුරුද නොවීය. ලීන් ද අල්විස් මහතාගේ ඇදුම් ආදිය මැසුවේ ගල්කිස්ස ප‍්‍රදේශයේ ජීවත්වු බර්ටි නැමැති අයෙක්ය. ඔහු ආගම දහමට වැඩි ඇල්මක් දැක්වු කෙනෙකි. එමෙන්ම ඔහු කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරමින් උදේ හවස බුදුන් ව`දිමින්  දැහැමි ජිවිතයක් ගෙවු අයෙක්විය. ’‘බර්ටි’’ට කරගම්පිටිය ප‍්‍රදේශයේ නිවෙසක් ද අයිතිව තිබුණේය. මීට වසර තිස් අටකට පෙර ඔහු මේ නිවස කුලියට දුන්නේ අවුරුදු දෙකකටය. කුලියට ගත් අය දේශපාලනයට සම්බන්‍ධ අය විය. එකල තිබුණේ සමගි පෙරමුණු ආණ්ඩුවයි. නියමිත කාලය අවසන්වීමෙන් පසු නිවෙස ආපසු ලබා ගැනීමට කුලීකරුවන් හමුවට ගියේය. නමුත් ‘‘බර්ටි’’ට මුහුණ දෙන්නට වුයේ නොසිතූ අකරතැබ්බකටය. තමන්ගේම නිවෙස කුලියට ගත් පිරිස නිවෙසින් යාම ප‍්‍රතික්‍ෂෙප කළහ. කුලී ද නොගෙවන බවත් පවසා හැකිනම් නිවෙස ලබාගන්නා ලෙස අභියෝග කළේය. ‘‘බර්ටි’’ අන්ත අසරණ විය. ඔහුට දේශපාලන බලවන්තයන් නොසිටියේය. නමුත් ඔහු බුදුන් වැද අවසානයේ කතරගම දෙවියන්ට පින්දී අසරණ තමන්ට පිහිටවන මෙන් ඉල්ලා සිටියේය. මෙලෙස දින කිහිපයක් කටයුතු කරගෙන යද්දී හදිසියේම ලීන් ද අල්විස් මහතා ‘‘බර්ටි’’ හමුවීමට පැමිණියේය. ලද අස්වැසිල්ලෙන් ලීන් ද අල්විස් මහතාට ‘‘ බර්ටි’’ තමන්ට සිදුවූ අවනඩුව කීවේය. ‘‘බර්ටි’’ ගැන හො`දින් දන්නා ලීන් ද අල්විස් මහතා කීවේ මහකැබිලිත්ත දේවාලයට ගිය වෙලාවක පුජාවක් තියා කතරගම දෙවියන්ගෙන් පිහිට ආරක්‍ෂාව ඉල්ලන ලෙසය. ‘‘තමුසෙ කතරගම දෙවිහාමුරුවෝ අදහන කෙනානේ. පේවෙලා යන වෙලාවක පුජාවක් තියනවකෝ මහකැබිලිත්තට.’’ ඒ ලීන් ද අල්විස් මහතාගේ උපදෙස විය. දින ගණනාවක් පේවීමෙන් පසු ඔහු පානමට ආවේය. අද මෙන් පානමට කොළඹ සිට තනි බස් රථයක් නොතිබුණි. අම්පාර බස්රථයකින් පැමිණ සියඹලාණ්ඩුව හන්දියෙන් බැස එතැනින් පොතුවිලට තවත් බසයකින් පැමිණියේය. පොතුවිල සිට පානමට ද බසයකින් පැමිණි අතර ගමනට මුලූ දවසක්ම ගතවිය. ‘‘බර්ටි’’ නිවසින් මේ ගමන පිටත්වුයේ හිතේ අධිෂ්ඨානයක් කරගෙනය. එනම් නිවෙසින් පිටත්වන විට බත් කෑමෙන් පසු යළි බත් කටක් කන්නේ මහකැබැලිත්තට පූජාවක් තැබීමෙන් පසුව බවයි. මෙය දෙවියන්ටවු බාරයක් විය. ඒ නිසා පානමට ආ ‘‘බර්ටි’’ එතැන සිට  ඕකන්‍දට ඇති කිලෝමීටර් දා හතක දුර පයින්ම පැමිණියේය. මේ වකවානුවේ කුමන උද්‍යාන භාරකරු වූයේ කුරුල්ලන් පිළිබඳ විශේෂ දැනුමක් තිබූ ෂර්ලි පෙරේරා මහතාය.  ඕකන්‍දට පැමිණි ‘‘බර්ටි’’ එතැනින් වනෝද්‍යානය හරහා කුමන  ගම්මානයට අවේය. හාල් පොල් ඇතුලූ මුරුතැන් බතට උවමනා දේවල් හැරුණුකොට නැවුම් මුට්ටි හතක් ද ගෙනාවේය. ඔහු පළතුරු කිසිවක් ගෙනාවේ නැත. කුමන ගම්මානයේ සිට යළිත් වතාවක් කිලෝමීටර් හතළිහක් පමණ පයින් මහවනය මැද්දෙන් මහකැබිලිත්ත බලා පිටත්ව ගියේය. මහකැබිලිත්ත දේවාලයට මෙගොඩ කුඹුකන්ඔයට තරමක් දුරින් මහකැබිලිත්ත බිට්ටුවන කාර්යාලයක් එකළ තිබුණි. කුසට අහරක් නොමැතිව වතුර පමණක් බී මහකැබිලිත්තට යන  ‘‘බර්ටි’’ට වෙහෙසක් දැනුනේම නැත. බීට්ටු වන කාර්යාලයේ ටික වේලාවක් ගිමන් හැරිය බර්ටි තනිවම මහකැබිලිත්ත දේවාලයට යන්නට පිටත්විය. කුඹුකන්ඔය ඉවුරේ අදමෙන් එළිපෙහෙළි වීමක් එදා නොතිබුණි. කුඹුකන්ඔයෙන් දිය නා පිරිසිදුව ඔයේ ඉවුරේ ළිං හතක් කපා වතුර ගෙන ගෙනා කළමනා යොදා මුරුතැන් බත සකස් කළේය. ඉන්පසු එගොඩ සහ මෙගොඩ බෝධීන් වහන්සේ දෙනමට බුද්ධපුජාව තබා බුදුන් වැන්දේය. අද නම් මේ බෝධීන් වහන්සේලා ළග හැම වෙලාවෙම තිහක් හතළිහක් අඩු නැත. එදා බර්ටිගේ තනියට හිටියේ ගහකොළත් සතා සිවුපාවනුත් පමණි. බුදුන් වැන්ද  ‘‘බර්ටි’’ දේවියන්ටද පිං අනුමෝදන් කළේය. ඉන්පසු යළිත් කුඹුකන්ඔය ඉවුරට පැමිණ කතරගම දෙවියන් උදෙසා තමන්ගේ දෑතින් තැනූ මුරුතැන් පූජාව රැුගෙන ගස්කොළන් අතරින් මහකැබිලිත්ත දේවාලයට ගියේය. දෙවියන් හමුවේ ‘‘බර්ටි’’ කන්නලව් කරමින් කියා සිටියේ තමන්ගේ නිවෙසේ කුලියට ගත් අයට එය ආපසු දෙන්නට කතරගම දෙවියන්ගේ නාමයෙන් හිත් පහළවේවා යනුවෙනි. ඔවුන්ට අබ ඇටයක තරම්වත් විපතක් නොවේවායිද ඔහු පැතුවේය. ඉන්පසු ආපසු එන්නට පිටත්වූ ‘‘බර්ටි’’ මුරුතැන් පූජාවද රැගෙන මහකැබිලිත්ත බීට්ටුවන කාර්යාලයට පැමිණියේය. ඒවන විට ‘‘බර්ටි’’ හිටියේ විශාල සතුටකිනි. ‘‘කතරගම දෙයි හාමුදුරුවො මට පිහිට වෙනවා. මගේ ගෙයි ඉන්න මිනිස්සුන්ට ගේ දීලා යන්නය කියනවා. මං දෙවියන්ට කිව්වේ ඒ අයට ගේ ආපහු දෙන්න හිත් පහළ කරවන්න කියලයි.’’ බර්ටි අඩවිවන කාර්යාලයේ අයට කීවේය. හත්අට වතාවක්ම මහකැබිලිත්තට ඇවිත් ඇති බර්ටිට වනජිවි නිලධාරින්ටද අමුත්තෙක් නොවීය. ඉන්පසු මුරුතැන් බත් ටිකක් අනුභව කළේය. කොළඹින් පිටත්වන විට දෙවියන්ට වු බාරය ඔහු එලෙසම ඉටු කළේය. බීට්ටු වන නිලධාරින්ටද මුරුතැන් බත් බෙදා දුන්නේය. මහකැබිලිත්ත බීට්ටුවන කාර්යාලයේ හෝරා කිහිපයක් ගිමන් හැරිය ‘‘බර්ටි’’ ආපසු කොළඹ එන්නට පිටත්වුයේය. අදමෙන් ජීප් හෝ වෙනත් වාහන නොතිබුණි. දෙපා වාරුව පමණක් පිහිටට විය. කිලෝ මීටර් හතළිහක් දුරගෙවා බර්ටි කුමන ගම්මානයට පැමිණියේ හොදටම අදුර වැටීමෙන් පසුවය. වෙනදා සැරිසරන වනඅලි, කුලූ හරක් එදින සිය ගමන් පමා කර තිබුණි. ‘‘බර්ටි’’ මහකැබිලිත්තේ සිට කුමන ගම්මානයට ආ ගමනේදි කුරා කූඹියෙකුගෙන්වත් හිංසාවක් පිඩාවක් වුයේ නැත. එදින  කුමන ගම්මානයේ රැය පහන් කළ ‘‘බර්ටි’’ සිය නිවසේදී සහ ව්‍යාපාරික ස්ථානයේදී කරන ආගමික වත් පිළිවෙත් මෙහිදි ද අමතක නොකර කළේය. සියල්ල අවසන දෙවියන්ට පින්දුන්නේය. දින ගණනාවක් තිස්සේ ගතට තිබු වෙහෙස නිසාම ‘‘බර්ටි’’ට නින්ද ගියේය. වනජිවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වනසත්ත්ව අඩවි සහකාරවරයෙකුවු බි. ගුණසිංහ මහතාගේ නිවෙසද එකල පිහිටා තිබුණේ කුමන ගම්මානයේය. ඔහුගේ මග පෙන්වීමද ‘‘බර්ටි’’ට ලැබි තිබුණි. පසුදා අලූයමින් අවදිවුණ බර්ටි මුහුණකට සෝදා පිරිසිදුවී කුමන ගම්මානයේ වැසියන්ගේ ආගන්තුක සත්කාරවලට තුති පුදා පයින්ම  ඕකන්‍දට ආවේය. ඒ පානම බලා යන්නටය. ‘‘බර්ටි’’  ඕකන්‍දට පැමිණ ටික වේලාවක් ගිමන් නිවද්දී  ඕකන්‍ද සිට පානම බලා පිටත්වන්නට ට‍්‍රැක්ටරයක් පණ ගැන්විනි. ‘‘බර්ටි’’ටත් එම ට‍්‍රැක්ටරයට නැග පානමට යන්නට අවස්ථාව සැලසිනි. පානමට ගිය බර්ටි, පොතුවිල්, සියඹලාණ්ඩුව, මොනරාගල හරහා කොළඹට ළගා වුයේය. එදා අද මෙන් සන්නිවේදන පහසුකම් නොවීය. ගෙදරදොර් තොරතුරක් දැනගන්නට නම් ගෙදරටම යායුතුය. ගෙදරට පැමිණි බර්ටිට සුභ ආරංචියක් ගෙදර අය කණ තැබීය. ‘‘ගෙයි කුලියට හිටිය මිනිස්සු යන්න ගිහිං.’’ ඒ සුබ ආරංචිය විය. ‘‘මොකද එකපාරටම ගේ දාලා ගියේ ‘‘බර්ටි’’ට තරමක් කුතුහලයක්ද නොතිබුනා නොවේ.  වැඩි දුරටත් සොයා බලද්දි කුලි නිවැසියන් යන්නට හේතුව බර්ටිට අවබෝධ විය. කුලී නිවැසියන් සිටි නිවස ගිනිගැනීම ඔවුන් ඉන් යාමට හේතුවයි. එහි ගිය බර්ටිට ඉතිරිව තිබුණේ නිවෙසේ බිත්ති ටිකත් අඩක් පිළිස්සි තිබූ උලූවහු ජනේල ටිකත් පමණි. නිවෙසේ අයට හානියක් නැතත් තිබු බඩුමුට්ටු සියල්ලම දැවී අලූවී ගිය බව බර්ටිට දැනගන්නට ලැබිනි. ‘‘අනේ පව් මට මොනවා කළත් ඒ මිනිස්සු හරිම විපතකට මුහුණ දුන්නේ. තම තමන් කළ හොද නරක තමයි ගෙනියන්නේ.’’ බර්ටි කීවේ තමන්ට අයිතිව තිබු නිවෙසේ ඉතිරිව තිබු බිත්ති දෙස බලමිනි. කුමන ගම්මානය පිහිටි කුමන වනෝද්‍යානයට කොටි ත‍්‍රස්තවාදින් පැමිණියේ 1990 වසරේදියි. කොටි පැමිණි අවස්ථාවේ ගම්මු දැඩි සේ බියට පත්වූයේ කොටින්ගේ ම්ලේච්ඡුත්වය අසා තිබු නිසාය. නමුත් කුමන වනෝද්‍යානය මැද මිනිස් වාසයක් තිබීම කොටින්ගේ වාසියට හේතුවක් විය. කොටි ගමට ඇවිත් දෙමළ බසින් කතාකරමින් ඉල්ලා තිබුණේ ගම හැරදා නොයන ලෙසය. වරක් යාලට කොටි ත‍්‍රස්තයන් ප‍්‍රහාරයක් එල්ල කරන්නට යද්දී අඩවි සහකාරවරයෙක් කැලේදි මුණගැසී  ඇත. කෙසේ නමුත් කොටින් සැලසුම් කළ ප‍්‍රහාරය අසාර්ථකව කුමනට පසු බසිද්දි අතරමගදි මුලින් හමුවු අඩවි සහකාර නිලධාරියා මුණ ගැසි ඇත. යාල ප‍්‍රහාරය අසාර්ථක වුයේ ඒ අඩවි සහකාරවරයා ඔත්තු දිමෙන් යැයි පවසමින් ඔහුට තුවක්කු බෙදන් බරපතල ලෙස පහර දී තිබුණි. එඞ්මන් විල්සන් මහතා කුමන වනෝද්‍යානයේ භාරකරුව සිටියදී කුමන ගම්මානයට හෙළිකොප්ටර්යක් සතියකට දෙකකට වරක් පහත් කිරිම සිරිතක්ව තිබුණි. ඉන් ලියුමක් ගම්මානයට දමනු ලබයි. එහිවුයේ උපදෙස්ය. කෙසේ වෙතත් මේ ක‍්‍රියාව කොටින්ගේ නිරීක්‍ෂණයට ලක්ව තිබුණු බව කුමන වැසියන්ට ඉවෙන් මෙන් දැනුණේය. තවදුරටත් කුමන ගමේ රැදී සිටිම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවනු ඇත. එය වටහාගත් වැසියෝ පරම්පරා කිහිපයක් ජිවත්වු සියලූ සම්පත් වලින් ආඪ්‍යවූ කුමන ගම්මානය හැරදා වෙනත් පෙදෙසකට ආහ. පවුල් හතළිහක් එසේ එන්නට හේතුවක්ද තිබුණි. අද කුඩාකැබිලිත්ත ලෙස හදුන්වන මඩමෙතොට අසල මුලින්ම බක්මීගහක් යට පහනක් දල්වන ලද්දේ කුමන ගමේ අය විසිනි. එය පසුව සිරිතක් බවට පත්වු අතර වනාන්තරයක් මැද වෙසෙන වැසියන්ගේ අදහස වී තිබුණේ මෙම ස්ථානය කතරගම දෙවියන්ගේ බැල්ම ඇති බවයි. අද තිබෙන දේවාලය තනා තිබුණේ පාද යාත‍්‍රාවෙන් කතරගම යන්නට පැමිණි කාර්තිව් ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසිනි. එතෙක් එතැන තිබු බක්මී ගහට පුදපූජා පවත්වා තිබුණි. එයින් පසු ගමේ වැසියන් කිහිප දෙනෙකුටම සිහිනෙන් කියා තිබුණේ විපතකට පෙර ගමෙන් යන ලෙසය. ඒනිසා කුමන ගම්මානයෙන් සියල්ලෝම ඉවත්වූහ.

අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 16 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 17 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 18 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 19 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 20 මඩමෙතොට දේවාලය කුමණ වනෝද්‍යානය හරහා පාද යාත‍්‍රාවේ එන බැතිමත්හු   අතරමගදි ආහාර පිසගනිති දෙවියන්ට වු බාර ඔප්පුකරමින් තම අරමුණු ඉටුකර දෙන්නැයි කතරගමදි පොල්ගසන බැතිමතුන්



අදහස් (0)

කුමන ගම හැරයන්න හීනෙන් කී අමුත්තා

විමලසිරි අත්තනායක Wednesday, 04 July 2012 10:33 AM

මමත් දිනක් කතරගම ගියා. අනේ මන්දා මටනම් කිසිම පැහැදීමක් ඇතිඋනේ නැ.

:       0       0

සජී Monday, 02 July 2012 02:27 PM

සුදේශාන් මහත්තයෝ ඒ කතාවනම් හරියටම හරි..

:       0       0

ජයරත්න Monday, 02 July 2012 05:50 AM

අනේ මටත් හරි ආසයි මහ කැබිලිත්ත දේවාලෙට යන්න. කවුරු හරි මට ඒකට උදවු කරන්න කැමති නම් මාව අමතන්න. 0715207518 [email protected]

:       0       0

සෙනූෂ් Monday, 02 July 2012 02:52 PM

කටු ගහන හැටි දැක්කම පිස්සු හැදිලා ආයේ පිස්සු හැදෙනවා !!!!

:       0       0

අචිනි Monday, 02 July 2012 10:05 AM

කතරගම දෙවියන්ට පින්සිදු වේවා .!

:       0       0

සුදර්ශන Monday, 02 July 2012 10:56 AM

යහපත් කල් ක්‍රියාවෙන් ,යහපත් ජීවිතයක් ගත කරන්න. හැම මිනිසෙක් දෙසම දෙවියෝ බලනවා. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකී.බුද්ධ වචනය කිසිදා බොරුවක් නොවේ....

:       0       0

චමින්ද Monday, 23 July 2012 03:04 PM

කතරගම යනකොට දෙවියන් ගැන පැහැදීමෙන් යන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 116 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 212 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 147 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 36 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 223 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 646 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site