“මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා
මනසාචෙ පදුට්ඨෙන - භා සතීවා කරොතිවා
තථොනං දුක්ඛ මන්චේති
චක්කංච වහතො පදං”
“මිනිසෙකු සිතනා සිතිවිලින්, මිනිසෙකු කරන ක්‍රියාත් ගොනා පසුපස එන ගැල සේ තමාගේ පසු පස හඹාඑයි.”
ධම්ම පදය.
සැබැවින්ම ජීවිතය ආශ්චර්යයකි. කෙනෙකු ධනවත්ය. කෙනෙකු දිළිඳුය. කෙනෙකු රුවැතිය. කෙනෙකු විරූපීය. ධනවත් පවුල්වල විවිධ ආබාධ ඇත්තෝ වෙති. දිළිදු පවුල්වල බොහෝ රුවැත්තෝ වෙති. ඔවුනට ජීවිතය ලැබී ඇත්තේ ඔවුන් කළ කර්මඵලවලට අනුවය. මිහිපිට අපායක් ඇත. මිහිපිට දෙවිලොවක් ඇත. තේරුම්ගත යුතු සත්‍ය වන්නේ තමන් කවුරුද කරන්නේ කුමක්ද යන්න පමණි.
බුදු දහමේ තුන්වන සිල්පදය වන්නේ කාමය වරදවා නොහැසිරෙමි යන්නය. එම සිල්පදය කැඩූ යුවලකට දඬුවම් මොලොවදීම ලැබීම පිළිබඳ පුවතක් 1960 දශකයේදී උඩුගල ප්‍රදේශයෙන් වාර්තා විය. එය එදා අලෙවි වූ ශත දහයේ කවි කොළයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ විසූ ඩබ්ලිව්. සයිමන්ද සිල්වා මහතා සටහන් තැබීය.
ඒ පුවත මෙසේය.
උඩුගල ග්‍රාමයට සැතපුම් හතකට දුරින් එක් සොදුරු ගම්මානයක් විය. එහි බතින් බුලතින් ආඪ්‍ය වූ ධනවත් පවුලක් විසූ අතර ඔවුනට ඇග්නස් නෝනානම් රූමත් දියණියක් සිටියේය.
සියලු සැප සම්පත් හිමිවුවද ඇග්නස් නෝනා ඇති දැඩිවූයේ හුදෙකලාවේය. ඇගේ මව්පියන්ට ඇය පිළිබඳව සොයා බැලීමට කාලයක් නොවීය. ඔවුන් දිවා රෑ මහන්සි වූයේ තව තවත් ධනය තර කර ගැනීමටය. මව්පිය සෙනෙහස අහිමි ඇග්නස් නෝනා දිනෙන් දින වැඩුණාය. ඇගේ පුංචි සිතට එන සියලු ගැටලුවලට විසඳුම් සෙවුයේ බුද්ධි මගිනි. බුද්ධි ඇගේ නිවසේ සිටි මෙහෙකරුවා විය. ඇග්නස්ගේ පාළුව මකාදැමීමට රසවත් කතා කියදෙනු ලැබුවේ බුද්ධි විසිනි. ඇග්නස් සමඟ හැංගි මුත්තං සෙල්ලම් කළේ බුද්ධිය. ටිකෙන් ටික වැඩෙමින් සිටි දියණිය පිළිබඳ මීටත් වඩා සෙවිල්ලෙන් සිටිය යුතු බව ඇගේ මව තේරුම් නොගත්තාය. මුදලට මූලික තැනදී ඇගේ ආරක්ෂාව ගෙදර මෙහෙකරුවාට පැවරුවේය.
ඇග්නස් නෝනා ටිකෙන් ටික වැඩුණාය. වැඩිවියට පත්වූ ඇය ළමා මනසින් සමුගත්තාය. යෞවනියක් ලෙස සිතීමට, ලස්සනට ඇඳීමට පැලදීමට කැමැත්ත දැක්වූවාය. මුදල් හම්බ කිරීම ජීවිතය කරගෙන සිටි මව්පියන්ට ඇය ගැන සොයාබැලීමට කාලයක් නොවීය.
ඒ වන විට බුද්ධිගේ වයස අවුරුදු 23ක් වූවේය. ඔහු හිරිමල් යෞවන වියේ පසුවිය. වසර කීපයකට පෙර දැරියක ලෙස සුරතල් කෙරූ ඇග්නස් නෝනා පිරිපුන් යෞවනියක්ව ඔහු දැක්කේය. ඇගේ රුව, ඇගේ දඟකාරකම් ප්‍රිය කළ බුද්ධි ඇය වසඟයට ගත්තේය. සමාජ අවබෝධයක් නොවූ ඇග්නස් නෝනාගේ එකම හිතවතා බුද්ධි විය. ඇගේ ලෝකයේ වීරයාද ඔහුවිය. විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇතිවන එම හිරිමල් යොවුන් විය ඇය ගෙවා දැමුවේ බුද්ධි සමඟය. ආදරය, ලිංගිකත්වය වෙන්ව තේරුම්ගත නොහැකි කාලයකදී ඇය ඔහු අතින් විනාශයට පත් වූවාය. සිය දියණිය නිවසේ මෙහෙකරුවා අතින් විනාශ වූ බවක් ඇගේ මව්පියෝ නොදත්තහ. දින සති මාස ගෙවී ගියේය. ඇග්නස් නෝනාගේ චර්යාවත් වෙනස් විය. නිතරම නිදිමත ගතියෙන් පසුවූ ඇය ඇඹුල් ජාති කෑමට ප්‍රිය කළාය. මෙම වෙනස් කම් හමුවේ බුද්ධි බිය විය. ඔහු ඇග්නස් නෝනා හැරදා පළා ගියේය. ඒ වන විටත් ඇග්නස් නෝනාගේ කුසට මාස හයක් සපිරී තිබුණි. ඉදිරියට නෙරාඑන කුසත් ඇගේ දෛනික වෙනස්කමුත් මවගේ නෙතගට හසුවන්නේ ඉන් පසුවය. ඒ වන විට සිදු නොවිය යුතු බොහෝ දේ සිදුවී තිබුණි. යහමින් මුදල් - හදල් තිබූ මෙම මව්පියෝ ලොකු දෑවැද්දකින් සිදු වූ ලැජ්ජාව වසා ගැනීමට සිතූහ. ඒ නිසාම කපුවෙකු මාර්ගයෙන් සිය එකම දියණිය විශාල දෑවැද්දක් සමඟ විවාහ කර දෙන බව ප්‍රසිද්ධ කළහ.
ඇග්නස් විවාහ කර ගැනීමට උඩුගල විසූ රූමත් තරුණයෙක් මනාප විය. ඔහු වැඩියෙන්ම මනාප වූයේ ඇයට ලැබෙන දෑවැද්දටය. සිව් පාර්ශ්වයේ නෑදෑයෝ එකතු වී මංගල කටයුතු සිදු කළහ. සුබ නැකතින් මනමාලිය මනමාලයාගේ නිවසට කැඳවාගෙන ගියහ. ඇය සයනයට විය. මනාල මහතා මනාලිය සමීපයට යාමට සිහින දකිමින් එළියේ වූ පැදුරු සාජ්ජයට සහභාගී විය. සිංදුව සාරවත්ය. ඩොල්කිනාදය රිද්මයානුකූලය. සතුටු සිනා, සතුටු කතා පිරීඉතිරි ගියේය.
ගත වූයේ නිමේෂයකි. මනාලිය සිටි කාමරයෙන් සිහින් කෙඳිරියක් ඇසෙන්නට විය. තවත් මොහොතකින් දරුවෙකුගේ “ඔහෑ.....ඔහෑ........” ශබ්දය පැතිර ගියේය.
මනාල මහතාගේ මව කාමරයට එබී බැලුවාය. අලුත් ලේලියට මංගල දිනයේම දරුවකු ලැබී ඇත. ඇගේ හිස කැරකෙන්නට විය. ලැජ්ජවෙන් බරවූ හිසින් කෑකෝ ගසන්නට විය. මනාල මහතාද කාමරයට පැමිණියේය. සිදුවී ඇති දෙය දැන ගත්තේය. නිවසට පැමිණ සිටි මිතුරෝ පැදුරු සාජ්ජය නවතා දැමූහ. මුදල් නිසා වැටුණු ආමරුව ගැන මනාලයා කල්පනා කළේ ඒ මොහොතේය. කිසිවක් පිළිබඳ සොයා නොබලා කරගත් විවාහයට කිසිවෙකුටත් දොස් නැගිය නොහැකිය. ඔහු පිස්තෝලය ගෙන පපුවට වෙඩි තියාගත්තේය. මංගල යහන ලෙයින් තෙත්විය. දරු ප්‍රසූතියෙන් වේදනාවට පත්ව සිටි ඇග්නස් නෝනාට මෙය දරාගත හැකිනොවීය. ඇය පිළිබඳව සොයා බැලීමට ඒ නිවසෙහි කිසිවකුත් නොවුණි. දරු ප්‍රසූතියෙන් පසු දුබල වී සිටි ඇයත් ඒ මංගල යහනෙහිම අවසන් හුස්ම හෙළුවාය. මේ සියලු සිදුවීම් ගම්මුන්ගේ කතාබහට ලක්විය. මේ මරණයට වඟකිව යුතු බුද්ධි පිළිබඳව තතු සෙවූහ.
ඔහු කඩයක සේවය කළේය. එහෙත් සල්ලාලකමේ අඩුවක් නොවීය. කඩයට එන ගැටිස්සියන්ට නොමනා විහිළු තහළු කිරීම සිරිත විය.
ඒ ගමේම දුප්පත් පවුලක් ජීවත් වූ අතර ඔවුනට රූමත් දියණියක් විය. ඇගේ නම චාලට් නෝනාය. චාලට් නෝනා මව සාදාදෙන කඩයප්පන් කඩයට දැමීමට යන්නීය. ඇගේ සොදුරු රුව බුද්ධි දකින්නේ එහිදීය. චාලට්ගේ පහස විඳීම ඔහුගේ නවතම ආශාව කර ගත්තේය. ඔහු චාලට්ගෙන් ඒ පිළිබඳව විමසුවේය. දුප්පත් වුවද චාලට් යහගුණ ඇත්තියකි. ඇය බුද්ධිගේ සල්ලාල හිත හැදින ගත්තීය. ඒ නිසාම ඔහුට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතුවාය.
“අද රෑ 8ට අපේ ගෙදර පිටි පස්සේ තියෙන වැසිකිළියට එන්න”
ඇගේ වචනය බුද්ධිට ඉහේ මලක් පිපුණා බඳුය. රාත්‍රීය එනතුරු නොයිවසිල්ලෙන් බලාසිටි බුද්ධි හනි හනිකට චාලට්ගේ නිවසේ පිහිටි පැරණි වැසිකිළියට ගමන් කළේය. සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. දිරාගිය ලෑලි කඩාගෙන බුද්ධි වැසිකිළිවළට ඇද වැටුණේය. ඔහුගේ උදව්වට කිසිවෙකුත් නොසිටි අතර අසූචි වළේම අවසන් ගමන් ගියේය.
ඔහුගේ මරණය පිළිබඳව කිසිවෙකුත් විස්සෝප නොවීය. එක් ගැහැණියක් අනාථ කර දරුවකුදී තවත් ගැහැණියකගේ ගෞරවය විනාශ කිරීමට කටයුතු කළ සල්ලාලයෙකුට හිමිවිය යුතු දඬුවම සොබාදහම ඔහුට දී ඇති බව ඔවුහු පැවසූහ.
මේ පිළිබඳව අන් තරුණ පරපුරටද ආදර්ශගෙන දෙමින් 1968 වසරේ කවි කොළයක් නිර්මාණය විය. එහි කතුවරයා කිරිබත්ගොඩ ඩබ්ලිව්. සයිමන්ද අල්විස්ය.
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කසාද බැන්ද දාම දරුවෙක් ලැබිලා
අබය Thursday, 09 June 2016 08:50 AM
පළවෙනි සිදුවීම හිතාගන්නට අමාරුයි. ඒ වගේම දෙවැනි සිද්ධිය ඇත්තක් නම් ඒ ගැහැණු ළමයා මිනිස් ඝාතනයකට සම්බන්ධ වෙලා මහා විශාල පාපකර්මයක් කරගන්නවා. (නි)
අමල් Wednesday, 08 June 2016 08:36 AM
කොහොමද මෙහෙම වෙන්නේ... (ර)
විජේපාල Tuesday, 07 June 2016 12:40 PM
මේ කතාව නම් ටිකක් පිළිගන්න අමාරුයි. (හේ)