IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ගේ ගිනි තියන්නේ මිනිහෙක්ද? භූතයෙක්ද?

 26_PAGE_4_T   

 

“අපේ ගෙදර තියන සමහර බඩු මූට්ටු හිටි ගමන් ගිනි ගන්නවා. ඒ විතරක් නෙමේ ඇඳුම් පැළඳුම් පවා ගිනි ගන්නවා. දැන් ඇඳගන්න වස්ත්‍රයක්වත් නැති තරම්. සතියක විතරක කාලයක ඉඳලා තමා මේ විදියට උන්නු ගමන් ගිනි ඇවිලෙනවා. මේක ඉවරයක් වෙන පාටක් නැති නිසා තමා බැරිම තැන පොලිසියට කියන්නේ. යක්ෂ බලවේගයක බලපෑමක් නිසා මේ විදිහට වෙනවා කියා තමා කපු මහත්තයෙක් කිව්වේ. 


ලුණුවිල සිංගම්පොල ශාන්ත අනා පුරයේ නිවසක පදිංචි කාන්තාවක් වෙන්නප්පුව පොලිසියට දුරකතනයෙන් කතා කර කියා සිටියා. 


වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා මේ අබිරහස්  ගිනි ගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ලෙස දැනුම් දී ඇත්තේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතාටය.


පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතාට  මේ කතාව ඇසූ මොහොතේම සිහියට නැගුනේ මෙවැනි අද්භූත දේවල් ගැන පර්යේෂණ කරන විද්වතෙක් වන මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාවය. 


පොලිස් පරීක්ෂකවරයා වෛද්‍ය ජනක ජයසූරිය මහතාට මේ අබිරහස් ගිනි ගැනීම ගැන සොයා බැලීමට පැමිණෙන ලෙස ඉල්ලීමක් කරන අතර වෛද්‍යවරයා සමග ලුණුවිල පිහිටි ඒ නිවස සොයාගෙන පසුගිය අඟහරුවා දා රාත්‍රියේ අපි ගියෙමු. 

 

5

 


පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතා ද පොලිස් කණ්ඩායමක් කැටිව අපිත් එක්ක මේ ගමනට එක්වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මතය.


ලුණුවිල ශාන්ත ආනාපුරයේ පිහිටි ඒ නිවසට යන විටත් සැලකිය යුතු පිරිසක් රැස්ව සිටියේ හිටි හැටියේ සිදුවනවා යැයි කියන ගිනි ගැනීම් දැක බලා ගැනීමේ අටියෙනි. 


සර්ලා එන්න පොඞ්ඩකට ඉස්සර වෙලාත් ගෙයි ඇතුලේ තිබුණ ඇඳුමක් ගිනි ගත්තා යැයි කියමින් කාන්තාවක් තරමක් පිළිස්සී ගිය ඇඳුමක් අතට ගෙන පෙන්වමින් පැවසුවාය. 


ඒ වෙන කවුරුවත් නොව මේ නිවසේ සිටින කේ. එච්. නිලුකාය. 


නිවසට ඒ අවස්ථාවේ එක් රොක්වී සිටි ගම්වැසියන් බොහෝ දෙනෙක් කිසියම් තිගැස්සීමක් හා බියකින් පසුවෙන බව අප දැන ගත්තේ ඔවුන්ගේ  කතා බස්වලට සවන් දීමෙන්ය. 

SLTK_04.qxd
නිලුකාගේ නිවසේ සතියක විතර කාලයක සිට දවල් රෑ දෙකේම කියා වෙනසක් නොමැතිව බලගතු යක්ෂ බලවේගයක් නිසා සිදුවන බව කියන ගිනි ගැනීම් නිසා මුළු ගම  පුරාම පැතිර ගොස් ඇත්තේ භීතියේ ඇඳුරු සෙවනැලිය. 


ගමේ හැමෝටම වාගේ අවශ්‍යවී ඇත්තේ ඇත්තෙන්ම මේ සිදුවන්නේ කුමක්ද කියා දැන ගැනීමටය.


දැනට සතියක විතර කාලයක ඉඳලා තමා අපි පදිංචිවෙලා ඉන්න ගෙදර සමහර බඩු මූට්ටු ඇඳුම් පැළඳුම් උන්නු ගමන් ගිනිගෙන පිළිස්සෙන්නේ. සමහර දවස්වලට මේ විදිහට දවසකට ගිනි ගැනීම් 18-20ක්   අතර සිදුවන අවස්ථාත් තිබුණා. දැන් දවස් දෙකකට විතර ඉස්සර වෙලා මම වැඩ ඉවර වෙලා රෑ ගෙදර ඇවිත් ටී ෂර්ට් එක ගලවලා දොරේ දාලා නාන්න ගියා.  ටික වේලාවයි ගියේ මගේ ඇඳගෙන හිටිය ඒ ෂර්ට් එක ගිනි අරන් පිළිස්සී තිබුණා යැයි පැවසූ ගෙදර අයිතිකරයා වන ඒ.එම්. චන්දන (39) මහතා පවසන ගමන්ම අපව නිවසේ පිටුපසට කැඳවාගෙන ගියේ පසුගිය ටිකේ නිවසේ තිබියදී ගිනිගෙන පිළිස්සී ගිය ඇඳුම් පැළඳුම් පෙන්වීමටය.


නිවසේ පිටුපස ඇඳුම් පැළඳුම් සැලකිය යුතු ප්‍රමාණයක් ගොඩගසා තිබූ අතර ඒවා පරීක්ෂා කර බැලීමේ දී අපට පෙනී ගියේ ඒ ඇඳුම් සියල්ලක්ම පාහේ මදක් පිළිස්සී ගොස් තිබෙන අකාරයයි. එහෙත් ඒ ඇඳුම් පැළඳුම්  කිසිවක් ආයෙත් පරිහරණය කිරීමට නම්  නොහැකිය. 


දරුවෝ හතර දෙනෙක් මට ඉන්නවා. දෙන්නෙක් ඉස්කෝලේ යනවා. ඒ දරුවෝ දෙන්නා ඉස්කෝලෙට අඳින  යුනිෆෝම් පවා පිච්චිලා හින්දා ඉස්කෝලේ යන්න විදිහකුත් නැතිවයි ඉන්නේ යැයි චන්දන මහතා කිව්වේ ඔහුගේ දෙනෙතට නැගුණු කඳුළු බිංදු අපෙන් සඟවා ගැනීමට උත්සාහ කරමිනි. 


චන්දන මහතා ඔහුගේ බිරිය හා දරු සිව් දෙනාට අමතරව 11 දෙනෙක් මේ නිවසේ ජීවත් වෙනවා. 


නිලුකාගේ මියගිය එක් සහෝදරියකගේ දරුවන් හය දෙනා ද මේ අය අතර වෙති. 


පොල් ලෙලි ගැසීමට රස්සාව වශයෙන් කරගෙන යන  චන්දන මහතා නිලුකාගේ මියගිය සහෝදරියකගේ දරු හතර දෙනාට ද සලකා කන්න බොන්න දෙන්නේ තමන්ගේම දරුවන්ට වාගේය.


චන්දන ඒ රස්සාව කරගෙන යද්දී ඔහුගේ ආදරණිය බිරිඳ නිලුකා ගෙදර කොහු පීරා විකිණීමේ නිරතව සිටින්නීය. 


පීරීමට ගෙන ආ කොහු ගොඩගසා තිබූ මඩුව ද හදිසියේ ගිනිගෙන ඇති නිසා දැන් ඇයට ඒ රස්සාවද කරගෙන යාමට නොහැකිවී ඇති නිසා පවුලේ සියලු දෙනා අන්ත අසරණ  තත්ත්වයට පත්ව සිටිති. 


කොහු මඩුව ද  පිලිස්සී ඇත්තේ අඩකි. 


කුඩ දෙක තුනක්ම සම්පූර්ණයෙන්ම පිළිස්සී සැකිලි බවට පත්ව තිබුණත් කැබිනට් එකේ සුළු පිලිස්සීමක් සිදුවී  තිබෙන  අන්දමින්  යකඩ අල්මාරියේ එක් තට්ටුවක බහා තිබූ ඇඳුම් කිහිපයක් පිළිස්සීම නිසා හටගත් දැල්ලෙන් ඉතාම සුළු කොටසක් කළුපැහැ ගැන්වී තිබෙන අන්දම අපට දැක ගැනීමට ලැබිණි. 
මීට අමතරව  සාලයේ එල්ලා තිබූ ඡායාරූප කිහිපයක් තරමක් කළු පැහැ ගැන්වී තිබූ අතර සුළු ගිනි දැල්ලකින් එවැන්නක් සිදුවී ඇති බවට වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. 


මේ ගිනි තැබීම් සියල්ලම සිදු කරන්නේ නිවසට අරක්ගෙන සිටින බලගතු භූතයා බව නිලුකා ඇතුළු පවුලේ වැඩිහිටියෝ අපත් සමග පැවසූහ.


එක්වර ස්ථාන කිහිපයක් ගිනි නොගන්නා බවත් එක් තැනක් ගිනි ගත්තාට පස්සේ තවත් ටික වේලාවකට පස්සේ තවත් තැනැක් ගින්නක් හට ගන්නා බවත් පැවසු නිවැසියෝ තවදුරටත් පැසුවේ ඒ සෑම ගිනි ගැනීමක් සිදුවන අවස්ථාවකම ජල කරාම වලින් වතුර ගලා ඒමද නවතින බවය.


 මෙවැන්නක් සිදු වන්නේද  භූත බලපෑමක් බවට නිවැසියන්ගේ තදබල විශ්වාසයවී පවතී. 


ගිනි ගැනීමක් සිදුවන සෑම මොහොතකම කරාම වලින් ජලය ගලාගෙන ඒම ඇණ හිටින බව කියන නිසා භූතයා ගිනි තැබීමත් සිදුකළ අවස්ථාවක් ඒ ගිනි පැතිර යාම වැලැක්වීමට නිවසේ පමණක් නොව ගෙවත්තේ ද තැනින් තැන වතුර පිරවූ භාජන තබා තිබෙන අන්දම ද එහි ගිය අපට දැක ගැනීමට හැකිවිය. 


නිවෙසේ හිමියාගේ බිරිඳ වන නිලුකා මහත්මියගෙන් වෛද්‍ය ජනක ජයසූරිය මහතා විස්තර විමසීමේ දී ඇය මෙසේ කීවාය. 


මුලින්ම අපේ ගෙදර ගින්නක් හට ගත්තේ කබඞ් එකේ. ඒ පසුගිය අඟහරුවාදා. එතකොට වෙලාව දහවල් 11.30ට විතර ඇති. ඒ වේලාවේ ගෙදර හිටියේ මාත් එක්ක තුන් දෙනෙක් විතරයි. මේ විදිහට එක පාරටම ගින්නක් හට ගැනීම දැකලා මම හොඳටම  හයවුනා. කොච්චර බය වුණාද කිව්වොත් මුළු ඇඟම වෙවුලන්න පටන් ගත්තා.  දිගින් දිගටම මේ විදිහට උන්නු ගමන් ගිනි ගැනීම් සිදුවෙන්න පටන් ගත්ත නිසා මමයි මහත්තයායි අපේ ගමේ පදිංචි වෙලා ඉන්න අක්කා කෙනෙක් එක්ක බිංගිරිය පැත්තේ තියෙන දේවාලයක කපු මහත්තයෙක් හම්බ වෙන්න ගියා. ඒ කපු මහත්තයා අපිත් එක්ක ගිය අක්කාගේ ඥාති මාමා කෙනෙක්. 


ගෙදරට බලගතු  භූතයෙක් අරක්ගෙන ඉන්නවා. ඒ භූතයා තම ගෙදර තියන බඩු මූට්ටුවලට රෙදිවලට මේ විදිහට ගිනි තියන්නේ කියා. ගෙදරට නාගයින් එහෙම එනවාද? කියාත් විමසුවා. නාගයින් නම් එන්නේ නැහැ, කියා කිව්වා. ලොකු තොවිලයක් කරලා මේ බලගතු භූතයා එලවා දමන්න පුළුවන් කියා කපු මහත්තයා කිව්වා. ඒ වැඬේට ගාස්තුව වශයෙන් රුපියල් 40,000 කපු මහත්තයා ඉල්ලුවා. තොවිලේ වැඩ කටයුතුවලටත් තව 35,000ක් විතර යයි කියා ඔහු අපිත් එක්ක කිව්වා. 


මීට කලින් අපි වෙනත් දේවාල දෙකකට ගිහින් මේ විස්තරේ කිව්වා. ගෙදර විස්තරේ අහලා අපේ ගෙදරට අරක් ගෙන ඉන්න භූතයා හරිම බලගතු කෙනෙක් කියා වැඬේ භාර ගන්න ඒ දේවාල දෙකේම කපු මහත්මයලා කැමති වුණේ නැහැ. මේ කපු මහත්තයා තමා භූතයා එලවා දමන්න බාර ගත්තේ, යැයි නිලුකා මහත්මිය පැවසුවාය. 


අපි හරිම දුප්පත්. ගමේ අය තොවිලය කරන්න අපිට සල්ලි එකතු කරලා දෙනවා. මදි පාඩුවක් වුණොත් එහෙම පොලියට ගන්නවා යැයි ද ඇය පවසන්නීය. 
නිවසේ ගිනි ගැනීමක් සිදුවන සෑම අවස්ථාවකම තමාට සිහිය නැතිව යන බවත් නැවතත් පියවී සිහිය ලබන්නේ තරමක කාලයක් ගතවීමෙන් පසුව බවත් නිලුකා පැවසුවේ වෛද්‍යවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 


වෛද්‍ය ජනක ජයසූරිය මහතා නිලුකාගේ ජීවිත තොරතුරු ද හාරා අවුස්සා බැලීමට අමතක කළේ නැත. 


අතීත තොරතුරු හෙළි කරමින් ඇය පැවසු දේවල් මෙසේය .......


මගේ මහත්තයා කතෝලික. මම බෞද්ධ විවාහයෙන් පස්සේ මම මහත්තයාගේ ආගම වැළඳ ගත්තා. මම විවාහ වුණේ අවුරුදු 16ක පමණ වයසේ පසුවෙද්දී. විවාහ වෙලා ටික කාලයකට පස්සේ මට ආවේශයක් ආවා. ඒ ඊට අවුරුදු 26කට විතර කලින් මියගිය අපේ ලොකු තාත්තාගේ ආත්මය බව තේරුම් ගියා. ඊට පස්සේ මම දේවාලයක් පටන් ගත්තා. පත්තිනි මෑණියන්ගේ බලයෙන් මම ලෙඩ රෝගවලට ප්‍රතිකාර කළා. ගෙවල්වල තියන භූත පෙරේත දෝෂ භූමි  දෝෂ නැති කරන්න කටයුතු කළා. සල්ලි බලාගෙන නෙමේ කළේ. ලැබෙන ගාණක් ගත්තා. අවුරුදු 15ක විතර කාලයක් මේ දේවාලය  මම කරගෙන ආවා. පල්ලියේ පියතුමාට මේ ගැන දැන ගැනීමට ලැබිලා දේවාලය වසා දමන්න කියා පැවසුවා. දේවාලය පවත්වාගෙන යාම කතෝලික දහමට විරුද්ධ බව ඒ කාලයේ සිටි පල්ලියේ පියතුමා කිව්වා. අපිව පල්ලියෙන් ඉවත් කරයි කියන බයට මීට අවුරුදු පහකට විතර කලින් දේවාලය වසා දැමුවා. දේවාලය  වසා දැමුවාට පස්සේ අපේ ගෙදර අය නිතරම ලෙඩ වෙන්න පටන් ගත්තා. මමත් ලෙඩ වුණා. 


නිලුකාගේ නංගි කෙනෙක් මීට අවුරුදු 10කට පමණ කලින්ද මව මීට අවුරුදු 6කට පමණ කලින් පියා මීට අවුරුදු 7කට පමණ කලින්ද මියගොස් ඇති අතර මේ තුන් දෙනාගේම භූත ආත්ම නිවසේ සැරිසරන බව ද ඇය පවසන්නීය. 


මියගිය අම්මයි තාත්තයි නංගිගේ භූත ආත්ම රෑට ගෙදර  ඇවිදින  අඩි ශබ්ද ඇහෙනවා. ඒත් මට කිසිම බයක් ඇති වෙන්නේ නැහැ යැයි නිලුකා මහත්මිය පැවසුවාය.


උදක කසුන් (21) කියන්නේ නිලුකාගේ ඥාති පුතෙකි.


රෑට වහලා තියන බත් මුට්ටි ඇරලා බත් බෙදා ගන්නවා වාගේ ශබ්ද කුස්සියෙන් ඇහෙනවා. ඒත් ගිහින් බලද්දී බත් මුට්ටිවල තියන බත් අඩුවෙලා නැහැ. දෙතුන් දෙනෙක් ඇවිදින ශබ්දත් සමහර දවස්වල රෑට ඇහෙනවා යැයි අපිත් එක්ක පැවසුවේ කසුන්ය. 


මම දවසක් රෑක ගෙදර ඇඳක නිදාගෙන ඉද්දී එක පාරටම කවුදෝ කෙනෙක් ඇඳත් එක්ක උස්සලා බිම අතහැරියා. තවත් දවසක් රෑ නිදාගෙන ඉද්දී මගේ ඇඟට කෙළ ගැසුවා. ඊට පස්සේ මම නිලුකා නැන්දලාගේ ගෙදර නිදා ගන්න එන්නේ නැහැ යැයි කියා අපිත් එක්ක කිව්වේ මයුර නමැති තරුණයායි. 


චන්දන මහතාගේ මව අයිරින් මාර්ග්‍රට් (72) මහත්මිය නම් අපිත් එක්ක කිව්වේ  බඩු මූට්ටුවලට රෙදිපිළි වරින්වර ගිනි ගත්තත් භූතයින් නම් තමා මේ වෙනකම් දැක නොමැති බවය.


නිවසේ තිබෙන රූපවාහිනී යන්ත්‍රයට හෝ මහන මැෂිමට කිසිම දවසක ගෙදරට අරක්ගෙන ඉන්න යැයි කියන භූතයා ගිනි තබා නොතිබීම පමණක් නොව මෙතෙක් කල් සිදුවී ඇති සියලුම ගිනි ගැනීම් සිදුවී ඇත්තේ කෙනෙකුගේ උස මට්ටමේ වීම ද වෛද්‍යවරයා විශේෂ අවධානයට යොමුවූ කරුණු කාරනා අතර විය. 


මේ නිවසේ පවුලේ සාමාජික සාමාජිකාවන් 11 දෙනෙක් පදිංචිව සිටින අතර මේ වෙනතෙක් ඔවුන්  ඇඳගෙන සිටින ඇඳුම් පැලඳුම්වලට භූතයා ගිනි තබා නොතිබූ අතර එයද වෛද්‍යවරයාගේ විශේෂ අවධානයට යොමු වූ තවත් වැදගත් කරුණක්වී තිබිණි 


ගෙවත්තේ පිහිටි දෙල් ගසක් ආසන්නයේ ලෑලි වලින් තැනු අට්ටාලයක දේවරූප වගයක් තබා දේවාභරණ කිහිපයක් තැන්පත් කර ඇති ඒ දෙල්ගසේ ඡායාරූප ගන්නා විට අද්භූත මනුස්සකුගේ රූපයක් දිස්වෙන බව නිලුකා ඇතුළු කිහිප දෙනෙක් පැවසු නිසා අපිද ඒ ගසේ ඡායාරූප කිහිපයක්ම ගත්තත් අද්භූත මනුස්සයකුගේ රූපයක් ඒ ඡායාරූප කිසිවක දක්නට තිබුණේ නැත. 


ගෙදර අය ලබා ගත්තා යැයි කියා අද්භූත මිනිසකුගේ රුව දිස්වූ ඡායාරූප පරීක්ෂා කර බැලීමට වෛද්‍යවරයා ඉල්ලා සිටි අවස්ථාවේ ඒ ඡායාරූප ලබාගත් ජංගම දුරකතනවලින් මෑකී ගොස් ඇති බව නිලුකා මහත්මිය කීවාය. 


ගිනි තැබීමක් හට ගන්නවාත් එක්කම කපුරුපෙති දැල්වෙන සුවඳක් දැනෙන බව නිවසේ ඉන්න වැඩිහිටියෙක් කියා සිටියහ.


නිවසේ තිබී කපුරු පෙති ගණනාවක් සොයා ගත්තේ පොලිස් පරීක්ෂක දසනායක මහතායි. 


පසුගිය අඟහරුවාදා සිට මේ වනතෙක් නිවසේ ලිපක් මොලවා නොමැති බවත් උයා පිහා ගෙදර අයට කන්න බොන්න දෙන්නේ අහලපහළ උදවිය  බවත් නිවැසියන් පැවසුවේ ඔවුනට කෘතඥතාවයද පළ කරමිනි. 


හෝරා තුනකට ආසන්න කාලයක් අපි ඒ නිවසේ ගත කළත් අපි පැමිණියට පසු භූතයා කිසිම දෙයක් ගිනි තැබුවේ නැත. 


සමහර විට නිවසට අරක්ගෙන සිටිනවා යැයි කියන බලගතු භූතයා පොලිසියේ මහත්වරුන්ට බියවී ගිනි තැබීම් සිදු කිරීමෙන් වැළකී සිටින්න ඇත. 


නිවසේ සිදුවන බව කියන අද්භූත ගිනි ගැනීම් ගැන දැක ගැනීමට නිතර පැමිණියත් තමන් සිටින අවස්ථාවල ඔය කියන ආකාරයේ ගිනි ගැනීම් සිදු නොවූ බවත් මෙය භූත ක්‍රියාවක් නොවන බවත් පැහැදිලි යැයි එහිදී අපට හමුවූ තරුණයෝ ගණනාවක් පැවසූහ. 


මේ පිටුපස මනුෂ්‍ය ක්‍රියාකාරකමක් තිබෙන බව තමා කළ ගවේෂණයේ දී කරුණු අනාවරණය වූ බව වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසද්දී පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතා ද කියා සිටියේ මෙය කිසිසේත්ම  භූත බලවේගයක් නිසා සිදුවන දෙයක් නොවන බව තමාටද බොහොම පැහැදිලිවම පෙනී ගිය බවයි. 


මෙවන් දෙයක් කරන්නේ කවුද කියන එක තමාටද අවබෝධ වූ බව පොලිස් පරීක්ෂකවරයා වෛද්‍යවරයා එක්ක කියා සිටියේය. 


වෛද්‍යවරයා  හෙළි කරගත් තොරතුරු මේ සමගම පළ කරන්න කියා මෙහිදී ඒ කිසිවක් ගැන සඳහන්  කරන්න යන්නේ නැත. 


මේවගේ දේවල් කතෝලික දහමට සම්පුර්ණයෙන්ම පටහැනි බවත් සිටින්නේ එකම දෙවියන් වහන්සේ කෙනෙක් පමණක් බවත් යක්ෂ ප්‍රේත භූතයින් කියන්නේ මිත්‍යාවක් බවත් හලාවත පදවි පවුල් උපදේශන සේවා අධ්‍යක්ෂ අශෝක් පෙරේරා පියතුමාගෙන් මේ සිද්ධිය ගැන තොරතුරු විමසා සිටි අවස්ථාවේදී අවධාරණය කර සිටියහ. 


පවුල් උපදේශක සේවා අධ්‍යක්ෂ අශෝක් පෙරේරා පියතුමා තවදුරටත් කරුණු ගෙනහැර දක්වමින් මෙසේ පැවසූහ.


මෙවැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට කතෝලික සභාවේ පුහුණු මනෝ විද්‍යා උපදේශකවරුන් ඉන්නවා. මේ වගේ දේවල් සිදුවන්නේ භූත යක්ෂ බලවේග නිසා නොවේ. මේ වගේ අයට අපේ මනෝ විද්‍යා පුහුණු උපදේශකයන් යොමු කර අවශ්‍ය උපදේශකයන් ලබාදීමේ ක්‍රමවේදයක් තිබෙනවා. මේ වගේ දේවල් පසුපස ඇත්තටම තිබෙන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකම්. දේවාල පවත්වාගෙන යමින් යන්තර මන්තර ගුරුකම් කිරීම බලිතොවිල් කිරීම කතෝලික  දහමට පටහැනි නිසා අප මේ ගැන සොයා බලනවා. ඒ වෙන කිසිවක් නිසා නොව මේ පවුල කතෝලික පවුලක් නිසා.

SLTK_04.qxd

 

m



අදහස් (0)

ගේ ගිනි තියන්නේ මිනිහෙක්ද? භූතයෙක්ද?

ටිකිරි Wednesday, 30 March 2016 07:21 AM

භුතයෝ ඉන්නේ ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ නේද? අපේ සල්ලි වලින් හොඳට කාල බීල සැප විඳලා, පිටරට සවාරි ගිහිල්ල, කම් සැප ඇතිවෙන්න විඳලා,තමන්ගේ නම් ගම පාරවල් වලට, පිට්ටනි වලට, එයාර්පොර්ට් වලට ගෙන සදා නොමැරෙන මිනිස්සු වගේ ඉන්නේ උන් තමි භුතයෝ (බ)

:       0       0

මොහාන් Friday, 01 April 2016 07:05 PM

සාලිය, පොඩ්ඩක් බුද්ධ ධර්මය ඉගෙනගෙන එනවද? (නි)

:       0       0

යසන්ත Wednesday, 30 March 2016 08:04 AM

ඉතාමත්ම හොඳ වටිනා ලිපියක් (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 30 March 2016 09:44 AM

මේ භූතයා ඉන්නේ ගෙදරම තමා. කැමරාවක් දැම්මා නම් අල්ලගන්න පුළුවන් (නි)

:       0       0

තාරක Wednesday, 30 March 2016 10:19 AM

නියම අදහසක් ටිකිරි! (නි)

:       0       0

සාලිය Thursday, 31 March 2016 03:26 AM

අපි තව ඉන්නේ 1800 ගන්න වල භූයෝ කියල කොට්ටාසයක් නැහැ. හිටියත් මනුස්සය ඊට වඩා බලවත් තමාගේ අාගම හරියට අදහන්න වරදින්නේ නැහැ ඔබට මේ වගේ ප්‍රශ්නයක් ඇත්නම් බුද්ධියේන් ක්‍රියා කරන්න හදවතට ඉඩ දෙන්න එපා (බ)

:       0       0

ප්‍රියාන් Thursday, 31 March 2016 03:54 AM

භූතයන් යනු කිසිම ආත්මභාවක් නොලද ( කර්ම පල නිපදවිය නොහැකි නාම -රුප ක්‍රියාකාරිත්වයක් සහිත ) විඥ්ඥාන පරම්පරාවකට යනු මගේ හැගීමයි. මේ පිලිබදව මනා අවබෝධයක් ඇති කෙනෙකු අපගේ දැනගැනීම පිණිස විස්තර කර දෙන්නේ නම් මැනවි.කෙසේ වෙතත් ප්‍රේත යක්ෂ දේව බ්‍රහ්ම ආදී අමනුස්ස නාම-කාය පර කාය ප්‍රවේශ මගින් නොයෙකුත් භෞතික ක්‍රියාකාරකම් කරනු මා අත්විද ඇත . (බ)

:       0       0

ආලෝක. Friday, 01 April 2016 11:56 AM

විද්‍යාවෙන් මේ දේ තේරුම් කරගෙන යාමට යාම හරියට වෙඩරු වලින් දියමන්ති කපන්න උත්සාහ කරනවා වගේ දෙයකි. බුදු දහම තුළ මේ සියල්ලට පිළිතුරු ඇත. අභිධර්මය කියවන්න. විදර්ශනා වඩන්න. යථා ස්වරුපය දකින්න. (නි)

:       0       0

කමල් Tuesday, 29 March 2016 12:30 PM

ප්‍රශ්නයේ මුල කතෝලික පුජකයා මිනිසුන්ගේ සිත් සතන් අවබෝධකර නොගෙන තිබීමයි. අනුවනයින් හා ඔහුන්ගේ විශ්වාසයන් නිසා නැති ප්‍රශ්න ඇති වෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 603 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 82 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 101 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 328 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 224 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 116 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site