IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ගිජුලිහිණියන්ගේ බෙහෙත් මගඩිය

 3   

 

මළ මිනියෙන් ගසා කන මිනී කාක්කන්ට වඩා මහ මග වැටී පණ යන තුරු පසුපස පන්නාගෙන එන ගිජු ලිහිණියන් කෙරෙහි සැවොම පිළිකුල සහිත බියක් දක්වති. හිරිකිත දනවන පිහාටු නොමැති දික් වූ බෙල්ලක් දිගු වක් වූ හොටක් වටකුරු දෑසක් දකින අය තුළ ජුගුප්සාජනක බව ඇති කරන්නා සේම ප‍්‍රාණය නිරුද්ධ වනතුරු පැන පැන පස්සෙන් එන ගිජු ලිහිණියගේ විලාශය දක්වන අය මරණය වැළඳ ගැනීමට පෙර සිය දහස්වර මැරි මැරී උපදිති. වියළුණු දර කැබැල්ලක් වන් ප‍්‍රාණය නිරුද්ධ වූ සිරුරට මිනී කාක්කන් කුමක් කළත්, මාරයා සමග පොරබදන අහිංසකයින් තුළ මිනී කාක්කන් ගැන වගේ වගක් නොවුණත් ගිජු ලිහිණියන්ගේ දර්ශනය නම් හිත භීතියෙන් භීතියට පත් කරන්නකි. 

 

2
අවුරුදු 80ක් 100ක් පමණ කාලයක් ජීවන මගේ ගමන් කිරීමෙන් පසුව මාරයා සමග සටන් වැදීම පෙර දවස අපේ මුතුන් මිත්තන් කෙරෙන් දිස් විය. අවුරුදු 110 පසු කළ අය  ඕනෑ තරම් වූහ. නමුත් අද වන විට අවුරුදු 80 පසු කළ අය සොයා ගැනීමත් අසීරු තත්ත්වයට පත්ව ඇත.


ඉහින් බහින ලෙඩක් නොමැතිව සිටි ජාතියක් අද වන විට උපන් දා සිට ලෙඩින් පෙළෙන ලෙඩ වාට්ටු බවට පත්ව සිටිති.


අනේ කාලේ වනේ වාසේ.


නිසි ප‍්‍රමිතියක් නැති  ඕනෑම විස කන්දරාවක් සල්ලි වලට අරගෙන හලා ගන්නා, ඒ සඳහා උපදෙස් දෙන උඩගෙඩි දෙන නිලධාරින් දේශපාලනඥයින්  ඕනෑ තරම් සිටින අප රට වගේ රටවල් වල මිනිසුන් ලෙඩ වාට්ටු බවට පත් වීමේ කිසිදු අරුමයක් නැත.

05-Page-7-BB

 

තහනම් වල්නාශක සහ කෘමි නාශක තොගයක් ලංකාවට ගෙනැවිත් ඇති බවට මීට කාලයකට පෙර පරිසර යුක්ති කේන්ද්‍රය කොළඹ මහාධිකරණයේ නඩුවක් පැවරූ විට ඒවා වෙළෙඳ පොළට නිකුත් කිරීම තහනම් කළත් එම නියෝගය ඔවුන් අතට පත් වීමටත් පෙර එම ද්‍රව්‍යය බෙදා හැර ඇති බව වාර්තා විය.


ආසියාවේ මුතු ඇටය ලෙස අතීතයේදී හැඳින් වූ අප රට අද වන විට ආසියාවේ කුණු වළ ලෙසට හැඳින්වීමේ කිසිදු වරදක් නැතැයි ලංකාවේ ගොඩ ගසන ඇතැම් දේ දකින කල අපට සිතේ.


තමන්ගේ සාක්කුවට වැටෙන සොච්චමක් වෙනුවෙන් අහිංසක රටවැසියන් බුරුතු පිටින් දංගෙඩියට දැක්කීමට අපේ රටේ ඇතැම් බලධාරින් පසුබට නොවෙන බව සමහර සිද්ධීන් වලින් මොනවට පැහැදිලි වේ.


එවන් බලධාරින්ගේ අසික්කිත ක‍්‍රියාකාරකම් හේතුවෙන් දේශයේ ජීවනාලිය වන මල් කැකුළු වන් පුංචිම පුංචි කිරි සප්පයෝ දෑවැද්දක් අරං ආවා සේ මහා කරුම ලෙඩ කන්දරාවක් ද රැුගෙන පැමිණේ. ඒ එම දරුවන්ගේ වරදින් නොවේ. අපේ පව් වලටය. ඒත් විඳවන්නේ ඔවුන්ය.


අනුන්ගේ පව් නිසා විඳවන ඒ දරුවා මේ ලිපිය කියවන ඔබ විය හැක. නැත්නම් එම දරුවාගේ මව පියා නැතිනම් සහෝදරයා සහෝදරිය, ඥාතියා ඔබ විය හැක.


එහෙමත් නැතිනම් දරුවන්ගේ ජීවිත බිලි ගැනීමට මාන බලමින් සොච්චම් මුදලක් වෙනුවෙන් පාපතර ක‍්‍රියාවකට සම්බන්ධ වූ ගිජුලිහිණියා ඔබ විය හැක.
එය ඛේදවාචකයකි!

8


ඇත්තෙන්ම... එය ඛේදවාචකයකි!


අවීචි මහා නිරයේ පැසවීමට ඒ පව්කාරකම හොඳටම සෑහේ. 


අනුන්ගේ පව් නිසා පිළිකා වලින් විඳවන බොහෝ දෙනකු අද මේ සමාජයේ වෙති. පිළිකාව උණ හෙම්බිරිස්සාව මෙන් සමාජය වෙළාගෙන අවසන්ය.
මීට අවුරුදු දහ පහළොවකට පෙර ඉතාම කලාතුරකින් පිළිකා රෝගියකු ගැන අසන්නට ලැබුණත් අද වන විට හන්දියක් හන්දියක් ගානේ පිළිකා ලෙඞ්ඩුය.
රසදිය ආදී බැර ලෝහ අඩංගු බාල පොහොර වර්ග, වල් නාශක, කෘමි නාශක හේතුවෙන් අප රට ආසියාවේ කුණු ගොඩ බවට පමණක් නොව ලෙඩ වාට්ටුව බවටද පත් වී හමාරය.


කෙසේ නමුත් ලෙඩට බෙහෙත් ටික නිකම් ලබා ගැනීමට හොඳට හෝ නරකට අපි හිමිකම් කියමු.


මෙම හිමිකම නිසාම රුධිර පිළිකාවට ගොදුරු වන අහිංසක දරුවන් ඉන් සුවපත් කිරීමේ අභිලාෂයෙන් රජයෙන් නොමිලේ නිකුත් කරනු ලබන ඉතාම මිල අධික බෙහෙත් වේ. හොරකම් කොට තම මඩිය තර කර ගන්නා අධම රාජ්‍ය නිලධාරින් සේම කූඨ ව්‍යාපාරිකයෝ පෙළ ගැසී සිටින බව පසුගියදා රහස් පොලිස් නිලධාරින් විසින් තොරතුරු හෙළි කරගන්නා ලදී.


ඒ වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී රහස් පොලිසිය වෙත පවරන ලද පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් ලෙසය.


ලේ පිළිකාව ලෙස සමාජයේදී හඳුන්වනු ලබන ලියුකේමියා රෝගී තත්ත්වයට ගොදුරු වූ දරුවන් ඉන් ගලවා ගැනීමේ අරමුණින් -ඔන් කැස්පා” ලෙසින් හඳුන්වන බෙහෙත දරුවන්ට ලබා දෙනු ලබන අතර ඉතාම විකිරණශීලී වූ එම බෙහෙත් කුප්පියක් රුපියල් 237,000/-ක් පමණ වටිනාකමින් යුතු වෙයි.
ජර්මනියේ නිපදවනු ලබන මෙම බෙහෙත් ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවකුට දීමට පිළිකා රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කළ පසු ඒ බව පිළිකා රෝහලේ අධ්‍යක්ෂවරයා හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා දක්වා අදියරෙන් අදියර දැනුම් දීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය ඔන් කැස්පා ඖෂධ කුප්පිය මිලදී ගෙන එය මහරගම පිළිකා රෝහලේ ඖෂධ ගබඩාවට යවනු ලැබීම සාමාන්‍ය සිරිතයි.


රුපියල් 237,000/xක් වියදම් කර ගනු ලබන මෙම ඖෂධයේ ඇති වටිනාකම හේතුවෙන්ම මහරගම පිළිකා රෝහලට -ඔන් කැස්පා” බෙහෙත් කුප්පියක් ලැබුණු පසු බෙහෙත් ගබඩාවේ ඖෂධවේදියා විසින් ඒ බව සිය වට්ටෝරු පොතට ඇතුළත් කොට -ඡුගත්‍ගභගක්‍ගෂග මහරගම (ජනාධිපති අරමුදල ජාතික පිළිකා රෝහල මහරගම) යනුවෙන් සඳහන් කළ මුද්‍රාව තබනු ලබයි. එය එම බෙහෙත් කුප්පි පිට පාරේ යැවීම වැළැක්වීමටය.


2013 වසරේ මැද භාගය වන විට මහරගම පිළිකා රෝහලේ සිටි ලියුකේමියා රෝගී දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් 948,000/-ක මුදලක් වැය කොට - ඕවැක්ස් හෙල්ත් ක්යාර් පෞද්ගලික සමාගමෙන්” -ඔන් කැස්පා” බෙහෙත් කුප්පි 4ක් මිලදී ගෙන එම බෙහෙත් කුප්පි මහරගම පිළිකා රෝහලට එවනු ලැබූ පසු එහි ඖෂධවේදියා පරීක්ෂා කිරීමේදී එම බෙහෙත් කුප්පි වල -ඡුගත්‍ගභගක්‍ගෂග මහරගම” යනුවෙන් තැබූ මුද්‍රාව අඩංගු වී තිබිණි.


ඖෂධවේදියා, වහාම මේ ගැන මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂවරයාට කළ දැනුම් දීමකට අනුව මේ සිද්ධිය පිළිබඳ තොරතුරට අත්තටු ලැබී එම පණිවුඩය එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටි මෛත‍්‍රීපාල සිරිසේන මහතා දක්වා පියඹා යන අතර ඔහුගේ දැනුම් දීමට අනුව මෙම සිද්ධිය පිළිබඳව රහස් පොලිසියේ පරීක්ෂණ ආරම්භ විය.


රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරමින් පිළිකා රෝහලේ ඖෂධ ගබඩාවේ නිලධාරින්ගෙන් ප‍්‍රශ්න කිරීම් වලදී ගබඩාවේ තිබූ ඔන් කැස්පා කුප්පි 4ක් 2013 අගෝස්්තු 18 වැනිදා අස්ථාන ගත වී ඇති බවට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවට තොරතුරු හෙළි විය. එම පැමිණිලිපොත පරීක්ෂා කරන විට එම පැමිණිල්ල දැමූ පොතේ පිටුව ඉරා දමා ඇති බව නිරීක්ෂණය විය.
රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ උපදෙස් වලට අනුව සූක්ෂම ලෙස සිදු කළ පරීක්ෂණ වලදී පිළිකා රෝහලේ ප‍්‍රධාන ඖෂධවේදියා විසින් එම පිටුව කඩා වීසි කර ඇති බව හෙළි විය.


රහස් පොලිසියේ උකුසු ඇස් ගිජුලිහිණියන් වෙත යොමුව තිබෙන අතරතුර ඔමැක්ස් පෞද්ගලික ආයතනයේ නිලධාරියකු පැමිණ ඉතාම මිල අධික -ඔන් කැස්පා” බෙහෙත් කුප්පි 4ක් පිළිකා රෝහලට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූවත් පිළිකා රෝහලේ අධ්‍යක්ෂවරයා බැටලූ හම් පොරවා සිටි වෘකයාගේ රුව හඳුනා ගැනීම නිසා එම බෙහෙත් බාර ගැනීම ප‍්‍රතික්ෂේප කළත් ප‍්‍රධාන ඖෂධවේදියා අධ්‍යක්ෂවරයාටත් ඉහළින් ගොස් එම බෙහෙත් කුප්පි හතර ගබඩාවට බාර ගෙන තිබිණි.


ගිජුලිහිණියන්ගේ බෙහෙත් මගඩිය නිසා තම දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අන්ත අසරණ වූ දෙමාපියෝ තම කුඹුරු, ගෙවල් දොරවල්, ට‍්‍රැක්ටර් ගිනි පොලියට උකස් කොට උපයා ගත් මුදලින් -ඔන් කැස්පා” බෙහෙත් මිලදී ගෙන ඇති බවත් අවසානයේදී ඔවුන්ට බඩ රැක ගත් කුඹුරු කෑල්ල මෙන්ම වැටිලා ඉන්න තිබුණු ගෙය ද සින්න වී ඇති බවත් හෙළි කර ගන්නා විට ගල් හිතක් ඇතැයි කියන පොලිස් නිලධාරින්ගේ හදවත් පවා වෙඬරු බවට පත් විය.


ඉතාම මිල අධික ඔන්කැස්පා බෙහෙත් කුප්පි 4ක් පිළිකා රෝහලට පරිත්‍යාග කිරීම පිළිබඳව ඔමැක්ස් හෙල්ත් ක්යාර් ආයතනයේ විධායක කළමනාකරු මෙවන් දිනේෂ් විජේසිංහගෙන් රහස් පොලිසිය කළ ප‍්‍රශ්න කිරීම් වලදී ඉන්දියාවේ ලාල් ටේ‍්‍රඩර්ස් ආයතනයෙන් මෙම බෙහෙත් මිලදී ගෙන සාක්කුවේ දමාගෙන ලංකාවට පැමිණි බව හෙළි කළත් ලාල් ටේ‍්‍රඩර්ස් යනු ඉන්දියාවේ ඇති මල් කඩයක් මිස බෙහෙත් අලෙවි කරන ෆාමසියක් නොවන බව ජාත්‍යන්තර පොලිසිය මගින් තහවුරු කර ගන්නා ලදී.


මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා රහස් පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ අතර පිළිකා රෝගී දරුවන්ගෙන් කඩා ගත් මස් වැදලි ඔවුන් වෙත වීසි කර නීතියේ තොණ්ඩුවෙන් ගැලවී යෑමට ද සමහර අවස්ථා වල ගිජු ලිහිණියෝ නොයෙක් උපක‍්‍රම යෙදූහ.


අහෝ! දෙව්දත් නොදුටි මොක්පුර....., යන්න සනාථ කරමින් අවසානයේදී මහරගම පිළිකා රෝහලේ ප‍්‍රධාන ඖෂධ ගබඩාව බාරකරු කේ.ඩබ්.පී. වීරසිංහ, -ඔන් කැස්පා” ඖෂධය බාර ඖෂධවේදී මනෝජ් ප‍්‍රියන්තගේ දෑත් වලට මෙන්ම ඞ්මැකින් හෙල්ත් කෙයාර් ආයතනයේ විධායක කළමනාකාර මෙවන් දිනේෂ් විජේසිංහගේ දෑත් වලට ද රහස් පොලිස් නිලධාරිහු විලංගු ලෑහ.


දෙවියන්ගේ හාල් වැනි වූ ආණ්ඩුවේ දේවල් හොරා කෑමේ පවට අද ඔවුන් රිමාන්ඞ් බාරයේ විඳවීමට වඩා අන්ත අසරණ විඳවීමක් එදා ඔන්කැස්පා බෙහෙත නොමැතිව අන්ත අසරණ වූ ලියුකේමියා රෝගී දරුවෝද ඔවුන්ගේ අහිංසක දෙමාපියෝ ද විඳවූහ.


හොරකමින් වංචාවෙන් උපයා ගන්නා දෙයින් අද රජ වුණත්.... හෙට බලූ වෙනවාමයි...


අයුතු ලැබීම් වලින් තරු හෝටල් වලින් කනවාට වඩා දහඩිය මහන්සියෙන් උපයාගත් සොච්චමින් පෙට්ටි කඩයකින් පාන් කෑල්ලක් කා සැනසීම වඩා යහපත්ය. මක් නිසාදයත් ඔවුන් වැලිකඩ හිරගෙදර දොරටුව හීනෙන් දැක කෑ මොර නොදෙන නිසාය.

m



අදහස් (0)

ගිජුලිහිණියන්ගේ බෙහෙත් මගඩිය

දිමුත් Thursday, 10 September 2015 04:30 AM

මේවා කරන මිනිස්සුන්ට නං සහ ගහනවා! (ම)

:       0       0

ධම්ම Saturday, 12 September 2015 07:20 AM

රූපවති, මේ ගැන කතා කරන්න ගිහින් මුහුණ දුන් අමිහිරි සිදුවීම් මෙහි නොලියමි. එහෙත් ඔහු දැන් මෙලොව නැත. මියගියේ අනන්ත දුක් විඳ.(නදී)

:       0       0

වසන්ත Tuesday, 15 September 2015 01:16 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

දර්ශා Tuesday, 15 September 2015 01:16 PM

අයුතු ලැබීම් වලින් තරු හෝටල් වලින් කනවාට වඩා දහදිය මහන්සියෙන් උපයාගත් සොච්චමින් පෙට්ටි කඩයකින් පාන් කෑල්ලක් කා සැනසීම මා හට නම් වඩා යහපත්ය (නි)

:       0       0

ධම්ම Thursday, 10 September 2015 06:34 AM

රෝහල් ගබඩාවෙන් ඖෂධ සොරකම් කර නගරයේ ෆාමසියට විකුණන මා දන්නා එක් ඖෂධවේදියෙකුගේ තර්කය වන්නේ, "මේ බෙහෙත් අපතේ යන්නේ නැහැ. මේවා මිලදී ගන්නේ රෝගීන්මයි". අපුරු තර්කය නේද? (ම)

:       0       0

රූපවති Thursday, 10 September 2015 08:40 AM

මිනිස් හිතකින් මෙවන් දෙයක් කීම යහපත් නොවුවත්..මට කියන්න තියෙන්නේ ඔහුටත් දිනක ලියුකේමියාව වැළදේවා කියා එවිට ඔහුත් එවන් රෝගියෙක් බවට පත් වූ විට එහි වේදනාව හොදින් විදවනු ඇත ..!!! (අ)

:       0       0

රංජිත් Friday, 18 September 2015 06:01 AM

අයුතු ලැබීම් වලින් තරු හෝටල් වලින් කනවාට වඩා දහදිය මහන්සියෙන් උපයාගත් සොච්චමින් පෙට්ටි කඩයකින් පාන් කෑල්ලක් කා සැනසීම මා හට නම් වඩා යහපත්ය (බ)

:       0       0

රූපවති Thursday, 10 September 2015 08:43 AM

ධම්ම ඒ ඔහු හූ රන් කන්නේ ඔබෙත් අපෙත් අනාගතයයි ..ඔබ බුද්ධිමත් වුවොත් එය සදහටම වලකාලිය හැකිය..? අසාධාරණය දෙස බලා නොදැක්ක සේ පියමන් නොකරන්න..?එය සාධාරණ මිනිසෙකුගේ සැබෑ ස්වරූපයයි ..!!! (අ)

:       0       0

දුුමින්ද Tuesday, 15 September 2015 05:20 AM

හෙන ගහන අපරාද (ම)

:       0       0

සෑම් Friday, 11 September 2015 11:35 AM

ඉස්සර මේ බෙහෙත් තිබුණේ හෙදියෝ යටතේ හෙද සොයුරිය බාරයේ . එතකොට මේවගේ ප්‍රශ්න වුණේ නෑ . මම දන්න විදිහට හෙදියෝ මේ විකිරණ බෙහෙත් කලවම් කරනවට දීමනාවක් ඉල්ලුව හින්ද තමයි මෙයාලට මේක දීල තියෙන්නේ මේ බෙහෙත් ඉතාම අවදානම් නිරෝගී පුද්ගලයන්ට. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 180 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 31 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 45 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 253 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 170 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 82 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 629 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 468 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site