කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ල රෝගීන්ගෙන් පිරීගොස් දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙන බව එම රෝහල් ආරංචි මාර්ග පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. කොළඹ ජාතික රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වාට්ටු අටක් වෙන්කර ඇති අතර ඒවායේ රෝගීන් 250 දෙනෙකු පමණ පෙරේදා වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටිය බවත් කොරෝනා රෝගීන් සඳහාම වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක තුනම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත් එම ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය.
‘‘පහු පහු වන විට කොහු කොහුවන’’ බවට කියමනක් අපේ ජන වහරෙයි එයි. කොරෝනා මාරාන්තික වයිරසයට අදාළව ජනයාගේ අවධානයට අත් වී ඇත්තේද එම ඉරණමමය. දැනට රට පුරා ගම්මාන කිහිපයක් හැරුණු විට සෙසු නගර හා ගම්මාන විවෘතව පවතී. දැනට ක්රියාත්මකවන්නේ පළාත් අතර සංචරණ සීමා පමණි. මෙම පරිසරය තුළ ‘‘සියල්ල යහපත්’’ යැයි ඇතැමකු සිතා සිටින සෙයකි. කොරෝනාව බඳු මාරාන්තික වයිරසයකට මුහුණ දීමේදී අවශ්‍යයෙන්ම පවත්වාගත යුතු වත් පිළිවෙත් ඔවුනතින් ගිලිහී ගොස් තිබෙන්නේ එහෙයිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම අනතුරු ඇඟවීම ඉකුත් දා ප්‍රකාශයට පත් විය. එම සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ දැනට රටවල් 124ක් පුරා වේගයෙන් පැතිරී ඇති ඩෙල්ටා වයිරස් ප්‍රබේදය ඉදිරි මාස කිහිපයකදී ලොව පුරාම වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බවය. මෙම අනතුරු ඇඟවීම් කිසිවිටෙකත් සැහැල්ලුවෙන් නොගත යුතුය. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේද මෙම ලෝකය තුළම හෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම අනතුරු ඇඟවීම අප රටටද වළංගුය. එහෙත් ඇතැම් පුරවැසියන් එසේ නොසිතන බව පෙනෙන්නේ ඔවුන්ගේ හැසිරීම් දෙස බලන විටය.
කොරෝනා වයිරසය පැතිරීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අප පුවත්පතට ඉකුත් දා ප්‍රකාශ කර තිබුණේ මංගල උත්සව පැවැත්වීම සඳහා ලබා දී ඇති අවසරය අවභාවිත කරන බවක් පෙනෙන්ට තිබෙන බවත් මෙලෙස වගකීම් විරහිත ලෙස කටයුතු කළහොත් මගුල් පොකුරු ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවත්ය. ලැබෙන අවස්ථා අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා තැනැත්තා අවස්ථාවාදියකු වේ. අවස්ථාවාදීකම අප සමාජයේ ඉමහත් ගර්හාවට, පිළිකුළට ලක්වන්නකි. මිනිසා කසළ මෙන් සලකා බැහැර කරන්නකි. එහෙත් අප සමාජයේ ඇතැමෙක් මෙම අවස්ථාවාදීකම සාඩම්බර පදක්කමක් සේ ප්‍රදර්ශනය කරති. මෙය වූ කලී දැන දැනම කරන තක්කඩිකමකි. ප්රශ්නය වන්නේ මෙම තක්කඩියන්ට මෙම රට විශාලා මහනුවරක් දක්වා ඇදගෙන යාමේ අවස්ථාව හිමිවීමය.
කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ කෙසේ කටයුතු කළ යුතු දැයි නොදන්නා අයකු සිටිය නොහැක. නොදන්නා අයකු වේ නම් හෙතෙම සිහිමද ගතියෙන් පෙළෙන්නකු විය යුතුය. කොරෝනා මාරක වසංගතය මෙරට ආක්‍රමණය කර වසර එක හමාරක් කල් ඉක්මගොස් තිබේ. මෙම පරිසරය තුළ තම ජීවන විලාශය, ජීවන විලාසිතාව කෙසේ පවත්වාගෙන යා යුතු දැයි කවරකුට වුවද පහසුවෙන් වටහා ගත හැකිය.
තමා ආසාදිතයකු නොවී සිටීමේ මාර්ගයත් තමන් වාහකයකු නොවී සිටීමේ මගත් තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුය. එයට අමුතු නුවණක් ඇවැසි නොවේ. ප්රවෘත්ති බැලීම හා කියවීම වූවත් ප්රමාණවත්ය. එහෙත් සාමූහික විචාර බුද්ධියෙන් පිරිහුණු ජනයා අයිතිවාසිකම් පිළිබඳව පමණක් කතා කරති. යුතුකම් පිළිබඳව කතා නොකරති. මෙම අශිෂ්ට දුර්ජනයන් නිසා කොරෝනා මාරාන්තික උවදුර මැඩලීමේ මෙහෙයුම් පවා අකර්මන්‍ය වන තත්ත්වයට පත්ව තිබේ.
කොළඹ ජාතික රෝහලට අදාළ අප ප්‍රවෘත්තිය රටේ හෙට දවස සම්බන්ධයෙන් සිදුකරන බරපතළ සංඥාවකි. ඉඟියකි අනතුරු ඇඟවීමකි. අප රටේ ඉතා පළල් මානුෂීය හා ප්රශස්ත සෞඛ්‍ය ක්ෂේත්රයක් තිබේ. මේ මොහොතේ රට මේ මට්ටමින් පවත්වාගෙන යාමේ හැකියාව ලැබී තිබෙන්නේ ඔවුන්ගේ උපමා නැති අලංකාර මැදිහත්වීමේ මහිමයෙනි.
එහෙත් අප සෞඛ්‍ය ක්ෂේත්රයට දරා ගත හැකි උසුලාගත හැකි සීමාවක් තිබේ. එම ධාරිතාව බිඳ යාමෙන් පසුව උද්ගත වන්නේ පාලනය කරගත නොහැකි, අයාලේ යන තත්ත්වයකි. කොරෝනා මර්දන මෙහෙයුම එබඳු ඉරණමකට ලක්වීම යනු රට සොහොන් බිමක් කරා ගමන් කරවීමකි. කොළඹ ජාතික රෝහලට සම්බන්ධ අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ රට සෙමින් නමුත් එදෙසට යොමුවෙමින් පවතින බවය.
ඉහත ඉරණම වළක්වාලීමේ හැකියාව ඇත්තේ පුරවැසියාටමය. පුරවැසියා මේ මොහොතේ තම යුතුකම නිසි පරිදි ඉටු කළ යුතු පැය එළැඹ තිබේ. මෙම පැය තීරණාත්මකය. මෙම තීරණාත්මක පැයේදී කළ යුතු දෑ නොකිරීම යනු යක්ෂයාගේ හෝරාවට පාවඩ එළීමකි.
(***)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා වාට්ටු පිරී ඇත්නම් තත්ත්වයත් අවදානම්
Raveendra Wednesday, 28 July 2021 03:53 PM
පුරවැසියන් වන අප පුරවැසි වගකීම්, පුරවැසි යුතුක කිසිවක් නොදන්නෝය..... අපට ඕනා අපේ පඩි පමණක් වැඩිකර ගැනීමය. එ් නිසා අපි අඛණ්ඩව වැඩවරනවා ඔන්ලයින් වැඩවලිනුත් අපි අයින් වෙනවා ඒ අපේ හැටි... අපේ පිටිපස්සේ ඉන්නේ මුළු ලෝකෙම ජයගත්ත අය නිසා අපි බය නැත... පහුපහු වෙනකොට කොහු කොහු නොව, පහුපහු වෙනකොට කොහු බත් වුණත් අපට අදාළ නැත. අප වැඩ වර්ජන කරනවා දිගටම, අප උද්ඝෝෂණ කරනවා දිගටම... අපට වැඩක් නැහැ... රටට හෙන හත වැදුණාට... අපිට ඕනේ මොන ක්‍රමයෙන් හෝ රට අස්ථාවර කර පට්ටියේ බලය ගන්න තේරුණාද මෙහි සඳහන් කර ඇති කිසිඳු අදහසක් අප තඹේකට මායිම් කරන්නේ නැත....
Deepal Nirosh Wednesday, 28 July 2021 08:38 PM
සියළු අදහස් අවවාද හා අනුශාසනා නිවැරදියි. හැබැයි අප සමාජයේ ඉමහත් ගර්හාවට හා පිළිකුලට භාජනය වන බව කියන “අවස්ථාවාදීකම“ කම නම් අපි දන්න සමාජයේ ඉමහත් ගෞරවාදරයට වීරත්වයට හා පිළිගැනීමට ලක්වන කාරණයක්. විවේචනය ගැන සමාවන්න.