මීට ටික කලකට ඉහතදී විශාරද නීලා වික්‍රමසිංහ ප්‍රසංග වේදිකාවට නැගෙද්දී නැගුණේ විශාල අත්පොළසන් නාදයකි. ඇය වේදිකාවේ ඉතා ප්‍රිය දසුනක් විය.
සිනාවත් චාම් පෙනුමත් නිරතුරුවම ඇඳි ඔසරිය හෝ සාරියත් ඇගේ පියකරු පෙනුම තවත් වැඩි කළේය. එසේම ඇගේ ලයාන්විත ගායනය හදවතට කතා කරන්නට විය. ඒ සියල්ලටම වඩා රසික සිත් තුළ ආදරය වැඩි කරන හේතුවක් වූයේ ඇය පෝලියෝ රෝගයට ගොදුරුවීම නිසා වේදිකාවට නැගුණු අපහසුතාවයි.
ගමන් කිරීමේදී ඇති ඒ ආබාධය පිළිබඳව කිසිම හැඟීමක් නොමැතිව ඇය ගී ගයා වේදිකාවෙන් බැස ගියේද ප්‍රේක්ෂක ආදරය තව තවත් වැඩි කර ගනිමිනි.
නීලා සිංහල ගීත කලාවේ වෙනසක් කිරීමට පැමිණි පිරිස අතර සුවිශේෂී කාර්ය භාරයක් කළ බව කිව යුතුමය.
හින්දි ගීත අනුකරණවලට පුරුදු වී සිටි රසිකයන්ට නැවුම් ගීත රසයක් ඇය ලබා දුන්නාය. ඇගේ කටහඬ සරල ගීතවලින් පමණක් නොව ජන ගායනා ගැයීමෙන් දේශීයත්වයට වඩාත් ළං වී තිබිණ.
සරල ගීතයෙන්, කැසට් පටවලින් චිත්‍රපට ගීතවලින් පමණක් නොව ජන ගායනාවලදී ද ඇය එක සේ දස්කම් දැක්වූවාය. ඇගේ ගීත මේ යයි හඳුන්වා දිය යුතු නැත. එම ගීත එතරම්ම ජනප්‍රියය.
චිත්‍රපට ගීත ගායනයේ ඇය ඉදිරියෙන් සිටියාය. ‘කීන දම් මිටක්’ ගීතයේ පටන් විවිධ චිත්‍රපට ගීත ඔස්සේ ඇය ජනප්‍රියත්වයට පත්වූවා පමණක් නොව සම්මානයට ද පාත්‍ර වූවාය.
ඇය ගායනා කළ චිත්‍රපට ගී අතර ඈතින් ඈතට (බෝධියේ විහාරයේ) චිත්‍රපටය සඳහා 1984දී ද 1986දී දොළොස්මහේ පහන චිත්‍රපටය සඳහා ද ලැබූ සරසවි සම්මාන සුවිශේෂීය. ඒ හැරුණ විට 1996 දී ඇය සුමති සම්මාන උළෙලේදී සංක්‍රාන්ති සමය ටෙලි නාට්‍ය සඳහා ද සම්මාන ලැබුවාය.
කැස්බෑව කෝඳුරුවාවේ උපන් නීලාගේ පවුලේ ඇයට සිටියේ වැඩිමහල් සොහොයුරියක පමණි. පියා නොමැති පවුලේ තම දියණියන් දෙදෙනා සමඟ මව ජීවත් වූයේ විශාල වගකීම් රැසක් දරාගෙනය.
නීලා මීට වසර ගණනාවකට පෙර සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ එකල ගෙදර ගීත අසන්නට රේඩියෝවක් නොතිබූ බවයි. ඇය කුඩා කල සිටම නන්දා මාලිනීගේ ගීතවලට ප්‍රිය කළාය. එහෙත් එකල ගීතයක් අසන්නට ලැබුණේ ගුවන් විදුලියෙන් පමණකි. ගෙදර ගුවන් විදුලි යන්ත්‍රයක් නැති නිසා බොහෝ විට ඇය ගීත ඇසුවේ තම වැඩිමහල් සොහොයුරියගේ හඬිනි.
ඇය එදා පැවැසුවේ නීලාට එකල ගීත ගයන්නට නොහැකි බවය. එහෙත් තම වැඩිමහල් සොහොයුරියට ගීත ගැයීමේ හැකියාව උපතින්ම පිහිටා තිබුණි. මේ නිසා බහ තෝරන වියේ සිටම නීලා කාන්සිය මකා ගත්තේ තම එකම අක්කා ගායනා කරන නන්දා මාලිනීගේ ගීත ඇසීමෙනි. එය ඇයට කාන්සිය මකා ගැනීමට පමණක් නොව ගීතය කෙරේ සිත ඉබේම ඇදී යන්නටද හේතු විය.
ඒ නිසා නීලා එදා පැවැසුවේ ඇය නන්දාගේ ගීත අනුකරණය කළේ අක්කා ගායනා කරන ආකාරයෙන් බවයි. අක්කාත් තමාත් හදා වඩා ගන්නට කරන පවුලේ සටනට අමතරව තවත් බාධකයක් වූයේ කුඩා කලදී පෝලියෝ රෝගය වැළඳීම නිසා නීලාගේ පාදයේ ආබාධයක් ද ඉතිරි වීමයි. එය මවකට කෙතරම් කම්පනයට හේතුවන්නට ඇද්ද.
මේ සියලු බාධක මධ්‍යයේ වුවද නීලා තම එකම සොහොයුරිය සමග අධ්‍යාපනය හැදෑරීමට ගියේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයටය. නීලා අධ්‍යාපන කටයුතුවලදී කැපී පෙනෙන දස්කම් දැක්වූවාය.
පිළියන්දල විද්‍යාලයේ ඉගෙන ගනිද්දී වූ සුවිශේෂ සිදුවීමක් එකල එහි ඉගෙන ගත් බොහෝ දෙනාට මතකය. විද්‍යාලයෙන් කාව්‍ය රචනා තරගයක් පැවැත්වීය. එහිදී ජයග්‍රාහී කවිය ගායනා කිරීමට සිදුවූයේ නීලාටය. එමෙන්ම එදින සුවිශේෂී පුද්ගලයෙක් එම උත්සවයට පැමිණ සිටියේය. ඒ පණ්ඩිත් අමරදේවයන් ය. ශිෂ්‍යාවක වූ නීලා, අමරදේවයන් ඉදිරියේ ජයග්‍රාහී කවි පන්තිය ගායනා කළාය. එය කොතරම් මිහිරි වීද යත් අමරදේවයන්ගේ සිත ආකර්ෂණය කරන්නට විය.
නීලාට සංගීතය ඉගෙන ගැනීමටත් ගායනාවටත් සුවිශේෂී කැමැත්තක් ඇතිවන්නට ඇත්තේ අමරදේවයන්ගේ ඒ අගය කිරීමත් සමග විය යුතුය. අක්කා හැමවිටම තම එකම නැගණියට සංගීතය උගන්වන්නට උත්සාහ කළාය. ඒ නිසාම ඇය විෂයයක් ලෙස සංගීතය ඉගෙන ගත්තාය.
වින්සන්ට් සෝමපාල හා ආනන්ද ජයසිංහ යන ගුරුවරුන් යටතේ සංගීතය හැදෑරූ ඇය මුලින්ම ‘ආධුනික පැය’ වැඩසටහනේ ගීතයක් ගැයුවාය. ඒ නිසා ඇයට ගුවන් විදුලියේ ගීත පටිගත කරන්නට අවස්ථාව ලැබිණ. ඉන්පසුව ඇය ඒ ශ්‍රේණියේ ගායිකාවක ලෙස ගුවන් විදුලි පරීක්ෂණයෙන් සමත් වූවාය. ඉන්පසු ඇය විශාරද සංගීත උපාධිය දිනා ගත්තාය.
නීලා, විශාකා විද්‍යාලය ඇතුළු විදුහල් කීපයකම සංගීත ආචාර්යවරියක ලෙස සේවය කළාය. ජනප්‍රියත්වයත් ප්රසංශාවත් ලබාගත් නීලාගේ සුවිශේෂී කාර්ය භාරය වන්නේ ශ්‍රී ලංකාවෙන් පෝලියෝ රෝගය තුරන් කිරීම සඳහා එම සංවිධාන කටයුතුවලට සහභාගි වී ගී ගායනා කිරීම පමණක් නොව එම දැන්වීමට ද පෙනී සිටිමය. එමෙන්ම ඇය සමාජ කටයුතුවලද නිරත වූවාය. ඇය පිහිටු වූ සංවිධානයකින් විවිධ සමාජ සේවා කටයුතු ද කෙරිණි.
මේ සියලු කටයුතු අතරේ ඇගේ පෞද්ගලික ජීවිතයේ විවිධ බාධකවලට මුහුණ දෙන්නට සිදුවිය. මේ හැලහැප්පීම්වලින් වඩාත් ප්‍රබල සිදුවීම වූයේ ඇය පිළිකා රෝගයකට ගොදුරු වීමයි. එහිදී ඇගේ පෙනුම පවා වෙනස් විය. ඇගේ කෙස් කළඹ කාලයකට ඇයට අහිමි විය. පසුකල නීලා අප දුටුවේ ඒ නව පෙනුම සමගිනි.
2012 වසරේදී ඇය ඇගේ සංගීත ජීවිතයට 45 වසරක් පිරීම නිමිත්තෙන් ‘මාස්ටර් සර්’ නමින් සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළාය. පසුගිය කාලයේ ඇය දේශපාලන කටයුතුවල නිරතවීම නිසා විවිධ විවේචනවලට බඳුන් විය. සමාජ මාධ්‍ය ඔස්සේ ඇය ලැබූ විවේචන සුළුපටු නොවේ. ඇය ඉතාලියේ මිලානෝ නගරයේදී කොන්සල් ජෙනරල් තනතුර ලැබීම නිසා ඒ විවේචන වඩාත් දරුණු විය. ඇගේ ගායන හැකියාව ජනප්‍රියත්වය අභිබවා මේ විවේචන නැගී ආවේය.
ඇය පසුගිය 10 වැනිදා නව තනතුරේ වැඩ භාර ගත්තේ මිලානෝ නගරයේදීය. එහෙත් ඇයට එම තනතුරේ වැඩ කිරීමට ලැබුණේ සතියක පමණ කාලයකි. 1950 මාර්තු 30 වැනිදා උපන් ඇය පසුගිය 17 වැනිදා අභාවප්‍රාප්ත වූයේද් ඉතාලියේ මිලානෝ නගරයේදීය.
දේශපාලන කටයුතුවල නිරත වූ කලාකරුවන් රැසකි. ගාමිණී, ජෝති, එම්.එස්., සිරිල් වික්‍රමගේ ආදී සුවිශේෂී කලාකරුවෝ ඒ අතර වෙති. එහෙත් නීලාට මෙතරම් දරුණු විවේචන එල්ල වූයේ ඇයි?
රොඩ්නි විදානපතිරණ
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගී ලොව වියැකී ගිය රන් ටිකිරි සිනාව
Senarath Wednesday, 19 January 2022 02:50 PM
ඇත්තටම ඒ හිනාව හරිම ලස්සනයි. එතුමියට නිවන් සුව අත්වේවා..!!!
Pradeep Wednesday, 19 January 2022 05:35 PM
බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ මා හඬවා පියවර මැන්නේ...
සිරි Thursday, 20 January 2022 09:09 AM
මියුරු හඬක් සහ පියකරු සිනහවක් තිබුන ගායිකාවක්. ඇයගේ සියලුම ගීත වගේ රසවිඳින්න පුළුවන් ප්රබුද්ධ ගායනා. ඒ ගීත සහ ගායනා තුලින් පුරුදු පුහුණු කල වචී සංවරය තම දේශපාලන නැඹුරුව ප්‍රකාශ කිරීමේදී භාවිතා කළා නම් ඇය මේ තරම් අපහාස උපහාස වලට ලක් නොවෙන්න ඉඩ තිබුනා. එතුමිය ඒ තත්වයට පත් විය යුතු කෙනෙක් නෙමෙයි. ඇයට සැනසීම ලැබේවා
Deepal Nirosh Thursday, 20 January 2022 11:14 AM
අහිමිව ගිය ලිය ගී මිහිර නැවත කෙදිනක ඇසෙම්දෝ ??? පතමි මිහිරිය ඔබට නිවන් සුව!
ලුම්බිණි Monday, 24 January 2022 09:25 AM
මෙතුමියගේ වටිනාකම දේශපාලනය විසින් නැති කර දැම්මා. නිවන් සැප..!