IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොරෝනා පරද්දන්න උපායක්

මෙම ලිපියේ මුල්කොටස පෙරේදා (16) පත්‍රයේ පලවිය.

භාවිතා කළ යුතු විටමින් ඩී වල නිවැරදි ස්වරූපය වන්නේ  කැල්සිෆෙඩියෝල් [අර්ධ වශයෙන් සක්‍රීය කළ විටමින් ඩී; ”‍25-හයිඩ්‍රොක්සි-විටමින් ඩී”‍] ය.  සාමාන්‍ය විටමින් ඩී අධි-මාත්‍රාවලට අමතරව කැල්සිෆෙඩියෝල් ලබා දුන් විට පැය 4 ක් තුළ රුධිර 25(OH)D මට්ටම ඉහළ නංවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගයෙන් සක්‍රීය කරනු ලබයි. 

කැල්සිෆෙඩියෝල් මිලිග්‍රෑම් 1.0 ක මාත්‍රාවක් සහ විටමින් ඩී3 මිලිග්‍රෑම් 5.0 mg (200,000 IU) හෝ අයිවර්මෙක්ටින් 12-24 මිලිග්‍රෑම් මාත්‍රා තුනක්, රෝග නිවාරණය සඳහා හෝ රෝගයේ මුල් අවදියේ දී ගත්තා නම්, වඩාත් සාර්ථක වේ.


ඖෂධ කලින් ලබා දීමේ වැදගත්කම:
පීසීආර් (PCR) පරීක්ෂණය තුළින් රෝගය වැළඳී ඇතැයි පෙන්නුම් කළ විගසම සංකූලතා වැළැක්වීම සඳහා වඩාත්ම ලාභදායී විකල්පය වන්නේ කැල්සිෆෙඩියෝල් සහ විටමින් ඩී3 මාත්‍රා ලබා දීමයි.  කැල්සිෆෙඩියෝල් ක්ෂණිකව ක්‍රියාත්මක වන අතර ඒ තුළින් රුධිරයේ 25(OH)D සාන්ද්‍රණය සති කිහිපයක් අඛණ්ඩව ඉහළ මට්ටමින් පවත්වා ගෙන යාමට සහ එමඟින් ඉක්මනින් සුවය ලැබීමට හැකි වෙයි.   මෑත කාලයේ සිදු කෙරුණු සායනික අධ්‍යයන මඟින් පෙන්නුම් කරන්නේ කැල්සිෆෙඩියෝල් (0.014 mg/kg ශරීර බර), 0.5 හෝ 1 mg එක මාත්‍රාවක් මඟින් කොරෝනා වලින් ඇති වන සංකූලතා සහ මරණ සියයට 75 කින් අඩු කරන බවයි

[https://vitamindstopscovid.info/04-calcifediol/]
විටමින් ඩී (Vitamin D), කැල්සිෆෙඩියෝල් (Calcifediol), සහ අයිවර්මෙක්ටින් (Lvermectin) ඖෂධ, විවිධ රෝග සඳහා නියාමකයන් විසින් අනුමත කරනු ලැබ ඇත.  ඒවා බොහෝ රටවල බෙහෙත් වට්ටෝරුවෙන්, ‘ඔසුසැල්’ කවුන්ටරයෙන් සහ අන්තර්ජාලයෙන් ලබා ගත හැකි පහසුකම් සලසා තිබේ.  මෙම ජීවිතාරක්‍ෂක සහ හිමිකාර නොවන (non-propritary) ඖෂධ වලින් සුළු හෝ අහිතකර බලපෑමක් ඇති නොවන බැවින් ඒවා වෛද්‍ය නිර්දේශයකින් තොරව (වට්ටෝරු, නැතිව) ලබා ගැනීමට ඉඩ දිය යුතුය.


ප්‍රතිකාර, චිකිත්සක විකල්ප සහ ප්‍රතිඵල:
විටමින් ඩී 3 (https://c19study.com/d) සහ කැල්සිෆෙඩියෝල් හෝ අයිවර්මෙක්ටින් [https://c19study.com] සමඟ සංයෝජනය වීමෙන් වයිරස් ප්‍රතිවර්තනය හා වයිරස් ප්‍රමාණය (Virus load) අඩු වන අතර ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරකම් වේගයෙන් ඉහළ නැංවෙයි, ඔක්සිජන් සැපයුමේ අවශ්‍යතාව වැළැක්වෙයි. රෝගීන්ට සාර්ස්-කෝ-වී 2 (SARS-Co-V-2) රෝගය වේගයෙන් ජය ගැනීමට සහ පොදුවේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර ගැනීමට ඒවා උපකාරී වේ.

කොරෝනා වලින් දිවි ගලවා ගැනීම මුළුමනින්ම රඳා පවතින්නේ පුද්ගලයන් තුළ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබීම මතයි. පෙරටු ප්‍රතිශක්තිකරණය මෙහි ලා අත්‍යවශ්‍යම ආරක්ෂක පද්ධතියයි. මෙම ක්‍රමවේදය වඩා සෞඛ්‍යාරක්ෂිත වන අතර යෝජිත ඖෂධ නිසි ලෙස භාවිත කිරීමෙන් සායනික ප්‍රතිඵල යහපත් වේ. එහි දි භාවිත වන්නේ  මොනොක්ලෝනල් ප්‍රතිදේහ (Monoclonal antibodies), ප්‍රති වයිරස කාරක, සහ කොරෝනා එන්නත් වැනි අධික පිරිවැය සහිත ප්‍රතිකාර ක්‍රම නොව ඉතා අඩු මිල ඖෂධයි. එම ඖෂධ පරිපාලනය, ගබඩා කිරීම සහ ප්‍රවාහනය ද ඉතාමත් සරල ය. එ බැවින්, මෙම ප්‍රතිකාර ක්‍රමය අතිශයින්ම පහසු සහ අඩු පිරිවැය සහිත ක්‍රමවේදයකි. එවැනි ක්‍රමයක් ඇති සන්දර්භයක් තුළ කොරෝනා සංකූලතා වැළැක්වීමට අපොහොසත් වන්නේ නම් එය සදාචාර විරෝධී බව කිව යුතුය.

අතිශය පිරිවැය ඵලදායී, බෙහෙවින් සාර්ථක ප්‍රතිකාර නිර්දේශ නොකෙරෙන්නේ ඇයි ?
බලපත්‍ර රහිත සහ සායනික අධ්‍යයන කිහිපයකින් පමණක් අනුමත කර ඇති කොරෝනා එන්නත්වල හදිසි භාවිතය සඳහා අවසර දීම (EUA) ඔස්සේ එන්නත් සමාගම්, ආයෝජකයන්, සහ පරිපාලකයන් උපයන ලාභය ඩොලර් බිලියන ගණනකි. ලොව පුරා සාධනීය සායනික අත්හදා බැලීම් 350 කට අධික සංඛ්‍යාවකින් තහවුරු වූ සාක්ෂි තිබියදීත්, කොරෝනා වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ඉහත සඳහන් පිරිවැය ඵලදායී වෛද්‍ය ක්‍රම භාවිතය අනුමත කිරීම නියාමන ආයතන විසින් ප්‍රතික්ෂේප කෙරෙන්නේ විවිධ ලැදියා පරස්පරතා නිසා විය හැකි ය.

නියාමන අධිකාරියක් විසින් විකල්ප ප්‍රතිකාර ක්‍රමයක් අනුමත කරනු ලබන්නේ නම්, වහාම එන්නත් භාවිත කිරීමේ අධිකාරිය අවලංගු කිරීමට නිලධාරින්ට සිදු වේ. එසේ කළහොත් ප්‍රකෝටි ගණන් ලාභ එන්නත් සමාගම්වලට අහිමි වනු ඇත. එම නිසා එන්නත්වලට පූර්ණ බලපත්‍ර ලබා ගන්නා තුරු මෙම ලැදියා පරස්පරතා සහිත බලධාරීන් කිසිදු විකල්ප ප්‍රතිකාර ක්‍රමයක් අනුමත කරනු ඇතැයි සිතිය නොහැකිය.  එන්නත් සමාගම්, නිලධාරින් සහ ලිබරල් සමාජ මාධ්‍ය විසින් මිලියන ගණන් මුදල් වියදම් කරමින් එන්නත් ප්‍රවර්ධනය කිරීම, එන්නත් ලබා ගැනීමට බල කිරීම ආදියෙන් උත්සාහ කරනු ලබන්නේ සහ මෙවැනි විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳව වැරදි තොරතුරු ප්‍රචාරය කරනු ලබන්නේ සිය ලාභ අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා විය හැක.  අවසානයේ  සිදු වී ඇත්තේ ආර්ථික වශයෙන් ඵලදායි, සාර්ථක විකල්ප වෛද්‍ය ක්‍රම කිසිවකු විසින් ප්‍රවර්ධනය නොකිරීම සහ ඒ තුළින් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වීමයි.


 

කොරෝනා වසංගතය හමුවේ මහජනතාවට වැදගත් නිර්දේශ 10 ක්:
1. ස්වයං නිරෝධායනය: අත්‍යවශ්‍යම අවස්ථාවක දී හැර නිවසින් බැහැරව නොයන්න. සුපිරි වෙළඳ සල්, කාර්යාල, සැලූන් වැනි වායුසමීකරණය කළ පරිසර තුළ ඉතාමත් කෙටි කාලයක් පමණක් රැඳී සිටින්න.
2. මහජන සෞඛ්‍ය පියවරයන් දැඩි ලෙස පිළිපදින්න: KN  95 වැනි ඵලදායි මුඛ ආවරණ පළඳින්න. අවදානම් සහිත ප්‍රදේශවල මුඛ ආවරණ දෙකක් පැළඳින්න. දැඩි සමාජ දුරස්ථභාවයක් පවත්වා ගැනීම සහ රැකියාවට යාමේදී හෝ නිවසට පැමිණීමේදී අත් සේදීම, සහ පවුලේ නොවන අය අතර ශාරීරික දුරස්ථභාවය තබා ගැනීම වැදගත් බව සලකන්න. එනමුත් නැවුම් වාතය ලබා ගැනීමට  සහ ව්‍යායාම කිරීමට දිනපතා ජනශුන්‍ය එළිමහන් අවකාශ ඇවිදින්න.
3. මුදල් හසුරුවන්නන් (එනම්, මුදල් අයකැමියන්, ටිල් කළමනාකරණය කරන්නන්, බස් කොන්දොස්තරවරුන්, ප්‍රවේශ පත්‍ර කාර්යාල) සහ ආහාරපාන කාර්ය මණ්ඩලය හැර අන් අය, අත්වැසුම් පැළඳීම අහිතකර ය: එය ස්වයං-ආසාදනය වීමේ අවදානම වැඩි කළ හැකිය.
4. පෙනහලු‍ පුළුල් කිරීම සඳහා දිනකට කිහිප වතාවක් ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාම කරන්න. Besenoide හෝ Fluticasone වැනි ස්ටෙරොයිඩ කාරකයක් (Steroidal agents) දිනකට දෙවරක් හෝ හතර වතාවක් ගැඹුරු ලෙස ආශ්වාස කිරීමෙන් හුස්ම ගැනීමෙන්  ඔබට පහසුවක් විය හැක. කෙසේ වෙතත්, Dexamethasone වැනි ප්‍රබල ස්ටෙරොයිඞ් කාරක නිවසේ දී භාවිත නොකළ යුතුය. ස්ටෙරොයිඞ් අනිසි ලෙස භාවිත කිරීම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර හානිකර ලෙස මැඩපැවැත්වීමට සහ වයිරස් ව්‍යාප්තිය වැඩි කිරීමට හේතුවක් විය හැක.
5. රට පුරා කොරෝනා පොකුරු ව්‍යාප්ත වන විට සහ සිදුවීම් උත්සන්න වන විට පමණක් රට වසා දැමීමක් යෝජනා වුණු නමුදු ජූලි / අගෝස්තු මුල දී එසේ සිදු නොවිණි.   සතියක් හෝ දෙකක පමණක් රට වසා දැමීමෙන් රෝගය පාලනය කළ නොහැකි වන අතර එය බරපතළ මහජන  අපහසුතාවලට, ජීවනෝපාය අහිමි කිරීමට, හා ආර්ථික ගැටලු‍වලට තුඩු දෙයි.  රෝග ව්‍යාප්තිය තීරණාත්මකව මර්දනය කිරීමට නම් දින 32 ත් 42 ත් අතර කාලයක් රට වසා දැමීමක් අවශ්‍ය වනු ඇත (ඇඳිරි නීතිය නොව, රෝගය පැතිරන ආසාදිත පුද්ගලයන් හමුවීම වැළැක්වීම).
6. සුරාසැල්, ආපනශාලා, සැලූන්, සංවෘත වෙළඳපොළ, කාර්යාල ගොඩනැගිලි, ආගමික මධ්‍යස්ථාන, පෙරහැර හෝ රැස්වීම් මෙන්ම විශේෂයෙන් වායුසමනය කළ ස්ථානවලට යෑමෙන් වළකින්න. රෝගය පැතිරීම වැඩි කරන බැවින් වායුසමීකරණය කළ කාමර සහ ගොඩනැගිලිවල රැඳී සිටීමේ කාලය අවම කරන්න. නැවුම් වාතය ලබා ගැනීම සඳහා ජනේල විවෘතව තබා ගන්න.
7. අනවශ්‍ය බියක් ඇතිකරගනීමෙන් වළකින්න. මානසික ආතතිය අවම කර ගන්න, භාවනා කිරීම, යෝගා කිරීම, පවුලේ සාමාජිකයන් සමඟ සංගීතය වාදනය සහ ගෘහස්ථ ක්‍රීඩා වැනි විවේකී ක්‍රියාකාරකම්වල යෙදෙන්න.
8. සෑම අයකුම අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක ලබා ගැනීම සඳහා එළවළු සහ පලතුරු සහ මල බද්ධය වැළැක්වා ගැනීම සඳහා සහ කෙඳි සහිත ආහාර වලින් පරිපූර්ණ සමබල අහාර වේලක් ලබා ගන්න.  දුම්පානය සහ මධ්‍යසාර භාවිතයෙන් වැළකෙන්න.  දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි  නිදන්ගත රෝග හොඳින් පාලනය කර ගන්න. එමෙන්ම විජලනය වීම වැළැක්වීම සඳහා හොඳින්  ජලය සහ දියර වර්ග පානය කිරීමට ද අමතක නොකරන්න.
9. අතිරේක ආහාරවලින් සහ දිනපතා හිරු එළියට නිරාවරණය වීම මඟින් විටමින් D ප්‍රමාණවත්ව ලබා ගනිමින් රුධිරයේ විටමින් ඩී [25(OH)D] සාන්ද්‍රණය  50 ng/mL ට වඩා ඉහළ මට්ටමක පවත්වා ගැනීම වයිරසය පරාජය කිරීමට ඉතා වැදගත් වේ. වයිරසය අසාදනය වී ඇත්නම් ඉහත විස්තර කර ඇති පරිදි කැල්සිෆීඩියොල් (Calcifediol) සහ විටමින් D ඉහළ මාත්‍රාවක් හෝ ඉවර්මෙක්ටින් (Ivermectin) ලබා ගැනීමට ඔබේ වෛද්‍යවරයාගෙන් ඉල්ලන්න.
10. කොරෝනා වලින් ඔබ ආරක්ෂා කර ගැනීම සඳහා රජය මත හෝ පළාත් පාලන ආයතන මත විශ්වාසය නොතබන්න. මෙහි සඳහන් කළ දේ පිළිපැදීමෙන් හා අවදානම් සහිත හැසිරීම් වලින් වැළකීමෙන් ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමයි. ශුභවාදීව සිටින්න, මානසික ආතතිය අවම කර ගන්න, එකිනෙකාට සහයෝගය දක්වමින් අසල්වැසියන් සමඟ ඔබේ සබඳතා වර්ධනය කර ගන්න. ධනාත්මක චින්තනයක් සමඟ, ඔබ සහ පවුලේ අය සෞඛ්‍ය සම්පන්නව සිටින්න.

(***)



අදහස් (0)

කොරෝනා පරද්දන්න උපායක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 422 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 203 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 67 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4105 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12559 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 661 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site