IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගුණ සුවඳින් සපිරි හයසින්ත්

ප්‍රවීණ රංගන ශිල්පිනි අභාවප්‍රාප්ත හයසින්ත් විජේරත්න මහත්මියගේ තෙමස් පූර්ණ අගැයුම් සභාව සහ ධර්ම දේශනය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ආචාර්ය මාලිනී ෆොන්සේකා, විශාරද එඩ්වඩ් ජයකොඩි යන කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් අද පෙරවරු 9.00ට මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දසවසරක් සපිරෙන වකුගඩු සංගමයේ ප්‍රකාශනයක් වන ‘වකුගඩුව’ පුවත්පතෙහි ඇය ජීවමානව සිටිද්දී ඇගේ ගුණ යහපත්කම් ගැන ලිපි පළ කර ඇත. අද එහි විශේෂ පිටුවකින් ඇයට උත්තමාචාරය පිරිනමමු. අප මෙසේ ඇයගේ ගුණ ගයන්නේ මන්ද? මෙතුමිය අප සංගමයට සම්බන්ධ වන්නේ මාගේ ආරාධනයෙනි. එපමණක් නොව පුළුල් තිරයේත් පුංචි තිරයේත් වැඩි වාර ගණනක් බිරිඳ ලෙසින් හයසින්ත් නැගණිය මා සමගින් චරිත නිරූපණය කළාය. අප අතර පැවැති සහෝදරත්වය අති උතුම් එකක් විය. එමෙන්ම ඇය මාගේ බිරිඳ ශ්‍රියා ගේ කළණ මිතුරියක් ද වූවාය.

තමා සමග සිටින අය සමඟ ඉතා සුහදශීලීව හා ලෙන්ගතුව පිළිසඳරේ යෙදුණ මේ යහපත් කාන්තාව අන්‍යයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන තම යුතුකම් ඉටු කිරීමට දෙවරක් හිතුවේ නැත. ‘මා පමණක් සිනාසිසී සිටියාට වැඩක් නැත. අනිත් අයත් සතුටින් කල් ගත කළ යුතුය.’ යන පරාර්ථකාමී උතුම් ගුණාංගය ඇය මත දිදුලන ස්වර්ණාභරණයක් බඳුය. ඒ නිසාම මෙතුමිය මානව හිතවාදී කලා ශිල්පිනියක් ලෙසින් හැඳින්වීමට මා පැකිලෙන්නේ නැත. මෙතුමිය අද අප අතර නොමැති නිසා ඇයගේ හිඩැස අපට වැඩියෙන් දැනෙයි. ඒ හිඩැස පිරවීමට වත්මන් සමාජයෙන් වෙනත් අයෙකු සොයා ගැනීමට උත්සුකවීම කළුනික සොයන්නා සේ දුෂ්කර ක්‍රියාවක් වැනි යැයි මම සිතමි.

මෙතුමිය හැමවිටම හොඳ දේ ගැන සිතුවාය. හොඳ දේ ගැන පමණක් කතා කළාය. හොඳ දේ කිරීමට ප්‍රමුඛත්වය දුන්නාය. වකුගඩු සංගමයේ අසරණ රෝගීන්ගේ යහපත වෙනුවෙන් ඇය තම ධනය පරිත්‍යාග කළේ ඉමහත් සතුටිනි.

සංගමයේ අරමුදල් තර කිරීමට අන් කලා ශිල්පීන් හා ශිල්පිනියන් සමග ‘වකුගඩුව’ පුවත්පත අලෙවි කිරීමට පෙරමුණ ගත්තේ අභිරුචියකිනි. ප්‍රතිපත්ති ගරුක කිතුනු බැතිමතිනියක් වූ හයසින්ත් විජේරත්න මහත්මිය අප සමග බෛද්ධ ආගමික කටයුතුවලට ද පැකිලීමකින් තොරව සතුටින් අත්වැල් බැඳ ගත්තාය. ජීවිතය යනු උපත හා විපත අතර කාල පරාසයකි. එම කාලය අර්ථවත්ව ගත කළ යුතුය යන අදහස ඇය තුළ තැන්පත්ව තිබුණු විශේෂ ලක්ෂණයකි.

මෙතුමිය පවුලේ සහෝදර, සහෝදරියන්ට යුතුකම් ඉටුකළ දයාබර සහෝදරියක, ස්වකීය ස්වාමි පුරුෂයාට ආදරණීය බිරිඳක, තම එකම පුතුට සෙනෙහවන්ත මවක, තම ලේලියට ලෙන්ගතු මවක වැනි නැන්දනියක, මුණුබුරාට සහ මිණිබිරියට ආදරණීය ආච්චි අම්මා කෙනෙකු, මිතුරු මිතුරියන්ට කළණ මිතුරියක, සහෝදර කලා ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට හිතැති හිතවතියක සහ අසරණයන්ට පිහිටවන යහපත් සමාජ සේවිකාවක යන ඥාති මිත්‍ර භූමිකාවල යුතුකම් අකුරටම ඉටු කිරීමට තරම් ඇය කාරුණික වූවාය. ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙසින් තමාට පිළිබිඹු කිරීමට නියමිත වූ චරිතය ආනන්දනීය අයුරින් නිරූපණය කළ නිසා සම්මානයට ද පාත්‍ර වූවාය. ‘පුංචි තිරයේ ආදරණීය අම්මා’ යන විරුදාවලිය ලත් මෙතුමිය සාමාන්‍ය සමාජයේත් දයාබර මාතාව යන නම දිනා ගැනීමට සමත් වූවාය. ඇගේ ගුණ සුවඳින් අප හදවත් පිරී ඇත්තේ ඒ නිසාය. නිරන්තරව නිර්ව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන සිටීම සාමාන්‍ය ලක්ෂණයක් විය.

ඇයගේ හදවතේ පිරී තිබුණේ කරුණාව හා දයාවයි. දෑතේ වූයේ දන් දීමේ ගුණයයි. ඊර්ෂ්‍යාවයි. කපටිකම, අන්‍යයන්ට චෝදනා කිරීම්, පළිගැනීම්, රිදවීම් හා අපහාස කිරීම් ඇය සතුව පැවැතියේ නැත. එමෙන්ම ඇය කාන්තිමත් කාන්තාවක හා ජනප්‍රිය කලා ශිල්පිනියක ලෙසින් හඳුන්වමි. මනුස්සකම නමැති කිරුළින් ඇයගේ හිස සැරැසී තිබුණි. ‘වකුගඩුව’ පුවත්පතක් ලබා ගැනීමටත්, ඇය සමග ඡායාරූපයක් ලබා ගැනීමට රසික රසිකාවියන් කැලණි විහාර පරිශ්‍රයේ දී රොද බැඳගත් අයුරු දැනුදු අපට මැවී පෙනෙන්නේය.

ආදරය හා ගෞරවය යන කරුණු දෙකෙන්ම රසික රසිකාවියන් ශිල්පිනියක වැළඳ ගැනීම දුර්ලභය. එසේ වන්නට තමා ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ හදවත් හඳුනාගත යුතුය. හැම මලක්ම ලස්සනයි. හැබැයි හැම මලක්ම සුවඳ නැත. එසේම මනුස්සකම නමැති ගුණ සුවඳ හැම කෙනෙකුගෙන්ම ලැබෙන්නේ නැත. මිනිසාගේ වටිනාකම ඇත්තේ ධන බලයේ නිල බලයේ හෝ රූපයේ හෝ නොව අවංක කරුණාවන්තකම තුළ බව සනාථ කළ චරිතයක් ලෙස හයසින්ත් විජේරත්න මානව හිතවාදිනිය හැඳින්වීමට කැමැත්තෙමි.

මිනිස් මනස, ක්ලේෂයන් තැන්පත් කරන ගබඩාවක් නොවේ. එය ආදරය, කරුණාව, පරිත්‍යාගය සතු යන සුන්දර මතක ගබඩාකර තබන ස්වර්ණමය මංජුසාවකි. හයසින්ත් ශිල්පිනිය සතුටින් ජීවත් වූ නිසා ඇගේ අනුග්‍රහය ලත් වකුගඩු රෝගීහු ද සතුටට පත් වූහ.

බහ තේරෙන කාලයේම හයසින්ත් විජේරත්න නම් වූ අප ආදරණීය ශිල්පිනිය තමා සතු කරගත් සියලු සම්පත් මරණය සමග ඇයට අහිමි වූවාය. එහෙත් ඇය අන්‍යයන් වෙනුවෙන් කරන ලද පරිත්‍යාග හා කැපවීම් ඇගේ නාමයත් සමඟ රැඳී තිබේ. නිසි කලගතවී නටුවෙන් වැටීමට තිබුණ ලස්සන සුවඳ හැමූ මලක් හිරුගේ කර්කෂ රශ්මිය නිසා අකලට මිලින වූවා සේය. එහෙත් ඒ ගුණ සුවඳ අප දිවි තිබෙන තුරාවට මැකී යන්නේ නැත. මිනිසුන්ට කිරීමට ඇත්තේ එකම වැඩකි. ඒ මිනිසුන්ට සේවය කිරීමය. එම අගනා සේවය කලා ශිල්පිනියක ලෙසින් ඇය ඉටුකළාය. ඇගේ මේ උතුම් ගුණාංගයන් අන්‍යයන්ටද ආදර්ශයක් වේවායි යන්න මාගේ පැතුමයි.

දයාබර හයසින්ත් විජේරත්න මාතාවනි! ඔබ ඇදහූ දහමට අනුව මොක්සුව ලැබේවායි යන්න, විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා ප්‍රධාන සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරමි.

(***)
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ අනුශාසක
කලාසූරී/කලාකීර්ති
සතිශ්චන්ද්‍ර එදිරිසිංහ



අදහස් (0)

ගුණ සුවඳින් සපිරි හයසින්ත්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3785 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12444 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 621 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 967 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1069 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 505 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site